#මුලා_වූ_පෙම්වතී 14

💕දාහතරවන දිගහැරුම💕

තවත් මොනාදෝ ෆයිල් ටිකකුත් දේෂුගේ පිටිපස්සෙන් කලින් මම ඇතුලට එන්න කියපු ගර්ල් ආවා තවත් මොකක්දෝ පෙට්ටියකුත් උස්සගෙන..

“විරූ….. ඔන්න ඔයාට ඕනි හැමදේම ගෙනාවා..”

” මොනාද අයියේ “

මං ඇහුවේ තවත් මට ඕනි දේවල් මොනාද කියලා මට නොතේරුණ නිසයි..

” ඉන්නකෝ කියන්න.. ඊට කලින් අඳුර ගන්න මේ ඉන්නේ දිනිති. අපේ අකව්න්ටන් කෙනක්. ඔයාට ඕනි දෙයක් මෙයාගෙන් අහන්න නංගෝ..”

දේෂු එහෙම කිව්වාම මං දිනිති දිහා බැලුවා එයා සුහදව මා එක්ක හිනා උනා ඒ හිනාවේ කිසිම ව්‍යාජ බවක් පෙනුනේ නැහැ.

” දිනිති ඕක තියලා යන්න. ඔයත් විරූට උදව් කරන්න වැඩ ටික අල්ල ගන්න.. “

“ඕකේ සර්.. නංගි මං යනවා”

මටත් එහෙමම කියලා දිනිති යන්න ගියා..

“ආ.. දැන් ඔය සෙකට්‍රි නෝනා ඔතනින් වාඩි වෙන්නකෝ..”

එහෙම කියලා මගෙ උරහිස් වලින් අල්ලලා දේෂු මාව ඉන්දෙව්වා..

හරි දැන් මං කියන ටික හොදට අහගෙන ඉන්න හරි..

මට එහෙම කියලා දේෂු අර ගෙනාපු පෙට්ටියෙන් කෑම වර්ග බෝතල් වගයක් අරන් මේසේ උඩින් තිබ්බා.. මං හිතන්නේ ඒ sri lankn food එකේ හදන product වගයක්.

“විරූ මේ තියෙන්නේ අපේ product වර්ග කිහිපයක් තවත් ඒවා තියෙනවා අපි අදට මේ ටික අදුරගමු.”

දේෂු එහෙම කියලා ඒවා එකින් එක අරගෙන ඒ ගැන විස්තර කරා.. ඒ එක එක product එක ගැන තියෙන ෆයිල් පවා මට දුන්නා. ඇත්තටම දේෂු ඒ දේවල් ගැන කියලා දීපු විදියට මට ඒ දේවල් ගැන හොදට තේරුනා..

එතන කෑම වර්ග ලුනුදෙහි,චට්නි වර්ග,සෝස් වර්ග වගේ ගොඩක් දේවල් තිබුනා…

“තේරුනාද පිස්සිට හැමදේම..”

සේරම කියලා අන්තිමට මගෙ ඔලුවට ටොක්කුත් ඇනලා දේෂු ඇහුවා..

“ඔව් අයියේ.. ඔයා ඉතින් මොන්ටිසෝරි බබෙක්ට වගේ කියද්දී හොඳට තේරෙනවා ….”

මාත් හිනාවෙලාම කිව්වේ දේෂු කියලා දීපු එක හොදට තේරුන නිසයි.

එදා දවසම ගෙවිලා ගියේ මට කම්පැනි එකගැන ඉගෙනගන්නයි… ඒ වගේම දේෂුම ඔෆිස් එක වටේම මාව එක්කන් ගිහින් අනිත් හැමෝටම මාව අඳුන්වලා දුන්නා.

මට හිතුනේ දේෂු ආයතනයේ හැමෝම එක්ක සුහදව ඉන්නවා කියලයි .. මොකද ලංකාවේ මේ තරම් ප්‍රසිද්ධ කම්පැනි එකක අයිතිකාරයා මේ තරම් නිහතමානි වෙන්නෙ නෑ නැත්නම් ..

අනික මාව එයාම ගිහින් අනිත් අයට අඳුන්වලා දුන්න නිසා මට තවත් ඒ දේ ස්ථිර උනා..

කම්පැනි එකේ වැඩ කරන අය එක්ක දේෂු කතාබහ කරන්නේ යාලුවෝ වගේ ඒ කියන්නේ දේෂු මේ හැමකෙනා එක්කම ගොඩාක් එකතුයි.. මට හිතාගන්නත් බැරි උනා..

ඉස්සර ගාමන්ට් එකේ අයිතිකාරයා තියා නිකන් සුපර්වයිසර් කෙනෙක්වත් සේවකයෝ එක්ක මේ තරම් හොඳින් සුහදව කතා කරලා ඉන්නවා මං කවදාවත් දැකලා තිබුනේ නෑ… මොකද එයාලා හිතන් ඉන්නේ එයාලා තමයි ගාමන්ට් එකේ අයිතිකාරයෝ කියලා..

ඒ වගේ අය එක්ක බැලුවාම දේෂු කියන්නේ පුදුම මනුස්සයෙක්..දේෂුගේ මේ ගතිගුන නිසා වෙන්න ඇති මේ කම්පැනි එක මේ තරම් දියුනු වෙලා ඇත්තේ..

❤️❤️❤️❤️❤️

රෑ මං කාමරේට වෙලා ඔෆිස් එකෙන් ගෙනාපු ෆයිල් වගයක් බල බල හිටියේ. මොකද මට ඕනි උනේ මගේ උපරිමේටම වැඩ කරන්න.. ඒකට මුලින්ම මං මේ දේවල් ඉගෙන ගන්න ඕනි..

“නංගි මං ඇතුලට එන්නද..”

එකපාරටම දොර ගාවින් ඇහුන හඬට මං ඔලුව උස්සලා බැලුවේ… ඒ හිටියේ වෙන කවුරුත් නෙමයි දේෂු..

“ආ එන්න අයියේ…”

ම්ං ඉක්මනට ඇඳෙන් බහින ගමන් එහෙම කිව්වා..

දේෂු ඇවිත් හිටියේ ලැප් එකත් අරගෙන. එයා ඇවිත් මං බල බල හිටපු ෆයිල් එකත් බලලම ඇදෙන් වාඩි උනා..

“කෙල්ල හොදයිනේ… ඔයාට ඉක්කමනට හැමදේම අල්ලගන්න පුලුවන් වෙයි.”

“ඔව් අයියේ මටත් ඕනි එකමයි…”.

දේෂු මාත් එක්ක හිනා වෙලාම ලැප් එක අරන් ඔන් කරා..

“හ්ම් දැන් ඉඳගන්නකෝ.. ලැප් එකේ වැඩ ටික කියා දෙන්න.”

මට එතකොටයි මතක් උනේ දේෂු මට ලැප් එකේ වැඩ කියාදෙනවා කිව්වා කියලා. මං ඉතිං දේෂු ළඟින්ම වාඩි උනා. මං වෙන කාට බය උනත් දෙවියෙක් වගේ ඉන්න දේෂුටනම් බය නෑ. මොකද ඒ හිතේ අහිතක් නෑ කියලා මට විශ්වාසයි …

මට ඒ තරමට දේෂු විශ්වාසයි .. ඔව් ඒ රැකවරණය ආරක්ශාව මට හොඳටම විශ්වාසයි ….

උදේ ඔෆිස් එකේදි වගේම දේෂු මට හැමදේම එකින් එකට කියා දුන්නා. හරියට පොඩි ළමේක්ට වගේ. කම්පියූටර් එකේ වැඩ වලින් මට ඕනිම වෙන ටික මුලින්ම කියා දුන්නා.

සම්පූර්ණ ඔෆිස් පැකේජ් එකම මට කියා දුන්නේ හරියට පොඩි බබෙක්ට හෝඩිය උගන්වනවා වගේ.

“හ්ම්… හරි.. ඔන්න ඕනිම කරන ටික කියා දුන්නා.. නොතේරුන අපැහැදිලි ඒවා ආයෙම අහන්න නංගෝ…”

මට නොතේරුන තැන් තිබුනේ නෑ මොකද දේෂු කියා දුන්න විදියට ඕන කෙනෙක්ට තේරෙනවා. ඒත් මගේ හිතට ආපු පොඩි දේවල් ටිකක් මං ඇහුවා. දේෂු ඒ දේවල් ටිකත් මට හොඳටම කියාදුන්නා.

“දැන් හරිද විරූ…”

“හරි අයියේ… අනේ ඔයාට පිං.. මට මේ තරම්..”

“ඒයි නවත්තනවා…”

මං කියාගෙන ගිය එක නැවතුනේ දේෂු කෑ ගැහුවාමයි.

“මං කිව්වා විරූ ඔයාට කලිනුත්… මට පිං එපා. අනික මට ඔයා පිට කෙනෙක් නෙවෙයි. ඒ නිසා ආයෙම ඔහොම කියන්න එපා.”

කේන්තියෙන් එහෙම කියලා දේෂු කාමරෙන් යන්න නැගිටලා ගියා.

“අයියේ.. ඉන්න..”

“ඇයි”

මං කතා කලාම එහෙමම දොර ළඟ නැවතිලා එයා ඇහුවෙත් කේන්තියෙන්මයි. අඩු ගානේ මගේ පැත්තටවත් හැරුනේ නෑ. ඇත්තටම මං දේෂුගේ කේන්තියට බයයි.

“මේ…මේ ඔයාගේ ලැප් එක…”

මං බයටම ඒ ටික කිව්වේ ගොත ගගහාමයි. දේෂු කේන්තියෙන් ගියේ ලැප් එක මගේ ඇඳ උඩ තියලයි.

“ඕක ගෙනාවේ ඔයාට දැන් ඉගෙනගත්තු ඒවා පුලුවන්ද බලන්න”

හඬේ සැර බාල කරලා මගේ පැත්තට හැරිලා හිනාවෙලා එහෙම කියලා දේෂු යන්න ගියා.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

මුලින්ම කතාව පරක්කු උනාට සමාවෙන්න ළමයි … අද ඉඳලා දිගටම කතාව දානවා….

ඉතිං ඇත්තටම ලැප් එක විරූටද….

Like comment කරන යාලුවෝ හැමෝටම තැන්කුයි ….

ආදරෙයි කස්ටියටම ….😘😘😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *