#මුලා_වූ_පෙම්වතී 37

💕තිස් හත්වන දිගහැරුම💕

(මුලින්ම කියන්නම් අද සුට්ටයී… බයින්න ඔට්ටු නෑ… කතාව නොදා ඉන්නවට වඩා චුට්ටක් හරි දාන එක හොඳයි කියලා හිතුන නිසා පුලුවන් විදියට ටිකක් ටයිප් කරගත්තා..)
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

“මනාල මහත්මිය මෙතන අත්සන් කරන්න”

මගේ අත වෙව්ලනවා. මං දේෂු දිහා බැලුවාම එයා ඇස් වලින් කිව්වේ අත්සන් කරන්න කියලයි. මං අත්සන් කරන්න කියලා පෑන අතට ගන්නකොටම කවුදෝ පෑන උදුර ගත්තු නිසයි මං හැරිලා බැලුවේ.

දෙයියනේ ඒ හිටපු කෙනා දැක්කාම මට හුස්ම ගන්න එකත් අමතක උනා.

ඒ හිටියේ වෙන කවුරුත් නෙවෙයි මඩමේ හිටපු මැඩම්. මට දැනුනේ පුදුම තරම් බයක්. දෙයියනේ දේෂුටත් ලැජ්ජ වෙයිද දන්නෑ..

දේෂුත් එයා දිහා බලන් හිටියේ පුදුම වෙලා.

“විරූ.. කරුණාකරල හොඳ හිතින් තමුන් මා එක්ක යමු. “

මං බැලුවේ දේෂු දිහා. ඔව් අද මං අසරණයි මේ ඇත්‍ත මගේ අහිංසක අම්මාවත් චුට්ටිවත් දන්නේ නෑ. මේ ගෑනි දැන් මොනවා හරි කිව්වොත් අම්මට මොනවා වෙයිද.

“මැඩම් තමුන් කොහොමද එහෙම විරූව ගෙනියන්නේ ආ.. මේ ඉන්නේ මගේ වයිෆ්”

“තාම වයිෆ් උනේ නෑ මිස්ට විහේන්. මෙයා අත්සන් කරන්න කලිනුයි මං පෑන ගත්තේ…”

මැඩම් කිව්වේ නෝණ්ඩියට වගේ හිනාවෙලා රෙජිස්ටාර් පොත පෙන්වමිනුයි.

“මෙතන ලැජ්ජා නොවී තමුන් මාත් එක්ක ආවොත් හොඳයි. අමතකනම් මතක් කරගන්නවා තමුන් අවුරුදු පහක් යනකල් විවාහ නොවෙන්න ඇග්‍රිමන්ට් සයින් කරද්දි පොරොන්දුවක් උනා.”

“ඒ ඇග්‍රිමන්ට් අවලංගු වෙලා ගොඩක් කල් මිස්. කරුණාකරල ඔයා මෙතනින් යන්න. නැත්නම් මට ඔප්ෂන් එකක් ගන්න සිද්ධ වෙනවා”

දේෂු ඒ ටිකනම් කිව්වේ ටිකක් තදින්. මට බයටම වචනයක්වත් කියාගන්න බෑ. ඇස් වලින් වැටෙන්න පොර කන කඳුලු මං නවත්තගත්තේ අම්මා දකී කියලයි.

“හොඳයි තමුන් එන්නේ නෑනේ දැන් එහෙනම් හැමෝම ඉස්සරහා උඹ කවුද කියලා එලි වෙයි.”

දෙයියනේ මොනාද මේ වෙන්නේ. මැඩම් එහෙම කියලා වටේම බැලුවා. ඔව් අමුත්තෝ හැමෝම අපි දිහා බලන් ඉන්නවා.

“මහත්තයා.. මාව බලෙන් එක්කන් ආවේ මේ නාඩගම බලන්නද.. දුප්පත් උන්ගෙ හැටි මං කලින්ම කිව්වා.”

එකපාරට ඒ ඇහුන හඬට මායි දේෂුයි දෙන්නම බැලුවේ පිටිපස්ස.

දෙවියනේ ඒ හිටියේ දේෂුගේ අම්මා.ඒ ළඟම හිටපු කෙනා අප්පච්චී කියලා මට හිතාගන්න පුලුවන් උනා.

දැන් මොනවා වෙයිද. හරියට ඇවිලෙන ගින්නට පිදුරු වැටුනා වගේ දෙයක් මේ වෙන්නේ. දේෂුගේ අම්මා මොනවා කරයිද.

“අහ් මිසිස් සේනාරත්න ඔයාගෙ ලේලි ගැන දන්නේ නැද්ද.. එහෙනම් මං කියන්නද..”

“මේකි ගැන දන්න නිසයි ඔය මගුලට අකමැති උනේ. ඒ උනාට මේ අම්මා කියන ඒවා අප්පච්චිලා පුතාලා පිළිගන්නේ නෑනේ..”

“විනීතා කට වහනවා.. තමුන් ඔය හැමෝම ඉස්සරහා තමුන්ටමයි ලැජ්ජ කරගන්නේ. දේෂු කවුද මේ “

දේෂුගේ තාත්තා අම්මටත් කෑගහලා දේෂුගෙන් ඇහුවේ මැඩම්ව පෙන්නලා

“මිස්ට සේනාරත්න… ඔහ් ඔයා පව්.. ඔයාගේ ආදරනීය පුතාවත් ලේලිවත් කිව්වේ නැද්ද මං කවුද කියලා..”

“අප්පච්චි ටිකක් එන්න”

මැඩම් කියවද්දි දේෂු අප්පච්චී ළඟට ගිහින් පැත්තකට එක්කන් ගියා.

මගේනම් දැන් පපුව එකසිය ගානට ගැහෙනවා. මං අම්මා ඉන්න පැත්තවත් බැලුවේ නෑ බැලුවොත් අම්මා අහයි මේ මොකද වෙන්නේ කියලා. මං මොනවා කියලා කියන්නද දෙයියනේ.

මං කල්පනාවෙන් මිදුනේ දේෂු අප්පච්චී එක්ක ආපහු ආපු නිසා.

“මොකද මිස්ට සේනාරත්න පුතා කිව්වද ලේලි ගැන. එහෙනම් දැන් මං මෙයාව එක්කන් යන්නම් මෙයාව ඔයාලට ගැලපෙන්නේ නෑ කොහොමත් “

“නෑ මිසිස්.. මෙයා තමයි මගේ ලේලි. තමුන් වගේ මහා පහත් තිරිසන් ගෑනු නිසයි ඒ අහිංසකීට එහෙම උනේ. ඉතිං මට මේ කෙල්ලගේ වරදක් පේන්නේ නෑ. කරුණාකරල යන්න පුලුවන් ඔහේට දැන්”

“හරි එහෙනම් තමුන්ලට හොඳින් කියලා වැඩක් නෑනේ. විරූ මෙහෙ වරෙන් යන්න.”

එකපාරට මැඩම් ඇවිත් මගේ අත්ගොබේකින් අල්ලන් ඇදගෙන ගියා.

“අනේ පුතේ මගෙ ලොක්කී… අනෙ ලොක්කියේ …”

මට අම්මා අඬනවා ඇහුනා. දෙයියනේ කොච්චර ලැජ්ජාවක්ද. දේෂු එයා කොහොමද මේ මිනිස්සුන්ට මූණ දෙන්නේ. ඇයි මං කට වහන් ඉන්නේ.. ඔව් තවත් බෑ කට වහන් ඉන්න.

“අත අරිනවා මාව. මං එන්නෙ නෑ..”

හිතට උපරිම හයිය අරන් මං කිව්වා. මැඩම් මං දිහා බලන් හිටියේ මාව මරන්න වගේ.

“හොඳ හිතින් මෙහෙ වරෙන් නැත්නම් උඹේ මිනිහගේ නම්බුව ඉවර වෙයි.”

මට බැලුනේ දේෂු දිහා. ඒ මූණේ පරාජයක සේයාවක්වත් නෑ. ඒ ඇස්වල මොකද්දෝ තිබුනා. ඒත් මට තවත් ඒ පැත්ත බලන් ඉන්න පුලුවන් උනේ නෑ. මැඩම් මාව ඇදගෙන දොර දිහාට ආවා.

“මිස් ලෝරා… “

එකපාරට දොර ගාවින් ඇහුන ඒ හඬටයි මං ඒ පැත්ත බැලුවේ.

“කවුද තමුන්.. අයින් වෙනවා ඔතනින්”

මැඩම් මාවත් ඇදගෙන දොරෙන් එළියට යන්න හදනකොටම …..

– ලක්ෂි මුහන්දිරම් –
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වලකින්න

කවුද ආවේ… මොනා වෙයිද… ඔන්න මං නම් දන්නෙම නැහ්…😂😂😂

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *