#මුලා_වූ_පෙම්වතී 20

💕විසිවන දිගහැරුම💕

“නංගියො මූණ සෝදන් එන්න ටිකක්. ඕවා සාමාන්‍ය දේවල් … අඬලා දොඩලා වැඩක් නෑ. ජීවිතේට මූණ දෙන්න. දේෂු ඔයා ගැන ගොඩාක් හිතනවා.”

දිල්මි කිව්වේ මගේ ඔලුවත් අතගාලමයි. මට එයා අන්තිමට කියපු වචන ටිකනම් හිතට බරක් එකතු කලා.

දේෂු මං ගැන හිතනවා වෙන්න පුලුවන් එත් එයා මට අනුකම්පා කරන නිසයි මගේ අසරණකමට පිහිටක් වෙන්නයි ඒ.

මං එහෙම හිතලා මගේ හිත සනස ගත්තා. බාත් රැම් එකට ගිහිල්ලා මුන සෝදන් එද්දී දීල්මි අක්කා මට බීම එකක් ගෙනැල්ලා.

“මේක බොන්න නංගී”

මං මොනවත් නොකිය බීම එක අරන් තොල ගෑවා.

“නංගී ඔයා ගොඩාක් ශක්තිමත් කෙනෙක්. එකයි එතනින් පැනලා එන්න තරම් හයියක් තිබුනේ. මං උනානම් එහෙම වහ ටිකක් කනවා පැනලා එන්න හිතන්නේවත් නැති වෙයි. බයටම මැරෙයි “

දිල්මි අක්කා කියවන් ගියේ මං ළඟින් වඩිවෙන ගමන්මයි .

දේෂු විස්තරේ කියලා ඇති දිල්මි අක්කා කතා කරන විදියෙන් මට එක තේරුනා.

“දේෂු එයාගේ පණ දීලා හරි ඔයාව අරක්ෂා කරයි. ඒක මට විශ්වාසයි.”

දිල්මි අක්කා එහෙම කිව්වාම මං එකපාරට එයා දිහා බැලුවේ ඒ කිව්ව කතාවටයි.😨😨

“එයාට විරැනි නංගීව බේරගන්න බැරි උනා. එදා ඉඳලා දේෂු ගොඩාක් වෙනස් උනා නංගී. හරියට හැමදේම නැතිවෙච්ච කෙනෙක් වගේ ජිවිත් උනේ. ඒත් මන් වගේම චලිතුත් දැන් දේෂුගේ ලොකු වෙනසක් දකිනවා. ඒ කලින් හිටපු දේෂු ආපහු ඇවිල්ලා .මං හිතන්නේ ඒ ඔයා නිසා. එයා ඔයාව නැති කරගන්නේ නෑ.”

දෙයියනේ මේ මොනාද දිල්මි අක්කා කියන්න.ඒ කියන්නේ දේෂු මට ආදරේ කරනවා. නෑ … නෑ… නෑ.. එහෙම වෙන්න බෑ මං ඒකට සුදුසු නෑ.😨😨

මගේ ඇස් වල කඳුළු ආයෙමත් අලුත් වෙන්න ඇති. මට මං ගැනම දැනුනේ අසරණ බවක් . ඔව් මගේ හිතේ දේෂු ගැන වෙනස් හැඟීමක් තියෙනවා. ඒත් මට බෑ දේෂුට ලං වෙන්න. ඒක ලොකු වරදක්.

“විරූ…. යමු නේද “

එකපාරට කාමරේට ආපු දේෂු කතා කලාමයි මං කල්පනාවෙන් මිදුනේ. මං වටපිට බැලුවත් දිල්මි අක්කා කාමරේ හිටියේ නෑ. එයා යන්න ඇති.

“අයියෝ තාම අඬනවද… කෝ ඔය බීම එක බීලත් නෑ. ම්.. බොන්න ඉතිං” .

දේෂු මං ළඟටම ඇවිත් ඔලුව අතගාලා කිව්වා එයා හිතනවා ඇත්තේ මං තාම අර දේවල් ගැන මතක් කරපු එකට අඬනවා කියලයි.

“අපි යමු අයියේ …”

“යමු කියන්න නේන්නම් මං ආවේ කෝ මෙයා තාම අඬනවනේ…😄

දේෂු කිව්වේ හිනාවෙලාමයි. මාත් යන්‍තමට හිනාවෙලා බීම එකත් බීලා ඇඳෙන් නැගිට්ටා දේෂු මට ඉස්සර වෙලා කාමරෙන් එළියට ආවා.

“මචං එහෙනම් අපි ගිහින් එන්නම්.”

“හරි දේෂුවා…නංගීව බලාගනින් එයාට වෙච්චි දෙවල් ගැන ඕනවට වඩා හිතන්න දෙන්න එපා බං. ඒවා අමතක කරවපන්”

“හරි බං … ආයේ උදව් ඔනි උනොත් කියපන්. කොහොම හරි ඔතන වටලන්න ඔනි බං. අහිංසක ජීවත කියක් විනාශ වෙයිද නැත්නම් “.

“ඒ ගැන බය වෙන්න එපා බං මං දැනටමත් විරූ ගියපු ගාමන්ට් එකට කොල්ලෙක් දාලා තියෙන්නේ” .

“එහෙනම් අපි ගියා. දිලු අපි යනෝ.”

“හරි මචං “

❤️❤️❤️❤️

“නංගි බහින්න”

දේෂු කිව්වේ වාහනේ ටවුන් එකේ තියෙන ලොකු ශොප් එකක් ඉස්සරහා නවත්තලා. මං දේෂු දිහා බැලුවේ ගෙදර නොයා මෙතන නැවැත්තුවේ ඇයි අහන්නයි.

“බැහැලා යමුකෝ..”

එහෙම කියලා දේෂු කාර් එකෙන් බැස්සා. මං ඉතිං දේෂුට අවනත වෙලා කාර් එකෙන් බැහැලා එයා පස්සෙන්ම ගියා. ඒක ලොකු ශොපින් හෝල් එකක්. නැති දෙයක් නෑ. දේෂු මාවත් එක්කන් ආවේ රෙදි කඩේකට.

“නංගි ඇඳුම් ටිකක් ගන්න. එදා ගත්තු ඇඳුම් දෙක තුන විතරනේ තියෙන්නේ. මං ඇවිල්ලා එදා වගේ අරන් දෙනකල් ඉන්නේ නැතුව කැමති ඒවා තෝරගන්න හොඳේ”

හිනාවෙලා මට එහෙම කියපු දේෂු එහා පැත්තට ගියා. මං හිතන්නේ එයත් ඇඳුම් ගන්න යන්න ඇති.

මං ඉතිං හොඳයි කියලා හිතෙන ඇඳුම් ටිකක් තෝරගත්තා. ඒදා දේෂු අරන් දුන්නා වගේ ඔෆිස් කිට් අරගත්තේ ඔෆිස් එකට අඳින්න වෙන ඒවා හරියන්නේ නෑ කියලා හිතුන නිසයි. මොකද අනිත් කෙල්ලොත් ඇඳන් එන්නේ ඒ වගේ ඔෆිස් කිට් නිසා.

ඇඳුම් ටික තෝරගෙන ෆිටෝන් කරලත් බලලා දේෂුව හොයද්දි දේෂු පේන්න හිටියේ නෑ. කෝකටත් කියලා කැෂියර් එක පැත්තට ඇවිදන් ආවේ ඒ හරියේ ඇති කියලා හිතුන නිසයි.

එතකොටම වගේ එළියේ ඉඳලා දේෂු ශොප් එක ඇතුලට ආවා.

“අම්මෝ මං බය උන තරම්. කොයි වෙලේද දන්නෑ එළියට ගියේ”

පපුවටත් අතක් තියන් එහෙම හිත හිතම මං කැෂියර් එක ළඟට ගියා.

“හරිද නංගි.. මේ ටික ඇතිද ඉතිං ..”

මං අරන් තිබ්බ අඳුම් ටික පෙන්නලා එයා ඇහුවා.

“දැනට ඇති අයියේ .. එදත් ගත්තනේ”

මං එහෙම කිව්වාම හිනා වෙලාම දේෂු ඇඳුම් ටික අරන් බිල් දාන්න දුන්නා.

❤️❤️❤️❤️

අපි ගෙදර එනකොට හවස හතරට විතර ඇති. දවල්ට එළියෙන් කෑමත් කාලමයි අපි ගෙදර ආවේ.

මං ඇඳුම් බෑග් දෙකත් උස්සගෙන කාමරේට ආවේ ඉක්මනට නාගෙන තේ හදන්න හිතාගෙන.

හිතේ හැටියට නා ගත්තේ ඇඟට තිබ්බ තෙහෙට්ටුව නිසාමයි. ඒත් ඉතිං ගෙදර ළිඳෙන් නෑවා වගේ සනීපයක්නම් නෑ. මට නාන අතරෙත් මතක් උනේ ගෙදර.

නාගෙන සාලුවත් ගත දවටගෙන තෙත කොණ්ඩේ එක පැත්තකින් ඉස්සරහට දාගෙන කාමරේට ආවේ ඇඳුමක් ගන්නයි. ඒත් එතකොටම.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

එතකොටම මොකද උනේ…😁😁😁😁

සුට්ටයි කියන්න එපා… මේ ටික ටයිප් කලෙත් මං නෙවෙයී….

Like comment කරන යාලුවෝ හැමෝටම තැන්කුයි ….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *