මිහිදුම් සිහින…..58

58 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

අදහස:- Indrechapa Jayasinghe
#නොදැණුනි නුඹ කළ වංචාව
#මන්ද මා… නු⁣ඹේ ප්‍රේමයෙන් අන්ධ වූ නිසා…
#නොඇසුවෙමි මම කිසිවෙකුගෙ බස…
#ඒ තරමටම මා නුඹ විශ්වාස කළ බැවින්…
#නමුදු,
#සත්‍යය නම්…
#ආද⁣රය නාමයෙන් ඔබ මා රැවටූ බවයි…
ආසාවට ලොල් වී දවියම අඳුරු කළා ඔබ මා…
#කිනම් දඬුවමක් දෙම්ද නුඹ හට
#මරණය සැපක් නම් වැළඳගමි මා එය
#හිත තුටින්….
#නමුදු අවසන නුඹෙම ලේ කැටියා කුස තුළ දඟලන
#පලි නැත වරද අපගේම මිස…
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

තිළිණත් අනුහසුත් ආපහු ගෙදර එද්දි බට්ටිගෙ තාත්තා
ගෙදර ඇවිත්….
අම්මා විස්තර කිව්වට පස්සෙ තාත්තා හිටියෙ කියාගන්න බැරි තරම් කේන්තියකින්…

පුතා…
කෝ අරකි….

දන්නෙ නෑ තාත්තා….
ඒකි අපිව කෑවා…
තිළිණ ඔළුවෙ අත ගහගනිමින් පුටුවකට වැටුණා..
අනුහස් ගොඩක් අපහසුතාවයෙන් බට්ටිගෙ තාත්තා ඉස්සරහ හිටියෙ…
තේජාන් කියන්නෙ තමන්ගෙ අයියා…
බට්ටි තරිණිගෙ නංගි…
අනුහස් අසරණ වුණා..

ලොක්කී…
පොඩ්ඩී..
විහාරා…
කට්ටියම ආවානම්…
තාත්තා කට්ටියම සාලෙට කැඳෙව්වේ යම් තීරණයක් අරගෙන බව තිළිණට තේරුණා…
තිළිණ වුණත් හිටියෙ ගොඩක් කල කිරීමෙන්….

අද මේ මොහොතෙ ඉඳලා මට ඉන්නෙ දුවලා දෙන්නයි පුතයි විතරයි…
තේරුණානේ..
වෙන කවුරුත් මට හිටියෙ නෑ…
දැන දැන වලට පනින එකෙක්ව ගොඩට ගත්තත් ඌ වලටම යනවා…
⁣ගිය උන් එක්ක අයෙ කවුරුත් කතාවක්
තියාගන්න බෑ….
දැන් සේරම තමුන්ගෙ පාඩුවෙ වැඩක් බලාගන්නවලා..
කියපු තාත්තා කෙලින්ම ගියේ කාම⁣රේට….

අම්මා ඉකිබිඳින්න ගත්තේ…
මොන දේ කළත් ඒ දසමසක් කුස දැරූ
තමන්ගෙ දරුවා…
ඒත් තම ස්වාමිපුරුෂයාට ඉහළින් යන්න තමන්ට බෑ…
අම්මා කෙනෙක් තම දරුවන් නිසාත්, ස්වාමියා නිසාත් අසරණයි …

තාත්තා ඒ තීරණේ ගත්තාට එයා ඉන්නෙත් දුකින්..
ඒත් ඒ තමයි බට්ටිගෙ තාත්තා…
ආදරේ වගේම තමා…
නෙැදැන කරන වරදට සමාව දුන්නත්…
දැන දැන කරන වරදට සමාව දෙන්න තරම් මෝඩ වෙන්න බෑ….

ආදරේ, අවධානය අඩු වෙලා…
සල්ලි අඩුපාඩුකම් ප්‍රශ්න තිබිලා…
අම්මා තාත්තාගෙ ප්‍රශ්න තිබිලා..
බට්ටි මෙහෙම වුණා නම්….
මේ කාටවත් මේ විදියට නොදැනෙන්න තිබුණා..
නමුත්…
ඒ කිසිවක්ම නෙමේ…
හිතුවක්කාරකම…
ආදරේ කරන්නෙම නෑ කිව්වා…
ආදරේ කරන්න ගත්තම ඒ කෙනාම ඕන වුණා…
තමන්ට ආද⁣රේ අය හැමෝම ප්‍රතික්ෂේප කරලා
තමන්ගෙ හිතුවක්කාර ආදරේම ඕන වුණා…

***************-****************

නිදාගෙන නැගිටපු බට්ටි…
ෆෝන් එක ඔන් කළේ…
මොනවා වුණත් ගෙදරට එක පාරක් හරි කතා කරන්න ඕන කියලා හිතලා..

ඒත් ආව මැසේජ් එක දැකලා බට්ටිට හිතාගන්න බැරි වුණා…..
මේච්චර රැවටීමක්..
දෙවියනේ..

තේජාන්…
තේජාන්…
කවදාවත් නැතුව බට්ටි තේජාන්ට නම කියලම කෑගැහුවේ හිතේ තිබුණ දුක, තරහව සේරම නිසා….

බබා..
ඇයි මේ…
මම බැල්කනි එකේ හිටියෙ..
මේ ගෙදර නෙමේ…
ඔයා හීනෙන් බය වුණාද…
තේජාන් ඉක්මනින් ආවෙ බට්ටිගෙ සද්දෙට…

හීනෙන් බය වුණා නෙමේ…
හීනෙන් ඇහැරුණා..
තේජාන් කියනවා..
කියනවා…..😠
ඇයි තමුසෙ මට මෙහෙම කළේ….
මම තමුසෙට ආදරේ කරපු නිසාද…
කියනවා………
කියනවා…😡
බට්ටි තේජාන්ගෙ ටීෂර්ට් එකෙන් අල්ලගෙන හොල්ලන ගමන් ආවේගෙන් කතා කළා….

මිතුණී….
බබා ….
පිලීස් දඟලන්නෙපා…
සන්සුන් වෙන්න…
මමත් ඔයාට ගොඩක් ආදරෙයි..
මම ඔයාව රැවැට්ටුවෙ නෑ…
මට ඔයාව ඕන…..
තේජාන් බට්ටිගෙ අත් වලින් අල්ලලා ආවේගයෙන් දඟලන බට්ටිව පපුවට තද කර ගත්තා…

එපා…
තමුසෙ මාව රැවැට්ටුවා…
මාවත් පවුකාරියෙක් කළා…
මට ඊළඟ ආත්මෙකවත් ලස්සන පවුල් ජීවිතයක් ලැබෙන එකක් නෑ…
විෂ්මි අක්කටයි තමුසෙගෙ දරුවටයි කරපු දේට…
ඇයි මගේ පවුල…
මගේ මුළු පවුලටම මම දුන්න ගින්දර මට පඩිසන් දෙනවා…
බට්ටි පිස්සියක් වගේ දඟලමින් කෑගහන්නෙ තේජාන්ගෙ දිගු දෑත් අතර හිර වෙලා….

ඔයා කියන්න තියෙන සේරම කියලා ඉවර කරන්නකො බබා….
මම ඊට පස්සෙ කියන්නම්…
තේජාන් කිව්වේ බට්ටිව අත නොහැරම…

මොනවා කියන්නද..
තමුසෙ මාව බඳින්න ඕන…
කිව්ව විදියටම විෂ්මිගෙන් ඩිවෝස් වෙලා
මාව බඳින්නම ඕන…
“”නහයට උඩින් වතුර ගියාට පස්සෙ ඔළුවට උඩින් ගියා කියලා වෙනසක් නෑනේ”
මිස්ට තේජාන් තමුසෙ මාව බඳින්නම ඕන…

මිතුණී …
තේරුම්ගන්න…
විශ්මි ළඟ මගෙ පුතා..
පුතාට අප්පච්චි කෙනෙක් නැති කරන්න බෑ…

එතකොට මිනිහො
මගෙ බඩේ ඉන්නෙ කාගෙ ළමයෙක්ද…

හරි පැටියෝ අපි මෙච්චරකල් හිටියා වගේ ඉමු…
මම ඔයාව හැමදාමත් බලාගන්නවා….
දඟලන්නෙපා……
ඔයාට හොඳ නෑනේ…
ඔයා කැමති දිහාකින් ගෙයක් බලන්න..
අපි ගමු…
තේජාන් බට්ටිගෙ ග්‍රහණය බුරුල් කරලා මූණ දෝතට ගනිමින් බට්ටිගෙ අැස් දිහාම බලන් කතා කළා….

බට්ටි හඬමින්ම තේජාන්ගෙ අත ගසලා දාලා
ඇඳට වැටුණා…

තේජාන් බට්ටි ළඟින් ඉඳගෙන කතා කළා…
තේරුම්ගන්න බබා…
මට ඔයාව ඕන…
මට ඔයා එක්ක ගෙවන ජීවිතේ ගොඩාක් වටිනවා….

එහෙනම් යනවා..
ගිහින් ඩිවෝස් එක අරන් එනවා…
මම තමුසෙව අමතක කරලා අමාරුවෙන් හදාගත්ත හිත…
එක මොහොතකින් තමුසෙ ඇවිත් විනාශ කළා…
ඩොක්ට අස්විදට මම දුන්න ගින්දර තමා මට අද මේ පත්තු වෙන්නෙ…
බට්ටි ගොඩාක් තරහෙන් තේජාන්ට බැන වැදුණත්….
නපුරු, උද්දච්ච තේජාන්…
කාගෙන්වත් වචනයක් නාහන තේජාන්…
කරබාගෙන හිටියෙ තමන් වැරදි බව දන්න නිසා…
තේජාන් බට්ටිට ආදරේ නැතුව නෙමේ..
ඒත් තේජාන් චපලයි..
තේජාන්ට විෂ්මිත් ඕන ඒ වගේම බට්ටිවත් ඕන…

**-**********-**–*——***

අනුහස් ගෙදර ගිය ගමන්…
කොච්චර අඬන්නෙපා කිව්වත් පොඩ්ඩි අඬාගෙනම කාමරේට ගියේ..
බට්ටිව මේ තත්වෙට පත්වෙන්න තමනුත් වග කිව්වද කියන දුකින්…
එදා අනුහස් තේජාන්ගෙ මල්ලි බව දැනගෙන
අනුහස්ව නොබැන්ඳානම්…
බට්ටිට තේජාන්ව ආයෙම මුණ නොගැහෙන්න තිබ්බා..
බට්ටි කතා කරලා තේජාන් ගැන විස්තර අහද්දි..
ඇත්ත නොකිව්වෙ බට්ටිගෙ හිත රිද්දන්න බැරි කමට..
ඒත් ඇත්තම කිව්වා නම් මේ තරම් දෙයක් නොවෙන්නත් තිබ්බා….
පොඩ්ඩිට වරදකාරී හැඟීමක් දැණුනේ….
තාත්තා වුණත්….
අනුහස් එක්කත් වැඩි හොඳක් පෙන්නුවෙ නැති නිසා…
මොනවා වුණත් ඒ තේජාන්ගෙ මල්ලි…

අනුහස් පොඩ්ඩි ගියාට පස්සෙ….
තනූජාටත් රණසිංහටත් කතා කළා…

අම්මි, අප්පච්චි …
දන්නවද අපේ අයියා කියන බූරුවා කරලා තියෙන දේ..
විෂ්මි අක්කිව ගෙනත් දාලා යනවා කියලා ගිහින් තරිණිගෙ නංගි එක්ක ජීවත් වෙලා…
ඒ නංගිව පවුලෙනුත් අයින් කළා අම්මි….
තරිණිත් අඬනවා හොඳ නෑ කිව්වට අහන්නෙත් නෑ අම්මි….
අනුහස් කතා කළේ වේදනාවෙන්…
කොණ්ඩෙන් ඇද ගනිමින්……
තරිණිලාගෙ තාත්තා වුණත් මට වෙනදා වගේ කතා කළේ නෑ අප්පච්චි ..
එයාලගෙ එක දුවෙක්ව විනාශ කරලා දාපු අයියාගෙ මල්ලි මම…
අනිත් දුව ගැනත් බය හිතුණද..
නැත්නම් ⁣නෑකම් තියාගන්නෙ කෙහොමද කියලා හිතුවද මම දන්නෙ නෑ…
කොහොම වුණත් මට නම් තව දුරටත් අයියා කෙනෙක් නෑ….
මම තරිණි අකමැති නම් මෙහෙනුත් යනවා අම්මි..
මට බෑ තරිණිව දුකින් තියන්න…
දැන් එයා ඉන්න තත්වෙ ගැන හිතලාවත් දුකින් ඉන්නෙපා කියන්නත් බෑ….

පුතා කලබල වෙන්න එපා….
තරිණි දූව සන්සුන් කරගන්න බලන්නකො…
තනූජා ….
ලෑස්ති වෙන්න අපි දැන්ම යමු විෂ්මි දූගෙ ගෙදර…
තේජාන් ගැන අපිට කියන්නම වෙනවා….
තව දුරටත් නිහඬව ඉනන බෑ තනූජා …
මේ දරුවා මෙහෙම කරයි කියලා හීනෙන් වත් මම හිතුවෙ නෑ…

අපි මොනවද රණේ ගිහින් කියන්නෙ..
මේක හරිම පඹ ගාලක්නෙ…
තනූජාත් රණසිංහත් කම්පා වුණා….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

බට්ටි ඉන්න තත්වෙත් එක්ක ඇඟට දැණුනෙ අපහසුවක්…..
අඬලා හෙම්බත් වෙලා ආයෙම නින්ද ගියා…
තේජාන් බට්ටිගෙ හිස අතගාමින් ළඟටම වෙලා හිටියේ
බට්ටි ගැන හිතේ තියෙන ලෝබකමින්මයි…

ඒ අතර තේජාන්ට විෂ්මිගෙන් viber කෝල් එකක් ආවා..

තේජ්..
Where r u …
විෂ්මි කතා කළේ තරහින්…

Why…
මම ස්විස් ඉන්නෙ විෂ්…

බොරු කියන්නෙපා තේජ්…
මම දන්නවා ඔයා ලංකාවෙ ඉන්නෙ කියලා..
දැන්මම එන්න..
පුතාව ආයෙ දකින්න ඕන නම්….
මේ විෂ්ගෙ වචන දෙකක් නෑ කියලා දන්නවානේ….
මම ඔයාට හොයාගන්නවත් බැරි රටකට පුතා එක්ක යනවා…..

විෂ්…
මම එන්නම්..
තේජාන් කිව්වෙ එච්චරයි…

**********************

තනූජාත් රණසිංහත් විෂ්මිව හම්බෙන්න ගිහින්
තේජාන් විෂ්මිව මැරි කරන්න කලින් ඉඳලා බට්ටි එක්ක වෙච්ච සිදුවීම් තමන් දන්න තරමින් විෂ්මිට කිව්වේ…
තව දුරටත් හංගලා ප්‍රශ්න වැඩි කරන්න ඕන නෑ
කියලා හිතුව නිසා….
තේජාන් accident වෙච්ච දවසෙ වුණත්….
Dinner එක වෙලාවෙ හඳහන් ගැන නොකියා….
විෂ්මිට තේජාන්ගෙ හිත ගැන නොකිව්ව එකේ විපාක…
එදාම ඒ ප්‍රශ්නෙ විසඳුවා නම් අද මේ කාටවත් දුකක් නැතිවෙන්න තිබ්බා කියලා හිතුණා…..

තේජාන් බට්ටිව ඇහැරවන්නෙ නැතුවම පිටත් වුණේ
බට්ටි ගැන දැණුන අනුකම්පාවෙන්…..
අඬලා රණ්ඩු කරලා අපහසුතා මැදම නිදාගත්ත බට්ටිව ඇහැරවන්න තේජාන්ට හිත දුන්නෙ නෑ….
පහත් වෙලා බට්ටිගෙ නළල සිපගත්ත තේජාන්…
පොඩි note එකක් ලියලා බට්ටිට පේන මානෙන් තිබ්බෙ බට්ටි බය වෙයි කියලා…

“”මම ගෙදර ගිහින් එන්න යනවා. බය වෙන්නෙපා. මම හෙට උදෙු වෙද්දි ආයෙ එනවා…
හොඳ ළමයා වගෙ කැමති ඕනම දෙයක් ගෙන්නගෙන කාලා පරිස්සමට ඉන්න මම එනකල්..
මම ඔයාට ගොඩක් ආදරෙයි…””
තේජාන්..

*******************

තේජාන් ගිහින් ටික වෙලාවකින්ම බට්ටි ඇහැරුණා …
සටහන දැකලා ආයෙම බට්ටිට තරහා ගියා…
තේජාන්…
තමුසෙ මාව මග අරින්න හිතුවොත්..
මේ බට්ටිගෙ තරම දැනගන්නෙ එදාට තමා…

ලොක්කි, නිසල් එක්ක ආපහු ගෙදර ගියාට පස්සෙ…
කවුරු කෙහොම කිව්වත් බට්ටිට කතා කරන්න උත්සහ කළේ බට්ටිව සහෝදරියකටත් වඩා තමන්ගෙ දුවෙක් වගේ ආදරේ කරපු නිසා…

බට්ටිත් තේජාන් එක්ක තරහින් අඬමින් හිටපු වෙලේ ලොක්කිගෙ කෝල් එක එනවා දැක්කේ…

ලොක්කි….

මගෙ බට්ටිච්චි …
කොහෙද ඉන්නෙ..

මම රැවටුණා ලොක්කි. .
මගෙ මුරණ්ඩුකම මාව විනාශ කලා….
විශ්මි අක්කා ගැන තේජාන් කිව්ව හැමදේම මම විශ්වාස කළා…
ඔයාලා ඇයි මගෙන් දෙවල් හැංගුවෙ….
මට දුක හිතෙයි කියලද…
දුක හිතිලා හරි මම හිත හදාගන්න තිබ්බා අක්කෙ..
රැවටෙන්නැතුව….
මම මගෙ ආදරේ විශ්වාස කළා….
මම තේජාන් නිසා pregnant …

බට්ටී….
තමුසෙ….
මෙච්චර මෝඩ වුණාද හලෝ….
තමුසෙට අපි කාව වත් මතක් වුනේ නැද්ද…

මට සමාවෙන්න අක්කා…

මමයි පොඩ්ඩියි තමුසෙට සමාව දුන්නත්..
වෙන කවුරුත් සමාව දෙයි කියලා මම හිතන්නෙ නෑ…
ගෙදර එන්ටනපා බට්ටි ටික කාලයක් යනකල්…
තාත්තායි මල්ලියි ගොඩක් තරහින් ඉන්නෙ…
ඔයා දැන් ඉන්න තත්වෙ එක්ක මෙයාලාගෙ ඇණුම් බැණුම් දරාගන්න බැරි වෙයි…
දැන් තමුසෙ ගත්ත තීරණේ ඉන්නවා….
මට කතා කරනවා මොනම ප්‍රශ්නයක් වුණත්…
මම කරන්න පුළුවන් දෙයක් කරන්න දෙපාරක් හිතන්නෙ නෑ බට්ටි…..
ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දන්න බෑනේ..
ඒ නිසා දැන්වත් දෙපාරක් හිතලා වැඩ කරන්න.

*****************

තේජ්….
තමුන් දැන් මට හරියට කියනවා මොකක්ද වුණේ කියලා…….
තමුන්ගෙ අම්මයි අප්පච්චියි, දරුවයි සේරම ඉන්න තැන…
කියනවා මට….
විෂ්මි, තේජාන් ගෙට ගොඩ වෙනකොටම කෑ ගහගෙන ඉස්සරහට ආවා….

විෂ්…
Om sorry….
ඔයා දැනගත්ත සේරම ඇත්ත…
මට මිතුණිව ඕන…
තේජාන් විෂ්මිට කිව්වෙ බිම බලාගෙනම…

එසැනින් රණසිංහගේ අත තේජාන්ගේ කම්මුල හරහා ගියේ තේජාන්ට හිතන්නවත් කාලයක් නොදී….

උඹ තව දුරටත් අපේ පුතා නෙමේ…
ලැජ්ජා නැති අමනයා…
පේනවද උඹේ අම්මා අඬන තරම්…
උඹ වගේ පුතෙක් වදාපු දුකට මේ අඬන්නෙ….
අදින් පස්සෙ උඹට අම්මා අප්පච්චි නෑ..
කියලා අඬමින් සිටි තනූජාවත් අරන් එළියට බැස්සෙ විෂ්මිට කැමති තීරණයක් ගන්න අවසර දීලා..

විෂ්මි ..
දුව ඔයා හරමදාමත් අපේ ලොකු ලේලි.
අපේ මුණුබුරාට තමා මගෙ දේපප වලින් බාගයක් දෙන්නෙ…..
ඕන ටවලාවක දුවට අපේ ගෙදර දොරවල් ඇරිලා…
මේ නරුමයට නරතුවට…
දුව කැමති තීරණයක් ගන්න.. අපි යනවා…

විෂ්..

ෂ්ෂ්ෂ්ෂ් …..
තේජාන්…
මමයි කතා කරන්නෙ…
තමුන් අහගෙන ඉන්නවා…

තවත් සිහිනයකින් හමුවෙමු ….🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *