#මුලා_වූ_පෙම්වතී 24

💕විසි හතරවන දිගහැරුම💕

“එහෙනම් යමු දැන් අද ඉඳලා උඹ ආපහු වැඩ පටන් ගන්න ඕනි”

එහෙම කියලා මැඩම් කාර් එකේ ඉස්සරහා ශීට් එකට ගිහින් කාර් එක ස්ටාට් කරා. මං කාර් එකේ ඉඳන් හතර වටේම බල බල වීදුරුවට ගගහා ඇඩුවේ මගේ අසරණ කමටයි.

❤️❤️❤️❤️❤️

“ඔහ් ශිට්… ඒ පාර කවුද මේ”

මැඩම් එහෙම කියද්දියි මං ඔලුව උස්සලා බැලුවේ..

“දෙයියනේ මගේ දේෂු ..”

ඔව් දේෂු මැඩම්ගේ කාර් එක ඉස්සරහා හිටගෙන හිටියා. මට දැනුනේ ඇගට අලුත් පණක් ආවා වගේ. දැනෙන සතුට කියාගන්න බෑ.

මැඩම් කාර් එකෙන් බැහැලා දේෂු ළඟට ගියේ බැන බැනමයි.

“මේ මිස්ට හෝන් කලාම තේරෙන්නේ නැද්ද අයින් වෙන්න ඕනි කියලා”

මැඩම් දේෂුට කෑගහනවා ඇහුනා. මං ඉක්මනට කාර් එකේ දොර ඇරලා බැලුවේ මැඩම් ඉස්සරහා දොර ඇරපු නිසා මේ දොරත් ඇරෙයි කියලා හිතිලයි. ඔව් හිතුවා වගේම ඇරුනා.

මං බහිනකොටම කවුදෝ මගේ අතින් ඇදගෙන ගියා. මං එතකොටයි දැක්කේ ඒ දේෂුගේ යාලුවා ජනූ අයියා කියලා.

“බය නැතුව එන්න නංගි දේෂු එතන ශේප් කරයි”

අයියා මාව එක්කන් ගිහින් දේෂුගේ කාර් එකට නැග්ගෙව්වා. ශෙහා අක්කත් එතකොටම ඇවිත් කාර් එකට නැග්ගා.

“දැන් බය වෙන්න එපා නංගෝ… අනේ සමාවෙන්න නංගි මට කෝල් එක ආපු නිසයි සේරම”

“මං ශෙහා අක්කට තුරුල් වෙලාම ඇඬුවා”

ටිකක් වෙලා ගෙවෙන්න ඇති. මං කල්පනා කලේ දේෂු කෝ කියලයි.

“විරූ…”

ඔව් ඒ දේෂුගේ කටහඬ මං ඉක්මනට ශෙහාගෙ තුරුලෙන් මිදිලා දේෂු දිහා බැලුවා. දේෂු අනිත් පැත්තෙන් කාර් එකට නැගලා මාව ඒ පපුවට තුරුල් කරගත්තා.

“අනේ රත්තරනේ මට සමාවෙන්න. ආයෙනම් එක මොහොතකටවත් තනියම තියන්නේ නෑ”

එහෙම කිය කිය දේෂු මාව තවත් තුරුල් කරගත්තා. ඔව් ඒ පපුව වේගෙන් ගැහෙනවා. මං ඒ හඬට කන් දීගෙන ඒ පපුවට තුරුල් වෙලාම හිටියා.

ටිකකින් මං දේෂුගෙන් ඈත් උනේ ශෙහාව මතක් වෙලා. ඒත් මං බලද්දි එයා නෑ

“මං ආපු වෙලේම ශෙහා ගියා නංගි”

මගේ හිතේ තිබ්බ ප්‍රශ්නෙට දේෂු උත්තර දුන්නා.

“අ..අයියේ… ශෙ..ශෙහා.. අක්ක ද..දන්න්..”

“අයියෝ… නෑ දරුවෝ.. එයාලා කිසිම දෙයක් දන්නේ නෑ. මං එයාලට කිව්වේ බොරුවක්.”

මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ එතකොටයි. මං හිතුවේ ශෙහා ජනූ දෙන්නට මං ගැන දේෂු කියලයි එයාලා උදව් කලේ කියලා.

“අ..අයියේ … අර ආවේ… එ..එයා..තමයි..මැඩම් “

“ම්..මට හිතුනා ඒ ගෑනි වෙන්නැති කියලා. දැන් ඔයාව හොයයි හැමතැනම.”

මං ඊට වඩා මොකුත් අහන්න ගියේ නෑ. මාව තාමත් වෙව්ලනවා.

“දැන් බය නැතුව ඉන්න නංගො.. අපි ගෙදර යමු.”

එහෙම කියලා දේෂු මගේ ඔලුවත් අතගාලා බහින්න හැදුවේ. මොකද්දෝ බයක් නිසා මං දේෂුගේ අත අල්ලගත්තා.

“අනේ.. බය වෙන්න එපා කෙල්ලේ. මං ඉන්නකල් ඔයාට මොනවත්ම වෙන්න දෙන්නේ නෑ. කෝ මං ඉස්සරහා ශීට් එකට යන්න එපැයි ඉතිං “

දේෂු එහෙම කියලා හරිම කරුනාවෙන් මගේ කම්මුල අතගාලා කාර් එකෙන් බැහැලා ඩ්‍රයිවින් ශීට් එකට ගියා.

“ඔතන ඉන්න බයද”

මගේ පැත්තට හැරිලා දේෂු ඇහුවේ ගොඩාක් කරුණාවෙන්. ඇත්තටම මං බයයි. ඒ නිසයි මං ඔව් කියන්න ඔලුව වැනුවේ.

“හොටෙල් එක පහු කරලා ටිකක් දුර යනකල් ඔහොම ඉන්න ඉස්සරහට ආවොත් ඔයාව පේනවනේ. මගදි මං නවත්තන්නම් ඉස්සරහට එන්න. හරිද”

දේෂු එහෙම කිව්වාම මං ඔලුව වැනුවේ ඒ කතාවත් ඇත්ත නිසයි. පිටිපස්සෙ වීදුරු කලු කරලා නිසා පිටතට මාව පේන්නේ නෑ.

ටික දුරක් ගිහින් දේෂු කාර් එක අයිනකට කරලා නැවැත්තුවා.

“අ..අයියේ … බ..බහින්න බයයි..”

මට හිතුනේ ඉස්සරහා ශීට් එකට එන්න කාර් එකෙන් බහින ටිකටත් කවුරු හරි මාව උස්සන් යයි කියලයි.

“බහින්න ඕනි නෑ පරිස්සමට ඔහොමම ඉස්සරට එන්න”

දේෂු එහෙම කියලා ඉස්සරහා ශීට් එක පිටිපස්සට පාත් කලා. ඒ නිසා මට මැද්දෙන් ඉස්සරහට පනින්න ලේසි උනා.

මං ඉඳගෙන ඒ පැත්ත බලද්දි දේෂු හිනා වෙවී මං දිහා බලා ඉන්නවා.

“ඇයී…”

“මෙච්චර බය කෙල්ල කොහොමද එදා මඩමෙන් පැනලා ආවේ කියලා හිතුවේ..”

දේෂු කිව්වාම මටත් ඒක හිතුනා. එදා කොහෙන් මගේ හිතට ඒ තරම් ශක්තියක් ආවද කියලා අදටත් මට තේරෙන්නේ නෑ.

“හා හා දැන් ඒ ගැන හිතන්න එපා අපි ගෙදර යමු. කෑවෙත් නෑනේ. කමලම්මාටත් එක්ක කෑම අරන් යමු.”

එහෙම කියලා දේෂු මග තිබ්බ රෙස්ටුරන්ට් එකක කාර් එක නැවැත්තුවා.

“මං ඉක්මනට කෑම අරන් එනකල් බය නැතුව ඉන්න පුලුවන් නේද..”

දේෂු එහෙම ඇහුවාම නොකර බැරි කමට මං හා කියන්න ඔලුව වැනුවා.

“හපෝ.. බය ගුල්ලි. කෝ.. ම්.. දැන් හරි. කාටවත් ඔයාව පේන්නෙත් නෑ ඔයාට එලිය පේන්නෙත් නෑ”

මං හිටපු ශීට් එක ඇඳක් වගේ වෙන්න පාත් කරලා දේෂු එහෙම කිව්වා.

“බය නැතුව ඉන්න කාර් එක මං එළියෙන් ලොක් කරන් යන්නම් හරිද.. මං ඉක්මනට එනවා..”

එහෙම කියලා ලස්සනට හිනා වෙලා මගේ ඔලුවත් අතගාලා දේෂු යන්න ගියා.

එයා ආපු කාර් එකට ආවේ විනාඩි පහළවකින් විතර. අපි එතන ඉඳලා දිගටම ගෙදර ආවා.

❤️❤️❤️❤️❤️❤️❤️

ගෙදරට ආවට පස්සෙනම් මගේ හිතේ තිබුන බය ටිකෙන් ටික අඩු උනා. මොකද ගෙදරදි මං ආරක්ෂිතයි කියලා මට විශ්වාසයි …

ඇවිල්ලා වොශ් එහෙමත් දාගෙන කෑමත් කාලා මං කාමරේට වෙලා පාටි එකට ඇඳපු ගවුම හැඟර් එකකට දාන්න ගත්තා.

“නංගී…”

එතකොටම දේෂු අයියා කාමරේට ආවා.

“අහ් එන්න අයියේ..”

“ටිකක් කතා කරමුද”

“කියන්න අයියේ..”

“මෙතන නෙවේ යමු බැල්කනි එකට මට නිදහසේ කතා කරන්න ඕනි”

එකපාරට දේෂු අයියා ඒම කිව්වාම මං කල්පනා කලේ මොනා ගැනද කියලා. ඒත් හිතට බයක්නම් නෑ මොකද මට මටත් වඩා අයියව විශ්වාසයි. මොකක් හරි කම්පැණි එකේ දෙයක් වෙන්න ඇති.

එහෙම හිත හිතම මං දේෂු පස්සෙන් බැල්කනි එකට ආවා.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

දවසේ දැවෙන ප්‍රශ්නය… මොකද්ද දේෂු කියන්න යන්නේ ….😂😂😂😂

පුලුවන්නම් කියමු…..

අහ් ඊයේ මට බැනපු සෙට් එක… කෝ කෝ ටොක්ක ගානේ කන්න ආන් අර කොනට 👉👉👉👉 හැදෙන්නයි කිව්වේ පෝලිමක්..😂😂😂

Like comment කරන හැමෝටම තැන්කුයි ….

ආදරෙයි ඉතිං හැමෝටම …😘😘😘😘

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *