#මුලා_වූ_පෙම්වතී 09

💕නමවන දිගහැරුම💕

(අද සුට්ටයි … බයින්න එපා ඉතිං ….)

මං හිතන්නේ එයා උත්සහ කලේ කේන්ති නිවාගන්න. ඊළඟට ආපහු මං ළඟට ආවා. ඇඬුම් නැවතිලා උනත් තාමත් මගෙන් ඉකියක් පිට උනා.

එකපාරට මගේ අතින් ඇදගෙන ගියා. මාවත් එයා පස්සේ ඔහේ ඇදිලා ගියේ එයාගේ ශක්තිය මට වඩා වැඩි නිසා වෙන්න ඇති.

එයා මාව ඇදගෙන ගියේ කාමරේකට. මං හිතන්නේ ඒ දේෂුගේ කාමරේ ගොඩාක් පිළිවෙලට තිබුනා එකපාරට මාව කාමරේ ඇතුලට ඇඳලා දාලා දොර වැහුවා.

මං තිබ්බ බයටම හොඳටම ඇඬුවා. දේෂු දිහා බලන්න පවා මට දැනුනේ බයක්.

“මේ බලනවා. හොඳට බලනවා…😬😬

දේෂු මං දිහාට දික් කලේ බෙඩ් කබඩ් එක උඩ තිබ්බ රාමු කරපු ෆොටෝ එකක්. ඒකේ හිටියේ ගොඩාක් ලස්සන කෙල්ලෙක්. හරිම අහිංසක පාටයි. මං කඳුළු අතරින්ම ඒ දිහා බලන් උන්නා.

“ආ මේවත් බලපන්.. 😬😬

තවත් ෆොටෝ ඇල්බම් වගේකුත් ඇඳට වීසි කලා. දේෂුට තිබ්බ බයටම මං ඒ එකක් අතට අරන් හිමීට පෙරලුවා.

ඒ හැම පිටුවකම එකම තිබ්බේ ඒ කෙල්ලගෙයි දේෂුගෙයි ෆොටෝස්. මං ඒවා දිහා බැලුවේ ඒ දේෂුගේ ගර්ල් කියලා හිතුන නිසා.

“පේනවද තමුන් වගේම අහිංසක ලස්සන කෙල්ලෙක්. ඔය තමයි මගේ ජීවිතේ … ඔය මගේ පණ ටික”

එහෙම කියලා දේෂු අර රාමු කරපු ෆොටො එක අතට අරන් ඒක අතගෑවේ ඇස් වලින් කඳුලු හෝ ගාලා ගලාගෙන යද්දි.

එයා කෝ කියලා අහන්න හිතුනත් මං අහන්න ගියේ නෑ. දේෂුට කේන්ති යයි කියල සද්ද නැතුවම බලන් හිටියා.

“එයත් ඔයා වගේම දුප්පත් කෙල්ලෙක්. මං එයාට පන වගේ ආදරේ කලා. ඒත් මට බැරි උනා මගේ කෙල්ලව රැක ගන්න.”

දේෂු ඒ ටික කිව්වේ හඬ ගොඩාක් බාල කරලා. ඇත්තටම දේෂුගේ හඬ බිඳිලා ගිහින්. ඒ නපුරු කොල්ලා අඬනවා.

“ඔයාට වරදක් උනේ එකෙක්ගෙන්. එයත් ඔයා වගේ අහිංසක වැඩී. සමාජෙ ගැන තේරුමක් නෑ. මගේ කෙල්ලව උන් මරලා දැම්ම..😭😭😭

දේෂු එහෙම කිව්වාම මගේ කටත් ඇරුනා. දෙයියනේ එයා මැරිලද..😱😱

“මගේ කෙල්ල කෑ ගහන්න ඇති. ගොඩාක් දුක් විඳින්න ඇති. මං මං මහා පව් කාරයෙක්. “

දැන් මට මේ දේවල් ගැන දේෂුගෙන් අහන්නමයි හිතුනේ. ඒත් එයාට කේන්ති යාවි කියලත් බයයි.

“ඔයා එච්චර පව්කාර නෑ නංගි.”

එහෙම කියලා එයා ඇවිත් මං ළඟින් වාඩිවුනා.

මං හිතට උපරිම හයිය අරන් දේෂුගෙන් ඒ කෙල්ල ගැන අහන්න හිතුවා. මොකද මට ඇත්තටම ඒ ගැන දැනගන්න ආසයි.

”අයියේ ඒ අක්කට මොකද උනේ කියලා කියන්නකො ඔයා කැමතිනම්”

එයා ටිකක් වෙලා මං දිහා බලන් ඉඳලා මගේ ඔලුව අතගැවා. අතගාලා බර හුස්මක් පිට කරලා ඇඳෙන් නැගිට්ටා .

“හ්ම්ම් පස්සේ දවසක කියන්නම් නංගි. දැන් ආයේ කියන්න එපා ඔයා පව් කාරියක් කියලවත් ඔයා වැරදි කියලවත් “

එහෙම කියලා එයා ඇදලා දාපු ෆොටෝ ඇල්බම් ටික ආපහු අරන් කබඩි එකට දැම්මා .

“නංගී ඔයාට වඩා ජීවිතේ වැරදුණු අය ඉන්නවා. ඔයාට තාම වැරදුනේ නෑ. ඒ නිසා ඔහොම ඔයාටම දොස් කියාගන්නවත් දුර්වල වෙන්නවත් එපා “.

එයා මං ලඟට ඇවිත් මගේ ලඟින්ම වඩිවෙලා ඒ ටික කිව්වේ ගොඩාක් ආදරෙන් පුංචි ලමයෙක්ට වගේ .

“අනිත් එක තමයි අද ඉඳලා මේ ගෙදර ඔයාගේ. ඔයාගෙත් ගෙදර තේරුනාද ?”

එහෙම කියලා එයා මගේ කම්මුලට අතක් තිබ්බා .

ඒත් දෙයියනේ මට පුලුවන්ද එහෙම ඉන්න. ගමේ ඉන්න මගේ අහිංසක අම්මා නංගී මං එයාලට සල්ලි යවන්න ඕනිනේ .

“අයියේ මට උදව්වක් කරන්න පුලුවන්ද ?”

නැගිටලා යන්න හදපු දේෂුගේන් මං ඇහුවේ මට වෙන උදව් ඉල්ලන්න කෙනෙක් නැති නිසයි .

“කියන්න නංගීයෝ”

“මට ජොබ් එකක් හොයලා දෙන්න පුලුවන්ද “

මං එහෙම ඇහුවාම එයා හිනා උනා .හිනාවෙලා මං ලඟින් වාඩි උනා

“එලෙවල් මොනාද කලේ “

“කොමර්ස් කලේ අයියේ. කැම්පස් යන්න පාස්. ඒත් සල්ලි නැති නිසා රස්සාවක් කරන්න ආවා”

“හ්ම්ම්… හෙට යමු ජොබ් එකක් තියෙනවා “

එයා හිනවෙලා එහෙම කියලා කාමරෙන් එලියට ගියා .

මාත් හිමිට ආපහු මගේ කාමරේටම ආවේ මොන වගේ ජොබ් එකක්ද කියලා හිතමිනුයි. ඇත්තටම මොන වගේ ජොබ් එකක් ලැබෙයිද දන්නෑ.

මං පහලට ආවේ නිකන් කකා බිබී ඉන්න බැරි නිසයි. මොනා හරි උදව්වක් කරන්න හිතාගෙන මං කුස්සියට යද්දි කමලම්මා කෑම මේසෙට අරින්න ලෑස්ති කරනවා.

“කමලම්මේ.. දෙන්න මං ගිහින් තියන්නම්. “

“අනේ දුව ඉන්න පැත්තකට වෙලා. මං මේක කරන්නම්..”

කමලම්මා එහෙම කිව්වත් මං බලෙන්ම වගේ කෑම මේසෙට ඇරියා.

“දේෂු මහත්තයට එන්න කියන්න දුවේ බඩගින්නෙ ඇත්තේ..”

කමලම්මා කිව්වාම මං උඩට දිව්වේ දේෂුට එන්න කියන්න.

ඔව් දැන් මට දේෂු එක්ක කතා කරන්න බයක් නෑ. එයා මාව ආරක්ෂා කරනවා මට එයාව විශ්වාසයි. එක වතාවක් වැරදුනා උනත් දේෂු ගැන විශ්වාසය තියන්න මගේ හිතට බයක් දැනුනේ නෑ.

“අයියේ.. කෑම ලෑස්ති…”

මං දොර ළඟ ඉඳලා කෑ ගහලා කිව්වේ දොර අඩවල් කරලා තිබුන නිසයි.

“හරි විරූ.. මං එන්නම්…”

මොකක් විරූ.. මෙයා කොහොමද දන්නේ මට යාලුවො කියන්නේ විරු කියලා. මං කිව්වේ නෑනේ.

මට ඒ ගැන දැනුනේ ලොකු පුදුමයක්. මං ඒ ගැන හිත හිතම පහළට ආවා .

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

මොකද්ද මේකේ තීන රහස….😂😂😂😂

ළමයි … හෙට අලුත් කවර් එකක් දෙනෝ… දේෂු අලුත් වෙනෝ…..😘😘😘

Like comment කරන හැමෝටම තැන්කුයි …..😘😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *