#මුලා_වූ_පෙම්වතී 17
දාහත්වන දිගහැරුම
“සුනිල් කොල්ලා කිව්වාම වාහනයකින් කවුද ඇවිත් කියලා මං බයේ දුවගෙන ආවේ චුට්ටි තනියම නිසා”
එහෙම කියලා අම්මා බැලුවේ මිදුලේ හිටපු දේෂුත් කමලම්මත් දිහා.
“අම්මේ… මේ ඉන්නේ මගේ බොස්”
අම්මා දේෂු ගැන වැරදියට හිතන්න කලින් මං කිව්වා.
“අහ්… ගාමන්ට් එකේ වෙන්ටැ”
අම්මා හිනාවෙලා අහද්දි මං බැලුවේ දේෂු දිහා. ඒ ඇස් වල තිබුනේ හිනාවක්. හැමදේම නැතත් අම්මට ඇත්ත කියන්න ඕනි කියලා මං හිතුවා.
“අනේ මහත්තයා මෙහේ ඉතිං ඉඩකඩනම් නෑ… මෙහෙන් ඇවිත් වාඩිවෙන්නකෝ”
අම්මා සාලෙට දුවලා ඇඳන් උන්නු චීත්තෙන් පුටු දෙකක් පිහදාලා දේෂුටත් කමලම්මටත් පෙන්නුවා.
එතකොටම නංගි ෆැෂන් බීම වීදුරු දෙකත් ට්‍රේ එකක තියාගෙන ආවා.
“චුට්ටියේ පරිස්සමට මහත්තයලට අල්ලපන් ඇඟේ එහෙම හලන්නේ නෑ”
චුට්ටිගේ දාංගලේ දන්න නිසාම අම්ම එහෙම කියන්න ඇති. දේෂු බීම වීදුරුවත් අරන් මං දිහා අම්මා අහක බලපු ගමන් මං දිහා බලලා කිව්වේ අම්මට විස්තර කියන්න කියලයි.
“මේ මහත්තයා එතකොට අර විරාජ් ළමයව දන්නවා ඇති”
“අම්මේ.. දේෂු ගාමන්ට් එකේ කෙනෙක් නෙවෙයි..”
දේෂු අපහසුතාවට පත් වෙන නිසා මං ඉස්සර උනා. ඒත් මං ඒක කිව්වා සැර වැඩී වගේ.. අම්මා මං දිහා බැලුවේ දවා හලු කරන බැල්මක්.
“මං හිතන්නේ විරූට අම්මට කියන්න වෙන්නේ නැතිව ඇති. විරූ දැං වැඩ කරන්නේ මගේ කම්පැනි එකේ.”
අම්මගේ බැල්මෙන් මාව බේරගන්නද කොහේද ඒ පාර දේෂු ඉස්සර උනා.
“ලොක්කියේ… මේ මොනාද මේ මහත්තයා කියන්නේ..”
දැන් හරි ඔන්න දැන් අම්මට විස්තරේ කියන්න ඕනි.
“අම්මේ ගාමන්ට් එකේදි මට පොඩි කරදරයක් උනා. අර විරාජ් කියන්නේ හොඳ මිනිහෙක් නෙවෙයි. මාව බේරගත්තේ මේ මහත්තයා..”
“අනේ දෙයියනේ… මොනාද උනේ මගෙ ලොක්කියේ… උඹ අපිට මේ කිසි දෙයක් කිව්වේ නෑනේ…”
මං විස්තරේ කියන්නත් කලින්ම අම්මා අඬන්න පටන් අරන්. ඔව් ඒ තමයි අම්මා. ඒ අම්මගේ ආදරේ.
“අඬන්න දෙයක් නෑ අම්මේ මං හොඳින්.”
මට එතනින් එහාට වෙච්චි දේවල් අම්මට කියන විදියක් තේරුනේ නෑ. ඒකයි මං දේෂු දිහා බැලුවේ. දේෂු ඇස් වලින් කිව්වේ එයා කියන්නම් කියලයි. දේෂුට තේරෙන්න ඇති මං අසරණ වෙලා කියලා.
“අම්මේ.. නංගිට කරදරයක් උනේ නෑ. මටත් මේ වගේම නංගි කෙනෙක් ඉන්නවා. ඒකයි මං නංගිව බේරගත්තේ. “
“මහත්තයට පිං මගේ කෙල්ලට පිහිට උනාට. කාත් කවුරුත් නැති කොළඹ රටේ මගේ කෙල්ල අසරණයි මහත්තයෝ.”
“දැන් බයවෙන්න දෙයක් නෑ අම්මේ.. නංගිට දැන් හොඳ ජොබ් එකක් තියෙනවා.”
දේෂු එහෙම කිව්වේ මං දිහා බලන ගමන්මයි. මං දේෂුට ස්තූති කියන්න හිනා උනේ වෙන දෙයක් හිතාගන්න බැරි උන නිසයි.
“ඒත් ලොක්කියේ උඹට මොකද්දෑ උනේ… කරදරයක් කිව්වට මොකද්ද කියලා කිව්වනම්”
“මං කියන්නම් අම්මේ..”
මං උත්තර හොයන්න කල්පනා කරද්දී දේෂු ඉස්සර උනා.
“අර විරාජ් කියන මනුස්සයා නංගිව ගනිකා මඩමකට විකුණන්න හැදුවේ. නංගි බේරිලා පැනලා දුවද්දියි මට හම්බුනේ.”
“අනේ මගෙ ලොක්කියේ… දෙයියනේ මං ඉඳලා මොකටද… උඹලගේ තාත්තා මට සාප කරයි ඉන්න තැනක ඉඳලා… “
අම්මා මාව බදාගෙන අඬන්න ගත්තා. ඔව් කොයි අම්මටද මෙහෙම දෙයක් දරාගන්න පුලුවන් … මට අම්මව සනසන්නවත් කතා කරගන්න බෑ. මට වෙච්චි දේවල් දන්නවනම් අම්මා පපුව පැලිලා මැරෙයි.
“අම්මේ.. බය වෙන්න එපා.. නංගි හොඳින්. එයාගෙ ඇඟට කවුරුත් අතක් තියලා නෑ. අම්මා ඔහොම ඇඬුවොත් නංගිටත් එයා ගැනම කල කිරෙයි. “
දේෂු එහෙම කියද්දි මට දේෂු දිහා බැලුනේ අම්මට මෙහෙම බොරු කියන්නේ ඇයි කියලයි. දේෂු මට ඇස් වලින් කිව්වෙ කට වහන් ඉන්න කියලයි.
ඔව් එක අතකට දේෂු හරි. මේ ටිකට මෙහෙම අඬන අම්මා ඒ ඇත්ත දන්නවානම් මොනවා කරයිද කියලා හිතන්නත් බෑ.
“අනේ මහත්තයෝ දෙවි කෙනෙක් වගේ මගේ කෙල්ලට පිහිට උනාට මහත්තයාට බුදු බව ලැබෙනවා. “
අම්මා දේෂුට අත් දෙක එකතු කරලා වැඳගෙන කියද්දි දේෂු අම්මව අල්ලලා පපුවට හේත්තු කර ගත්තේ කිසිම අහිතක් නැතිව. මේ මොන විදියේ මනුස්සයෙක්ද දෙයියනේ…
“අක්කේ බයවෙන්න එපා අපේ මහත්තයා දූව හොඳින් බලාගනි..”
කමලම්මා ඇවිත් අම්මව අල්ලගෙන කිව්වේ ඒ ඇස් වලත් කඳුළු පුරවන්.
“දුව හරිම හොඳයි.. මේ දූ ආවාම මහත්තයාගේ ගේම එළිය උනා. එහෙම වාසනාවන්ත දරුවෙක්ට ජීවිතේ වරදින්නේ නෑ.. අක්කා බය නොවී ඉන්න. “
“අම්මේ කමලම්මා තමයි මට එහෙදි අම්මා කෙනෙක් වගේ සැලකුවේ. කමලම්මා නිසා මට හැම වෙලේම අම්මා ළඟ ඉන්නවා කියලා දැනුනා..”
මං එහෙම කියාගෙනම අම්මයි කමලම්මායි ළඟට ගියේ ප්‍රශ්න මෙහෙම විසඳුන එක හැන හිතට ඇති උන සතුට නිසයි.
“විරූ.. ආ.. මේ ෆෝන් එක අම්මටයි නංගිටයි දීලා යන්න. එතකොට කතා කරන්න පුලුවන්නේ.”
දේෂු එහෙම කියලා මට දුන්නේ අලුත්ම ෆෝන් එකක්. මං ආපහු දේෂු දිහා බැලුවේ ඇත්තටම මෙහෙම දෙයක් මට හිතුනෙවත් නැති නිසයි.
“පිං නං එපා මැඩම් හොඳේ..”
මං කියන්න හදනකොටම දේෂු ඉස්සර උනා. දේෂු ඒක කිව්ව විදියට අපි දෙන්නටම හිනා ගියා.
මං වැඩට යන්න ගත්තාම ගෙදරට කරන්ට් එක ගත්තේ චුට්ටිට පාඩම් වැඩ වලට ලේසි වෙන්න. කරන්ට් එක තිබුන නිසා අම්මලාට ෆෝන් එකක් පාවිච්චි කරන්න පුලුවන් කියලා ඇත්තටම මට අමතක වෙලයි තිබුනේ.. මං නොහිතපු හැමදේම දේෂු හිතලා තිබුනා. මට තේරුනේ නෑ මේ ණය මං කොහොම ගෙවන්නද කියලා.
දවල්ට අම්මගේ අතින් උයපු බත් කාලාම අපි ආපහු කොළඹ එන්න පිටත් උනා.
එන්න එද්දි අම්මා දේෂුට පිං දුන්න තරම්.මාව තුරුල් කරන් අඬපු තරම්. ඔව් ඒ තමයි මගේ අම්මා. තාත්තා නැතුව අපි වෙනුවෙන් දුක් විඳපු මගේ අම්මගේ ආදරේ.
දේෂු කිව්වත් ඕනෙනම් දවසක් දෙකක් ගෙදර නවතින්න කියලා මං බෑ කියලා ආපහු ආවා. මොකද මං මුලින් මගේ ජොබ් එක හරියට කරන්න ඕනි. ඒ දේෂුගේ කම්පැනි එක නිසා එයා මට නිවාඩු දුන්නත් මං අනවශ්‍ය විදියට ඒ උදව් පාවිච්චි කරන එක හොඳ නෑ කියලයි මට හිතුනේ.
අපි දේෂුගේ ගෙදරට එනකොට රෑ උනා. එන ගමන් පාන් අරන් ආව නිසා මං කමලම්මා එක්ක එකතු වෙලා පරිප්පු තෙල් දාලා සම්බෝලයක් හැදුවා.
“නංගි හෙට පොඩි ගමනක් යන්න තියෙනවා. දහයට විතර ලෑස්ති වෙලා ඉන්න. “
දේෂු කෑම මේසෙදී කිව්වාම මං කල්පනා කලේ කොහේද කියලයි.
“කල්පනා නොකර ප්‍රශ්නේ ඇහුවනම් මට උත්තර දෙන්න පුලුවන් “
මගේ කල්පනාව බිඳලා දේෂු කිව්වේ හිනා වෙවීමයි. මාත් හිනා වෙලාම ඉතිං දේෂුගෙන් ඇහුවා යන්නේ කොහේද කියලා.
කොහේද යන්න හදනවා ඇත්තේ….
දුකයි යාලුවනේ ගොඩාක්… කියෝන පිරිස අඩු වෙලා… ඔයාලට කතාව පෙන්නන්නේ නැද්ද….
අදත් අලුත් කවර් එක Chanu Perera ගෙන්…. තැන්කුයි චනූ….
Like comment කරන යාලුවෝ හැමෝටම තැන්කුයි …..
You have observed very interesting details! ps decent website.Raise your business