~~~යශෝධරා~~~33 කොටස

‘ඒයි කෙල්ලේ නැවතියන් …’ මම පෙරට දිව යද්දී පියවර ගානක් පිටුපසින් ඇසුණු ඒ කටහඩ මර්වින්ගේය … ඔහු මා මරා දමාවි යැයි බියෙන් මම නැවතිල්ලක් නොමැතිවම දිව ගියෙමි …
‘ යශෝධරා කොහෙද දුවන්නේ මේ …’ ඉදිරියට ගිය කාරයක් පස්සට කර නැවතුවෙත් තාරුක හිස එළියට දැමුවෙත් එකවරය …. ඉතින් මා කලේ කිසිදු අවසරයක් නොගෙනම කාරයට ගොඩවිමය …
‘අපි ඉක්මනට ගෙදර යමු තාරුක අයියා …අර අර මිනිහෙක් එනවා මාව මරන්න ..’ වෙව්ලන දෙතොලින් මම එසේ කියා ගතිමි …
‘කෝ බලු බල්ලෙක්වත් පාරේ පේන්න නැහැනේ …’ ගෙල හරවා පිටුපස බැලු තාරුක එලෙස පවසද්දී මාද ඔහු අනුව එදෙස බැලුවෙමි … සැබෑවකි කිසිවෙකු උන් බවට සලකුණකදු නැත .. මර්වින් මෙහි එන්න විදිහක් නැත …ඔහු සිටිය යුත්තේ සිර ගෙදරය … සිරගෙදර සිටිය යුතු ඔහු මෙහි සිටියේ යැයි සිතීම පවා මහා අනුවණ කමකි … මගේ මෝඩ සිතුවිල්ල ගැන මම මටම සිනාසුනෙමි
‘දැන් තමා ඇගට ලේ ටිකක් ඉනුවේ …’ සැනසුම් සුසුමක් හෙළු මම මාවත දෙසට බැල්ම යොමු කලෙමි
‘කොහෙද ඉතින් මේ ලෝකේ ඉන්නවා කියලාද …. බැලුවොත් ඇත්තම් මනෝ ගහලා ඉන්නේ …. හිතේ විකාර ඇදගෙන බොරුවට බයවෙනවා ..’ තමාටම එලෙස පවසාගත් තාරුක වරින් වර මා දෙස බැලුවේ යමක් අසන්න මෙනි …
‘ඇයි තාරුක ..’
‘එක්සෑම් එක කොහොමද …’
‘හොදට කරා …’
‘එහෙනම් කැම්පස් යන්න පුළුවන් වෙයි ..’ මද සිනාවක් පෑ මම හිස සැලුවෙමි
ගේට්ටුවෙන් ඇතුල් කල කාරය නැවතූ පසු ඉන් බැසගත් මම තාරුක එනතුරු නොසිට නිවසට ඇතුළු උනෙ..
‘ඔයා මට කියන්න එන්න එපා ..මම කරන්නේ මට ඕන දේ …මතක තියාගන්න …’
සාලයේ උන් තරුෂි කෑ ගසමින් උන්නේ ආන්ටිටය .. මම සාලයට ඇතුළු වන තැන නැවතුනේ ඔවුන්ගේ කතාවට හවුල්වීම නොහොබිනා කමකැයි සිතුනු නිසාවෙනි …
‘ඒ කොල්ලා ගැන මම හොයලා බැලුවා පුතේ … ඒ කොල්ලාට හරියට ගෙයක් දොරක්වත් නැහැ ..’
‘ඔයා …ඔයා ඒ ගැන හිතන්නවත් එපා .. මගේ ජීවිතේට ඇගිලි ගහන්න ඔයාට අයිතියක් දීලා නැහැ මම ..’ තරුෂිගේ කටහඩ ආන්ටිගේ කටහඩ පරයා ගියේය ..
‘මොකද මේ වෙන්නේ …’ තාරුක සාලයට ඇතුළු උනේ ඔය අවස්ථාවේය …
‘අයියේ මෙන්න මෙයාට කියන්න මගේ ජීවිතේට ඇගිලි ගහන්න එන්න එපා කියලා ..’
‘ පුතේ , මම තරුශිට තේරුම් කරන්න ගියේ …. එයා ආදරේ කරන බෝයි ගැන ..’
‘ඔයා ඒ ගැන වද වෙන්න එපා … තරුෂි ගැන හොයන්න මම ඉන්නවා ..තාත්තා ඉන්නවා ..’ තාරුක ආන්ටිට කතාව සම්පුර්න කිරීමට දුන්නේ නැත ….
‘මට සමාවෙන්න මම වැරදි දෙයක් කිවා නම් …ඒත් මටත් අයිතියක් තියෙනවා ඔයාලා ගැන හොයලා බලන්න ..’
‘කොහෙන් ලැබුන අයිතියක්ද … අපේ තාත්තාව බැන්දා කියලා අපි ගැන තීරණ ගන්න අයිතියක් ඔයාට ලැබුනේ නැහැ …මොකද ඔයා අපේ අම්මා නෙවෙයි …’
එසේ නම් ආන්ටි මොවුන්ගේ මව නෙවෙයිද … මොවුන් ඇයව නොතකා සිටින්නේ ඒ නිසාද
‘ඒත් පුතේ මට කවදාවත් ඔයාලා මගේ නෙවෙයි කියලා හිතුනේ නැහැ …’
‘ඒ වගේම මතක තියාගන්න අපි කවදාවත් හිතුවේ නැහැ ඔයා අපේ අම්මා කියලා … තරුෂි එනවා යන්න ..’ තාරුක තරුශිවද ඇදගෙන යන්න යද්දී මම සෙමින් සෙමින් ඈ අසලට පියවර මැන්නෙමි ….. ඇගේ දෑස පුරා නොවියළුණු කදුළු බිදුය …. දරාගත නොහැකිවා මෙන් හඩා වැටෙන ඇය අසලට ගොස් මම ඇයගේ දෑසේ කදුළු බිදු පිස දැමුවෙමි …
‘ආන්ටි අඩන්න එපා …’
‘මම කොහොමද නාඩා ඉන්නේ දරුවෝ …මම මගේ කියලා හිතුව අය කවදාවත් මාව පිළිගන්නේ නැහැ ..’
‘ඔයා දුක් වෙන්න එපා ආන්ටි කවදාම හරි එයාලාට තේරෙයි ඔයා එයාලාට ආදරෙයි කියලා …කෝ දැන් නාඩා ඉන්න ඔයාට මම ඉන්නවානේ …’
‘ මේ හැම දෙයක්ම වෙන්නේ මම කරපු පව් නිසා ….. මට මෙහෙම වෙලා මදි …මම ලොකු අපරාධයක් කරපු ගැහැනියක් ….. මට මගේ කියලා දරුවෙක්ගේ ආදරයක් ලබන ආත්මෙවත් ලැබෙන්නේ නැහැ මම කරපු පවට …’
ඇය තම පපුවට පහරදෙමින් හඩා වැටෙන්න උවාය …ඉතින් මට ඇය සැනසිය හැකිවූවා නොවේ ….
‘ඇයි ..ඇයි ආන්ටි එහෙම කියන්නේ ..’
‘මම මම මගේ කුසින් වදාපු දරුවා දාලා ආපු අම්මා කෙනෙක් ඒ නිසා කවදාවත් මට සමාවක් නැහැ ..’
‘අපි දැන් කාමරේට යමු ආන්ටි …ඔයා අඩන්න එපා ප්ලීස් ..’
මම ඇයගේ අතකින් අල්ලාගෙන කාමරය දෙසට ගියෙමි …. කිසිදිනක මම ඇගේ කාමරයට ගොස් තිබුනේ නැත … එය පිළිවෙලට තබාගෙන උන් කාමරයකි …. කාමරයේ කොනක ගසා තිබුණු පින්තුරය මා හොදින් දන්නා හදුනන අයෙකුගේ එකකි . ….දෙවියනේ මේ මගේ ආච්චි අම්මා නොවේද ..
‘අර …අර බිත්තියේ ගහලා ඉන්න පින්තුරේ ඉන්නේ කව්ද .. ’ ඒ මොහොතේ මගේ උගුර කට වියලි ගොස් තිබුණි ..
‘ඒ තමා මගේ රත්තරන් අම්මා ..අනේ මම එයා කිව්ව දේවල් ඇහුවා නම් … මේ සැප සම්පත් නැතත් මට සතුටින් ඉන්න තිබුනා …මගේ දරුවා තුරුළු කරන් … අනේ මගේ රත්තරන් දුව කොහේ ඉන්නවා ඇතිද .. එයා දුක් විදිනවා ඇති …’
දෙවියනේ එසේ නම් මේ මගේ මෑණියන්ද …. ඉපදී මාස තුනකින් මා හැරදා ගිය මෑණියන් මැයද … උගුර කට වියළි ගොස් හුස්ම හිරවෙන්නක් මෙන් දැනෙද්දී මට දැනුනේ මගේ මුළු ලෝකයම කැරකෙන්නාක් මෙනි …
අම්මා .. මගේ අම්මා ….මා හැරදා දමා ගිය මගේ අම්මා …. මම මැයට වෛර කල යුතුද එසේත් නොමැති නම් ආදරය කල යුතුද …. මට සිතා ගැනීමට අපහසු උවේ එයයි ….උපන්දා සිට විදි නින්දා අපහස වලට මා අම්මාට වෛර කල යුතු යැයි සිතුනද … ඇය මා හැරදා එන්න ඇත්තේ කිසියම් අසරණ කමකට යැයි යන හැගීම ඒ සිතුව්ල්ල බිද දැමිය ….
නැවත කාමරය වෙත මා ගියේ ආත්මයක් නැති හිස් ශරීරයක් ලෙසය … මා ඇගේ දියණිය බව ඇයට පවසන්න හැකි නම් ….. ඇය එය කෙලෙස පිළිගනු ඇතිද ……
‘අභීත සර් …’ මම දුරකථනය ගෙන සවනේ රදවා ගතිමි ..
‘යශෝධරා .. කියන්න …’
‘මට ගොඩක් දුකයි සර් ..’
‘මොනවද උනේ යශෝධරා …’
‘ඔයා දන්නවාද මෙච්චර දවස් මම ඉදලා තියෙන්නේ මගේම අම්මාගේ ගෙදර . ..’ දරාගත නොහැකිව මම අඩා වැටුනෙමි …
‘අම්මා දැනගත්තද ඔයා එයාගේ දුව කියලා …’
‘එයා තාම දන්නේ නැහැ සර් …. කවදාවත් එයා දැනගන්න ඕනත් නැහැ ..’
‘යශෝධරා ඇයි මේ ..’
‘ මම එයාගේ දුව කිව්වොත් අම්මා ගොඩක් දුක් වෙයි . … එයා එයාටම ශාප කරගන්නවා එයාගෙන් උන වැරදිවලට …. ඉතින් මම එයාගේ දුව කියලා දැනගත්තොත් මොනවා හිතෙයිද ..’
‘ දැන් ඔයා මොනවාද කරන්නේ දරුවෝ …’
‘ඔයා මාව කොහෙට හරි එක්ක යන්න සර් …. අනේ දැන්ම ඇවිත් මාව එක්ක යන්න ..’
‘කලබල වෙන්න එපා යශෝධරා …පොඩ්ඩක් ඉවසලා ඉන්න … ඕන දෙයකට මම ඔයා ලග ඉන්නවා නේ’
‘දැන් මට තවත් මෙහෙ ඉන්න බෑ සර් … මම පුංචි කාලේ අම්මාට වෛර කළා …. මම දැනගෙන හිටියේ එයා මාව දාලා පැනලා ගියා කියන එක විතරයි … මම හිතාගෙන හිටියා මට කවදාහරි අම්මා මුණ ගැහුනොත් ඇයි මාව දාලා ගියේ කියලා අහන්න . … ඒත් මට අද එයා ඉස්සරහා කිසිම දෙයක් කියාගන්න බැරි උනා සර් . …අඩුම ගානේ මම එයාගේ දුව කියලා කියන්නත් බැරි උනා .’

හෙමින් ඉකිබිදිමින් මම අභිතට දුක කීවෙමි …
‘හරි මම ඇවිල්ලා ඔයාව එක්ක යන්නම් …එතකන් කලබල කරන්නේ නැතිව හොද ළමයා වගේ ඉන්න .’
අභීත දුරකථනය විසන්දි කලේ විගස පැමිණෙන්න පොරොන්දු දෙමිනි …
වසර දෙකක් පමණ මගේ හිසට සෙවන දුන් මේ නිවාස අත්හැර දමා පිටව යෑම කොතරම් වේදනාවක් උවත් මම හිත හදා ගත්තෙමි … ආන්ටි කියමින් උන් මගේ අම්මා මා දියණිය බව නොදැනම බොහෝ සෙනෙහස පෑවාය … විදුර අංකල්ද එලෙසමය …. ඔවුන් දෙදෙනා මට ආදරය කලේ ඔවුන්ගේම දරුවෙකු ලෙසටය ..මාද ඔවුන්ට පෙරලා ආදරේ කලේ ඔවුන් මගේ මව් පිය තනතුරේ තබාගෙනය .. මා මේ නිවසෙන් පිටව යෑම ඔවුන්ට බොහෝ වේදනා ගෙන දෙනු නිසැකය …
මේ නිවසට පැමිණෙද්දී රැගෙන පැමිණි මල්ල අතට ගත් මා එහි දුවිලි ඉවත් කර පිරිසිදු කලෙමි … මම වඩාත් ප්‍රිය ගවුම් දෙකක් පමණක් තෝරාගෙන එහි ඇහිරු මම ඉතිරිවා අල්මාරියේ පිළිවෙලට ඇසුරුවෙමි…
‘යශෝධරා මම ගේට්ටුව ලග ඉන්නේ ..’ අභීත පැමිණි බවට ඇමතුම ලැබුනේ තවත් පැයකට පමණ පසුවය …
‘මම එන්නම් ඔයා ඔතන ඉන්න ..’
ගමන් මල්ල අතට ගත් මම කාමරය දෙස බැල්මක් හෙලා සාලය දෙසට පියවර මැන්නෙමි .. … ඒ ඔවුන්ගෙන් සමුගන්නායුරු සිතමිනි ….
මතු සම්බන්ධයි … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *