මිහිදුම් සිහින…..60

60 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

තේජාන් රෝහලට ආවෙ හවස් වෙලා…
ලොක්කි නිසල් එක්කම ආපහු ගියේ බට්ටිට දවල් කෑමත් කවලා…
ආපහු රෝගීන් බලන වෙලාව හවස 6ට…
තේජාන් ආවෙ 6.30ත් පහු වෙලා…

බබා ඔයාට අමාරුද…
තේජාන් බට්ටි ළඟට ආවෙ එහෙම අහගෙන..
ඒ කටහඬේ තියෙන්නෙ බට්ටිගෙ වේදනාව ගැන විතරයි….
දරුවා ගැන ඇහුවෙ වත් නෑ..
බට්ටිට ඒක දැණුනා …
ඒත් බට්ටි ඒ ගැන තේජාන්ගෙන් ඇහුවෙ නෑ….
බට්ටි හිතුවා තේජාන් බට්ටිව private hospital එකකට අරන් යයි කියලා…
තව දවසක් ඉන්න වෙන නිසා…
ඒත් තේජාන් යන්න ගියේ රෝගීන් බලන වෙලාව ඉවර වුණාම…
පහුවදා එක්ක යන්න එන්නම් කියලා..

*******************-**

කාලය ගෙවී ගිහින් දැන් පොඩ්ඩිගෙ චූටි දෝණිට මාස 3ක්…
තේජාන්ගෙ පුතාට මාස 6ක්…
සතුටුම කාරණය නම් ලොක්කිත් පෙරුම් පුරලා පුරලා අම්මා කෙනෙක් වෙන්න යන්නෙ….
බට්ටිගෙ අම්මා ලොක්කිව ගෙදර තියාගෙන ඇහැක් වගේ පරිස්සම් කළේ…..
ලොක්කිටත් දැන් බට්ටි ගැන හොයන්න බෑ…
එයාගෙ තත්වෙත් එක්ක…
ඒ කාලය තුළ තේජාන් හැම සෙනසුරාදා හවසකම විෂ්මිවත් තම පුතාවත් බලන්න යනවා…
ඉරිදා හවස අාපහු කෑගල්ලෙ එනවා…

කාලය පියඹා ගියේ වසරකට ආසන්න වෙමින්…

ලොක්කිත් දූ පැටියෙක්ගෙ අම්මා කෙනෙක් වුණා…
පොඩ්ඩිගෙ දූ පැටියා දැන් ටිකක් ලොකුයි…
අනුහස් ෆැෂන් ඩිසයිනර් ජොබ් එකට සමුදුන්නේ හිතේ ආසාවට ජොබ් එක කළා දැන් ඇති කියලා හිතුණ නිසාත්….
දූ පැටියා එක්ක කාලය ගෙවන්න ඕන නිසාත්…
සූරියආරච්චි කන්ස්ට්‍රක්ෂන් එකට සම්බන්ධ වෙලා වැඩ කරන්න පටනගත්තා….

කෝ මගෙ දෝණි කැටේ..
අනුහස් ගෙදර ආවෙම දූ පැටියා හොයාගෙන…

ආ..
මෙන්න වැඩක්..
දැන් දෝණි විතරද කෝ කියලා අහන්නෙ..
තරිණි බොරු අමනාපයක් එක්කම අනුහස් ළඟට ආවේ

අම්මි පැටියත් ඕන ඉතිං…
ඒත් දැං දෝණි පැට්යාව තමා ඕන..
කෝ ඉතිං දැං…
අනුහස් ෂර්ට් එකේ ⁣බොත්තම් ගලවමින් ඇහුවේ…
තරිණිගෙ මූණට තට්ටුවකුත් දාලා….

අත්තම්මා එක්ක වොෂ් දාන්න ඕන කියලා අන්න ඔයාලගෙ අම්මි එක්ක පහළ වොෂ් රූම් එකට ගියා…

ආ එහෙනම් අද අම්මි පැටියා තාත්තිව වොෂ් කරන්නකෝ….
ගලවපු ෂර්ට් එක තරිණිගෙ කරට දාන ගමන් අනුහස් කිව්වේ මනමාල බැල්මක් දාලා…

************************

නිසල් ලොක්කිත් එක්ක එයාලට ලැබුණ දූ පැටියා නිසා ලෝකෙම ලැබුණ තරම් සතුටින් කල් ගෙව්වේ…

කෝ දෙන්න නිකී…
දූගෙ ඇඳුම් පොඩි ටික මම අයන් කරලා තියන්නම්…

අනේ එපා නිසල් ඔයා මහන්සි වෙලා ඇවිත් ඕවා කරන්න ඕන නෑ..
මම කරගන්නම්.

එහෙම නෑ වස්තු…
මොකෝ මම කුලි වැඩ කරලා එනවායෑ..
දෙන්න දෙන්න මම අයන් කරන්නම්….
මගෙ දූ පොඩ්ඩගෙ ඇඳුම්..
අම්මියා හොරට අයන් කළොත්..
නිසල් ලොක්කිගෙ ඉණෙන් අල්ලලා එහාට කරන ගමන් අයන් ටේබල් එකට ළං වුණා….

දූ දැන්ද නිකී නිදාගත්තේ….

නෑ නිසල් 6ට විතර නිදාගත්තෙ
දැන ඇහැරෙයි…
අයෙ රෑට නිදාගන්න නම් පරක්කු වෙයි….

මගෙ වස්තුට නිදාගන්නත් නෑ නේද..
තව ටික කාලෙනෙ…
ටිකක් ලොකු වුණාම හරි….

අනේ එහෙම නෑ නිසල්…
මම ආසයි මේ වදේට..
මම කොච්චර පෙරුම් පුරලාද මේ දූ පැටියාව ලබාගත්තෙ…

බය වෙන්න එපා…
මම කිව්වානෙ හැමදාම අපි එච්චර අවාසනාවන්ත නෑ කියලා…
ඉන්නකෝ තව දෙතුන් දෙනෙක් හදලා දෙන්න..
ලොක්කිව ළං කරගෙන ඒ කොපුල් සිප ගනිමින්.න්සල්.කිව්වා….

*******-*********

තිළිණගෙ බිරිඳ, නිමේෂිත් දැන් ගැබිණියක්…
අම්මාත් තාත්තාත් එක්ක නිමේෂි ආදරෙන් ඉන්නවා…
ඒ පවුල් සේරම ගොඩාක් සතුටින් ඉද්දි..

බට්ටි රැකියාව කරගෙන තේජාන්ගෙ වැඩ සේරම කරගෙන ජීවත් වෙනවා…
තේජාන් ටිකින් ටික ආයෙම ඉස්සරම හිටපු ඉක්මනින් තරහ යන තේජාන් බවට පත් වුණේ කාලයත් එක්ක..
තේජාන් සමහර වෙලාවට බට්ටි එක්ක රණ්ඩු කරනවා විතරක් නෙමේ..
බට්ටිට පහරදෙන්නත් පටන් ගත්තා…

අනේ තේජාන් අයියේ බබා නැති වෙලා අවුරුද්දකට වැඩියි…
මම ආසයි දරුවෙක්ට…

පිස්සුද…
මොකටද ළමයි..
ඔය විදියට ඉන්නවා…

ඔයා දැන් මෙහෙ ඉන්නවට වඩා විෂ්මි අක්කලාගෙ දිහා ඉන්නෙ..
මට පාළුයිනේ..

අනේ මේ..
නිකං ඉන්නවා..
මම එහෙ යන්නෙ පුතා බලන්න.
වෙක මගුලකට නෙමේ..
පුතාගෙ හුරතල්ම වයස…
මම ළඟ ඉන්න ඕන…

අනේ ඉතිං අපිත් එක්කෙනෙක් ගෙනාවම මෙහෙත් ඔයාට හුරතල් කරන්න දරුවෙක් ඉඳියි නෙ…

නෑ නෑ ඕන නෑ…..

****-**-************

තේජාන් ගෙදර ගෙනත් තියාගෙන බොන්නත් පටන් ගත්තා….
බීපු දවසට බට්ටිට කායිකවත් මානසිකවත් සෑහෙන්න වද දෙන්නත් පටන් ගත්තා..
දැන් තේජාන්ට තරහයි බට්ටි එක්ක පටන්ගත්ත ජීවිතය ගැන…
තේජාන්ගෙ චූටි පුතු හුරතල් කතා කියන කාලෙ..
තේජාන්ට දුකයි විෂ්මිත් පුතුත් ළඟට වෙලා ඉන්න බැරි එකට…
ඒ වේදනාව පිට කරන්නෙ බට්ටිගෙන්…
ඒ විතරක් නෙමේ..
බට්ටිට බනින්නේ ඒ දෙන්නාගෙ ජීවිතය ගැන වටේ පිටේ අයගෙ කන් වලටත් ඇහෙන්න…
ඒ නිසාම අවට සේරම දැනගත්තා බට්ටි කියන්නෙ තෙජාන්ගෙ හොර අඹුව බව…

බට්ටි නුවරින් කෑගල්ලෙ රෝහලටම
මාරුවක් හදාගත්තෙ දැන් දැන් බට්ටිගෙ ජීවිතේ ගැන කට්ටිය දැනගෙන කතා හදන්න පටන්ගත්ත නිසා…

ඒ..
බට්ටිගෙ ගෙවල් ළඟ ඉන්න ⁣කෙනෙක්ගෙ නෑදෑ කෙනෙක් නුවර රෝහලේ ඇටෙන්ඩන් කෙනෙක් විදියට ආව නිසා…
කරුණාවන්ත මිසී නෝනා
හොර අඹුවක් විදියට ජීවත් වෙනවා කියලා සහෝදර සේවකයින් කතාබහ කරන්න පටන් ගත්තා විතරක් නෙමේ….
අයුතු යෝජනා පවා ගෙනාවා…..

ආ…..
මිතුණි….
අපිට චාන්ස් නැද්ද…

වාහනේකින් ආවොත් විතරද ගෙට ගන්නෙ..

අපිත් කන බොන මිනිස්සු තමා…

ඒ වගේ කතා වලින් අඩුවක් නැති තැන තමා බට්ටි කෑගල්ලට මාරු වුණේ..

තේජාන් ගෙදර නැති දවසට ගෙදර ඉන්න බැරි තත්වෙකුත් බට්ටිට උදා වුණේ….
තේජාන්ගෙ වාහනේ ගෙදර නැත්නම් රෑ දෙගොඩහරියෙ ගෙදර දොරට, ජනෙල් වලට එක එකා තට්ටු කරන්න පටන් ගද්දි….
බට්ටිගෙ ගෙදර ඉස්තෝප්පුවට යට ඇඳුම්, උපත් පාලන උපාංග පවා ගෙනැවිත් දාන්න තරම් අවට මිනිසුන්
නොමිනිසුන් වුණා….
පාරෙ යද්දි ඉස්සර කතා කරපු කවුරුත් කතා නොකරන තත්වෙට පත් වුණා…

අපෝ..
චිංචිමානවිකාව එනවා..
අපේ මිනිස්සුන්ව පරිස්සම් කරගන්න ඕන..

මිනිස්සු විතරක්යෑ…
තරුණ කොල්ලො ටික තමා වැඩියෙන්ම..
ගිණි කිකිළි වගේ ඉන්නවානේ පොත්ත සුදට…

අනේ මෙහෙමත් ගෑණු..
තව ගෑණියෙක්ට ගිණි දීලා ඉන්න කැත විතරක්..

යන්න අපායවල් හදන්න වෙනවා මේ වගේ ගෑණුන්ට..
අම්මෙක් අප්පෙක් වත් නැතුව ජාතක වෙලා වෙන්නැති
නැත්තං ඉතිං මේවත් ජීවිතද….

බට්ටි පාරෙ බැහැලා යද්දි
අවටින් ඇහෙන්නෙ ඒ වගේ කතා තමා…

***************

බීපු දවසට බට්ටි එක්ක පවත්වන අඹුසැමි සම්බන්ධයක ප්‍රතිඵලයක් විදියට
බට්ටි නැවතත් ගැබ් ගන්නවා….
බට්ටිට ඒ තරම් සතුටක් තවත් නෑ…
බට්ටි ගොඩික් ආශාවෙන් ගොඩාක් පරිස්සමින් කුසේ වැඩෙන ලේ කැටියාව බලාගත්තා….

තේජාන් දිනක් බීලා රණ්ඩු කරන වෙලාවක බට්ටිව තල්ලු කරලා දාන්නෙ හිතා මතා නොවුණත්
දෙවන වරටත් බට්ටිට තම දරුවා අහිමි කරමින්…..

මෙවර රෝහලට අරන් ගියේ තේජාන් වුණත්
රෝහලෙන් පිට වෙලා එන්නවුණේ තනියම…
කාත් කවුරුවත් නැති කෙනෙක් වගේ….
තේජාන් රෝහලට දාලා ගියත් ආයෙ ආවෙ නෑ…

****************

තේජාන් විෂ්මිගෙ ගෙදර ගියත් ..
විෂ්මි තේජාන්ගෙ මූණක් වත් බලන්නෙ නෑ…
විෂ්මිගෙ තාත්තාගෙ කම්පැනි සේරම බලාගන්න ගමන් පුතාවත් හොඳින් ඇති දැඩි කරගෙන නිදහස් ජීවිතයක් ගත කළත්…
වැරදි ජීව්තයක් ගත කළේ නෑ…
තේජාන් කිහිප වරක්ම විෂ්මිට කතා කරලා නැවත එකතු වෙන්න පවා උත්සහ කළා…
ඒත් විෂ්මි තේජාන්ව ගණන් වත් ගත්තෙ නෑ…
ඒ තරහට තමා තේජාන් බොන්න පටන්ගත්තේ….

කාලය වසර දෙකකින් ගෙවී යද්දි…

පොඩ්ඩිට තවත් දූ පැටියෙක්ගේ මවක් වෙන්න වරම් ලැබුණා….
ලොක්කිත් නැවත ගැබිණියක්..
තිළිණගෙ පුතත් දැන් ලොකුයි…

බට්ටි තෙවන වර ගැබ් ගන්නේ මේ කාලයේ….
එවර තේජාන් බට්ටිට කිසිම විදියකින් වරදක් නොකරන්නේ..
කලින් පාර බට්ටිගෙ දරුවගෙ මරණයට තමන් හේතු වුණ නිසා දැණුන වරදකාරි හැඟීමට…
විෂ්මිගේ දැඩ් ප්‍රතික්ෂේප කිරීමත්…
කොපමණ රිදෙව්වත් බට්ටිගෙන් තේජාන්ට ලැබෙන ආදරයත් නිසා තේජාන්ට මේ වෙද්දි බට්ටි ගැන දුකක් දැනිලා තිබුණා…
ඒ චූටි කෙල්ල තමන් වෙනුවෙන් නේද ජීවිතේ තනි වෙලා මේ තරම් අපහාස එක්ක,
තමන්ගෙ අඩත්තේට්ටම්ද ඉවසමින් ආදරේ කරන්නේ කියලා
තේජාන්ටම හිතුණා….
ඒ නිසයි මෙවර බට්ටිට නියම ස්වාමිපුරුෂයෙක් වගේ සැළකුවේ….

බබා…
මේ චූටි බණ්ඩියෙන් කෙල්ලෙක් එනවටද ඔයා ආස
කොල්ලෙක් එනවටද…

ම්…
මම ආසයි දිගංචි පැටියෙක් එනවට…

එහෙමද..
මම නම් ආස මේ වගේ චූටි බෝම්බයක් එනවට..
පුතෙක් ඉන්නවානෙ මට…
ඒ නිසා මිනි බොම්බ් එකක් ගේමු නේද…
තේජාන් අහන්නේ බට්ටිගෙ කුස සිපගනිමින්..

ම්ම්ම් ..
ඔයා ආස නම් එහෙම වෙද්දෙන්…
බට්ටි කියන්නේ තේජාන්ගෙ කෙහෙරැල් අතර ඇඟිලි යවමින්….

මාස හතරක් විතරයි ඒ සතුට තේජානුත් බට්ටිත් ළඟ රැඳුණේ….
පළමු වර වගේම හදිස්ස්යෙම අමාරු වෙලා බට්ටිව රෝහල් ගත කළත් ඒ වෙද්දිත් බට්ටිව අත ඇරලා ඒ ලේ කැටියා යන්න ගිහින්…
මෙවර තේජාන් බට්ටිව අරන් ගියේ පෞද්ගලික රොහලකට..
බට්ටිගේ මානසික මට්ටම පවා පහළ වැටුණා….
විවිධ පරීක්ෂණ රාශියක් කළා…
ඉන් හෙලි වුණේ…
බට්ටිගේ ගර්භාෂයේ ගෙඩි ඇති නිසාත් තවත් සංකූලතා කිහිපයක් නිසාත් මෙසේ වෙන බවයි ….

තේජාන් බට්ටිගෙ ෆෝන් එකෙන් ලොක්කිට කෝල් එකක් ගත්තෙ
බට්ටිගේ මානසික තත්වය නරක අතට හැරිලා නිසා….
බට්ටිට දැන් එයාගෙ පවුල ඕන කියලා තේජාන්ට දැණුණා…

ලොක්කිත් නිසලුත් රෝහලට ආවේ තනියම නෙමේ…
මේ වෙද්දි තිළිණ, අම්මා, තාත්තා හැමෝම හිටයෙ බට්ටි ආයෙ ගෙදර ඇවිත් සමාව ඉල්ලුවොත් සමාව දෙනවා කියන තැන…
එ හැමෝමත් බට්ටිව බලන්න රෝහලට ආවා…
අනුහස් ආවෙ අනුහස්ගෙ අම්මා තාත්තත් එක්කගෙන.
ඒ හැමෝම
⁣බට්ටිගේ,
යෞවන ප්‍රේමයේ
නිළ නොලත්
පෙම් කවිය කියන්න….
අකමැත්තෙන් වුණත් කැමැත්ත දුන්නා …..

මිහිදුම් සිහින අවසානයි…..
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

පසුවදන සමග එක්වන්න…zzz 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *