#මුලා_වූ_පෙම්වතී 22

💕විසි දෙවන දිගහැරුම💕

දේෂුගේ පිටිපස්සෙන් හිටපු කෙනාට එහෙම කියලා මං දිහාත් ආයෙම බලලා එයා යන්න ගියා. සුබා කියන අක්කත් හිනාවෙවීම රූම් එක ඇතුලට ආවා.

ඒත් මගේ හිතට හරි නෑ. දේෂු ඒ අන්තිමට කියපු වචනේ නිසා මගේ හිතට එකතු උනේ බරක්.

“මගේ කෙල්ල” ඔව් එයා කිව්වේ එහෙම. ඒ වචන ටික මගේ හිතේ දෝංකාර දුන්නා. දේෂු ඇයි එහෙම කිව්වේ. දෙයියනේ දේෂු… නෑ නෑ ඒක වෙන්න බෑ. එයා මට අනුකම්පා කරනවා විතරයී.

“ම්.. දැන්නම් හරිම ලස්සනයි. ප්‍රින්සස් කෙනෙක් වගේ”

මං කල්පනාවෙන් මිදුනේ සුබා අක්කගේ හඬිනුයි .

එතකොටයි කැඩපතින් පේන මගේ රූපේ දිහා මං බැලුවේ. දෙයියනේ .. මටම අදහගන්න බෑ මේ ඉන්නේ මමද කියලා. මං මේ තරම් ලස්සනයි කියලා මං වත් දැනන් හිටියේ නෑ.

මං මගේම රූපේ දිහා බලාගෙන හිතින් ගොඩාක් දුර ගියා.

කොණ්ඩෙ බැක්හෝම් කරලා උඩින් බම්ප් එකක් තියලා මූණට දෙපැත්තෙන් චූටි කෙහෙරැලි දෙකක් වැටෙන්න දාලා කඩා දාලා තිබුන කොණ්ඩේ ඇත්තටම ලස්සනයි. වැඩි විච්චූරන නැතිව චාම්ව කරලා තිබුන ඒ කොණ්ඩ සැරසිල්ල ඇත්තටම ගොඩාක් ලස්සනයි.

මේකප් උනත් ගොඩාක්ම ලාවට දාලා තිබුන නිසා මට එච්චර ගානක් උනේ නෑ. දේෂු ගෙනත් තිබුන ජුවලරි ටිකත් දැම්මාම ඇත්තටම ගොඩාක් ලස්සනට හිටියා මං.

අම්මා මේ විදියට මාව දැක්කනම් කොච්චර සතුටු වෙයිද. එහෙම හිත හිතම සුබා අක්ක පස්සෙන් මං පහළට ආවා.

බිම බලාගෙන අත් දෙකෙන්ම ගවුමත් අල්ලගෙන පඩිපෙල බැහැගෙන ආවේ ගවුම පෑගෙයි කියලා බයටමයි. ඇවිත් අන්තිම පඩිය බැහැලා ගවුම අත ඇරලා ඉස්සරහා බලද්දි දේෂු කටත් ඇරගෙන මා දිහා බලන් ඉන්නවා.

“වාව්… ලස්සනයි විරූ.. අදනම් මාරම ලස්සනයි …”

දේෂු මං ළඟට ඇවිත් මගේ කම්මුලක් අල්ලලා එහෙම කියද්දි මං නම් ලැජ්ජාවටම රතු වෙන්න ඇති.

“අම්මෝ… මේකිගේ ලැජ්ජාව.. සුබා අක්කේ තෑන්ක්ස් බං “

“අයියෝ ඕක මොකද්ද දේෂු.. මං ගිහින් එන්නම් එහෙනම්. “

සුබා අක්කා එහෙම කියලා යන්න ගියා.

“ආ.. නංගි මේ පර්ස් එකත් ගන්න අතට. එවලේ ගේන්න අමතක උනා.”

එහෙම කියලා දේෂු මට දුන්නේ ඇඳුමටම මැච් වෙන ලස්සන පර්ස් එකක්. මං ඒකත් අතට අරන් ආයෙම බිම බලාගත්තේ ලැජ්ජාවටමයි.

“විරූ.. චුට්ටක් මෙහේ බලලා හිනාවෙන්න”

දේෂු එම කිව්වාම බිම බලා හිටපු මං ලැජ්ජාවෙන් දේෂු දිහා බැලුවා. එතකොටම මට හිතන්නත් වෙලවක් නොතියා දේෂු ෆෝන් එකෙන් මගේ ෆොටෝ එකක් ගැහුවා.

“වාව්.. ඒක නියමෙට ආවා. ඇත්තටම ලස්සනයි නංගි අද”

මං ඉතිං මොනවා කියන්නද දෙයියනේ. ඒ අස්සේ ඇස්වහ වදී කියලා කමලම්මා අබ මිටක් ගෙනත් මගේ වටේ කරකෝලා අරන් ගියා. දේෂු හෝ ගාලා හිනා වෙනවා.

“අම්මෝ.. පරක්කු වෙනවා. යමු නේද මිසිස් සේනාරත්න “

දේෂු එහෙම කිව්වාම මං දේෂු දිහා බැලුවේ ඇස් දෙකත් පත සයිස් කරගෙන. මොකද්ද ඒ කිව්වේ මිසිස් සේනාරත්න

“අම්මෝ.. මූනෙ හැටි. බයවෙන්න එපා විහිලුවක් කලේ. ආ.. මේ මං ඉන්න කිට්ටුවෙන්ම ඉන්න හොඳේ පාටි එකේදි.”

දේෂු එහෙම කිව්වම ඒකටත් ඔලුව වනලා මං කාර් එකට නැග්ගා.

කාර් එක ඇවිත් නැවැත්තුවේ විශාල හොටෙල් එකක් ළඟ. දේෂු බැහැල ඇවිත් මං හිටපු පැත්තෙන් දොර ඇරලා මට බහින්න අත දුන්නා. මං කොච්චර බය වෙලාද කිව්වොත් කකුල් දෙකත් ගැහෙනවා. දේෂුගේ අත අල්ලන් කාර් එකෙන් බැස්සා.

හොටෙල් එක පුරාම හිටියේ එකේක කෝලම් ඇඳපු ගෑනු මිනිස්සු. මං හිතන්නේ හැමෝම බිස්නස් කරන අය. මට තවත් බය හිතුනා. දෙයියනේ මං මෙතනට ගැලපෙයිද. මං නිසා දේෂු අයියට ලැජ්ජාවක් උනොත් එහෙම.

“නංගී.. මං ළඟින්ම ඉන්න හරිද. පිරිමි එක්ක වැඩි කතාවට යන්න එපා. “

එහෙම කියලා දේෂු අයියා මගේ අත අරන් එයාගේ අතේ වැලමිට හරියට තියලා කිව්වා අල්ලගන්න කියලා. මං ඉතිං බයටත් එක්කම දේෂුගේ අත තවත් තද කරලා අල්ලගත්තා.

දේෂු බිස්නස්මන්ලා එක්ක කතා කර කරම මාවත් එක්කන් ටේබල් එකක් ළඟටම ආවා.

“ඇයි මේ බයවෙලා.. බයවෙන්න එපා දරුවෝ.. මං ඉන්නවා ඔයා ළඟින්ම.”

මං ඉන්නේ බයෙන් කියලා තේරිලාමද කොහේද දේෂු එහෙම කිව්වා.

“අහ් මචං දේෂු “

“අහ් ජනුවා..”

“ඉතිං ඉතිං .. දැක්ක කල් බං … මේ වයිෆ්ද”

දේෂුගේ යාලුවා එහෙම ඇහුවාම මං බය වෙලා වගේ බැලුවේ දේෂු දිහා. එයා මොනාත්ම නොකියා හිනා උනා.

“වරෙන් යන්න පොඩ්ඩක්. අඳුන්වලා දෙන්න කෙනෙක් ඉන්නවා.”

“නංගි මෙතනම ඉන්න මං විනාඩියෙන් එනවා හරිද. “

“අයියෝ.. එයාව තනියම තියන්න ඕනි නෑ බං අපේ ශෙහා එක්ක ඉන්න කියපන්. අර ඉන්නෙ අතන.”

දේෂුගේ යාලුවා එහෙම කිව්වාම දේෂු මගේ අතින් අල්ලන් ඒ ටේබල් එක ළඟට එක්කන් ගියා.

“ශෙහා.. මතකනේ දේෂු “

“ඔහ් ගෝඩ්.. දේෂු ඔයාව දැක්ක කල්”

දේෂුගේ යාලුවා දේෂුව පෙන්නලා එහෙම කිව්වාම ශෙහා එහෙම කියලා පුටුවෙන් නැගිට්ටා.

“ශෙහා මෙයාවත් ළඟින් තියාගනින්කෝ කෙල්ලේ. වැඩිය සෙනග මෙයාට හුරු නෑ.”

“අයියෝ ඕක මොකද්ද. එන්න නංගි. මෙහෙන් වාඩිවෙන්න.”

දේෂු මාව ශේහා ඉන්න තැනින් වාඩි කරලා යාලුවා එක්ක ගියා.

“ම්.. අදනේ ඔයාව දැක්කෙත්. හරි ලස්සනයිනේ අපේ දේෂුගේ කෙල්ල. නම මොකද්ද නංගෝ”

ශෙහා කියවන් ගිය ඒවට මට දැනුනේ ලොකු අපහසුතාවයක්. ඒත් මෙතන ඕවා පැහැදිලි කරන්න බෑනේ මං ඉතිං නම කිව්වා.

“චුට්ටක් ඔහොම ඉන්න නංගි කෝල් එකක්”

ශෙහා එහෙම කියලා එතනින් නැගිටලා ටිකක් එහාට ගියා. මං ටිකක් වටේ කැරකිලා බැලුවේ දේෂු කොහේද කියලා. ඒත් දේෂු පේන්න හිටියේ නෑ.

එකපාරටම මගේ ….

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

සුට්ටයි ඉතිං … මං තාම අසනීපෙන් වස්තුලා.. හෙටත් කතාව දෙන්නම් ඒ නිසා අදට සමාවෙන්නෝ…😁😁😁

අද අලුත් කවර් එක Chanu Perera ගෙන්…. තැන්කුයි චනුවෝ….

Like comment කරන හැමෝටම තැන්කුයි …

ආදරෙයි කස්ටියටම ….😘😘😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *