#මුලා_වූ_පෙම්වතී 16

💕දහසයවන දිගහැරුම💕

“විරූ… නංගි.. නැගිටින්න අපි ආවා..”

දේෂුගේ හඬට ඇස් ඇරියාමයි තේරුනේ කල්පනාව එක්කම මට නින්ද ගිහින් කියලා. මං ඉක්මනට වටපිට බැලුවේ ඉන්නේ කොහේද කියලයි.

“දේ..දේෂු අයියේ … මේ….😱😱😱

“ඔන්න ආවා.. දැන් කියන්න මං ආවා හරිද කියලා”

මං ඔලුව කරකෝලා වටේම බැලුවේ මටවත් හිතාගන්න බැරි නිසයි. ඔව් ඒ ඇවිත් තිබුනේ මගේ ගමට. වාහනේ නවත්තලා තිබුනේ අපේ ගෙදරට යන දෙවට ලඟ. මට හිතුනෙම මේක හීනයක් කියලයි.

“ඒයි පිස්සි කියන්න මේකද ගේ…”

“අ..අයියේ… කොහොමද…”

“ඇයි අමතකද ඔයාගේ ඩීටේල්ස් ෆයිල් මා ළඟ තියෙනවා.. මං ඔයාගේ බොස්..😏😏.”

මං කියන්න ගිය දේත් කියන්න නොදී මගේ හිත කියෙව්වා වගේ දේෂු කියවන් ගියා. එතකොටයි මට මතක් උනේ මං ගැන විස්තර ෆයිල් එකක් හැදුවා කියලා. ඒකේ ගෙදර ඇඩ්‍රස් තිබුනා.

“දැන් වාහනේ ගේ ඇතුලටම ගෙනියන්න ඕනිද…😏😏

දේෂු ඇහුවේ හිනා වෙවීමයි. මට තිබ්බ සතුට කියාගන්න බෑ. දේෂු ගැන තිබුන ගරුත්වය තවත් වැඩි උනා.

දේෂු වාහනෙන් බැහැලා මගේ පැත්තෙන් ඇවිත් දොර ඇරියා. මාත් බැස්සේ ගේ දිහා බලාගෙනමයි. කමලම්මත් බැස්සේ මොනාදෝ මලු ගොඩාක් උස්සන්. තවත් මොනාද ගොඩක් දේෂු ඩිකියෙන් අරන් ආවා. මං පුදුම වෙලා බැලුවේ ඒ දෙන්නා දිහා.

“මොකෝ ඔහොම බලන්නේ… නිදි කුමාරි වගේ නිදාගත්තා අපි ඕනි දේවල් දන්නෙත් නෑ ඉතිං හැමදේම ගෙනාවා.😄😄😄

මටනම් කතා කරගන්නත් බෑ. දේෂු මං වෙනුවෙන් මේ තරම් දේවල් කරන්නේ ඇයි කියලා මට හිතාගන්නත් බෑ. කොහොම උනත් ඒ මනුස්ස කම ඒ ගති ගුන වලට මං ආසයි.

“කල්පනාව තියලා යමුද සෙකට්‍රි නෝනා…”

මාත් හිනා වෙලාම ඉස්සර උනා. දෙවට දිගේ ගිහින් ගෙදර මිදුලට එනකොටම නංගි පහල කොරටුවේ ඉන්නවා මං දැක්කා. දේෂුට බෑග් ටික එළිපත්තෙන් තියන්න කියලා මං කොරටුව දිහාට ඇවිදන් ගියේ මගේ චුට්ටිව බලන්න.

චුට්ටිගේ පිටිපස්සෙන් සද්ද නැතිව ගිහින් මං චුට්ටිගේ ඇස් දෙක වැහුවේ ඉස්සර ඉඳලා පුරුද්දට.

“අක්කා… ඔයාද මේ…”

ඔව් මගේ චුට්ටි හැමදාම වගේ මගේ අත අඳුන ගත්තා. එහෙමම මගේ පැත්තට හැරුන චුට්ටි මාව තද කරලා තුරුල් කරගත්තේ අඬාගෙනමයි. අපි දෙන්නා විනාඩි පහක් විතරම බදාගෙන ඇඬුවා.

“අක්කේ… ඔයා කොහේද හිටියේ.. විරාජ් අයියා ඇවිත් ඔයා ගැන…😭😭😭

ඔව් මං හිතපු දේ වෙලා. ඒ තිරිසනා මං ගැන හොයන්න ඇවිත් අම්මලාටත් බොරු කියලා.

චුට්ටිට අඬන්න එපා කියලා මගේ තුරුලෙන් ඈත් කරනකොටයි මං දැක්කේ දේෂුත් අපිට එහායින් ඉඳන් බලා ඉන්නවා. එයා ඇස් වලින් කිව්වේ වෙච්චි දේවල් කියන්න එපා කියලයි.

ඔව් ඒ දේවල් අම්මට දරාගන්න බැරි වෙයි. මං ඒ නිසා කතාව වෙන පැත්තකට හැරෙව්වා.

“නංගි යමු ගෙට කෝ අම්මා..”

“අම්මා සුමනා නැන්දලාගේ අහ ගියා දැන් ඒවි..”

අපි කොරටුවෙන් එද්දි නංගි දේෂුව දැකලා මං දිහා බැලුවේ ඒ කවුද කියලා අහන්නයි. නංගිගේ අතින් අල්ලන් එහෙමම දේෂු ළඟටම ඇවිදන් ආපු මං නංගිට දේෂුව අඳුන්වලා දුන්නා.

“නංගි මේ ඉන්නේ දේෂු අයියා. අයියා කිව්වට මගේ බොස්. මං දැන් වැඩ කරන්නේ මේ අයියගේ කම්පැනි එකේ.”

නංගි දේෂු එක්ක සුහදව හිනා වෙලා මාව ඇදගෙන එහාට ගිය. මං දන්නවා මේ පණ්ඩිත ආච්චි දැන් ප්‍රශ්න කෝටියක් අහනවා.

“අක්කේ විරාජ් අයියා..”

“විරාජ් ඇවිල්ලා මොනාද කිව්වේ නංගි “

“ඔයා පැනලා ගිහිල්ල කිව්වා. කියලා බැනලා ගියා. මොකද්ද අක්කේ උනේ..”

මං කොහොම කියන්නද දෙයියනේ වෙච්චි දේවල්. ඌ තිරිසනෙක් කියලා කොහොම කියන්නද. මං දැන් අපිරිසිදු ගෑණියෙක් කියලා කොහොම කියන්නද. ඔව් දේෂු කිව්වා වගේ මං ඒ ගැන නොකියන එකයි හොඳ.

“නංගි විරාජ් කියන්නේ හොඳ කෙනෙක් නෙවෙයි. මං සේරම කියන්නම් අම්මත් ඉන්නකොට. මාව බේරගත්තේ දේෂු. ඒ මනුස්ස වෙසින් ආපු දෙවි කෙනෙක් නංගි.”

ඒ ටික කියද්දි මගේ ඇස් වලින් කඳුළු කැට කඩන් වැටුනේ සතුටටද දුකටද කියලා මටවත් තේරුනේ නෑ.

“ඔයා කරදරයක් නැතුව සතුටින් ඉන්නවානම් ඒ ඇති මගේ අක්කේ.. “

චුට්ටි එහෙම කියලා මාව තුරුල් කරගත්තේ හැමදාම පුරුදු හුරතලෙන්මයි.

“ගෙට යමු චුට්ටි අයියයි කමලම්මයි තාම එළියේ ඇත්තේ..”

ඇත්තටම මට දැනුයි මතක් උනේ දේෂුයි කමලම්මයි තාම එළියේ කියලා. මං නංගි එක්කම ආපහු ගේ ඉස්සරහට ඇවිදන් ආවා. මං එද්දී දේෂු අඹ ගහ යට බංකුවේ ඉඳගෙන කෝල් එකක. කමලම්මා ඉස්සරහා තිබුන පුටුවක වාඩිවෙලා හිටියා.

“කමලම්මේ.. මේ ඉන්නේ මගේ චුට්ටි “

“හානේ.. දූ වගේමයි… හරි සීදේවි. කෝ දුවේ අම්මා..”

“අම්මා ළඟ ගෙදරකට ගිහින් කමලම්මේ දැන් එයි.”

අපේ ගෙදර මහා ලොකු නෑ. තාත්තා ඉන්න කාලේ යන්තම් බාගෙට බිත්ති බැඳපු ගේ අදටත් ඒ විදියයි. ගඩොල් බිත්ති බැඳලා හදපු පොඩි සාලෙයි කාමර කෑලි දෙකයි ඇරුනාම කුස්සිය බැඳලා තිබුනෙත් මැටියෙන්. ගේ ඉස්සරහා එළිපත්ත ටිකත් දවසක් අම්මයි මමයි එකතු වෙලා මැටි ගාලා හැදුවේ ගේ යන්තම් හරි පිළිවැළක් වෙන්නයි.

ගඩොල් බිත්ති කොච්චර පරනද කියනවානම් ගඩොල් වල දියසෙවෙල් බැඳිලා දැන් හරියට අත් ඇරලා දාපු ගෙයක් වගේ. ගේ ඇතුලෙත් සාලෙයි කාමර දෙකෙයි යන්තම් කොන්ක්‍රීට් දාගත්තේ ගාමන්ට් ගිය මාස ගානට එකතු කරගත්තු සල්ලි ටිකෙන්.

“අක්කේ පැෂන් කැඩුවා උදේ.. මහත්තයලට ඒවා හදන් එන්නද”

නංගි මගේ කනට කරලා අහද්දි මං හා කියලා එයාව යැව්වා. මොකද තේ දුන්නත් කහට කෝප්පයක් ඇරෙන්න කිරි පිටි දෙන්න අපේ ගෙදර කිරිපිටි නෑ කියලා මං හොඳාකාරවම දන්නවා. අනික මේ වගේ දේවල් කොළඹ නැති නිසා දේෂු උනත් කැමති වෙයි කියලයි මට හිතුනේ.

“විරූ අම්මා නැද්ද..”

කෝල් එක ඉවර කරලා දේෂු ගේ දිහාට ඇවිදන් ආවේ එහෙම අහගෙනමයි. එතකොටමයි අම්මා කඩුල්ල පැනලා හදිස්සියෙන් වගේ ගේ පැත්තට ආවේ.

“මේ එන්නේ අම්මා දේෂු ..”

මං දේෂුට එහෙම කියලා අම්මා එන පෙරමගට ඇවිදන් ගියේ අපි වෙනුවෙන්ම මහන්සී වෙලා මහලු වෙලා ඉන්න මගේ අම්මා දිහාම බලාගෙන. ඔව් මාවයි නංගිවයි ජීවත් කරන්න අම්මා කුලී වැඩ පවා කලා. ඒ අත්වල අදටත් තියන කරගැට ඒවට සාක්ෂි දරයි. මට ඕනි උනේ අම්මව ඒ දුකින් මුදවලා සැපවත් ජීවිතයක් දෙන්න. දැන් මට ඒක කරන්න පුලුවන් කියලා විශ්වාසයි.

“ලොක්කියේ…. අනේ මගෙ රත්තරනේ උඹ ආවද…”

“අම්මේ…”

මං අම්මට තුරුල් උනේ ඒ උනුහුම කවදත් මගේ ජීවිතේ සුවපත් කරන නිසයි. මගේ සතුට දුක කොයි දේදිත් අම්මා තමයි මාව ආරක්ෂා කලේ. ඉතින් අම්මා තරම් වටින කෙනෙක් මට නෑ.

“සුනිල් කොල්ලා කිව්වාම වාහනයකින් කවුද ඇවිත් කියලා මං බයේ දුවගෙන ආවේ චුට්ටි තනියම නිසා”

එහෙම කියලා අම්මා බැලුවේ මිදුලේ හිටපු දේෂුත් කමලම්මත් දිහා.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Like comment කරල යාලුවෝ හැමෝටම තැන්කුයි …. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *