#මුලා_වූ_පෙම්වතී 12

💕දොලොස්වන දිගහැරුම💕

(චුට්ටයි තමයි ඉතිං … අනේ මේ ටික ටයිප් කලෙත් බස් එකේ එන ගමන් ලමයී … ඔන්න ගෙදර ආපු ගමන් කතාව දැම්මා..)

දෙයියනේ මාව දන්නෙත් නැතුව මට මේ තරම් උදව් කරන්නේ ඇයි. මං කොහොමද මේ ණය ගෙවන්නේ. මං අඬ අඬම කල්පනා කලේ දේෂුගේ මේ සැලකිලි මගේ හිතට බරක් නිසයි.

එතකොටම රෙදි බෑග් ටිකත් අත් දෙකට උස්සගෙන දේෂු වාහනේට ආවා.

“ඇයි දැන් මේ අඬලා ම්…”

දේෂු එහෙම ඇහුවාම මගේ ඇස්වල කඳුළු තවත් අලුත් උනා. ඒත් හැඬුම් නොඑන්න හිත තද කර ගත්තේ මං මෙහෙම අඬන එකෙන් දේෂුගේ හිතත් රිදෙයි කියලා හිතුන නිසයි.

“අඬන්න එපා නංගියෝ..මං පිට කෙනෙක් කියලා හිතන්න එපා. මම මෙහෙම කරන එක ඔයාගේ හිතට හරිම නැත්නම් ජොබ් එක කරද්දි මට නය ගෙවන්නකෝ මේක නයක් කියලා හිතලා…”

දේෂු හිනාවෙලා මගේ ඔලුවත් අතගාලා එහෙම කියද්දිනම් මට දේෂු ගැනදැනුනේ පුදුම තරම් ගෞරවයක්. මං හිතුවට මං මහා පව්කාරියක් කියලා මං ඒ තරම්ම අවාසනාවන්ත නෑ කියලයි මටනම් හිතුනේ.

දෙවි කෙනෙක් වගේ එදා රෑ දේෂු මට පිහිට නොවුනනම් මං අර මිනිස්සුන්ට අහු උනානම් කොහේ හරි කැලේක තිබිලා මගේ මිනිය හම්බ වෙන්න තිබුනා. ඒ අතින් මං පිං කරලා. ඔව් ලොකූ පිනක් කරලා.

කවදාම හරි දවසක මේ කරන දේවල් වෙනුවෙන් මං දේෂු වෙනුවෙන් දෙයක් කරනවා. ඔව් එහෙම කරන්නම ඕනි. මං තදින්ම මටම පොරොන්දු උනා.

“විරූ.. බහින්න ළමයො… අනේ මංදා කොයි වෙලෙත් කල්පනාව. ඉක්මනට ලෑස්ති වෙන්න 10ට වත් ඔෆිස් එකට යමු ඉතිං … අද පළවෙනි දවස නිසා සමාව අරන් දෙන්නම්කෝ…😁😁

දේෂු එහෙම කියලා බෑග් ටිකත් අරන් ඉස්සර උනා. මගේ කාමරෙන් බෑග් ටිකත් තියලා මට ඉක්මන් කරන්න කියාගෙනම එයත් ලෑස්ති වෙන්න ගියා.

මං ඉක්මන් කරලා ලෑස්ති උනේ ජොබ් එකට යන පළවෙනි දවසෙම පරක්කු වෙලා යන්න වෙන එක ගැන හිත හිතමයි.

දනහිස ළඟට දිග කලු පාට ටයිඩ් ස්කර්ට් එකට ලා රෝස පාට ඔෆිස් බ්ලව්ස් එක ඇඳලා මං ලෑස්ති උනේ කොණ්ඩෙ ගොතන්නයි.

“නංගියෝ…”

“අහ් දේෂු අයියේ ..අනේ විනාඩි දෙකක් දෙන්න කොණ්ඩෙ ගොතන්න විතරයි තියෙන්නේ..”

“හරි හරී… මං ආවේ ඒකට නෙවේ… ම්… මං හිතුවා හරි”

“එහෙනම් මොකටද අයියේ “

“මට හිතුනා කෙල්ල ඔය බ්ලවුස් එක අඳී කියලා ඔහොම. “

දේෂු එහෙම කිව්වාම මං කණ්නාඩියෙන් පේන මගේම රූපෙ දිහා ආපහු හොඳට බැලුවේ මොකුත් වරදක් තියේද කියලයි.

“හයියො… මේ කෙල්ල පොඩ්ඩට බය වෙනවා.. ලස්සනයි ඒ ඇඳුමට… බ්ලවුස් එක යට කරලා අඳින්න තවත් ලස්සනයි එතකොට.”

හිනාවෙලා එහෙම කියපු දේෂු මගේ ඔලුවත් අතගාගෙනම කාමරෙන් යන්න ගියා.

මං ඉතිං දේෂු කියපු විදියට බ්ලවුස් එක යට කරලම ඇන්දා. කලින් එහෙම කරන්න හිතුනත් මං නොකලේ එහෙම ඇන්දම මට ගැලපෙන එකක් නෑ කියලා හිතුන නිසයි. ඒත් දැන් දේෂුම එහෙම කිව්වාම නොකර ඉන්න බෑනේ.

මට දේෂුගේ වචනෙකට පිටින් යන්න හිත දුන්නේ නෑ. මං හිතන්නේ ඒ මට දෙවි කෙනෙක් වගේ පිහිට වෙච්චි කෙනා නිසා වෙන්නැති.

ගොතන්න කියලා ගත්තු කොණ්ඩෙත් ආයෙම ලෙහලා දෙපැත්තෙන් කෙස් ටිකක් අල්ලලා චූටි කට්ටක් ගැහුවේ ඇඳුමට එහෙම ගැලපෙයි කියලා හිතුන නිසයි.

මේකප් වගේ දේවල් මං කොහොමත් පාවිච්චි කරන්නේ නෑනේ. ඉතිං ඒ ගැන කරදර වෙන්න වෙලාව නාස්ති කරන්න කිසිම උවමනාවක් නෑ.😁

දේෂු අරන් දීපු සෙරෙප්පු වලින් ඔෆිස් දාන්න ගැලපෙන සෙරෙප්පු දෙකකුත් දාගෙන හෑන්ඩ් බෑග් එකකුත් අතට අරන් මං පහළට ආවේ දේෂු දැනටත් මං පරක්කු නිසා බලන් ඇති කියලා හිත හිතමයි.

මං පහලට එද්දි දේෂු සෝෆා එකට වෙලා ෆෝන් එකේ මොනාදෝ කරනවා.

“දේෂු මං හරි.”

දේෂු ළඟට ගිහින් මං එහෙම කියද්දි දේෂු ඔලුව උස්සලා මං දිහා බැලුවා.

“වාව්…😍 විරූ… ඔයා අදනම් මාරම ලස්සනයි..”

දේෂු එහෙම කියාගෙනම සෝෆා එකෙන් නැගිට්ටා.

“ආනේ… දුව හරිම ලස්සනයි😍

එතකොටම එහෙම කියාගෙන එතනට ආවේ කමලම්මා. එයා මගේ මූණත් අතගාලා එහෙම කිව්වේ හරියට මගේම අම්මා මං ගැන සතුටු වෙනවා වගේ. ඒ අහිංසක හිතේ කිසිම කහටක් නෑ.

“බේබි යමු කන්න කෑමත් සීතල වෙලා දැන්”

කමලම්මා එහෙම කිව්වාම මායි දේෂුයි ගිහින් ඉක්මනට කෑම කෑවා. කාලා ගෙදරින් පිටත් වෙනකොට 9.30ටම උනා.

“ඔන්න නංගියෝ අද ලැබෙන ජොබ් එක හරියටම කරන්න ඕනි. ඔයාගේ කැපවීම තමයි වැදගත් වෙන්නේ.”

දේෂු එහෙම කිව්වේ වාහනේ යන ගමන්මයි. විනාඩි 15කින් වගේ කාර් එක ඇවිත් නතර කලේ විශාල ගේට්ටුවකින් ඇතුල් වෙලා. ගේට්ටුව ඉස්සරහා ලොකුවට ගහලා තිබුනේ #sri_Lankan_foods කියලයි.

ඒ කියන්නේ මේ ශ්‍රී ලංකන් ෆුඩ් කම්පැනි එක. දෙයියනේ එතකොට මට ජොබ් එක ලැබෙන්නේ මෙතනද. මට හිතාගන්නත් බැරි උනා. එක පැත්තකින් දැනුනේ ලොකූ සතුටක්. අනිත් අතට මටම පුදුමයි.

“ඒ මැට්ටි බහින්න ඉතිං … කොයි වෙලෙත් කල්පනා ලෝකේ අතරමං වෙනවා. ලිහිණි නෙවේ කල්පනා කියලා නම දාන්න තිබ්බේ.”

දේෂු හිනා වෙවී එහෙම කියද්දි මං ඉක්මනට කාර් එකෙන් බැස්සා. දෙයියනේ ඒ වටපිටාව. කියන්න වචන නෑ. පැක්ට්‍රි එකේ ගාර්ඩ්න් එක පුදුම ලස්සනයි. හරියට හොටෙල් එකක් වගේ.

“යමු ඇතුලට “

දේෂු මට කතා කලාම මාත් දේෂුගේ පස්සෙන්ම ඇතුලට ගියා.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

එකෙක් හරි චුට්ටයි ගෑවොත් තියනවා 🔫🔫.😁😁

මේ ටික ටයිප් කලෙත් මාර ගේමක් දීලා. ඉතිං හිත හැදෙන්නවත් කියාගෙන යමු බලන්න අදහස්…

විරූට ලැබෙන ජොබ් එක මොකද්ද ….

Like comment කරන යාලුවෝ හැමෝටම තැන්කුයි ….

ආදරෙයි කස්ටියටම …😘😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *