~~~යශෝධරා ~~11 කොටස

‘යශෝ …පිස්සු නැතිව ආපහු යමු … මේට්‍රන් දැක්කොත් වෙන දේ මට හිතාගන්නවත් බෑ ..’
සෙනුලි නහයෙන් අඩාවැටුණත් ආපසු හැරීමට මට උවමනාවක් නොවිනි …
‘සෙනූ කෑ ගහන්නේ නැතිව වරෙන් …මට හොයාගන්න ඕන මෙතන වෙන්නේ මොනවාද කියලා ..’
‘අපි දැනගත්තා කියලා මොනවා කරන්නද ..’
‘ කරන දේ අපි පස්සේ හිතමු ….දැන් ගිහින් බලමු මොකද වෙන්නේ කියලා .. මට දැනගන්න ඕන එදා මම දැක්කේ ඇත්තක් ද නැත්තම් දෘෂ්ටි මායාවක්ද කියලා ’
‘ඕවා හොයලා වැඩක් වෙන්නේ නැහැ …ආපහු යමු යශෝ …’
ශබ්ද නොකරන ලෙස පැවසුවත් සෙනුලි නොවේ කියවීම නැවතුවේ …….
‘එහෙනම් ඔයා යන්න ……මම ගිහින් බලලා එන්නම් …’
සෙනුලිගෙන් බුරුලක් නොමැති නිසාවෙන් අවසානයේ මා එලෙස පැවසුවේ ඇගේ මුහුණට එබෙමිනි .
‘හරි දැන් ඔයාගේ ආශාව නේ යමුකෝ … හැබැයි ඉක්මනින් යමු …’
මා තනිව යැවීමටද ඇගේ කැමැත්තක් නැත …. මගේ දකුණතින් අල්ලාගත් සෙනුලි පිටුපසින් වැටෙද්දී හඩක් නොනැගෙන ලෙස මම පියවර තැබුවෙමි …
සන්ධ්‍යාවේ හිරුගේ මලානික එළිය නිසා තෙවන මහලේවූ අදුරු ගතිය යාම්තම් මැකී ගොසිනි … මා පරිස්සමින් ඉදිරියට පියවර තැබුවෙමි ….
මේ වලව්ව ඉදිකරන්න ඇත්තේ මිට වසර සියකට වඩා ඉහතදී විය යුතුය …. එක පෙලට පිහිටි කාමර දෙස විමසිල්ලෙන් බලමින් මම ඇවිද ගියේ කිසියම් හෝඩුවාවක් හොයමිනි …
‘ යශෝ …අර ..අර බලන්න …අර කාමරේ බාගෙට ඇරලා තියෙන්නේ ..’
මම සෙනුලි පෙන්වූ දෙසට දෑස් පෑවෙමි …. එය තිබුනේ මදක් විවර කොටය …. මම ඒ දෙසට යන්න දෙවරක් නොසිතුවෙමි …
‘අනේ යශෝ මට හරි බයයි …අපි ආපහු යමු ….’ දෑස් විසල් කොටගෙන උන් සෙනුලි මා ඉදිරියේ බැගෑපත් වෙද්දී ඒ කිසිවක් ගණන් නොගෙන මම කාමරය දෙසට පියවර මැන්නෙමි ….
විවර කර තිබුණු දොරෙන් අඩිය තැබූ මගේ ගත භිතියකින් සලිත වී ගියේ එහි යහන මත දිගහැර තිබුණු දිගු දම්වැල දුටු පසුවය … මෙය පෙරදා සෝමා අතේ තිබුන ඒ දම්වැලද …එසේ නම් අර යුවතිය හිරකර ඇත්තේ මේ කුටියේ විය යුතුය …. ආපහු හැරී දිවීමට සිත් උනිද සැනෙකින් ඒ සිතුවිල්ල යටපත්වී සිතට නැගුනේ මේ අභිරහස විසදිය යුතුය යන හැගීමය …
‘යශෝ … යමු අපි ..’ මගේ අත වෙලාගෙන තිබුණු සෙනුලිගේ අතේ ගැස්ම මට හොදින්ම දැනුනි …. ඇය පැවසුව නෑසුනා සේ මම කාමරය තුලට පිවිසීම් ….
‘යශෝ මේ බලන්න මේ මෙසේ උඩ ඉටි පන්දම් කිරි ….’ සෙනුලි පෙන්වූ දෙසට මම දෑස් යොමු කලෙමි …. එහි තිබුනේ අළුත් ඉටි පන්දම් කිරිය …. එසේ නම් මිට හෝරා කීපයකට පෙර කිසිවෙක් මෙහි කාලය ගෙවා ඇත ..එසේ නම් ඒ පුද්ගලයා දැන් කොහිද …. මම දෑස් අයා දසතම බැලීමි … මදක් අවුල් උන යහන කිසිවෙක් මෙහි සැතපී උන් බව සාක්ෂි කිවේය …. මේ ගුහාවක් වැනි කුටිය තුල ජීවත්වෙන්නේ අර සිරකාරියද …. කාමරය සියුම් ලෙස නිරීක්ෂණය කරමින් උන් මට … එක්වරම කාමරයට පිටතින් ඇසුනේ කිසිවෙකුගේ පියවර හඩකි ….
‘කව්රු හරි එනවා …. සෙනු …’ සෙනුගේ මුව මත ඇගිල්ලක් තබා නිහඩ වෙන ලෙස පැවසූ මම ඇයවත් ඇදගෙනම යහන පිටුපසට දිව ගොස් ශීතල පොළවේ අසුන් ගත්තේ පැමිණි අයගෙන් ආවරණය වෙන ලෙසටය ….
‘උබට කියලා තියෙනවා නේද ..පැනලා යන්න උත්සහ කරන්න එපා කියලා … ‘’ තවත් මොහොතකින් කාමරය තුල රැවූ දුන්නේ සෝමාගේ හඩයි ..
‘මට යන්න දීපන් සෝමා …. මම උබ ඉල්ලන ගානක් දෙන්නම් ..උබට හොදට සලකන්නම් …’ ඒ කටහඩ සියුම් මිහිරි කට හඩකි …ඇය මහා හඩින් ඉකිබින්දේ දරාගත නොහැකි වේදනාවකිනි … සමහර දිනවල කිසිවෙක් ඉකිබිදින හඩ මට කීපවරක්ම ඇසි ඇත …. එසේ නම් හඩා වැටෙන්නිය …මේ සොදුරු හිරකාරිය විය යුතුය …
‘ මට උබෙන් කිසිම දෙයක් එපා .. උබ මේ විදින වේදනාව දිහා බලලා මට ලැබෙන සතුට සල්ලි වලට ගන්න බැහැ පුංචි නෝනේ .. ’ ස්වල්ප වෙලාවක් යනතුරු ඇසුණු සෝමාගේ වියරු හිනාහඩ මැකි ගොස් දම්වැල් එකින් එක ගැටෙන හඩ නැගී ආවේය ….
සෙනුලි ගිඩි ගිඩි ගා ගැහෙද්දි බිය නිසා ඇය විලාප දෙනු ඇතැයි බියකි මගේ හිතේ ඇතිවුනේ …
‘සෝමා එක සැරයක් මට එයාව හම්බවෙන්න දීපන් ….මට එයාගෙන් සමාව ගන්න ඕන … ඊට පස්සේ මම මැරිලා ගියත් කමක් නැහැ ..’
සිරකාරිය ඉකිබිදිම්න් දුක කියද්දී සෝමා වියරු ලෙස සිනාසුනාය …
‘ ඒක කවදාවත් වෙන්නේ නැහැ …එහෙම උනොත් අපේ රහස් එළියට යනවානේ … ඒකා හිතන්නේ උබ අරු එක්ක පැනලා ගිහින් සතුටින් ඉන්නවා කියලා …. ඌ උබට වෛර කරනවා …..’
සෝමා පවසන කිසිවක් මට පැහැදිලි නැත ….ඇය කවරෙක් ගැනද මේ පවසන්නේ …..
ඉන්පසුව මද වෙලාවක් යනතුරු දෙදෙනාගෙන් එකියක හෝ කිසිවක් පැවසුවේ නැත … විනාඩි ගානක් කාමරය තුල පැවති නිහැඩියාව බිදී ගියේ සිනුවක් නාද වීම නිසාය …
‘මම ගිහින් එනකන් ඔතනම ඉන්න ඕන …හෙලවිලා හරි තිබ්බොත් අද රෑට කෑම හම්බවෙන්නේ නැහැ ‘’
දුෂ්ට ස්වරයෙන් එලෙස පැවසු සෝමා කාමරයෙන් පිටව යන්න ගියාය … ටික වෙලාවක් උන් තැන්වල නොසොල්මනේ උන් මම මදක් ගෙල ඔසවා යහන දෙසට නෙත් හෙලිමි ….. යහනේ මුනින් අතට වැතිර උන් සිරකාරිය නිසොල්මන් ය …. ඇගේ දෙපා සහ දෙඅත් යහනට තබා ගැටගසා තිබුණි ….
සෙනුලි දෙසට හැරුණු මම ඇයට මා පසුපස එන ලෙස දෑසින් ඉගි කලෙම් … උන් අයුරින්ම බිමට පාත්වී මා ඉදිරියට ගියේ උරගයෙකු ලෙසය … අපේ වෙලාව හොදය …. දොර තිබුනේ අගුළුලා නොවේ …. සෙමින් බොහෝ සෙමින් නැගී සිටි අප හඩක් නොනැගෙන ලෙස දොරටුව විවර කරගෙන කාමරයෙන් පිටව දොරටුව තිබු අයුරින්ම සැකසුවෙමු …..
‘අම්මෝ මගේ හොද පණ ගියා …’ සෙනුලි කතා කලේ නිදන ශාලාවට පැමිණි පසුවය ….ලේ සිදී සුදු මැලිව උන් ඈ යලිත් කිසිදිනෙක මෙවැනි දෙයකට සහභාගී නොවෙනු ඇත …
‘මම හිතුවේ අර හිරකාරිට උන දේ අපිටත් වෙයි කියලා ..’
‘අපේ වේලාව හොදයි ..දෙවියෝ බලන්න ඇති අපි දිහා … ‘’
‘ ඔයා හිතන්නේ කවුරු කියලද මේ හිරකරගෙන ඉන්න කෙල්ල …’
‘මට හිතාගන්න බැහැ අනේ …’
‘පොලිසියෙන් වහන් වෙලා මෙයාලා කොහොමද මෙච්චර නීති විරෝධී දේවල් මෙතන කරන්නේ … ‘
‘…ඒ වගේ අපරාධ මේක ඇතුලේ වෙයි කියලා කවුරුත්ම හිතන්නේ නැහැ .. මේක අපරාධ කරන්න තෝතැන්නක් උනත් කවුරුත් ළමා නිවාසයක් නිසා සැක හිතන්නේ නැහැ ..’
‘අපි මේ දේවල් වෙන්න ඉඩ දෙන්න හොද නැහැ … ‘
‘අපි කියලා මොනවා කරන්නද …කාට හරි සැක හිතුනොත් අපිවත් සදහටම හිර කරලා එහෙමත් නැත්තම් මරලා දායි ..’
බොහෝ වෙලා යනතුරු මේ පිළිබද කතා කලද …. පැනයට විසදුමක් අප දෙදෙනා ලගම නොවිය …
*******
ඉන්පසු ගෙවුණු දින කීපයේම මට කල්පනා කිරීමට බොහෝ දේවල් විය ..ඉතීන් මා හිතට වද දෙමින් පිළියමක් සෙව්වෙමි …. මෙහිදී මගේ උදව්වට කිසිවෙක් නැත ….
‘අඩන්න එපා තරූ බබා …’ සිතුවිලි වල ගිලි උන් මා තිගැස්සී බැලුවේ තරූගේ හැඩීම නිසාය …
‘අනේ අක්කි මට යන්න බෑ කොහෙවත් මම මෙහෙම ඉන්නම් ..’ තරූගේ කුඩා දෑස කදුළින් පිරි ගොසිනි …. අෂිනි උන්නේ ඈ සනසමිනි ..
‘ඇයි තරූ අඩන්නේ ..’ අඩමින් සිටින දැරිය අසලට ගිය මම ඇයට නැබුරු උනෙමි ..
‘මාව කාටද දෙනවාලු අක්කි ..’ ඉකිබිදීමින් ඈ කතාකලේ අපහසුවෙනි
‘ඒ කිව්වේ ..’
‘තරූව හදාගන්න දෙනවලු … මේ අඩන්නේ යන්න බෑ කියලා ..’
ළමා නිවාසේ උන් කුඩාම දැරිය තරුයි . … ඇය දැරියන්ගේ සුරතලිය උවාය ..අනුෂිකා පවා ඇයට අනුකම්පා කල බව මා දැන උන්නෙමි …
‘අනේ අක්කි මට යන්න බෑ .. … මට බයයි ….’ මුරණ්ඩු විලසින් හඩන දැරිය දෙස බැලීම පවා මගේ හිතට වේදනාවක් විය …
‘කවද්ද ඔයාව එක්ක යනවා කිව්වේ ..’
‘ලබන බදාදා යන්න ලැහැස්ති වෙන්න කියලා කිවුවා ..’
මෙහි උන් රවිතාගේ ඉරණම තරුටත් අත්වෙන්න බැරි නැත …. ඇයට කිසිවක් වීමට ඉඩදිය නොහැකිය … මෙයට උදව් කිරීමට සිටින්නේ කවුරුද … සිටින්නේ එකෙකු පමණකි ..ඒ ඔහුය .. අභිතය …..අභීත ඔහුට පමණකි මෙය වැලක්වීමට හැක්කේ ….
‘ඔයා අඩන්න එපා පැටියෝ .. මම මොනවා හරි කරන්නම් ..’ දැරිය තුරුළු කරගත් මා ඇයව අස්වැසුවෙමි …ඒත් ඒ හඩන දෑසේ කදුළු නම් නොවියළුනේ වීය …
පසු සදුදා මම ළමා නිවාසයෙන් පිටතට ගියේ එක් බලාපොරොත්තුවක් හිතැතිවය ….
‘සෙනු මට හෙල්ප් කරපන් …. මම අභීත සර් හම්බවෙන්න යනවා … මේක කාටවත් දැනගන්න තියන එපා …’
‘පිස්සු කරන්න එපා …. මේ ළමා නිවාසේ රූල්ස් තියෙනවා …. උබ ඒවාට පිටුපාන්න එපා ..’ සෙනු නම් කිසිලෙසටවත් මගේ අදහස කැමති නොවෙනු ඇත ..
‘මට තරූට උදව් කරන්න ඕන ….. ඒක කරන්න පුළුවන් එකම එක කෙනෙක්ට විතරමයි … මට අභීත සර්ගෙන් උදව් ඉල්ලන්න වෙනවා …උබ මොනවා කිව්වත් මම යනවා සෙනූ ….’
ඇයගේ අකැමැත්ත මගේ ගමනට බාධාවක් කරගන්න මට උවමනා නොවුනි …. ඇය තවත් කිසිවක් කීමට පෙර මම ප්‍රධාන මාර්ගයෙන් අභිතගේ නිවසට ඇති මාවත වෙත හැරුනෙමි ….
අභිතගේ නිවසට යන තෙක් දුර මා හැල්මේ දිව ගියෙමි . …. තාප්පයකින් වටවුණු අභිතගේ බංගලාව ඉදිරියේ නැවතුනු මම හති ඇරියෙමි …. වසාදමා තිබුණු විසල් යකඩ ගේට්ටුව වෙත ගිය මම පසෙක ගල් කණුවේ සවිකර තිබුණු සීනුව නාද කලෙමි …. මද වේලාවකින් ගේට්ටුවේ තිබුණු කුඩා කවුළුවෙන් හිස පිටතට දැම්මේ සිරිල්ය ….. ඔහුගේ මුහුණ පුරා තිබුණු රුදු භාවය මා දැක සිය ගුණයකින් වැඩිවෙන්න ඇත …
‘කවුරු හම්බවෙන්නද ….’ මද වෙලාවක් මා දෙස එක එල්ලේ බලා උන් ඔහුගේ ගොරෝසු කටහඩ මගේ සවන් තුළ රැවූ පිළිරැවූ දෙන්න විය …
‘අභීත සර් …’ ඔහුගේ නපුරු බැල්ම මගහැර මම ඉවත බැලුවෙමි …
‘ තමුන් වගේ කමකට නැති කෙල්ලක් හම්බවෙන්න අභීත මහත්තයාට වේලාවක් නැහැ ..දැන් වහාම මේතනින් දුවලා යනවා …’ ඔහු ගුගුරන්න උවේ කෝපයෙනි …
‘මට සර්ට කියන්න වැදගත් දෙයක් තියෙනවා … මට ටික වෙලාවක් දෙන්න …’
‘දුවන්නයි කිව්වේ මෙතැනින් ..’ ඔහු මහා හඩින් බෙරිහන් දෙද්දී ඒ මුහුණේ තිබු ගුප්ත භයානක බැල්ම නිසාවෙන් මට දැනුනේ භීතියකි … භීතිය නිසාවෙන් වෙව්ලන දෙපා අපහසුවෙන් හරවාගත් මම දිවීමට සුදානම් උනෙමි ….

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *