#මුලා_වූ_පෙම්වතී 30
තිස්වන දිගහැරුම
වැඩ සේරම ඉවර කරලා රෑ කෑමත් කාලා කමලම්මට කුස්සිය අස් කරන්නත් උදව් වෙලා මං කාමරේට ආවේ නිදාගන්න.
ඒත් නින්දනම් අහලකවත් නෑ. හිතට එන්නෙම හෙට මොනවා වෙයිද කියලයි. මං හිතින් හෙට දවසේ කිසි නපුරක් නොවේවා කියලා දහස් වතාවකට වඩා පතන්න ඇති.
දුක් විඳලා හෙම්බත් වෙච්චි මගේ ජීවිතේට දේෂුගේ ආදරේ මහමෙරක්. ඒත් දෙමාපියන්ට විරුද්ධ වෙලා ඒ ආදරේ ලබාගන්න මට බෑ
කල්පනා කර කර ඉඳලා මට කීයට නින්ද ගියාද කියලා මංවත් දන්නේ නෑ. පාන්දර ඇහැරුනේ වෙනදා පුරුද්දට වගේ. වෙලාව බලද්දි පහ පහුවෙලා. එහෙමම පහළට ගිහින් තේ හදන්න ලෑස්ති කරා.
“ඇයි දරුවෝ මේ නැගිටන් …. මට ඇහැරෙව්වනම් හරිනේ…”
මං තේ හදලා ඉවර වෙනවත් එක්කම කමලම්මා කෑ ගහගෙන ආවා.
“හා හා දැන් ඉතිං කෑගහන්නේ නැතුව හොඳ කමලම්මා වගේ මේ තේ එක බොන්නකෝ…”
“එහෙනම් නෝනා මහත්තයට තේ එක දීලා එන්නකෝ…“
කමලම්මා එකපාරට ඒම කිව්වාම මං හිටි තැනම නැවතුනා. ඒ කියන්නේ කමලම්මත් දන්නවද….
“දේෂු මහත්තයා මට මුලින්ම කියලයි තිබුනේ ඔය දරුවට කැමතී කියලා… “
මං කල්පනා කරද්දිම කමලම්මා ආපහු කිව්වා.මේ දේෂුනම්… හැමෝටම කියලා ඊට පස්සෙයි මගෙන් අහන්නේ.. ලැජ්ජාවේ බෑ… කමලම්මත් මට හිනා වෙනවා. ඉන්නවකෝ මං අල්ලගන්න.
හිතින් දේෂුට බැන බැනම මං උඩට ආවේ දෙන්නගෙම තේ දෙකම අරගෙනයි.
“අයියේ….”
“එන්න සුදූ..”
මං කාමරේ දොරත් ඇරන් කාමරේට එද්දී දේෂු හිටියේ ඇඳට වෙලා ෆෝන් එකේ මොනාද කර කර.
“ගුඩ් මෝනින් මගේ සුදූ…“
“ගුඩ් මෝනින් අයියේ”
“මොකෝ මේ මූණ හතරැස් වෙලා”
මං තේ එක දේෂු අතට දෙද්දී දේෂු ඇහුවේ අමුතුවට හිනාවකුත් දාගෙනමයි.
“අයියේ ඔයා කමලම්මටත් කලින් කියලා. මං මොකුත් දන්නේ නෑ. ලැජ්ජයිනේ. “
“ආ… ඒකද මේ… ලැජ්ජා වෙන්නේ මොකටද දැන් “
“අනේ යන්න අයියේ… මං යනවා”
මං ඇඳෙන් නැගිටලා කාමරෙන් එන්නයි හැදුවේ. ඒත් දේෂු එකපාරට මගේ උකුලට ඔලුව තියාගත්තේ මට නැගිටින්න ඉඩ නොදීමයි.
“කෙල්ල තරහ වෙන්නත් දන්නවා නේද…මං හිතුවේ අඬන්න විතරයි දන්නේ කියලා “
එහෙම කිය කිය දේෂු හිනා වෙනවා. දැන් ඉතිං මොනා කරන්නද මට නැගිටින්නවත් බෑනේ. මං එහෙමම අහක බලන් හිටියා.
“පිස්සි කෝ ඔයා බීපු තේ එක මට දීලා ඔයා මේක බොන්න”
දේෂු මගේ අතින් මං උගුරු දෙකක් විතර බීපු තේ එක අරගෙන. එයාගේ තේ එකෙනුත් ටිකක් බීලා ඒක මං අතට දුන්නා.
“මීට පස්සේ එක මග් එකකට හදන්න දෙන්නටම..”
දේෂු කිව්වේ මං දිහා බලලා හිනා වෙවීමයි. ඔව් මාත් මේ වගේ ආදරයක් ලබන්න හීන මැවුවා. මගේ ජීවිතේට ඉර පායන්න පරක්කු වෙලා. දැනුයි දෙවියෝ මට හරිම කෙනාව දුන්නේ.
“දැන් ගිහින් ලෑස්ති වෙන්න සුදූ.. උදේම යමු. කමලම්මටත් යමු කියන්න. එයත් ගෙදර යන්න ආස ඇතිනේ.”
“කමලම්මත් නුවරද අයියේ..”
“ඔව් විරූ.. කමලම්මා තමයි පුංචි කාලේ ඉඳලා මාව බලාගත්තේ. මං ගෙදරින් තරහා වෙලා මෙහෙ ආවම අම්මා කමලම්මවත් එවලා මාව බලාගන්න. එදා ඉඳලා කමලම්මා මං ළඟ.”
ඇත්තටම මට කමලම්මා ගැන දැනුනේ ලොකූ ගෞරවයක්. තමන්ගේ දරුවෙක් නොවීත් දේෂුට අම්ම කෙනෙක් වගේ ආදරේ කරන එක ගැන මට දැනුනේ කියන්න නොතේරෙන හැඟීමක්.
“අයියත් ලෑස්ති වෙන්න මං ගිහින් කමලම්මටත් ටිකක් උදව් වෙලා පහනත් තියලම ලෑස්ති වෙන්නම්”
“සුදූ උයන්න ඕනි නෑ මගින් කමු”
මං යද්දිම දේෂු එහෙම කිව්වාම මාත් ඔලුව වනලා පහලට ආවේ දැනටමත් කමලම්මා උයන්න ලෑස්ති වෙලාද දන්නේ නැති නිසා.
“කමලම්මේ උයන්න ඕනි නෑ.. දේෂු කිව්වා කමලම්මටත් ලෑස්ති වෙන්න කියලා ගමේ යන්න”
“මං මේ එළවලු ගත්තේ නූඩ්ලස් ටිකක් හදන්න කියලා. එහෙනම් මාත් ලෑස්ති වෙන්නම් දුවේ.. ගමේ ගියේ නෑ කාලෙකින්”
කමලම්මා ගත්ත එළවලු ටික ආපහු දාලා කුස්සියත් ඉක්මනින් අතුගාලා කාමරේට ගියේ පුදුම සතුටින්. කවුද අකමැති තමන්ගේ අය බලන්න යන්න ඉතිං. මට කමලම්මා පව් කියලත් හිතුනා. අපි වගේම තියෙන නැති බැරි කම නිසානේ මෙහෙම ඉන්නේ. එහෙම බැලුවාම මගෙයි කමලම්මගෙයි වෙනසක් නෑ.
මාත් ඉක්මනින් නාගෙන ලෑස්ති වෙලාම බුදු පහන තිබ්බා. පහන තියලා ගෙට ගොඩ වෙනකොටමයි දේෂුත් ලෑස්ති වෙලා පහලට ආවේ.
“අම්මෝ අද කෙල්ලගේ ලස්සන…“
එහෙම කියාගෙන මං ළඟට ඇවිත් මගේ නළල මත හාදුවක් තිබ්බේ ඒ ආදරේ කොච්චරද කියන්න නොතේරෙන තරම් ආදරයක් ඇස් වල පුරවන්.
දේෂු අරන් දීපු සුදු පාට පසුබිමේ පාට කිහිපයකින් චූටි මල් වැටුනු දිග සායට තනි කලු පාට අත් දිග ඇඟේ ගානටම තිබුන බ්ලවුස් එක ඇඳලා දිග කොන්ඩේ ෆ්‍රෙන්ච් ගෙතුවේ මං එහෙම අඳින්න ආස නිසාමයි.
“අද හරියට චූටි කෙල්ලෙක් වගේ. අම්මලා හිතයිද දන්නෑ මං බාල අපරාද කරා කියලා”
“අනේ අයියේ… “
“අපෝ මේකිගේ ලැජ්ජාව.. හ්ම් හ්ම් යමු දැන්. කෝ කමලම්මවත් එක්කන් එන්න.”
අපි උදේ හත පහු වෙනකොට ගෙදරින් පිටත් උනා. කොච්චර හිත හයිය කර ගත්තත් මට දේෂුගේ දෙමාපියෝ ඉස්සරහට යන්න බයක් දැනුනේ. මං වාහනේට නැගපු වෙලේ ඉඳන් දේෂුගෙනුයි කමලම්මගෙනුයි එහෙ ගියාම ඉන්න ඕනි කොහොමද කියලා ඇහුවා.එයාල හිනා වෙනවා.
“ඔයා ඔය ඉන්න විදියට ඉන්න සුදූ…”
දේෂු කිව්වේ ඒ ටිකමයි. මගින් උදේටත් කාලා පැය කිහිපයකින් අපි නුවරට ආවා. නුවරට ආපු වෙලේ ඉඳලා මගේ හදගැස්මත් වේගවත් වෙලා. දේෂුගේ ගෙදරට ළං වෙන්න වෙන්න මට දැනුනේ බයක්.
යාලුවනේ … ගොඩක් අය මගේ කෙටි කතාව දැක්කේ නෑ කිව්වා. ඔන්න තරඟේ අන්තිම දවස් දෙක අදයි හෙටයි…
#මගේ_ප්‍රොෆයිල්_එකේ_කතාවේ_ලින්ක්_එක_මං_ශෙයා_කරලා_ඇති. #ආදරෙයි_සුද්දි කෙටිකතාව. ඉතිං like එකක් දාගෙන යන්න…
Like comment කරන හැමෝටම තැන්කුයී ….