#මුලා_වූ_පෙම්වතී 23

💕විසි තුන්වන දිගහැරුම💕

ශෙහා කියවන් ගිය ඒවට මට දැනුනේ ලොකු අපහසුතාවයක්. ඒත් මෙතන ඕවා පැහැදිලි කරන්න බෑනේ මං ඉතිං නම කිව්වා.

“චුට්ටක් ඔහොම ඉන්න නංගි කෝල් එකක්”

ශෙහා එහෙම කියලා එතනින් නැගිටලා ටිකක් එහාට ගියා. මං ටිකක් වටේ කැරකිලා බැලුවේ දේෂු කොහේද කියලා. ඒත් දේෂු පේන්න හිටියේ නෑ.

එකපාරටම මගේ උරහිසට කවුරුහරි අත තිබ්බා මං හැරිලා බැලුවේ කවුද කියලයි.

ටිකක් වයසක මනුස්සයෙක් හිටියේ ඒ මනුස්සයා මං දිහා බාලා හිටියේ හරිම කෑදර විදියට.බයටම මාව වෙව්ලනවා.

“හරිම ලස්සනයිනේ කෙල්ලේ උඹ”

ඒ මනුස්සයා අතේ තිබුන මත්පැන් විදුරුවෙන් තව උගුරක් බිලාම මං දිහා බලන් එහෙම කිව්වා.

අනේ දේෂු ඔයා කොහෙද ඉන්නේ..
අනේ ඉකමනට එන්න.😥😥 බයට කකුල් දෙකත් හොල්ලගන්න බැරුව
හිටපු මං හිතින් ප්‍රර්ථනා කලේ දේෂු ඉකමනට මෙතනට එන්න කියලයි.

එකපාරටම ඒ මනුස්සයා මගේ කරට
අත දාගත්තා. මං ඉක්මනට ඒ අත අයින් කරලා හොටෙල් එකෙන් එලියට දිව්වා.
හොටෙල් එකෙන් පිට වෙන්නවත් මං දන්නේ නෑ.. ඔහේ ඉස්සරහට දුවගෙන එද්දී කවුදෝ මාව අල්ල ගත්තා..

“කොහෙද දුවන්නේ. උඹව අල්ලගන්න කොච්චර දවස් දැහලුවද?”

” මැ… මැඩම් “

“ඔව් මැඩම් තමයි මොන හයියකටද උඹ පැනලා අවේ”

ඔව් ඒ හිටියේ මඩමේ හැමෝම මැඩම් කියපු ගෑනු කෙනා. එයත් පාටියටද කොහෙද ඇවිල්ලා තියෙන්නේ. දෙයියනේ මං අහු උනාද එතකොට.

“අනේ මැඩම් මට යන්න දෙන්න ….
පින් සිද්ද වෙයි”

මං ඒ ගෑනි ඉස්සරහා බැහැපත් උනේ අයෙත්මත් මාව මඩමට ගෙනියයි කියන බයටයි. එතකොට මගෙ පස්සේන් ආපු අර මනුස්සයා එතනට ආවා.

“තෑන්ක්ස් රාජ්”

“ඕක මොකද්ද මේ කෙල්ල හරි ලස්සනයි බං ෆස්ට් මට ඕනි”

එයාලගේ කතාවෙන් මට තේරුනේ අර මනුස්සයා මං ලගට එවලා තියෙන්නේ මැඩම් . ඒ කියන්නේ මාව ගෙන්න ගන්න ඕනි වෙලා තියෙන්නේ .. කලින්ම මාව දැකලා කරපු ප්ලෑන් එකක් එහෙනම් මේ.

අනේ දෙයියනේ දේෂු ඔයා කොහෙද මාව බේරගන්න ..අනේ එන්නකෝ.මං වටේම කැරකිලා හෙව්වේ දේෂුව.

“මොකද උඹ හතරවටේ කැරකෙන්නේ උඹව බේරගන්න බෑ කාටවත් ….”

මැඩම් එහෙම කියලා මාව ඇදගෙන ගියේ කාර් පර්ක් එක දිහාට. මට එයා එක්ක පොර බදලා ගැලවෙන්නෙ හයියක් තිබුනේ නෑ. අනික දිග ගවුමත් එක්ක මට එක කරන්න අමාරුයි. බයටම මං වෙව්ලනවා ..

මාව ඇදගෙන කර් එක ලගට ගිහින් මැඩ්ම් කාර් එකේ දොර ඇරියා.

“නැගපන්”

” මට බැ.අනේ මට යන්න දෙන්න “

“හොද හිතින් නැගපන් විරූ.. .උඔට ඒ ජොබ් එක කරන්න බැරිනම් ජිවිතේ නැති කර ගනින් . ඒ ඇරෙන්න උඹට පිට සමජෙ ඉන්න බැ… බෑ නෙවේ ඉන්න ඉඩ තියන්නේ නෑ..”

“අනේ මැඩම් …මට යන්න දෙන්න මාව රවට්ටලයි මඩමට ගෙනාවේ
මට බෑ එතන ඉන්න…”

“උඹ දැන් ඔහොම නෙවේ කොහොම කිව්වත් උඹට යන්න බැ. මොකද මඩම ගැන එලි වෙන්න පුංචි ඉඩක්වත් තියන්න බැ අපිට”

“අනේ මැඩම් මං කටවත් කියන්නේ නැ…..මට මගේ පාඩුවේ ඉන්න දෙන්න… පින් සිද්ද වෙයි….”

මං අඬ අඬා බැගෑපත් උනා . එත් ගෑණියෙක්ම වෙලත් මැඩම්ගේ ඒ ගැනු හිත මං වෙනුවෙන් එක දශමයක්වත් උනු වුනේ නැ.. ඒ තරමට එයාලා මුදලට යට වෙලා.

මං දැන් මොනවද කරන්න ඕනි කියලවත් මට තේරෙන්නෙ නෑ. මට හිතේ විශ්වසයක් තියෙනවා දේෂු එයි මාව බේරගන්න.. අනේ දෙයියනේ එත් දේෂු මාව කොහොම හොයාගන්නද. මේ ගැනී මාව මෙතනින් අරන් යයි දැන් …

” නැගපන් ඇතුලට”

මං කල්පනා කර කර ඉද්දිම මැඩම් මාව කාර් එක ඇතුලට තල්ලු කලා.

ඇයි දෙවියනේ මටම මෙහෙම කරන්නේ මං කාටත් වරදක් කරලා නැ . එහෙව් මටම ඇයි මෙහෙම .. මට දෙවියෙක් වගේ පිහිට උන දේෂු අයියටත් කැලලක් වෙයිද දන්නෙ නෑ. අනේ මට බෑ තවත් තිරිසන්නුන්ගේ ආසාවල් පිරමහන කෙල්ලෙක් වෙන්න.. මට බැ දෙයියනේ….

මං ඇඩුවා හොඳටම ඇඩුවා කාර් එකේ ලොක් එක අරින්න ගොඩක් ට්‍රයි කලා එත් එවා පිටතින් අගුල් දාලා. මට අඬනවා ඇරෙන්න කරන්න දෙයක් තිබුනේ නෑ.

අර මනුස්සයට බයේ දුවපු නිසා පර්ස් එකත් මේසේ උඩ .ඒ නිසා ෆෝන් එකවත් නෑ අනේ දෙවියනේ මං මොනාද කරන්නේ….

මං බයටම වෙව්ල වෙව්ල දෙවියන්ගෙන් ඉල්ලුවේ මගේ නිදහස. දේෂුගේ ආරක්ෂාව.

මං මේතරම් පව් කරලද. මං හිතුවේ මගේ ජීවිතේ ඒ නපුරු කාලේ ඉවරයි කියලයි. ඒත් නෑ.. මට වැරදිලා. මං ලොකූ පවක් කරලා ඇති. මේ පව්කාරකම් මං පස්සෙන්ම එන්නේ ඒකයි.

“දැන් කියපන් උඹ කාටද කිව්වේ මඩම ගැන.”

කාර් එකට නැගපු මැඩම් මගෙන් ඇහුවේ මගේ බෙල්ලෙන් අල්ලගෙන.

“කාටහරි කිව්වද උඹ”

“අනෙහ් …. නෑ නෑ…😭😭

මං අමාරුවෙන් කිව්වේ ඇඬුම් අතරින්මයි. මං කිව්වොත් එහෙම ඒ ඇත්ත කිව්වා කියලා මේ ගෑණි මාව මරයි මෙතනම. අනේ දේෂු අයියේ.. එන්නකෝ.. මට බෑ ආපහු ඒ අපායට යන්න.

“එහෙනම් යමු දැන් අද ඉඳලා උඹ ආපහු වැඩ පටන් ගන්න ඕනි”

එහෙම කියලා මැඩම් කාර් එකේ ඉස්සරහා ශීට් එකට ගිහින් කාර් එක ස්ටාට් කරා. මං කාර් එකේ ඉඳන් හතර වටේම බල බල වීදුරුවට ගගහා ඇඩුවේ මගේ අසරණ කමටයි.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

මං ඔන්න මොනාත් කලේ නෑලූ….😁😁😁

රැවිලි එරවිලි බැනුම් සඳහා අවසරයි ….😁😁😁

අදත් අලුත් කවර් එක ඉතිං අපේ චනූගෙන්ම තමයී… තැන්කුයි චනූ ….

Like comment කරන හැමෝටම තැන්කුයි ….
😘😘😘😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *