#මුලා_වූ_පෙම්වතී 38

💕තිස් අටවන දිගහැරුම💕

“මිස් ලෝරා… “

එකපාරට දොර ගාවින් ඇහුන ඒ හඬටයි මං ඒ පැත්ත බැලුවේ.

“කවුද තමුන්.. අයින් වෙනවා ඔතනින්”

මැඩම් මාවත් ඇදගෙන දොරෙන් එළියට යන්න හදනකොටම අපිව වට කරගත්තෙ පොලිස් නිලධාරීන් පිරිසක්.

“තමුන් ගැන සේරම එළි වෙලා ඉවරයි ඔහේගෙ අනිත් සඟයො ටිකත් දැන් පොලීසියට එන ගමන් ඇත්තේ එහෙනම් මැඩම් ලෝරා අපි යමු නේද”

දෙයියනේ දේෂුගේ යාලුවා.. චලිත් අයියා.. ඒ කියන්නේ දේෂු දැනන් හිටියා චලිත් අයියා එන බව ඒකයි එයා බය නැතිව හිටියේ. මට කිසිම දෙයක් හිතාගන්න බෑ.

“මොකටද මං පොලීසියට යන්නේ.. ආ.. අයින් වෙනවා.. මේ දුව මගෙ ගෙදර වැඩ කලේ ඒකයි මේ එක්කන් යන්නේ”

“එහෙමද මිස් ලෝරා.. හරි ටිකකට පොලීසියට යමුකෝ ඔයාගෙ ගෙදර වැඩ කරපු හැමෝම එහෙ ඉන්නවා”

“මොනව කියෝනවද මංදා මේ මිනිහා. ඔහ් ගොඩ්.. පිස්සුද තමුන්ට”

“නැහැ මිස් ලෝරා මෙතන කාටවත් පිස්සු නෑ. කරුණාකරල ඔයා මගේ වයිෆ්ගේ අත අත් අරින්නකෝ. මේ ඉන්නේ CID officer චලිත් වික්‍රමරත්න. මෙයාගෙ අතින් අල්ල ගන්න දැන්”

දේෂු එහෙම කියලා මාව ඇදලා අරගෙන චලිත්ව පෙන්නලා කිව්වෙ ලෝරා මැඩම් දිහා බලලා හිනා වෙවීමයි.

“මැඩම්…”

එකපාරට එතනට ආවේ ඩෙනිමකුයි බ්ලවුස් එකකුයි ඇඳගත්තු කෙල්ලෙක්.

“ශානි.. කෝ රිතූලා.. ඔයා මොකද මෙහේ..”

“මේකනේ මැඩම් මං ආවේ මගේ රාජකාරිය කරන්නනේ..”

කලින් තිබ්බ අහිංසක මූණ නැතුව ඒ කෙල්ල කිව්වේ අමුතු විදියට හිනා වෙලා.

“මොන රාජකාරියක්ද… ශලී ඔයාගෙ වැඩ තියෙන්නේ මෙතන නෙවෙයි”

“මැඩම් කොහොමද එහෙම කියන්නේ… මගේ රාජකාරිය තියෙන්නේ මෙතන තමයි..”

ඒ කෙල්ලයි මැඩමුයි කියෝනවා චලිත් වගේම අනිත් නිලධාරීනුත් බලා ඉන්නවා. මොනවා වෙන්න යනවද මංද.

“මිස් ලෝරා… මිස් ලෝරා… ඔයාට තාම තේරුනේ නෑ වගේ ශානි කියන්න යන දේ නේද..”

එකපාරට චලිත් ඇවිත් මැඩම් වටේ කැරකැවෙමින් කිව්වේ අමුතු හිනාවකුත් එක්කමයි.

“ශානි එහෙනම් මෙයාට තේරෙන්න කියන්නකෝ”

“මැඩම් ඉතිං මෙච්චර දවස් ඔහේගේ පදේට නැටුවා.. මං එහෙම කලේ මගේ ජොබ් එක ඒක නිසයි. එහෙනම් අහගන්න මම තමයි CID officer ශානිකා සූරියබංඩාර. මේ ඉන්නේ මගේ බොස්. “

දෙයියනේ ඒ කියන්නේ එදා චලිත් අයියා කිව්වේ කෙල්ලෙක් යැව්වා කියලා මේ එයා වෙන්නැති. එහෙනම් මැඩම්ව මේ කොටු කරන් තියෙන්නේ සාක්ශිත් ඇතුවමයි.

“ඕකේ… ඉතිං මැඩම් ලෝරා … දැන් හරිනේ… ඔයාගෙ ගෙදර වැඩ කරන අය ගැන අපි දන්නවා වගේම සාක්ෂිත් තියෙනවා.. එහෙනම් දැන් කලබල නොකර පොලීසියට යමු. මෙතන සුභ කටයුත්තට බාධා නොකර තවත්.”

චලිත් එහෙම කියනවත් එක්කම ශානිකා එක්කම තවත් කාන්තා පොලිස් නිලධාරිනියක් ඇවිත් මැඩම්ට මාංචු දැම්මා. මැඩම් ජීප් එකට නගින්න කලින් මං දිහා බැලුවේ ගිනි පිටවෙන දෑස් වලින්. එයාට තේරෙන්න ඇති මමයි හැමදේටම උදව් කලේ කියලා. ඒත් මට දැනුනේ ලොකූ සතුටක්. සඳුනිට මං වෙච්ච ඒ පොරොන්දුව අද ඉෂ්ට උනා. ඒ ජීවිත වලට නිදහසක් ලැබුනා.

“අයියේ.. තව එක උදව්වක් ඕනි”

“කියන්න සුදූ “

“සඳුනි නිදහස් උනාම එයාට ජොබ් එකක් දෙන්නකෝ.. ප්ලීස්… “

“හ්ම්.. පිස්සි යමු දැන්වත් අර අත්සන දාන්න”

එහෙම කියලා දේෂු මගෙ අතින් අල්ලන් ආයෙමත් ආවේ රෙජිස්ටාර් ලඟට.

“මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා වෙච්චි දේ ගැන. ඇත්තටම ඒ ගෑණු කෙනාව අල්ලගන්න අපිට උදවු කලේ මගේ ආදරනීය නෝනා. ඉතිං ඒ නිසයි මෙහෙම දෙයක් උනේ.. හැමෝම සමාවෙන්න..”

දේෂු මයික් එකත් අරන් කියාගෙන ගියේ ආපු අමුත්තොත් මේ නාඩගම බලන් හිටපු නිසයි.

“පුතේ මේ කසාදෙ කරන්න දෙන්න බෑ”

එකපාරට දේෂු ළඟට ආපු දේෂුගේ අම්මා කිව්වේ මං දිහා දවා හලු කරන බැල්මකුත් හෙලමිනුයි.

“ඇයි බැරි.. ආ.. “

“දේෂු කිව්වාම අහපන්. මේ වගේ..”

“නවත්තගන්න.. ඔයා අම්ම කෙනෙක්ද ආ.. ලැජ්ජයි මට චික්.. තමුන්ටත් ඉන්නවා නේද මේ වගේම දුවෙක්. අදින් පස්සෙ ඔයා මගේ අම්මා නෙවෙයි. මට රත්තරන් වටින අම්මලා දෙන්නෙක් ඉන්නවා. අර ඉන්නේ දැක්කද. ඒ හිත් වල ඔයාගේ වගේ නපුරු කුහක මාන්නේ පිරිලා නෑ.”

දේෂු කියාගෙන ගියේ අපේ අම්මවයි කමලම්මවයි පෙන්නලා.

“අනේ බේබි මහත්තයා “

කමලම්මා බයටමද කොහෙද එහෙම කියාගෙන එතනට ආවා.

“කමලම්මා පැත්තකින් ඉන්න. මෙයා මගේ අම්මා තමයි හැබැයි මේ ගතිගුන මගේ අම්මා කියන කෙනාට ගැලපෙන්නේ නෑ.”

“දේෂු පුතේ මතක තියාගනින් උඹ “

“විනීතා.. නවත්තපන්.. මොන ලැජ්ජාවක්ද මේ.. තමුන්ගෙ ඔය ඔලුව උඩ තියන මාන්නෙයි උද්දච්ච කමයි තියන් පැත්තකින් ඉන්නවා.”

“මහත්තයා ඔයත් මෙයාගෙ පැත්තෙද. මේකි නිසා අප්පච්චීලා පුතාලා අන්ද වෙලා. වෙන එකෙක්ගෙ දරුවෙක් හදාගන්න උනාම උඹට තේරෙයි පුතේ. “

“අම්මේ…😤😤😬

“තාත්තේ මෙයාව එක්කන් යන්න මට මේ මගේ අම්මා කියලා අමතක වෙන්න කලින්…”

දේෂු කේන්තියෙන් එහෙම කියද්දි මං දේෂු ළඟට ආවේ දේෂුගේ කේන්තිය හොඳටම දන්න නිසයි. මට දේෂුව නැති උනත් එයාට ලැජ්ජාවක් වෙන්න දෙන්න මට බෑ.

“අයියේ…”

“සුදූ දැන් කියන්න එපා අම්ම නිසා මේක නවත්තමු කියලනම් එහෙම උනොත් ඔයාට මගේ මලගමට එන්න පුලුවන් “

කේන්තිය ටිකක්වත් අඩු නොකර දේෂු මටත් කෑගැහුවා. දෙයියනේ මේ විදියට කොහොමද මං මේ දේ කරන්නේ. ඒ දේෂුගේ අම්මා. එයාට එයාගේ පුතාව නැති කරන්න මට බැහැ.

– ලක්ෂි මුහන්දිරම් –
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
කතෘ අවසරයකින් තොරව උපුටාගැනීමෙන් වළකින්න

ඔන්න ඉතිං කසාදෙ වෙන්නේ නෑලූ…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *