#මුලා_වූ_පෙම්වතී 48

💕හතලිස් අටවන දිගහැරුම💕

“අනේ අනේ දරුවෝ අසනීපෙන් ඉද්දි මොනා කරනවද.. කො යන්න යන්න”

“කිව්වම අහන්නකෝ කමලම්මා …. අනේ මට හොඳයී… කො කෝ… ඔයාලා යන්න”

අම්මවයි කමලම්මවයි බලෙන්ම සාලෙට ගෙනිහින් ටීවී එකේ බණක් දාලා දීලා මං උයන්න පටන් ගත්තා.

ඒත් ටිකකින් එකපාරටම බත් එක ඉදෙන සුවඳත් එක්කම මට බඩ කලත්තගෙන එනවා දැනුනා. එහෙමම මිදුලට දිව්වේ වමනෙට ආපු නිසා.

ඇඟට පණක් ඇත්තෙම නෑ. උණ නිසා වෙන්න ඇති. එහෙමම සාලෙට ආවේ තවත් වැඩ කරන්න බැරි නිසයි.

“ලොක්කි.. මොකෝ මේ…”

“ඇඟට අමාරුයි අම්මේ වමනෙත් ගියා”

“මං කිව්වා නේද ඇඳට වෙලා ඉන්න කියලා. ඉන්න පුතාට කෝල් කරන්න බේත් ඩිංගක් ගේන්නවත්”

“ඕනි නෑ අම්මා එයාට වැඩ ඇතී.. මේක අඩු වෙයී…”

එහෙම කියලා මං හැරුනේ රූම් එකට යන්නයි. කමලම්මා අම්මට මොනාදෝ කියනවා ඇහුනත් මං ගනන් නොගෙන උඩට ගියා.

💞💞💞💞

“සුදූ… නැගිටින්න මං ඩොක්ටර් එක්කන් ආවා”

මාව ඇහැරුනේ දේෂු සද්දෙට. දැන්නම් ඇඟට අමාරු ගතියක් නෑ.

“බේත් ඕනි නෑ අයියේ… දැන් අමාරුවක් නෑ.. අම්මලාට පිස්සුනේ ඔයාව බය කරලා”

“හා හා දැන් ඩොක්ටර් ආපු එකේ පොඩ්ඩක් බලමුකෝ.. බේත් බොන්න කම්මැලි කමට කියවන්නේ මෙතන 😁😁

මේ දේෂු නම්… මොනා කරන්නද මාත් කට වහන් හිටියා ඉතිං තව කොච්චර කිව්වත් ඔච්චරයිනේ..

“දේෂු.. මෙයාට ඇති අසනීපයක්නම් නෑ..”

ඩොක්ට කිව්වේ හිනාවෙවීමයි.

“ඒකනේ ඩොක්ටර් මං මෙයාට කිව්වා කෝ අහනවායෑ… බොරුවට ඩොක්ටව එක්කන් ආවා”

“ඒක නේන්නම් දූ… හැබැයි වෙන හේතුවක්නම් තියේ “

“මො..මොකද්ද ඩොක්ටර් “

දේෂු ඩොක්ටර් ගෙන් ඇහුවේ බය වෙලා වගේ. එච්චර බය වෙන්න මට මොකද්ද වෙලා තියෙන්නේ… 😲😲

“දොස්තර මහත්තයෝ … එහෙනම් මං හිතපු දේ හරිනේ…”

එකපාරට කමලම්මා එහෙම කිව්වාම ඩොක්ටත් හිනාවෙලා ඒක අනුමත කලා. මට හිතාගන්න බෑ මොකද්ද කියලා. මං දේෂු දිහා බැලුවේ එයාවත් දන්නවද කියලයි. එයත් බයවෙලා බලා ඉන්නවා.

“කමලම්මේ… මොකද්ද කියන්නකෝ..අනේ මගේ සුදූට..”

“හෝව් හෝව්… දේෂු මහත්තයෝ …. කලබල නොවී දොස්තර මහත්තයා ගෙන්ම අහගන්නකෝ අපි යනවා”

එහෙම කියලා කමලම්මයි අම්මයි රූම් එකෙන් ගියා. මට මෙලෝ දෙයක් හිතාගන්න බෑ. ඩොක්ටර් හිනාවෙවී අපි දෙන්න දිහාම බලනවා.

“දේෂු.. එතකොට දූ… ඕක ලෙඩක් නෙවෙයී… ඔයාලා දෙමාපියෝ වෙන්න යන්නේ ඉතිං …😁😁

ඩොක්ටර් එහෙම කියද්දි මගේ කටත් ඇරුනා.

“ඒ..ඒ කියන්නේ සුදූ …”

“ඔව් ඔව් දේෂු … ඔයාගේ වයිෆ් ප්‍රෙග්නට්”

දේෂු පැනපු ගමන් මාව බදාගත්තා. මගේ ඇස් වලටත් කඳුලු ආවේ මේ සතුට දරාගන්න බැරුව. ඔව් අපේ පවුල සම්පූර්ණ උනා. අනේ මගේ පැටියෝ කැඩිලා තියන ඔයාගේ අප්පච්චිගේ පවුලේ බැඳීම් ඔයා ආවාමවත් එකතු කරන්න. මං හිතින් ප්‍රාර්ථනා කලේ අපේ පැටියා නිසාවත් දේෂුගේ අම්මා තරහා අමතක කරයි කියන සිතුවිල්ලෙන්.

“එහෙනම් පුතා දුවව හොඳට බලාගන්න මං යන්නම්”

“හරි ඩොක්ටර් තැන්ක්ස්..”

💞💞💞💞

අම්මයි කමලම්මයිත් සතුටට අඬනවා. දේෂුගේ අප්පච්චිත් පහුවදා උදේම ආවා අම්මත් එක්කම. අප්පච්චී තනියම එනවා කිව්වාම මං අම්මවත් එක්කන් එන්න කිව්වේ අම්මා දැන්වත් මාව නැතත් දේෂුගේ දරුවා පිළිගනී කියලා හිතලයි.

“සුදූ… ඔන්න කෑම ජාති ගොඩක් ගෙනාවා..”

දේෂු අත් දෙකට බෑග් ගොඩාක් උස්සන් ඇවිත්. මේ හැමෝටම සතුට වැඩි කමට මාව දස මහා යෝදයන්ගෙන් එකෙක් වගේ පේනවද කොහේද. කොයි වෙලෙත් කන්න කන්න ගානවා.

“අනේ අයියේ… අම්මා දැන් අලි බත් එකක් කැව්වා… හුස්ම ගන්නත් බෑ.. ඕක තව ටිකකින් හොඳේ…”

දේෂු කන්න කියන්න කලින්ම මං කියාගෙන යද්දි දේෂු හිනා වෙවීම බාතෲම් එකට ගියා.

රෑ වෙද්දි දේෂුගේ අප්පච්චී අම්මයි ආවා. දේෂු නම් අම්මව ගනන් ගත්තෙත් නෑ. අම්මත් ඇවිත් සෝෆා එකේ වාඩිවෙලා හිටියා. අප්පච්චී නම් මං ළඟට ඇවිත් මාව තුරුල් කරන් ඉම්බා.

“ඔන්න කෙල්ල අපිව අත්තම්මෙකුයි සීයෙකුයිත් කරා එහෙනම්”

“ඔව් ඔව් අප්පච්චී දැන් ඔන්න ඔයාලා වයසයි හරිද.. නේද සුදූ “

දේෂුත් හිනාවෙවීම කියෝනෝ. හැමෝම ලොකූ සතුටකින්.

“ඔය කිව්වට කවුද දන්නේ ඔය දරුවගේ අප්පච්චී කවුද කියලා.. ආරේ ගති අරින්න බෑනේ.. කසාද බැන්දා කියලා පත්තිනි අම්මා වෙයිද”

“විනීතා…😬😬😬

“අප්පච්චී.. මේ ගෑණිව මොකටද ගෙනාවේ.. 😬😬😬

“අ..අයියේ … මමයි අප්පච්චිට කිව්වේ..”

“නවත්තගන්නවා සුදූ … චුට්ටි අක්කව කාමරේට ගෙනියන්න”

දේෂු කිව්ව ගමන් චුට්ටි ඇවිත් මාව කාමරේට එක්ක යන්න හැදුවත් මං චුට්ටිගේ අත ගසලා දාලා දේෂුගේ අම්මා ළඟට ගියා.

“අම්මේ.. මෙච්චර කාලෙකට ඔයා කියපු හැම වචනෙම ඉවසුවා. ඒත් ඔයා අද කිව්ව දේ… ඒක ගොඩාක් වැරදී අම්මේ. මේ බඩේ ඉන්න දරුවා පල්ලා මං දිවුරනවා දවසක ඔයා ඔය කියපු දේට ගොඩාක් පසුතැවෙයි. “

කොහෙන් ආපු හයියක්ද දන්නෑ.. එකදිකට එහෙම කියලා මං කාමරේට දිව්වා. දේෂු අම්මට බනිනවා ඇහුනා. මට රණ්ඩු ඇති කරන්න ඕනි උනේ නෑ දෙයියනේ … ඒත් හැමදාම වෙන්නෙම ඒකමයි.

ඒත් හැමදාම මෙහෙම රණ්ඩු වෙන්න බෑනේ. පස්සේ ආපු මං නිසා දේෂුට උපත දුන්න ඒ අම්මව මගඇරෙන්න දෙන්න බෑ දෙයියනේ …

කල්පනා කරලා අන්තිමට මං තීරනයක් ගත්තා. ඔව් මං ඒ දේ කරනවා. අර විරාජ් කියන මිනිහා දුන්න මේ ගින්න මං නිවනවා කොහොම හරි. අම්මා විශ්වාස කරන්නේ ඌ උගේ කටින් කියපු ටිකනේ. මං සාක්ෂි ඇතුව අම්මට පෙන්නන්නම් අම්මේ මේ දරුවා දේෂුගේ කියලා. දරුවගේ මූණ දැකපු දවසට ඔයා ගොඩක් පසුතැවෙයි.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

කතාව පරක්කු වෙනවට සමාවෙන්න ළමායී… ගොඩාක් වැඩ අතරේ තමයි කතාව මෙහෙමවත් දාන්නේ…

Like comment කරන යාලුවෝ හැමෝටම තැන්කුයී ….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *