#මුලා_වූ_පෙම්වතී 07

💕හත්වන දිගහැරුම💕

එකපාරට ඒ කොල්ලා ආයෙම කාර් එක ස්ටාට් කලා. මං එයා දිහා බැලුවේ මොනාද කරන්නේ කියලයි. ඒත් එයා ඉස්සරහා බලාගෙන කාර් එක එලවනවා.

අන්තිමට කාර් එක නැවතුනේ විශාල නිවසක් ඉදිරියේ. දෙපාරක් හෝන් කරද්දි ගෑනු කෙනෙක් ඇවිත් ගේට්ටුව ඇරියා. වාහනේ කෙලෙන්ම නැවතුනේ ගෙදර දොර ගාව.

තට්ටු දෙකේ ලස්සන ගෙයක්. මං වටපිටාව හොඳට බැලුවේ කොහේද කියලා හිතාගන්න බැරුව.

“ආ මේ කෝට් එක උඩින් දාගන්න”

එහෙම කියලා ඒ කොල්ලා එයා ඇඳන් උන්නු කෝට් එක මට දික් කලා. මං බලන් හිටියේ ඒ ඇයි කියලයි.මගේ ඇඳුම් හොඳට තියෙනවනේ.

“මං දිහා බලං කල්පනා නොකර ඔයා දිහාම බැලුවනම් තේරෙයි. “

එයා එහෙම කිව්වාම මං ආයෙ මං දිහා බැලුවා. දෙයියනේ ඇඳුම් ඇඟට ඇලිලා නිසා අනවශ්‍ය විදියට ඇඟ පේනවා. මං දැනුනේ පුදුම ලැජ්ජාවක්. මං ඉක්මනට එයාගේ කෝට් එක අරන් පපුව වැහෙන්න දාගත්තා .

“නංගි මේ මගේ ගෙදර. අදට මෙහෙ ඉන්න. බය වෙන්න එපා”

ඇත්තටම මට බයක් දැනුනේ නෑ. ඒත් මෙයාගේ ගෙදර අය මොනා හිතයිද. අන්තිමට ඒ කොල්ලා බැහැලා ඇවිත් මගේ පැත්තෙන් කාර් එකේ දොර ඇරියාම මාත් බැස්සා.

“බේබි… අපෙ අම්මෝ.. කවුද මේ…😱

“මේ ළමයට පොඩි කරදරයක් වෙලා කමලම්මා … මට මගදි හම්බුනේ.”

“හනේ… එන්න දරුවෝ..😁😁

“කමලම්මා.. නංගිගේ ඇඳුම් දෙක තුනක් තිබ්බා එයා ආවාම ඉන්න රූම් එකේ. මෙයාට ඒකක් දිලා ඒ රූම් එකම ලෑස්ති කරලා දෙන්න”

“හරි බේබි මහත්තයා “

එයා එහෙම කියලා පඩිපෙල නැගගෙන යන්න ගියා.

“යමු දරුවෝ.. ඔයාව තෙමිලා හොඳටෝම”

කමලම්මා එහෙම කියලා ඉස්සර උනා. උඩ තට්ටුවෙම රූම් එකක් එයා මටත් ලෑස්ති කරලා දුන්නා. අර කොල්ලා කිව්ව නංගිගේ රූම් එක වෙන්නැති. එයාගේ ඇඳුනුත් දුන්නා.

පිජාමා කිට් එකක් තිබුනේ. ජීවිතේට මං මේවා ඇඳලා නෑ. ඒත් මොනා කරන්නද. ඇඟත් හෝදගෙන ඇඳගත්තා.

“දරුවෝ… මේං මේ කෝපි කෝප්පෙ බීලාම නිදාගන්න දැන් පාන්දර ජාමෙත් වෙලා. “

මං අත් දෙකෙන්ම කෝපි කෝප්පේ අරන් උනු උනුවෙම බීගෙන ගියේ තෙමිලා සිතලේ හිටපු නිසයි.

❤️❤️❤️❤️

“දුවේ…”

හරියට අම්මා වගේමයි. මං අමාරුවෙන් ඇස් ඇරියේ කවුද බලන්නයි. ඒ හිටියේ කමලම්මා . මට ඔලුව බර ගතියක් දැනුනා. හරිම අමාරුයි.

“සහලෝලා උණ නේද දරුවෝ. එන්න මූණ ටිකක් සෝදගමු මහත්තයා දැන් දොස්තරට කෝල් කලා”

කමලම්මට වාරු වෙලා බාත් රූම් එකට ගිහින් මං මූණ අත පය හෝදගතා. මේ ටිකේම විඳපු වේදනා එක්ක මෙහෙම උණ ගැනීලා බේරුනා ඇති කියලයි මට හිතුනේ.

“කමලම්මා …. ඩොක්ට ආවා.. නංගි ලෑස්තිද”

පහල ඉඳලා අර කොල්ලද කොහෙද කෑ ගැහුවා.

“ඔව් බේබි එන්න..”

කමලම්මා එහෙම කෑ ගැහුවාම කොල්ලා ඩොක්ටර් එක්කම රූම් එකට ආවා.

“දේෂු මෙයා මොනවට හරි බය වෙලා තියෙනවා. තෙමිච්ච නිසා මේ උණ ඇත්තේ. මං බේත් ලියලා දෙන්නම්”

“ඕකේ ඩොක්ට “

“මං එහෙනම් යන්නම් දේෂු. උන අඩු වෙයි හෙට වෙද්දි. බේත් ටික ගෙනත් දෙන්න.”

එහෙනම් එයාගේ නම දේෂු … දේෂු ඩොක්ට එක්කම කාමරෙන් එළියට ගියා. කමලම්මත් ඒ පස්සෙන්ම වගේ ගියා. මං ඔහේ ඇඳේ වැතිරිලා බලා හිටියේ ඇඟට පනක් නැති නිසයි.

පැය බාගෙකින් වගේ දේෂු කාමරේට ආවේ කිරි වීදුරුවක් අතේ තියාගන.

මං ඉක්මනට ඇඳෙ නැගිටින්නයි හැදුවේ. ඒත් එයා මාව අල්ලලා ඇඳ වතට කොට්ටයක් තියලා හේත්තු කලා.

“නංගි මේ කිරි එක බොන්න බේත් බොමු දැන් 12ටම වෙලා.”

එච්චර වෙලාද දෙයියනේ …ඒ කියන්නේ මං 10 විතර වෙනකල් නිදාගෙනද.

“කල්පනා නොකර බොනවද. නැත්නම් මං පොවන්නද…”

එකපාරට එයා එහෙම ඇහුවාම මං ඉක්මනට කිරි එක අරන් බිව්වේ ඊයේ මෙයාගේ කේන්තිය හොඳට දැකපු නිසයි. මං එක හුස්මට කිරි එක බීලා එයා දිහා බලද්දි එයා හොඳටම හිනා වෙනවා.

“ඔච්චර බයද කෙල්ලේ මට… බය වෙන්න එපා.. මටත් ඔයා වගේ නංගියෙක් ඉන්නවා.”

එයා එහෙම කිව්වාම මං කලේ හිනා උන එක.

“මහත්තයට ගොඩාක් පින්”

“අනේ දැන් පින් වැඩි වෙයි මට. අනික මං මහත්තයා නෙවෙයි. මගේ නම විහේන් දේෂ්මිත සේනාරත්න. මට දේෂු කියලා කතා කරන්න.😄😄

එයා එහෙම කිව්වට මං කෝමද එහෙම කතා කරන්නේ.. මං වගේ කෙල්ලෙක්…😔

“හ්ම් හ්ම් දැන් කල්පනා නොකර මේ බේත් ටික බොමු”

එයාම් මං දිහාට බේත් පෙති ටික දික් කලාම මං ඒක අතට අරන් ඒ දිහා බලන් හිටියේ බේත් බොන්න ඇත්තටම මං අකමැති නිසා.

“මෙයත් අපේ නගා වගේද කොහෙද. බේත් දිහා බලන් භාවනා නොකර බිව්වනම් මටත් යන්න පුලුවන් 😁😁

එයා හිනාවෙලා එහෙම කිව්වාම මටත් හිනා ගියා. මං ඉක්මනට බේත් ටික කටේ දාගෙන වතුර වීදුරුවම බිව්වා.

දේෂු හිනාවෙලා යන්න ගියා. ටිකකින් කමලම්මා කෑම එකකුත් ගෙනත් මට කැව්වා. හවස් වෙද්දි මට උන නම් බැහැලා තිබුනා.

“දුවේ බේබි මහත්තයා එන්න කිව්වා”

රෑ 7ට විතර කමලම්මා ඇවිත් කිව්වාම මං කමලම්මා පස්සෙන් ආවා. මිදුලේ බෙන්ච් එකක ඉඳගෙන කෝල් එකක ඉන්න දේෂුව මට පෙන්නලා කලලම්මා කුස්සිය පැත්තට ගියා.

මං හිමීට දේෂු හිටපු තැනට ඇවිදන් ගියේ දැන් මෙයා මං ගැන අහයිදෝ කියලා හිතමිනුයි.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

සුට්ටයි තමයී.. මේ ටික ටයිප් කලෙත් අමාරුවෙන් …

ළමයී.. හෙට කතාව ශුවර් නෑ… මං දැන් පොඩි ගමනක් යනෝ.. ඒ යන දිහාට සිග්නල් නෑ… ඉතිං හෙට හවස් වෙලා එන්නේ… සෑට පුලුවන් උනොත් කතාව දානෝ….

Like comment කරන යාලුවෝ හැමෝටම තැන්කුයි ….

ආදරෙයි කස්ටියටම …😘😘😘😘

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *