#මුලා_වූ_පෙම්වතී 15

💕පහළොස්වන දිගහැරුම💕

“ඕක ගෙනාවේ ඔයාට දැන් ඉගෙනගත්තු ඒවා පුලුවන්ද බලන්න”

හඬේ සැර බාල කරලා මගේ පැත්තට හැරිලා හිනාවෙලා එහෙම කියලා දේෂු යන්න ගියා.

මගේ අත පපුවට ගියේ දේෂු ඒ කියපු දේ හිතාගන්න බැරුවයි. දෙවියනේ ….මට මේ තරම් වටින දෙයක්… අනික හොඳම වර්ගයේ ලැප් එකක් ඇපල් බ්‍රෑන්ඩ් එක. මගේ ජීවිතේටම මට මේ තරම් වටින තෑග්ගක් ලැබිලා නැතිව ඇති.

මං තාමත් ඒ හිටපු විදියටම ලැප් එක දිහා බලාගෙන හිටියේ දැනුන පුදුමෙත් සතුටත් නිසයි. ලැප් එක හිමීට අතට අරන් අතගෑවේ දෑසින් හෝ ගාලා කඳුලු කැට වැටෙද්දියි.

ඔව් මට මතක් උනේ මගේ නංගිව. මං ගාමන්ට් එනකොට මගේ ළඟ දැවටි දැවටි මට කිව්ව දේ අද වගේම මතකයි. ඒ මතකෙත් එක්ක මං අතීතෙට ගියේ නොදැනිමයි.

🎆🎆🎆

“චුට්ටියෝ… අම්මව බලාගෙන පරිස්සමින් ඉන්න හරිද..”

“හරි මගෙ අක්කේ… මං ඉතිං ඔයාගේ චණ්ඩි චුට්ටියානේ… ඒත් ඔයා නැතුවනම් පාලුයි..😭😭

“ඔය ඉතිං අඬලා මාවත් අඬවන්න එපා.. හොඳට පාඩම් කරලා කැම්පස් යන්න පාස් වෙන්න මගේ චුට්ටියෝ.. එච්චරයි මේ අක්කට ඕනි..”

“ම්… ඒනම් පොරොන්දුවක් ඕනි…”

“කියන්නකෝ බලන්න “

“මං කැම්පස් යන්න පාස් උනොත් මට ලැප්ටොප් එකක් අරන් ඕනි… දැනට මං ඕනි වැඩ සුරනිලාගේ ගෙදරින් කරගන්නම් අක්කේ.. ඒත් පාස් උනොත් ඒක තමා ඔයාගේ තෑග්ග….”

“අම්මෝ… මේ කපටි ආච්චි … හා හා… අරන් දෙන්නම්… “

🎆🎆🎆🎆

මගේ අතේ එල්ලිලා මගේ හුරතලී කිව්වේ ඒ විදියටයි. ඔව් එදා මං චුට්ටිට ඒ පොරොන්දුව දුන්නා. ඒ කොහොම හරි මං නොවිඳපු සතුට මගේ චුට්ටිට දෙන්න ඕනි නිසා. ඒත් මං හැමදාම හිතින් හීල්ලුවා මට ඒ පොරොන්දුව ඉස්ට කරන්න බැරි වෙයි කියලා. මොකද ගාමන්ට් එකෙන් ලැබුණු පුංචි පඩියෙන් ඒ තරම් දෙයක් කරන්න බෑ.

ඒත් අද… අද මට දැනෙන මේ සතුට කියාගන්නත් බැරි තරම්. ඔව් මට පුලුවන් වෙයි එදා චුට්ටිට දුන්න ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. දේෂු මට දුන්න මේ ජොබ් එක මට මහ මෙරක්. මං මගේ උපරිම කැපවීමෙන් වැඩ කරනවා. ඔව් කොහොම හරි මගේ අම්මා චුට්ටි දෙන්නට ලස්සන ජීවිටයක් හදලා දෙනවා.

දැන් කොහොමත් මගේ ජීවිතේ කාලකණ්ණි වෙලා ඉවරයි. දැන් මගේ අරමුණ අම්මගෙයි චුට්ටිගෙයි සතුට චුට්ටිගේ අනාගතේ විතරමයි.

කඳුලු අතරින් මං මගේ හිතටම පොරොන්දු උනේ මට මේ ජොබ් එක ගැන වගේම දේෂු ගැනත් විශ්වාස නිසයි.

ඊළඟ දවසේ දේෂු මාව ෆුඩ් පැකින් කරන පැකින් අංශයට වගේම අනිත් ප්‍රධාන අංශ වලටත් එක්කන් ගියා. දේෂු කිව්වේ සෙකට්‍රි උනාට මාත් ඒ හැමදේම දැනගෙන ඉන්න එක හොඳයි කියලයි. මොකද හදිස්සියේ දේෂු ඔෆිස් එකේ නැති වෙලාවක ප්‍රශ්නයක් උනොත් ඒ ගැන මං බලන්න ඕනි කිව්වා.

මටනම් දැනුනේ ඒ වගකීම මට බර වැඩී කියලයි. ඒත් මගේ අම්මා චුට්ටි වගේම දේෂු මං ගැන තියපු විශ්වාසය නිසා මං ඒ වගකීම් කැපවෙලා කරන්න හිතාගත්තා.

ගාමන්ට් එකේදි වගේ නෙවෙයි මට මෙතනදි ලොකු වගකීම් ගොඩාක් පැවරුනා. ඒ විතරක් නෙවෙයි ලොකු තනතුරක්. මට මේ දැනෙන හැඟීම් මගේ සතුට කියාගන්න කෙනෙක් නෑ. අම්මා චුට්ටි ඔයාලා හිටියානම් ගොඩාක් සතුටු වෙයි. ඔව් පඩි හම්බුනාම ගෙදර යන්න ඕනි. ඒ ආදරේ ඒ දෙන්නගේ සතුට ඒ තමයි මගේ ජීවිතේ එකම අරමුණ.

❤️❤️❤️❤️❤️❤️❤️

දවස් ගෙවිලා ගියේ කම්පැනි එකේ වැඩ මට හොඳටම හුරු කරමිනුයි. මං වැඩට ගිහින් සතියක්ම ගෙවුනා. මේ වෙනකොට මට කම්පැනි එක ගැන ලොකු දැනුමක් තිබුනා. මට මං ගැනම දැනුනේ ලොකු සතුටක්.

අද සෙනසුරාදා උනත් මං වැඩ තියෙන ෆයිල් ගෙදර ගෙනාවේ තවත් ඒ දේවල් හොඳටම කරන්න ඕනි නිසයි. උදේම නැගිටලා කමලම්මටත් උදවු කරලා මං පුරුදු විදියටම බුදු කුටියේ පහන තිබ්බා.

“විරූ නංගී…”

පහන තියලා හැරෙනකොටම දේෂු උඩ බැල්කනි එකේ ඉඳලා කෑ ගැහුවා.

“කියන්න අයියේ…”

“කමලම්මත් එක්කම ලෑස්ති වෙන්න ගමනක් යන්න තියෙනවා..”

“කොහේද අයියේ ..”

මං එහෙම ඇහුවේ ඇත්තටම කොහේ යන්නද කියලා නොතේරුන නිසයි.

“ගියාම බලන්නකෝ… කෝ යන්න දැන්”

දේෂු ඒම කිව්වාම මං කෙලින්ම ආවේ කුස්සියට.

“කමලම්මේ අන්න කොහේද යන්න ලෑස්ති වෙන්නලු.. කොහේද කිව්වෙ නෑ..”

“ආ.. අද එහෙනම් වලව්වට යනවා ඇති.. මං කෑම මේසෙට ඇරලා සුටුස් ගාලා ඇඳගන්නම් දුව ලෑස්ති වෙන්න”

“වලව්වට කිව්වේ..”

“දේෂු මහත්තයාගේ මහ ගෙදර දරුවෝ.. මීට මාස හයකට කලින් ලොකු නෝනගේ වදේට ගියා තාම නෑ ගියේ. දැන් ඔය දූ නිසා ආපහු අපේ පරණ දේෂු මහත්තයා ඇවිත්. ඒකයි ඔය”

කමලම්මා කිව්වේ ලොකූ සතුටකින්. ඒත් මට දැනුනේ බයක් දේෂුගේ ගෙදර අය මං ගැන මොනවා හිතයිද. ඒ දේවල් හිතමින්ම මං ගියේ ලෑස්ති වෙන්න.

නාගෙන දේෂු එදා අරන් දීපු දිග සායකුයි බ්ලවුස් එකකුයි ඇඳලා කොණ්ඩේ චුට්ටක් අල්ලලා කට්ටක් ගැහුවේ තෙත නිසයි.

මං පහළට එනකොටත් දේෂු කමලම්මා දෙන්නම ලෑස්ති වෙලයි හිටියේ.

“අම්මෝ… අද මෙයාගේ ලස්සන …😍😍

දේෂු විහිලුවෙන් එහෙම කිව්වා උනත් මට දැනුනේ ලැජ්ජාවක්.

“එන්න විරූ ඉක්මනට කමු”

මාත් ඉක්මනට කෑම මේසෙට ගියා අපි ඉක්මනට කෑම කාලා පිටත් උනා. මං ඉතිං ශටර් එකෙන් එළිය බලාගෙන ආවා. මගේ හිතේ බය තිබ්බේ දේෂුගේ ගෙදර අය වැරදියට හිතයි කියලයි.

❤️❤️❤️❤️❤️

“විරූ… නංගි.. නැගිටින්න අපි ආවා..”

දේෂුගේ හඬට ඇස් ඇරියාමයි තේරුනේ කල්පනාව එක්කම මට නින්ද ගිහින් කියලා. මං ඉක්මනට වටපිට බැලුවේ ඉන්නේ කොහේද කියලයි.

“දේ..දේෂු අයියේ … මේ….😱😱😱

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

සුට්ටයි තමයි… බයින්න එපා… ලෙක්චස් ගීන් ඇවිත් මේ දැන් ටයිප් කොරේ….

Like comment කරන හැමෝටම තැන්කුයි ….

ආදරෙයි කස්ටියටම …😘😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *