~~~යශෝධරා ~~~35 කොටස (අවසන් කොටස )

35 කොටස (අවසන් කොටස )

මා පිළිබදවම දුකක් කලකිරීමක් වේදනාවක් සමග සියල්ල කෙරෙන් නික්ම යා යුතුය යන හැගීමෙන් හදවත බොහෝ රිදුම් දෙමින් තිබුණි …. දෙවරක් සිතීමට මට උවමනා නොවුනි . ..කොළඹ දෙස සිට පැමිණි බසයක් ඉදිරියට මම පැන්නෙමි …..ඒ ජීවිතය අවසන් කරගැනීමට සිතාය …. අභීත හෝ කිසිවේකු මට ඒ මොහොතේ සිහි නොවුනි … ඒ මා ගැන උපන් ආත්මානුකම්පාව මගේ හිත බොහෝ රිදවිමින් තිබුණු නිසාවෙනි .. එහෙත් මා අවාසනාවන්තය …. කිසිවෙකු මා ඉවතට ඇදගත්තේය …. මම ඒ පුද්ගලයා දෙස බැලුවේ බැන වැදීමට සිතමිනි …. මා තදින් අල්ලාගෙන උන්නේ අන් කිසිවෙකු නොවේ ඔහු මර්වින්ය …දිවා කාලයේ දුටු මායාව නැවත නැවත මට පෙනෙනවාවත්ද …. මම තදින් ඇසි පිය හෙලමින් ඔහු දෙස බැලීමි ….

‘හා …හා …හා …උබ හිතුවේ ලේසියෙන් මැරෙන්න හම්බ වෙයි කියලාද කෙල්ලේ …. ඒවා කොහෙද …. උබ මැරෙනවා …. හැබැයි මෙහෙම නෙවේ …විදවලා ටිකෙන් ටික ….’

ඔහුගේ මුවෙන් හමාගෙන ආ සැර මත්පැන් ගද මගේ මොළය දක්වාම විහිද යද්දී මම ඒ මුහුණ දෙස දෑස් විසල් කර බැලීමි …. රතුපාට ලොව් ගෙඩි දෙකක් වැනි ඇස් වල ඇත්තේ උමතුවකි ….. මට කෑ ගැසීමට උවමනා උනිද ඔහුගෙන් ඊට ඉඩක් නොවුනි …. ඔහුගේ රළු අතින් මගේ මුව වැසීගොස් සුළු මොහොතකින් දැඩි ගන්දයක් මා සීහිමුර්ජා කළේය ….

මට සිහිය ආවේ අදුරු ගුහාවක් වැනි නිවසක් තුලය ….. එම කාමරය තුල ගෝනි මළු ගොඩක් අතර තිබුණු ලි පුටුවකට කර මගේ අතපය ගැටගසා තිබුණි .. යකඩ දම්වැල් නිසා වේදනා දෙන අත් පා සිරි ලේ ගලමින් තිබුනේය

‘කවුරුත් ඉන්නවදෝ …’ මම කතා කිරීමට හැකිවූ පළමු නිමේශයේම කෑ ගැසුවෙමි …

‘කට කට …කට වහපන් …’ කාමරය තුලට එබුනේ අන් කිසිවෙකු නොවේ සෝමාය …. පෙර දිනවල මෙන්ම ඇගේ මුහුණ තවමත් භයානකය …. වරලස විහිදාගෙන උන් ඇය මා දෙසට හෙළුවේ භයානක බැල්මකි …

‘මෙන්න මේ ගවුම ඇදගනින් …..’ යකඩ දම්වැල බුරුල් කල සෝමා සුදු පැහැති ගවුමක් මා අත තැබුවාය …. මම හදවතට ඉඩ නොදී බුද්ධියට ඇහුම්කන් දුන්නෙමි ….. යශෝධරා දැනට මුන් කියන විදිහට හිටපන් අවස්තාවක් ලැබුන ගමන් මෙහෙන් පැනගනින් ….

සුදු පැහැ ගවුම ඇදගත් මා ඇය කිය පරිදි සියල්ල කලෙමි ….

‘දැන් ඇදට යනවා …..’ මම නොසෙල්වී උන් තැනම ඉද්දි සෝමා කලේ මා යහනට තල්ලු කර දැමීමය …විසිව ගොස් යහනට ඇද වැටුනු මට සිතන්නට හෝ ඉඩක් නොදුන් සෝමා නැවත අර බරැති දම්වැල මගේ පාදයට දැමුවාය …..

‘මට මොනවද කරන්න යන්නේ …මට යන්න ඉඩ දීපන් …. ‘’ මම මහා හයියෙන් විලාප දුන්නෙමි ….

‘උබ කෑ ගැහුවාට කාටවත් ඇහෙන්නේ නැහැ …. මතක තියාගනින් උබට යන්න ඉඩක් නැහැ … මහා ලොකු චන්ඩියා නේද ….දැන් බේරිලා යන හැටි බලමුකෝ …’

මහා හඩින් සිනාසෙමින් උන් ඇයට මගේ වේදනාව සතුටක් විය … ඉතින් මා තවත් කිසිවක් නොකියා නිහඩ උවෙමි ….පෙරලි කිරීමෙන් සිදුවන්නේ මා තවත් හිරවීම පමණි ….

දෙවියනේ කොහොම හරි අභීත සර්ව මෙහෙට එවන්න ……. මේ මිනිස්සු මට මොනවා කරයිද දන්නේ නැහැ …මම හිතින් සියළු දෙවියන්ට දුක පැවසුවෙමි ..

‘සෝමා …සෝමා …’ පිටතින් ඇසුණු කටහඩ මර්වින්ගේය …. මම දෑස් පියාගෙන ඔවුන් පවසන්නට සවන් දුන්නෙමි

‘මර්වින් මහත්තයෝ …’

‘කොහොමද කෙල්ල කලබල කරාද ..’

‘ඔය පොඩ්ඩක් කලබල කරගෙන ආවා ….. ඊට පස්සේ එකිම හිතලා කට වහගත්තා …දැන් මයේ හිතේ හොදටම නිදි …. මර්වින් මහත්තයෝ .. අපි මේ කෙල්ලට මොනවද කරන්නේ …’

‘ බලාගනින් දැන් අපි මොනවාද කරන්නේ කියලා ..’

මර්වින් කාමරයට පැමිණියේ සැර මත්පැන් ගදක් විහිදවමිනි ….

‘ඒයි කෙල්ලේ .. ඇහැරියන් …..සෝමා මේකිව ඇහැරවලා ගනින් …’

‘කෙල්ලේ ..කෙල්ලේ …’ සෝමා මගේ උරහිසට අතතබා තදින් සොලවන්න විය … මම නිදාවුන් බවක් පෙන්වා දෑස් හැරියෙමි …

‘මොකද …’

‘මෙන්න මේ මර්වින් මහත්තයා උබට කතා කරනවා ..’

‘මොකද …’ මම මර්වින් දෙස බැලුවේ කෝපයෙන් දැවෙමිනි …

‘මම දැන් අභිතට කෝල් එකක් අරන් දෙනවා …උබ කියන්න ඕන ලක්ෂ පනහක් දීලා උබව බේරගන්න කියලා … මුරණ්ඩු කම් කලොත් උබට ගොඩක් වේදනා විදලා මැරෙන්න වෙයි …. මතක තියාගනින් පොලිසිය සම්බන්ධ කරගන්න එපා කියන්න …’

අභිතගේ දුරකථන අංකය සටහන් කර සවන මත තබාගත් මර්වින් දෙස මා දෑස් අයාගෙන බලා උන්නෙමි ..

‘හෙලෝ අභීත පුංචි මහත්තයෝ …මම මේ කතා කරන්නේ මර්වින් කියලා කෙනෙක් …හා ..හා ..ෆෝන් එක තියන්න එපා …. උබට වැදගත් කෙනෙක් දැන් අපි ලග ඉන්නේ …. එයාව බේරගන්න නම් ලක්ෂ පනහක් කෑෂ් වලින් ලැබෙන්න සලසන්න ඕන . ….කලබල වෙලා ගොඩක් පසුතැවිලි වෙන්න වෙයි … කව්ද කියලා ඔබතුමාම කතා කරලා බලන්නකෝ ..’

මර්වින් මගේ සවනට ලංකල දුරකථනය තුලින් ගලාගෙන ආවේ අභීතගේ කටහඩය …

‘අභීත සර් …. මාව බේරගන්න සර් … මෙයාලා මට වද දෙනවා …මාව මරලා දායි ඔයා ආවේ නැතිනම් …අනේ ඇවිත් මාව අරන් යන්න …’ මම හඩමින් අභිතගෙන් අයැදුවෙමි …

‘කලබල වෙන්න එපා යශෝධරා …මම එනවා … ඇවිත් ඔයාව බේරාගන්නවා …. ‘’

‘හා ..හා කලබල වෙන්න එපා පොඩි මහත්තයෝ …කෙල්ල බොහොම සැපට මගේ ගාව ඉන්නවා .. කෙල්ලව ඕන නම් ලක්ෂ පනහ ලැහැස්ති කරගන්න …මම තව පැයකින් කෝල් එකක් අරන් එන්න ඕන තැන කියන්නම් … හැබැයි පොලිසිය එහෙම මේ දේවල් වලට සම්බන්ධ කරගන්නවා නෙවේ ..එහෙම උනොත් කෙල්ලගේ බොඩි එක බීච් එකේ තියෙයි හෙට ’

දුරකථනය නැවත සවනේ තබාගත් මර්වින් අභිතට තර්ජනයක්ද කළේය …

‘මර්වින් මහත්තයා සල්ලි අරන් මේකිට යන්න දෙනවාද …’ සෝමා දත් තිස්දෙකම විලිස්සාගෙන මර්වින් දෙස බැලුවාය ..

‘හා ..හා …හා ..උබ හිතුවද සොමෝ මම මහා මෝඩයෙක් කියලා … මම මෝඩයෙක් නෙවෙයි ගෑනියේ …. සල්ලි ගත්ත ගමන් මේකිව ඉවර කරලා දානවා .. මේකි හින්දා අපි ඔක්කොටම හිරේ ලගින්න උනා …. මම හිරෙන් පැනලා ආවේ මුන්ගෙන් පලිගන්නත් එක්කම තමා .’ මහා හඩින් සිනාසෙන්නවූ මර්වින් තිරිසන් සතෙකුට අන්තය …අභිතගෙන් මුදල් ලබාගත් පසුව මොවුන් මා විනාශ කර දමනු ඇත .. නැත මා මෙවන් තිරිසනුන් අතින් කිසිදිනක මිය නොයන්නෙමි …. දැන් මා කල්පනා කල යුත්තේ මගේ දිවිය රැකගන්නා අයුරුය ….

ඉන් පසුව ගෙවුණු පැය ගානම ගෙවී ගියේ භයානක නිශ්ශබ්දතාවයක් සමගිනි … වරින් වර කාමරයට එබී බැලු සෝමාගේ මුවේ සමච්චල් සිනාවකි …

‘ඉදා මේක කාපන් … උබේ අවසාන කෑම වෙන්නත් පුළුවන් මේක ….’ පාන් කැබල්ලක් පරිප්පු හොද්දක් සමග ගෙනවිත් සෝමා එය මා ඉදිරියෙන් තැබුවාය .. මට එය අනුභව කිරිමට කිසිදු පිරියක් නොව්නි ..

‘මේ දම්වැල පොඩ්ඩක් ගලවලා දානවාද මට ටොයිලට් යන්න ඕන .. තව ටිකක් මෙතන හිටියොත් ටොයිලට් ඕන වෙන එකක් නැහැ ..’

රවමින් ගොරවමින් සෝමා දම්වැල ලිහා දැමුවේ මම කාමරය අපිරිසිදු කරතැයි සිතුවිල්ලෙන් විය යුතුය ..වැසිකිලිය පිහිටා තිබුනේ එම නිවසේම එක අන්තයකය .. මම පැනයාමට මගක් ඇතිදැයි විමසිල්ලෙන් දසත බැලීමි .. කිසිදු කව්ළුවක් නොමැති ලෙස ඉදිකර තිබු නිවසෙන් පලා යෑම සිහිනයකි … මම ආපසු කාමරයට ගියේ සියළු බලාපොරොත්තු බොද කරගනිමිනි ..

*******

‘වරෙන් දැන් අපි එලියට යනවා … පැනලා යන්න දගලලා මම නරක මිනිහා කියන්න එපා ..’

පසුදින සන්ධ්‍යාවේ මර්වින් පැමිණියේ මා කැටුව යෑමටය …. පිටව යෑමට පෙර මගේ මුව රෙදි කැබැල්ලකින් බැද දැමු සෝමා පා බැදි යදම් ගලවා දැමුවාය …

‘යමු …මර්වින් මහත්තයා කිව්ව දේවල් මතක තියාගනින් …’

මිදුලේ නවතා තිබු පැරණි පන්නයේ කබල් කාරයකට මා නැගුනු පසු වාහනය පණගැන්වූ මර්වින් පැති කන්නාඩියෙන් මා දෙස බලා සිටියේ පෙරේතයකුට නොදෙවෙනි ලෙසටය ….

බොහෝ දුරක් ඉදිරියට ඇදී ගිය කාරය පාළු වත්තකට වෙන්න නතර කෙරූ මර්වින් ඉන් බැසගත්තේය … ඉදිරියෙන් නවතා තිබුණු අභිතගේ ජීප් රිය දුටු පසුව මගේ හිතට දැනුනේ සැනසිල්ලකි … අභීත ජීප් රියෙන් බැසගෙන එද්දී මා ඉදිරියට තල්ලු කලේ පිස්තෝලය හිසට තබමිනි ….

‘අභීත සර් …’ මම මහා හඩින් කෑ ගසද්දී අභීත අප දෙසට ඇවිදගෙන ආවේය …

‘යශෝධරා කලබල වෙන්න එපා …මර්වින් … මම උබ කියපු සල්ලි ගෙනල්ලා තියෙන්නේ ..යශෝධරාට කිසිම කරදරයක් වෙන්න බෑ ..එහෙම උනොත් මම නරක මිනිහෙක් වෙයි ….’

අභීත අත තිබු විශාල බිෆ්කේශය විවර කළේය … එහි තිබුණු අලුත්ම නෝට්ටු දැක මර්වින්ගේ දෑස් දිදුලන්න විය ….

‘දැන් කෙල්ලව මගේ ලගට එවලා ..මේ සල්ලි අරන් මක බෑවියන් …’

‘කෙල්ලේ පලයන් …’

මර්වින්ගෙන් වචනයක් පිටවූ ඇසිල්ලෙන් මම අභීත වෙතට දිව ගියෙමි ….

‘අභීත සර් …. දන්නවාද මම ගොඩක් බයවෙලා හිටියේ ’ අභිතව වැළදගත් මා ඒ පපුවේ හිස හොවාගත්තෙමි

‘දැන් මම ආවානේ යශෝධරා බයවෙන්න එපා කිසිම දේකට …’

‘මම බය නැහැ සර් …ඔයා මගේ ලග ඉන්නවානේ ..’

විනාඩි දෙක තුනක් ගෙවි යන්න ඇත හෙනයක් මෙන් යමක් කන ලගින්ම ඇදී යද්දී මා සමගම අභීත බිමට පාත්විය …ඒත් සමගම තවත් හෙනයක් පුපුරාගියේය ….. දැවැන්ත ගසක් මෙන් අප ඉදිරියේ ඇදගෙන වැටුනේ මර්වින්ය …..

‘තොපිට හොදක් වෙන්න එපා ..’ අප දෙස බැලු ඔහු ශාප කරමින්ම දෑස් පියා ගත්තේය ….

‘මිස්ටර් අභීත කිසිදේකට බයවෙන්න එපා ..අපි හැමදෙයක්ම බලාගන්නම් …. පිසි මේ බොඩි එක ගෙනියනවා …මේ ගෑනිත් අරන් යනවා ’

අප ඉදිරියේ දැවැන්තව නැගී උන්නේ ඉස්පෙක්ටර් රාමනායකය … ඔහු පැමිණියේ හොද වේලාවටය ..

‘බොහොම ස්තුතියි ඉස්පෙක්ටර් ….ඔයා තව ටිකක් පරක්කු උනා නම් ලොකු විනාශයක් වෙන්නේ ..’

‘අපි මෙතනට එද්දී මිනිහා ඔයාලා දිහාවට පිස්ටල් එක දික්කරගෙන ඉන්නවා ..තව ටිකක් පරක්කු උනා නම් හොද දෙයක් නෙවෙයි වෙන්නේ … දැන් කිසිදේකට බයවෙන්න එපා …ඔයා මේ ගැහැණු ළමයාත් එක්ක යන්න …ඕනෑම ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න ..’

‘බොහොම ස්තුතියි ඉස්පෙක්ටර් …අපි එහෙනම් යන්නම් … ‘’ මගේ අතින් තදින් අල්ලාගත් අභීත ජීප් රිය දෙසට යන්න විය…..

‘ අභීත සර් මාත් එක්ක තරහද …’ වාහනය පණගන්වා පාරට දැමු අභීත මා දෙස බලා දයාබර සිනාවක් පෑවේය …

‘මම තරහයි …ඔව් .. හොදටම තරහයි …’

‘මට සමාවෙන්න සර් …’

‘ඔයා එදා රෑ මාවත් දාලා ගෙදරින් එලියට බැස්සේ …මම ඇවිත් බලද්දී ඔයා නැහැ ..දන්නවාද මම කොච්චර පිච්චුනාද කියලා ….’

‘මට සමාවෙන්න සර් …මට සමාවෙන්න …. මට ඒ වෙලාවේ මොනවත් පෙනුනේ නැහැ …. මට මන් ගැනම ලොකු දුකක් ආවේ ….අම්මයි තාත්තයි මාව අයින් කරේ කාලා හප කරපු චුවිංගම් එකක් වගේ’

‘ඒවා ගැන හිතන්න එපා දැන් …ඔයාට මුළු ලෝකෙම නැතිවුනත් මම ඉන්නවා නේ …’

‘මම දන්නවා සර් …මට ඔයා ඉන්නවා …. ආදරෙයි සර් …’

‘මාත් ආදරෙයි ඔයාට …’ මා දෙස බලා සිටි අභීතගේ දෑස් දිලිසුනේය …ඒ මා කෙරේ ඇති ආදරය නිසාවෙන් බව නම් සහතිකය

****************

මාස හයකට පසුව …

****************

කාලය ගෙවී යද්දී අභීත මට යමක් තේරුම් කර දුන්නේය .. ඒ ජීවිතය දෙස සුභවාදීව බැලීමටය … අම්මා වරදක් කළාය….. එයට හේතුවක් තිබුණි … සමාව දීමට කොතරම් අපහසු උවද ඇය දසමසක් මා කුස හොවා මෙලොවට බිහිකළ අම්මාය …ඉතින් මා ඇයට සමාව දුන්නෙමි …. තාත්තා බොහෝ වැරදිය ..එහෙත් ඔහු එලෙස කලේ තම ලෙයින් සුජාත දරුවන්ට අසාධාරනයක් වේ යැයි සිතු නිසාවෙනි .. ඉතින් මා ඔහුටද සමාව දුන්නෙමි ….. තාරුක බොහෝ දිනක් යනතුරුම මට මුහුණ නොදී උන්නාද අවසානයේ යතාර්ථය පිළිගත් හෙතෙම මා ඔහුගේ සොයුරිය ලෙස පිළිගත්තේය … තාරුක මෙන්ම තරුෂිද අම්මාව තම මෑණියන් ලෙසට පිළිගත්තේ අභීත සහ තාත්තා ඔවුන්ට බොහෝ පැහැදිලි කල පසුවය ..

සියල්ල අවසානයේ යෙදී තිබුනේ අභීත සමගින් මා අතිනත ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් පැවති ප්‍රිය සම්භාශනයයි … සියල්ලන්ගේ ආශිර්වාදය මැද පැවති විවාහ මංගලෝත්සවය අවසානයේ අප ජීප් රියට නැගුනේ මධුසමයට පිටත්වීමටයි …. ඒ අප හමුවූ ශීතල බණ්ඩාරවෙල නගරයටයි …

‘සතුටුයිද දැන් … ’ බණ්ඩාරවෙල නගරයට කරා රිය පදවන අතර අභීත වරින් වර මා දෙස ආදර බැළුම් හෙලන්න විය …

‘ගොඩක් .. මගේ ජිවිතේ ගොඩක් සතුටින් ගෙවන දවස අද ..’

‘මගෙත් …. මට අද දැනෙනවා මේ ලෝකේ වටිනාම තෑග්ග මට ලැබුනා කියලා ..’

‘හැමදාම මාව බලාගන්නවා නේද …ගොඩක් ආදරෙන් …’

‘සත්තයි .. හැමදාම මගේ පණ වගේ ඔයාව පරිස්සම් කරගන්නවා ..’

මා දෙස නෙත් කොනින් බැලු අභිතගේ බැල්ම දරාගත නොහැකි තරම් ආදරණියය … ඔහුගේ අත මත මගේ දකුණත තැබූ මම එය දෙතොලට ලංකර බොහෝ ආදරයෙන් සිප ගත්තෙමි …. ඒ ඔහු කෙරේ අනන්තවූ සෙනෙහසිනි …

අවසානයි

යශෝධරා මම බොහෝම ආශාවෙන් අකුරුකළ තවත් එක කතාවක් … මා විසින් රචනා කල අනිකුත් කතාවලට වඩා බොහෝ දෙනෙක් මේ කතාව අගය කළා …. බොහෝ ආදරෙන් වැළදගත්තා …. කතාව ආරම්භයේ සිට අද දක්වා මා සමග ආදරෙන් රැදී සිටි පාඨක ඔබට මගේ ස්තුතිය සහ ආදරය පළකරනවා ….. මේ දක්වා ගෙතු කතාව පිළිබද ඔබගේ අදහස් වචනයකින් හෝ දක්වා යන්න .

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *