#මුලා_වූ_පෙම්වතී 36

💕තිස් හයවන දිගහැරුම💕

“අම්මෝ නංගි මහත්තයගේ ආදරේ… හිටපන් දැන් හරියයි. කෙල්ලට වඩා එයාට රිදිලා..”

අක්කගේ විහිලු වලින් දේෂුගේ මූණටත් හිනාවක් ආවා. ඒ තරම් මට ආදරෙයිද අයියේ… මට ඔය ආදරේ මහ මෙරෙක්.

“යමුද සුදූ..”

මං කල්පනාවෙන් මිදුනේ අයියා කතා කරද්දියි. අන්තිමට අපි සැලූන් එකෙන් ආවේ අක්කට හවස පහ වෙද්දි අපේ ගෙදරට එන්න කියාගෙනමයි.

අපි ගෙදර එනකොට කට්ටිය බරටම වැඩ. ඔෆිස් එකේ වැඩට ඉන්න නැදලා දෙන්නා දේෂු කිව්වා වගේම ඇවිත් හිටියා.

“ආ ලොක්කි ආවද.. මේ ඉන්න කට්ටියට තේ ඩිංගක් හදපන් කෙල්ලේ”

සාලේ මොප් කරමින් හිටපු අම්මා මට කිව්වේ කමලම්මත් වැඩ නිසයි. මාත් ඉක්මනින් ඇඳුමක් මාරු කරන් ඇවිත් හැමෝටම තේ හදලා කේක් එක්ක අරන් ගියා.

හැමෝම බරටම වැඩ. එළියෙන් ලොකු හට් දෙකකුත් ගහලා. දෙයියනේ මේක එන්ගේච්මන්ට් එකද වෙඩින් එකද. මටනම් තේරෙන්නෑ මේ දේෂුගේ වැඩ.

💞💞💞💞

“නංගි අදනම් මාරම ලස්සනයි. දේෂු දැක්කාම පිස්සු හැදෙයි…”

මාව ලැජ්ජාවට රතු වෙන්න ඇති. ඔව් කැඩපතින් පේන මගේ රූපෙ දැක්කාම මටත් හිතුනා අද මං ලස්සනයි කියලා. සාරි පොට අතට කඩලා දාලා කොන්ඩෙ සයිඩ් එකට කැප් එක වගේ හදලා කර්ල් කරලා පැත්තකින් මල් දෙකක් ගැහුවා. සාරි එකටම මැච් වෙන්න ගෙනාපු ජුවලරි සෙට් එකත් දැම්මාම ඇත්තටම තිබුනේ චාම් ලස්සනක්.

“අක්කේ… අනේ මගෙ කොණ්ඩේ…”

එතකොටම චුට්ටි කාමරේට කඩන් පැන්නේ ගවුමත් අතින් අල්ලගෙන මූණ හතරැස් කරගෙන.

“කෝ කෝ වාඩිවෙන්න මනමාලිගේ නංගි උනාම ලස්සනට ඉන්න එපැයි.. අපි කොණ්ඩෙ අයන් කරමු”

එහෙම කියලා සැලෝන් එකේ අක්කා චුට්ටිට අන්ඳන්න ගත්තා.

“සුදූ….😱😱

මං කාමරේ දොර දිහා බලද්දි දේෂු හිටියේ කටත් ඇරගෙන මං දිහා බලාගෙන. ඔව් දේෂු අද ගොඩක් ලස්සනයි. හරියට මං මුලින්ම දේෂුව දැකපු දවසේ හිටියා වගේ. එකම වෙනස රැවුලයි කොණ්ඩෙයි අද ටිකක් පිළිවෙළයි එදාට වඩා.

“මං කිව්වේ ලිහිණි මෙයාට ඔහොම වෙයි කියලා…”

“ආනේ… අම්මේ… “

සැලූන් එකේ අක්ක එහෙම කියනවත් එක්කම චුට්ටි එකපාරට එහෙම කියන් නැගිටිද්දි දොරගාව හිටපු දේෂුත් බයවෙලා පිටිපස්ස බැලුවා. චුට්ටි හෝ ගාලා හිනාවෙනවා.

“හම්මෝ… අයියා ඕම බය තිබ්බාම ඇති…”

“චුට්ටියෝ…. මේ කෙල්ල…. විරූ අම්මෝ මේකි වගේනම් වෙන්න එපා. “

දේෂු ඒ පාර චුට්ටි එක්ක පැටලෙනවා. මං හිනාවෙවී ඒ දිහා බලන් හිටියේ ඇත්තටම ලොකු සතුටකින්. චුට්ටි කොහොමත් දඟයි ඒත් චුට්ටි මං තරම්වත් තාත්තාගේ සෙනෙහස විඳලා නෑ. දේෂුගේ මේ සැලකිලි මගේ චුට්ටිව සතුටින් තියනවා.

“මොකද ළමයිනේ මේ සද්දේ…. ලොක්කියේ…😱😱😱😱

කෑගහගෙන කාමරේට ආපු අම්මත් ඒ පාර කට ඇරන් මං දිහා බලා ඉන්නවා. දෙයියනේ මං අද ඉඳලා දේෂුගේ නෝනා නේද. අම්මගෙන් මං ඈත් වෙනවද ඒ කියන්නේ.මෙච්චර දේවල් සතුටින් ලෑස්ති කලා ඒත් මේ සතුට අස්සේ මේ දුක තියෙනවා කියලා මට මතක් උනේ අම්මගේ ඇස්වල කඳුලු දැක්කාමයි.

“මගෙ ලොක්කියේ… උඹට ඇස්වහක් කටවහක්නම් වදින්න එපා තුරුනුවන්ගෙම සරණයි”

කඳුලු අතරින්ම හිනාවෙලා අම්මා එහෙම කියද්දිනම් මට අඬන්නේ නැතුව ඉන්න බැරි උනා. ඒකයි මං අම්මට තුරුල් වෙලා ඇඬුවේ.

“අයියෝ… අක්කේ… මේකප් යනෝ…. මෝහිනී වගේ වෙයි හලෝ… අඬන්න එපා…”

“චුට්ටි ඔයා අම්මයි මේ අක්කයි එක්ක පහලට යන්න මං අක්කව එක්කන් එන්නම්.”

“පුහ් මෙයා බලහල්ලකෝ… ඒනම් අයියා බබා නලවන්නකෝ..”

චුට්ටි දේෂුට එහෙම කියාගෙන අම්මයි සැලෝන් එකේ අක්කයි එක්ක රූම් එකෙන් එළියට ගියා. මං ඇඳේ වාඩිවෙලා ඇඬුම් වාවගන්න උත්සාහ කලේ දැන් දේෂු බනී කියලා හිතුන නිසයි.

“සුදූ…. අඬන්න එපා අම්මලා අපි එක්ක මෙහේ ඉන්නවා. මං චුට්ටිව මෙහේ ඉස්ස්කෝලෙකට දාන්න සේරම ලෑස්ති කරා.”

දෙයියනේ මේ තරම් දේවල්… වාවගන්න ගිය ඇඬුම නවත්තගන්න පුලුවන් උනේ නෑ මං එහෙමම දේෂුගේ පපුවට බර වෙලා අඬන්න ගත්තේ දුකටද සතුටටද කියලවත් මට තේරුනේ නෑ.

“හ්ම් දැන් ඇඬුවා ඇති. කෝ ඉන්න මං අක්කට එන්න කියන්නම් මේකප් එක චුට්ටක් හදාගන්න. හදාගෙන පහලට එන්න සුදූ. මං ටිකක් පහළට යන්නම් කට්ටිය එනවනේ දැන්”

එහෙම කියලා දේෂු යන්න ගියා.සැලෝන් එකේ අක්කා ඇවිත් මේකප් එක හැදුවට පස්සෙ මාත් චුට්ටි එක්ක පහළට ආවා.

දේෂුගේ යාලුවෝ ඔෆිස් එකේ කට්ටිය එහෙම ඒ වෙනකොටත් ඇවිල්ලයි තිබුනේ.

“චුට්ටි අයියව එක්කන් එන්න නැකත ළඟයි කියන්න”

අම්මා ඇවිත් චුට්ටිට එහෙම කියන ගමන්ම මාව එක්කගෙන රෙජිස්ටාර් හිටපු මේසේ ළඟට ආවා.

“හොඳයි දැන් අපේ මනාල යුවලගේ විවාහයට නැකත ළඟයි. ඉතිං හැමෝම මේ ආසන්නයට එන්න කියලා මං ඉල්ලනවා …”

මයික් එකකින් එකපාරක කවුදෝ එහෙම කියද්දිම දේෂු මං ළඟට ආවා.

“සුදූ… මාව බඳිනවද…”

දේෂු ඒ අස්සෙ මගේ කනට කරලා ඇහුවා.

“අයියේ ලණුවක් ගෙනත් දෙන්නකෝ මං ගහකට තියලවත් ඔයාව බඳින්නම්”

“ආ එහෙමද ආස …”

දේෂු හිනා වෙවී කියද්දිම රෙජිස්ටාර් වරයා අපිට වාඩිවෙන්න කිව්වා. සාක්ෂියට අත්සන් කරන්න හිටියේ දේෂුගේ යාලුවෙකුයි දිනිති. මට ඉන්න එකම යාලුවා දිනිතිනේ ඉතිං.

“මනාල මහත්මයා මෙතන අත්සන් කරන්න”

දේෂු මගේ මූණ දිහා බලලා ලස්සනට හිනා වෙලා අත්සන දැම්මා. ඒ මූණේ තිබුනේ ලොකූ සතුටක්.

“මනාල මහත්මිය මෙතන අත්සන් කරන්න”

මගේ අත වෙව්ලනවා. මං දේෂු දිහා බැලුවාම එයා ඇස් වලින් කිව්වේ අත්සන් කරන්න කියලයි. මං අත්සන් කරන්න කියලා පෑන අතට ගන්නකොටම කවුදෝ පෑන උදුර ගත්තු නිසයි මං හැරිලා බැලුවේ.

දෙයියනේ ඒ හිටපු කෙනා දැක්කාම මට හුස්ම ගන්න එකත් අමතක උනා.

– ලක්ෂි මුහන්දිරම් –
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
කතෲ අනුමැතියෙන් තොරව උපුටා ගැනීමෙන් වලකින්න .

චුට්ටයි කියන්නනම් එපා… තියනවා 😁🔫🔫

වැඩ අස්සේ මේ ටික ටයිප් කලෙත් අමාරුවෙන් වස්තුලා …

ඔන්න පෙරලුවා ලොකූ…. බාල්දියක් ඉතිං …😁😁😁😁😁

Like comment කරන හැමෝටම තැන්කුයී … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *