#මුලා_වූ_පෙම්වතී 21

💕විසි එක්වන දිගහැරුම💕

හිතේ හැටියට නා ගත්තේ ඇඟට තිබ්බ තෙහෙට්ටුව නිසාමයි. ඒත් ඉතිං ගෙදර ළිඳෙන් නෑවා වගේ සනීපයක්නම් නෑ. මට නාන අතරෙත් මතක් උනේ ගෙදර.

නාගෙන සාලුවත් ගත දවටගෙන තෙත කොණ්ඩේ එක පැත්තකින් ඉස්සරහට දාගෙන කාමරේට ආවේ ඇඳුමක් ගන්නයි. ඒත් එතකොටම දේෂු කාමරේට ආවා.

කරගන්න දෙයක් හිතාගන්න බැරුව මං එහෙමම දෑතම පපුවට තියාගත්තේ මං ඇඳන් ඉන්නේ සාලුව විතරක් නිසයි. මාව දැකලා දේෂු ඉක්මනට අනිත් පැත්තට හැරුනා.

“අනේ.. සොරි නංගි.. රූම් එකේ දොර ඇරලා තිබුන නිසා මං ඉතිං ආවා.”

“විනාඩියක් ඉන්න අයියේ මං ඉක්මනට එන්නම්.”

කතාකරගන්න පුලුවන් වුන පළවෙනි තප්පරේම එහෙම කියලා තව මොහොතක්වත් ප්‍රමාද නොවී අතට අහුවුන ඇඳුමකුත් අරන් මං ආයෙම බාත්රූම් එකට දිව්වා.

ඇඳුමත් ඇඳගෙන සාලුව කොණ්ඩෙ ඔතන ගමන් මං කාමරේට ආවා. මං එනකොට දේෂු කාමරේ තිබුන සෝෆා එකේ වාඩි වෙලා මං කම්ප්ලීට් කරන්න හිතාගෙන ගෙනාපු ෆයිල් ටික බලනවා.

“අයියේ..”

“ආ.. විරූ මේ මොකෝ ළමයෝ ඔෆිස් එකේ වැඩ ගෙදරත් උස්සන් ඇවිත්. මේ තරම් මහන්සි වෙන්න එපා නංගි. මේවා හදිස්සි ෆයිල් නෙවෙයිනේ..”

“අනේ මහන්සි නෑ අයියේ … මං ආසාවෙන් කරන්නේ..”

“ම්.. එහෙමනම් ඉතිං කමක් නෑ. ඒත් ඕනවට වඩා මහන්සි වෙන්න එපා.”

“අයියා ආවේ….”

මං එහෙම ඇහුවේ දේෂු වෙනදා මෙහෙම එකපාරටම කාමරේට එන්නේ නැති නිසයි.

“අහ් ඒකත් අමතක උනා. ආ… මේක ගන්න”

එහෙම කියලා දේෂු මගේ පැත්තට දික් කරේ බෑග් එකක්.

“මොකද්ද අයියේ මේ…”

“අරන් බලන්නකෝ..”

මං ඉතිං දේෂු අතේ තිබුන බෑග් එක අතට අරන් බැලුවා. ඒකේ තිබුනේ මෙරූන් පාටයි ගෝල්ඩ් පාටයි මික්ස් වෙච්චි ලස්සන දිග ගවුමක්. ඒක පාටි වලට අඳින ගවුමක්.

මං ආපහු දේෂු දිහා බැලුවේ මට ඒ ගවුම මොකටද කියලයි.

“අද රෑ හත වෙද්දි ලෑස්ති වෙන්න. බිස්නස් පාටි එකකට යන්න තියෙනවා.”

“අයියේ.. ඒත් මේ…”

“මං හිතන්නේ ඕක ඔයාට ගානට ඇති. ඔයා හවස ඇඳුම් තෝරන අතරේ මං ඕක ගත්තේ.. මේ බොක්ස් එකේ ජුවලරි ටිකත් ඇති.”

මට වචනයක්වත් කියන්න ඉඩ නොදී දේෂු කියාගෙන ගියා. ඒ ටික කියලා මගේ ඔලුවත් අතගාගෙනම දේෂු කාමරෙන් යන්න ගියා.

එහෙනම් ශොප් එකේදි දේෂු අතුරුදන් උනේ මේක ගන්න ගිහිල්ලද. මේ ඇඳුම් පෙනුමෙන් නම් ගොඩක් ගනන් වගේ. දෙයියනේ මේ තරම් මාවවත් වටින්නේ නැතිව ඇති. කොහොම උනත් ගවුම ගොඩාක් ලස්සනයි ගොඩාක් චාම්.

මං ජුවලරි බොක්ස් එකත් ඇරලා බැලුවා. ඒකේ තිබුනේ මෙරූන් ඇන්ඩ් ගෝල්ඩ් මික්ස් ටිකක් ලොකු ඉයරින් ජෝඩුවකුයි ලස්සන බැන්ගල්ස් දෙකකුයි. ඒවත් ගොඩාක් ලස්සනයි. ඇඳුමටම ගැලපෙනවා.

මං ඉතිං ගවුම ඇඟට තියලා කණ්නාඩිය ඉස්සරහට වෙලා හැඩ බැලුවා. ජීවිතේ පළවෙනි වතාවටයි මේ තරම් වටින ඇඳුමක් මං ඇඳින්නේ..

මේ දේවල් මගේ හීන වල විතරයි මෙච්චර කල් තිබුනේ. මට මතක් උනේ මගේ චුට්ටිව. චුට්ටි වැඩිවිය ආ දවසේ මටයි අම්මටයි චුට්ටිට ලස්සන ඇඳුමක් අරන් දෙන්නවත් වත්කමක් තිබුනේ නෑ. චුට්ටි ඒ දවසෙත් ඇන්ඳේ චීත්ත ගවුමක්. ඒත් අපේ අනාගතේ හොඳ වෙයි කියලා මට හිතෙනවා. මං මගේ චුට්ටිව කවදාහරි ලස්සන මනමාලියක් කරලා තමයි පිටත් කරන්නේ.

දැන් මගේ ජොබ් එකෙන් ලැබෙන පඩියෙන් ගෙදරටයි චුට්ටිගෙ ඉගනීමටයිත් වියදම් කරලා කීයක් හරි ඉතිරි කරන්නත් පුලුවන්. ඒ නිසා මට අනාගතේ ගැන විශ්වාසයි.

ඇඳුමත් පරිස්සමට නවලා තියලා මං ඉක්මනට පහළට ගියා. කමලම්මා වැලිතලප හදලා තිබුන නිසා මං ඉක්මනට කහට හැදුවා. දේෂුත් වැලිතලප එක්ක කහට බොන්න ආසයි කියලා කමලම්මා කිව්ව නිසා ඉතිං මං බය නැතුව දේෂුටත් කහට කෝප්පයක්ම හැදුවා..😁

ටිකකින් දේෂුත් පහළට ආවේ කමලම්මගේ වැලිතලප සුවඳ දැනිලමද කොහෙද.

“විරූ ඔයා හය වෙද්දි අඳින්න පටන් ගන්න. ඔයාගේ කොණ්ඩෙ හදලා චුට්ටක් ලෑස්ති කරන්න මං අඳුරන සැලෝන් එකක අක්කා කෙනෙක්ට එන්න කිව්වා.”

“අනේ අයියේ එහෙම ඕනි නෑ…”

“බයවෙන්න එපා.. මේකප් නාවන්න එපා කියලා මං කිව්වා එයාට. එයා චාම් විදියට ලෑස්ති කරයි ඔයාව”

දේෂු එහෙම කිව්වේ හිනා වෙවීමයි.

දේෂු කොහොමද දන්නේ මං මේකප් දාන්න අකමැති කියලා. ඒ හදිස්සියේ මගේ හිතට ආපු ලොකුම ප්‍රශ්නේ ඒකයි.

සමහරවිට මං වැඩට යද්දිවත් මේකප් නොදාන නිසා එයාට හිතෙන්න ඇති. එහෙම හිතලා තේ එකත් බීලා බුදු පහනත් තියලම මං උඩට ආවේ ලෑස්ති වෙන්න හිතාගෙන.

ගවුම අරන් හැඩ බල බල ඉඳලා හිමීට ගවුම ඇඳගත්තා. ගවුමත් ඇඳගෙන මුලින්ම දේෂු ගෙනත් තිබුන මෙරූන් පාට හීල්ස් දෙක දාගත්තා. මට දැනුනේ පුදුම සතුටක්. දෙපතුල ළඟටම දිග ගවුමත් ඇඳගෙන මං කණ්නාඩිය ඉස්සරහට වෙලා වටයක් කැරකුනේ මාව මේ විදියට අඩුගානේ මංවත් මීට කලින් දැකලා නැති නිසයි.

“විරූ… මං ඇතුලට එන්නද..”

දේෂු කාමරේ දොරට තට්ටු කරලා කතා කරද්දි මං දුවලා ගිහින් දොර ඇරියා. දොර ඇරියාම දේෂු මං දිහා බලා හිටියේ ඇස් දෙකත් ජිල් බෝල තරම් ලොකු කරගෙන. ඒ බලා හිටපු විදියටනම් මට ලැජ්ජා හිතුනා. ඒ නිසයි මං බිම බලාගත්තේ.

“අම්මෝ… ලස්සන…😍😍 දැක්කනේ… මගේ තේරීම… ඒක ඔයාට නියමෙට මැච් වෙනවා..”

දේෂු එහෙම කියලා හිනාවෙද්දි මට තවත් ලැජ්ජයි.

“ආ.. සුබා ඔන්න මෙයාව තව ලස්සන කරලා ගන්න. ඔන්න හැබැයි මේකප් නාවන්න එපා මගේ කෙල්ලට😄

දේෂුගේ පිටිපස්සෙන් හිටපු කෙනාට එහෙම කියලා මං දිහාත් ආයෙම බලලා එයා යන්න ගියා. සුබා කියන අක්කත් හිනාවෙවීම රූම් එක ඇතුලට ආවා.

ඒත් මගේ හිතට හරි නෑ. දේෂු ඒ අන්තිමට කියපු වචනේ නිසා මගේ හිතට එකතු උනේ බරක්.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Like comment කරන හැමෝටම තැන්කුයි ….

ආදරෙයි කස්ටියටම …😘😘😘

2 Comments

  1. Hi there, just became aware of your blog through Google, and found that it is really informative.
    I’m going to watch out for brussels. I’ll
    appreciate if you continue this in future. A lot of people will be benefited from your writing.
    Cheers! Escape room

Leave a Reply

Your email address will not be published. Required fields are marked *