#මුලා_වූ_පෙම්වතී 47

💕හතලිස් හත්වන දිගහැරුම💕

රූම් එකට ආවාම මං බොරුවට තරහ වෙලා වගේ ඉද්දි දේෂු හෝ ගාලා බටර් ගානවා. මං අමාරුවෙන් හිනාව ගිලගෙන හිටියේ. ඇඳේ අනිත් පැත්තට හැරිලා හිටපු මාව එකපාරටම ඇදිලා ගිහින් වගේ දේෂුගේ පැත්තට හැරුනා.

“හපෝ… මංද පෝශනේද සුදූ.. ඇල්ලුවත් ඇදිලා එනවා..”

මාව ඇදලා ගත්තා මදිවට දැන් මටම නෝණ්ඩිය දානවා. මං රවාගෙනම හිටියා. ඒ දේෂු මට වැඩිවෙලා රවාගෙන ඉන්න දුන්නේ නෑ.. මගේ මූණටම එබිලා ටිකක් වෙලා මං දිහා බලන් හිටපු දේෂු ඒ දෙතොල් මගේ නළලේ තැවරුවේ ලොකූ ආදරේකින්. මාත් දෑස් පියාගෙන ඒ හාදුවේ සුව වින්ඳේ මුලු හදවතින්මයි.

ටිකෙන් ටික දේෂු මගේ දෑස් කම්මුල් ආදරෙන් සිපගත්තේ ගොඩාක් පරිස්සමට. මගේ දෙතොල් මත දේෂුගේ දෙතොල් තැවරුනේ හරි පරිස්සමට. ඒ තරමට දේෂු මට ආදරෙයිද කියලත් හිතුනා. මලක් තරම් පරිස්සමින් මාව ආදරෙන් සිපගත්තු දේෂුගේ ඒ සිපගැනීම් ටිකෙන් ටික රලු උනත් ඒ රලු බව මට දැනුනේ නෑ. ජීවිතේ වරක් අසිහියෙන් අකමැත්තෙන් ලබපු මේ අත්දැකීම අද ආදරනීය විදියට දේෂුගෙන් ලබද්දි මට මං ගැනම ව්දුකක් දැනුනා. දේෂු ගැන ලොකූ ආදරයකින් පපුව පිරිලා ගියා. හෝරා කිහිපයක් ගෙවෙන්න ඇති දේෂුගේ පපුව මතම මං නින්දට වැටුනේ හෙට දවස ගැන හිතට දැනුන අමුතු බයක් එක්ක.

මොකද අද මේ විදියට දේෂුගේ පතිනිය උනත් මං ඉඳුල් වෙච්ච ගෑනියෙක්. හෙට උදේට ඒ සලකුන මේ ඇඳ රෙද්දේ නැති බව මං දන්නවා. දේෂු ඒක හිතන්නේ නෑ කියලා කොච්චර කිව්වත් එයත් පිරිමියෙක්.

💞💞💞💞

“සුදූ…”

“ම්….”

“අද දවසම ඔහොම ඉන්නද කල්පනාව ….”

දේෂු එහෙම කිව්වාමයි මං හීමීට ඇස් ඇරියේ.

“සුදූ… ආයේ මාව අවුස්සගන්නේ නැතුව නැගිටින්න…. මේකිගේ හුරතලේ..”

දේෂු එහෙම කියද්දි මං ඉක්මනට දේෂුගේ පපුවෙන් නැගිට්ටා. දේෂු ඉතිං හිනාවෙනවා. බෙඩ් ශීට් එකත් ඇඟ වටේ ඔතාගෙන මං බාතෲම් එකට දිව්වේ දේෂු තවත් හිනාවෙද්දි එයාට රවාගෙනමයි.

“සුදූ ඉක්මනින් එන්න…. මාත් වොශ් දාගන්න ඕනී…ලැජ්ජ උනාට වැඩක් නෑ දැන්…”

අර්… මේ මෝඩයා නම් ලැජ්ජාවේ බෑ. මං ඉක්මනට නාගෙන ගවුමකුත් ඇඳගෙන එළියට ආවේ සාලුවත් කොණ්ඩෙ ඔතාගෙන.
මං එනකොටත් දේෂු ඇඳේ. ෆෝන් එකට මූණ ඔබන් ඉන්නවා. මං සද්ද නොකරම රූම් එකෙන් එළියට යන්නයි හැදුවේ .

“සුදූ…. ඉන්න ඔහොම”

“ඇයි අයියේ..”

දේෂු නැගිටලා මං ළඟට ආවා. මගේ මූණ නිකටින් අල්ලලා උස්සලා මගේ ඇස් වළටම එබුනේ හිනාවකුත් එක්කමයි.

“දුකින්ද සුදූ…”

“නෑ අයියේ”

“මටද බොරු කියන්නේ… ම්… මං දන්නවා ඔය මූණ අමුතු ඇයි කියලා. මං කිව්වනේ සුදූ … මං ඒවා හිතන්නේ නැත්නම් ඇයි ඔයා හිතන්නේ ආ…”

මං මොකුත්ම නොකියා බිම බලාගත්තා.

“කෝ දැන් මගේ හොඳ නෝනා වගේ ගිහින් මට තේ ගේන්නකෝ…😊

මගේ නළලත් ඉඹලා එහෙම කියපු දේෂු බාතෲම් එකට ගියේ මගේ කම්මුලටත් තට්ටුවක් දාගෙනමයි.

💞💞💞💞

කාලේ ගෙවිලා ගියේ අපි දෙන්න තවත් ආදරෙන් ළං කරමිනුයි. අපේ අම්මයි චුට්ටියිත් අපිත් එක්ක නිසා අපි ලස්සන පවුලක් උනා. දේෂු චුට්ටිගේ හැම වගකීමක්ම ඉටු කලේ තමන්ගෙම නංගි වගේ.

මාස හයක්ම ගෙවුනත් දේෂුගේ අම්ම තවමත් මට කැමැත්තක් නෑ. අප්පච්චී නම් නිතර එනවා. වෙඩින් එකෙන් පස්සේ අම්මා එක වතාවයි ආවේ. ඒත් දේෂු අම්මා එක්ක කතා නොකළ නිසා අම්මා පිට උනේ මා එක්ක තවත් තරහින්. දේෂු එක්ක ඒ ගැන කතා කරන්න ගියාම දේෂු මාව නවත්තන නිසා මට දේෂුගේ කේන්තිය නිවන්න පුලුවන් උනේ නැහැ.

දේෂුගේ අම්මා මේ තරම් මා එක්ක තරහා විරාජ් ගිහින් දේෂුගේ අම්මට මං ගැන කියලා නිසයි. අම්මා හිතන් ඉන්නේ මං ජරා ගෑනියක් කියලා. අම්මා කෙනෙක් විදියට එයා හරි. මේ වෙනකොට විරාජ්නම් හිරේ ගිහින්. ඒත් එයා අවුලපු ගින්නෙන් මගේ පවුල දෙකට බෙදිලා. කවදම හරි දේෂුගේ අම්මා මාව පිළිගනීවි. ඒ දවස වෙනකල් ඉවසීමෙන් ඉන්න මං හිතාගත්තා ..

දේෂුගේ කම්පැනි එකේ වැඩ අපි දෙන්නම එකතුවෙලා කලේ ලොකු සතුටකින්. සඳුනිත් දැන් කම්පැනි එකේම වැඩ කරනවා. විනාස වෙන්න ගිය ඒ ජීවිතේ දැන් නිදහසේ ගෙවෙන හැටි දැක්කාම මං මුලු හිතින්ම සතුටු උනා.

මං මුල ඉඳලා මගේ ජීවිතේ ගැන හිතද්දී මටම පුදුමයි අද මං මෙහෙම ඉන්න එක. මං විඳපු දුක් කරදර එක්ක අද මේ ලබන සතුට මට දුන්නේ මගේ දේෂු . ඔව් එයාගේ ආදරේ. අප්පච්චිගේ සෙනෙහස කමලම්මගේ කරුනාව මේ හැමදේම නිසා මං අද සතුටින්.

💞💞💞💞

අද ඔෆිස් නොගිහින් ගෙදර නැවතුනේ උදේ ටිකක් උන ගතිය තිබුන නිසයි. දේෂුත් නවතින්න හැදුවත් අද වැදගත් මීටින් එකක් නිසා බලෙන්ම වගේ එයාව පිටත් කළා.

දවල් වෙද්දි උණ අඩු වෙච්ච නිසා මං පහළට ආවේ අද දේෂුට මගේ අතින්ම උයන්න හිතාගෙනයි. හැමදාම අම්මයි කමලම්මයි අපි ගෙදර එනකොට උයලා තියෙන නිසා මං උයන්න උදව් වෙන්නෙ උදේට විතරයි. ඒ නිසා අද වෙනසක් කරන්න හිතුනා.

“ලොක්කි මොකෝ මේ… උණ අඩුද පුතේ”

“මට හොඳයි අම්මේ… කෝ ඔයයි කමළම්මයි යන්න දැන්… අද මං උයන්නම්…”

“අනේ අනේ දරුවෝ අසනීපෙන් ඉද්දි මොනා කරනවද.. කො යන්න යන්න”

“කිව්වම අහන්නකෝ කමලම්මා …. අනේ මට හොඳයී… කො කෝ… ඔයාලා යන්න”

අම්මවයි කමලම්මවයි බලෙන්ම සාලෙට ගෙනිහින් ටීවී එකේ බණක් දාලා දීලා මං උයන්න පටන් ගත්තා.

ඒත් ටිකකින් එකපාරටම…

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

එකපාරටම විරූ මැරුනලූ….😁😁😁😁

Like comment කරපු හැමෝටම තැන්කුයී …. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *