#විසේකාරයා 02

👦 02 දගකාරකම 👦

හවස ඉස්කෝලෙ ඇරිලා..පැය බාගයක් විතට ශයිනි එක්ක කතාකරකර ඉදලා මම ගෙදර ආවා.
විසිල් පාරකුත් ගහගෙනම මම ගේට්ටුව ඇරන් වත්තට ඇතුල්වුනා..
අපේ ගෙදරට එහා ගෙදර මොකක්දෝ කලබලයක් වගේ.. වාහන දෙකක් නවත්තලත් තිබුනා. මම ඉතින් මගේ කැමරා කාච ඇහැ එහාට දාගෙනම ගෙට ඇවිදගෙන ආවා.

“අම්මා….”

මම කෑගහගෙන ඇතුලට එද්දි..අම්මා දුවගෙන වගේ සාලෙට ආවා.

“මොකෝ චූටි පුතා…?”

“එහා ගෙදරට අලුතින් කට්ටියක් ඇවිත් වගේ නේද අම්මා..”

“හ්ම්ම්..ඔව් පුතා.. කොළඹ කට්ටියක්.. මේ අපේ ගෙදරට ඇවිත් කතා කරලාත් ගියෙ උදේ. අද පදිංචියට ආවෙ ඔය..
දැනුයි බඩු බාලා ඉවරවුනෙ ලොරියෙන් .මම මේ ඒ මිනිස්සුන්ට බොන්න බීම ටිකක් හදනවා. “

“හ්ම්ම්..එව්වා නිර්වානයට කරගන්න හොද වැඩ..”

“අනෙ..පලයන් යන්න..උඹ දන්න නිර්වාණය..”

අම්මා අතේ තිබුනු මේස හැන්දෙන් මගෙ අතට පාරක් ගහලා කුස්සියට ගියා.. මමත් ඉතින් කාමරේට ගිහින් පොත් ටික මේසෙට විසිකලා..

ශර්ට් එකේ බොත්තම් ගලවන ගමන් නිකමට වගේ ජනේලෙ ඇරියා.. මගේ කාමරේට කෙලින්ම පේනවා එහා ගෙදර කාමරයක්..ඒ කාමරේ ජනේලෙ ඇරලා තිබුනෙ.. ඒ පැත්තෙ වැටක් තිබුනු නිසා පැහැදිලිව ඒ කාමරය පේනවා මට.

මම ඉතින් ශර්ට් එක ගලවලා කලිසමත් ගලවලා ජොකා පිටින්ම මගෙ ටවල් රාජයා හොය හොය කාමරේ වටේ ඇවිද්දා..

ඇද ලග බිම තිබ්බ ටවල් එක ගසලා අතට අරන් අනිත් පැත්ත හැරෙනකොටම ජනේලෙ ලගට ආපු කෙල්ලෙක් මාව දැකලා අතින් කට වහන් ඉක්මනින් එතනින් දුවලාවගේ යන්න ගියා.. හරියට මාව දැකලා එයාට හිනා ගියා වගේ…

“ඇයි යකෝ..අරකි මගෙ අහවල් එක දැකලා හිනාවු..නා….ද…..”

එහෙම කියාගෙන බෙල්ල නවලා පහල බලදියි මම දැක්කෙ මම ඉන්නෙ ජොකා පිටින් කියලා.

“හුටා…”

මම ඉක්මනින් ටවල් එක ඇදගත්තා..

ඒත් එක්කම.. මට එක පාරටම මතක්වුනෙ.. ඒ මූණ මට දැකල හුරුයි වගේ..

**මාත් එක්ක කලින් යාලුවෙලා හිටපු කෙල්ලෙක්ද දන්නෑ ඒ..😲😲😲හුටා තමා එහෙනම්..**

මට නලලෙ අත ගැහුනා..ඇයි ඉතින්..උන් මගෙ ජාතකේම දන්නවනෙ..🙊🙊
මගෙ ඇගේ තියෙන බර්ත්මාක්ස් ගාන පවා කියයි තැනුත් එක්කම..🙊🤣🤣🙊

මම ඉක්මනින් නාගෙන ආවා..
ශෝටක් දාගෙන අක්කගෙ කාමරේ පැත්තට ඔලුව දැම්මා..

ඒකි පොත් මේසෙ වාඩිවෙලා මොනවදෝ කරනවා..මම හෙමින් හෙමින් සද්ද නැතුව ලගට ගියා බයකරන්න කියලා හිතාගෙන..

එයාගෙ ඔලුවට උඩින් එබිලා බලද්දියි දැක්කෙ මේකි පොත දිග ඇරගෙන ෆෝන් එක ඒක අස්සෙ ගහගෙන මැසේජ් කොටනවා..
තව ටිකක් ලංවෙලා බලද්දියි දැක්කෙ මේකි යවන මැසේජ් එක..

**ow ow baba.mamath oyata adareyi.ummmmmmmmm**

“අම්මේ…මෙන්…නෝ……”

මම කෑගහගෙන අක්කගෙ ෆෝන් එක උදුරගත්තා..
ඒත් එක්කම එයා බයවෙලා පුටුවත් පෙරලන් බිම..🤣🤣🤣

මම ෆෝන් එක අරන් අම්මට පෙන්නන්න දුවන්න හැදුවෙ.ඒත් ඊට කලින් මේකි ශිවන්‍යා වගේ දරන ගහලා ඇඹරිලා බිම බඩගාලා අල්ලගත්තෙ නැතෑ මගෙ කකුල.

‘අනේ…රත්තරං මල්ලියෙ… පිස්සු නටන්නෙපා..”

මගෙ කකුල බදන් අක්කා කියනවා.

ඔන්න චාන්ස් එක.. කීයක් හරි කඩාගන්න.
බ්ලැක්මේල් කරන්න පුලුවන් සුපිරියට.
මම දඩස්ගාලා යවපු මැසේජ් වල ස්ක්‍රීන් ශොටක් අරන් මගෙ ෆෝන් එකට වයිබර් කරගත්තා…

“නැගිටිනවා.. නයා වගේ මගෙ කකුලෙ එතිල ඉන්නෙ නැතුව..”

මම කිව්වෙ අයියා පාට් එකෙන්.මේ වගේ වෙලාවල තමයි මල්ලිලාටත් පවර්ස් අරන් වැඩ කරන්න පුලුවන්.

අක්කත් ඉතින් නැගිට්ටා..අම්මේ මූන.බයවෙලා..කදුලු ඇස් වල පිරිලා..

“හහ්..කියනවා බලන්න.. කවුද මූ..?’

මම ඇහුවෙ ටිකක් සැරෙන්..ඒකට අක්කා ගැස්සුනා. පව් කියලත් හිතුනා..

“අනේ..මල්ලියෙ..වස්තුවෙ.. තරහා ගන්නෙපා ඉතින්..මේ අහන්නකො..”

“මේ..මේ…මේ..බටර් එපා..අහපු දේට උත්තර දෙනවා.කවුද මූ..කොහෙ එකෙක්ද..මොනවද කරන්නෙ..?”

“චූටි මල්ලො මගෙ මම කියන්නම්. බනින්නෙපා ඉතින්..”

“හ්ම්ම්.බනින්නෑ.කියනවා..”

මම එහෙම කියලා ඇදෙන් වාඩිවුනා..

“එ..එයා…කමර්ශල් එකේ වැඩ කරන්නෙ..”

අක්කා මගෙ ලගම වාඩිවෙලා බිම බලන් කියනවා..

“හ්ම්ම්.ඉතින්..”

“එයාගෙ නම..සසංක.. ගම නාවල. ට්‍රාන්සර් එකකට මෙහෙ ඇවිත් ඉන්නෙ.”

“දැන්.. කොච්චර කල්ද ඕක පටන් අරන්..”

“මාස තුනක් විතර.. “

“යකෝ..මාස තුනක් තෝ මගෙ ඇස් වලට වැලිගහලා කොල්ලෙක් එක්ක හුරතල් වුනාද..”

“අනේ..නෑ මල්ලි..එයා නරක කෙනෙක් නෙමි.. අපි එහෙම මීට් වෙලත් නෑ.බස් එකේදි තමා කතා කරකර යන්නෙත්.”

“හ්ම්ම්.. මට ඌ එක්ක කතාකරන්නෝන..”

“හා..මම ඔයාගෙ නම්බර් එක දෙන්නම්..”

“හ්ම්ම්.. හැබැයි…ඌව මට ඇල්ලුවෙ නැති වුනොත්..තමුසෙ ඕක නවත්තන්නෝන.. තේරුනාද..?”

“ම්ම්..හ්..හා..”

අක්කා බිම බලන් කිව්වෙ දුකින්.

“මට කතාකරන්න කියනවා වෙලාවක. මම හොයලා බලන්නම්.
කෝ ඩයල් එකේ ෆොටෝ එකක් තියෙනම් පෙන්නනෝ..”

“හා..ෆෝන් එකේ තියෙනවා.. ගැලරි වල..”

මම ෆෝන් එකේ ගැලරි බැලුවා.

“මේකට පාස්වර්ඩ් දාලනෙ.. “

“කෝ දෙන්න අරින්න..”

“නෑ..කියනවා පාස්වර්ඩ් එක..”

“ස..ස..ං..ක..”

අක්කා කිව්වෙ බයෙන් වගේ..

“යකෝ මේකි…”

මම අක්කගෙ කොන්ඩෙන් ඇදලා පාස්වර්ඩ් එක ගහලා ගැලරි ඕපන් කරගත්තා..

ගැලරිය පුරවලා කොල්ලගෙ ෆොටෝස්…ලස්සන කොල්ලෙක් මොනවා උනත්.. මොකට අපෙ හෝන්තුව එක්ක යාලු උනාද මංදා.. ඌ හෙන පව් ඉතින්..😅

“හ්ම්ම්.. මම හොයන්නම්කො..”

මම ෆෝන් එක එයාට දීල නැගිට්ටෙ එහෙම කියාගෙන .

“මෙහ්.. තැන් තැන් වල මීට් වෙලා අහුවෙන්නෙපා අක්කෙ…”

ඇගිල්ලකුත් දික්කරලා වෝනින් එකක් වගේ මම කියද්දී..හාපැටියෙක් වගේ ඇස් උස්සලා අක්කා මගෙ දිහා බැලූවා

“නෑ නෑ අනේ..”

එයා කිව්වෙ බයෙන් වගේ…

“හ්ම්ම්..”

මම කාමරෙන් එලියට ආවා. නරක කොල්ලෙක් නෙමි වගේ.. කොහොමත් අක්කත් එහෙම එසේ මෙසේ කොල්ලො එක්ක යාලු වෙන කෙනෙක් නෙමි.

මොනවා උනත් ඒ මගෙ එකම අක්කා.. මගෙ පණ..එයාට නරකක් නපුරක් වෙනවා බලාගෙන මට ඉන්න බැහැනෙ..

මම කුස්සියට ගියෙ අක්කා ගැන හිත හිත..අම්මා බෙදලා දීපු බත් එකත් ගිලලා ආයෙත් කාමරේට ඇවිත් ඇදේ දිගාවෙලා සැප නින්දක් දැම්මා..

තද නින්දෙන් ගැස්සිලා වගේ ඇහැරුනු මම ඇස් පොඩිකර කරම ඇදේ වාඩිවුනා..
කලුවර වැටිලා..සමහර විට දැන් 6.30ට විතර වගේ ඇති…

නිදාගෙන ඉද්දි.. මම හීනයක් දැක්කා..
ඔව් මම දැක්කෙ..අද උදේ දැකපු ඒ මූණ.. ඒ දිලිසෙන ඇස් දෙක..
හුළගට විහිදුනු ඒ කැරළි කොණ්ඩෙ… මට ආයෙ ආයෙත් මතක්වුනා..

මම ඇදවිට්ටමට හේත්තුවෙලා ටික වෙලාවක් කල්පනා කලා..

හිත මාරම අමුතුයි අද.. මොකක්දො හැගීමක් හිතේ හොල්මන් කරනවා. ඒ ඇස්..මාව අතරමං කරලා වගෙයි දැනෙන්නෙ..ජීවිතේ පලමු වතාවටයි මෙහෙම දෙයක් වුනෙ..මට හිතාගන්නවත් බෑ ඒකනම්..

මම නැගිටලා ගිහින් මේසෙ උඩ තිබුනු බෝතලෙන් වතුර ටිකක් බිව්වා..
මට දැනුනා… කවුදෝ මගෙ දිහා බලන් ඉන්නවා වගේ..
මම හැරිලා බැලුවෙ ජනේලෙන් එලියෙ.. එහාගෙදර දිහා..

දෙවියනේ ……😲😲
එහා ගෙදර ජනේලය ලග… ජනේලෙට ඔලුව තියාගෙන..මේ පැත්ත බලන් ඉන්නෙ………………

මේ තරම් වෙලාවක් ….
මගේ හිතේ එහෙ මෙහෙ දුවපු..
ඒ ඇස් වල …
අයිතිකාරිය ……

මගෙ පපුව හිරවුනා වගේ වුනා..
එයා මගෙ දිහා බලලා යාන්තම් හිනාවුනා..😊
ඔව්..මම දැක්කා..
එයා හිනාවුනා…

ඊලගට එයා ජනේලය වැහුවා..
ඒත් එක්කම..මට එයාව නොපෙනී ගියා..

**එ..එතකොට.. එහා ගෙදරට අලුතින් පදිංචිට ආවෙ.. මගෙ හිත හොල්ලපු..මගෙ හීන පවා හොරාගත්තු.. මගෙ මුලු ඇගම වෙවුලවපු … ඒ කෙල්ලද …
එ…ඒකියන්නෙ … එ..එයාව දැන් මට හැමදාම දකින්න පුලුවන්ද**

අම්මෝ මගෙ හිතට දැනුනු සතුට කියාගන්නත් බැරි තරම්..
ඒ ඇස් ආයෙ ආයෙත් දකින්න තියෙනවානම්.. මට වෙන මුකුත් ඕන නැහැ..

වෙන කවරදාටත් වඩා .. අද.. මගෙ හිතට ලොකූ සතුටක් දැනෙනවා.. ඒකට හේතුව එයා..
ඔව් එයා මගෙ හිතේ ලොකූ ඉඩක් අයිතිකරගෙන..

**හ්ම්ම්..එයා කීය වසරෙද දන්නෙ නෑ..දැනගන්න ක්‍රමයකුත් නෑනෙ..ශිට්…**

මම හිත හිත හිටියෙ එයා ගැන විස්තර දැනගන්නෙ කොහොමද කියලා..

ඒත් එක්කම මට මතක්වුනෙ අක්කව.. එයාගෙ මාර්ගෙන් විස්තර ටිකක් දැනගන්න ඕන කියලා මම හිතුවා.. ඉතින් මම හෙමි හෙමින් අක්කගෙ කාමරේ පැත්තට ගියා..

“මිලේහො තුම් හම්කෝ…
බරී නසීබෝසේ..
චුරායාහේ මේනේ..
කිස්මත්කි ලකීරෝසේ…..”

අප්පද බොල..අක්කා ඇදේ දිගා වෙලා කකුල් දෙකත් බිත්තියට තියාගෙන ඔලුව ඇදෙන් බිමට දාගෙන නේහා කක්කර් පරාද වෙන සයිස් එකට සින්දු කියනවා..

“ඕයි අක්කෙ…”

“අහ්..මොකෝ සහෝදරයා…”

අක්කා ඉන්න ඉරියව්ව වෙනස් නොකරම කතාකලා.

“මොකෝ..තමුසෙගෙ මොලේ කකුල් දෙකට බැහැලද..
ඔය ඔලුවෙන් හිටන් ඉන්නෙ ආපහු මොලේ ඔලුවට ගලාගෙන යාවි කියලා හිතලද…?”

මම ඇදෙන් වාඩිවුනෙ එහෙම කියාගෙන..

“අනේ යනවා යන්න..”

අක්කා මගෙ කකුලට පාරක් ගහලා ඇදෙන් වාඩිවුනා..

“මේහ්…”

“මොකෝ…”

“අර.. එහා ගෙදරට ආපු අය එක්ක..”

“ඉතින්..”

“තමුසෙ කතාකලාද..?”

“තාම නෑ හලෝ… අදනෙ ආවෙ.. හෙට දිහාට ආශ්‍රය කරලා බලනවා..”

“මෙහ්..ලස්සන කෙල්ලෙක් ඉන්නවනෙ එහෙ..’

“ආ….ඒකයි මේ……..”

අක්කා මගෙ කනෙන් අල්ලලා කිව්වා..

“පිස්සු තමුසෙට..අපි අසල්වැසියාට ප්‍රේම කරන්න ඕන..ඇයි ඉස්කෝලෙ උගන්නල නැද්ද එහෙම.”

“ඔව් ඔව් උගන්නලා තියෙනවා.. හැබැයි අසල්වැසි නිවාස වල ඉන්න කෙල්ලොන්ට ප්‍රේම කරන්න කියලා නම් උගන්නලා නෑ..”

“අනෙ මෙහ්….”

“දැන් තමුසෙ ඔය මොන කෙල්ලද ලස්සනයි කිව්වෙ..”

“එහා ගෙදර කෙල්ල බං.. අර සුදු උස..කෙට්ටු…”

“සුදු..උස..කෙට්ටු… අහ්.. අර කැරලි කොන්ඩෙ තිබ්බ කෙල්ලද…”

“අන්න හරි…ඔය තේරුනෙ ඉබ්බියෙක්ට 🐢 වගේ..”

“එයා ලස්සනයි තමා..හැබැයි ඊට වඩා ලස්සනයි අර ස්ට්‍රේට් කොන්ඩෙ තියෙන කෙනා..”

“හෑ…ඒ කවුද..?”

“කැරලි කොන්ඩකාරිගෙ නංගි..”

“යකූ..නංගෙකුත් ඉන්නවද තව..ඕක තමයි කියන්නෙ දෙන දෙයියො දෙනකොට දෙන්නෙ දෙබිඩි ගෙඩි කියලා..🤣🤣

“මේ මල්ලො..මම එකක් කියන්නම්..උන් මෙහෙට ආවා විතරයි..
අපිට මේ ගෙවල් දොරවල් විකුනලාදාලා යන්න වෙන සයිස් වැඩක්නම් කරන්නෙපා පුතෝ හරිද…”

“නෑ නෑ සුද්දී… මම එහෙම කරනවද.. අපි ගේමක් දෙන්නෙ කෙල්ලටවත් නොදැනෙන්න..”

“හහ්..මම දන්නවනෙ මගෙ සහෝගෙ හැටි….”

අක්කා මගෙ කම්මුලකින් ඇද….ලා කිව්වා.. මමත් ඉතින් හිනා පාරක් දාලා ශේප් උනා..

**ඒ කියන්නෙ එහෙ කෙල්ලො දෙන්නෙක් ඉන්නවා..
වාහ්…මරු… ඩබල් බෝනස්…**

මම සාලෙට ගියෙ එහෙම හිත හිතම…..

මතුසම්බන්ධයි❤️

😍😍😍😍😍😍😍එශ්😍😍😍😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *