#විසේකාරයා 06

👦 06 දගකාරකම 👦

“අටයි කාලයි වෙලාව… අම්මලා බයවෙලා ඇති නේද..?”

මම එයාගෙන් ඇහුවෙ දැන් නම් අපේ අම්මලත් බයවෙලා ඇති නිසා.. සාක්කුවෙන් ෆෝන් එක අතට ගන්නකොටයි දැක්කෙ බැට්‍රි ඩෙඩ් වෙලා ඕෆ් වෙලා කියලා..
අම්මට කියන්න විදියකුත් නෑ පරක්කුවෙනවා කියලා.. අද සම්බෝලෙ ශුවර්..

මම එහෙම හිත හිතයි ග්ලිටර් අයිස්ට එහෙම කිව්වෙ .

“එයාලා එහෙම කලබල වෙන්නෙ නෑ ..”

මට පුදුමයි. මොනවා උනත්..මේ කෙල්ලෙක් නේද.. එයා මොන වෘත්තීයක් කලා උනත් රෑ වෙද්දි පරක්කුවෙනවද…කීයටද එන්නෙ කියලා හොයලා බලන්න ඕන නේද අම්මලා..
ඒකට අපේ අම්මා..අක්කා විනාඩි 5ක් පරක්කු උනොත් ඒ විනාඩි 5ට කෝල් 500ක් විතර අරන් ඇති…
සමාජෙ ඇත්තටම හරි පුදුමයි.
මෙයාලා කොළඹ ජීවත්වුනු අය නිසා මෙහෙම වෙලා ඇති කියලා මට හිතුනා..

“මට අවුලක් නොවුනත්.. ඔයාව ගෙදරින් හොයනවා ඇති නේද බබා..”

එයා මගෙ දිහාට හැරිලා කිව්වා..

“හ්ම්ම්..ඔව්..”

මම ඇත්තම කිව්වා ඉතින්

“මම හරි ආසයි අවංකවම කතා කරන අයට.. ඒකනෙ මම ඔයාටත් ආසා. ‘

එයා මගෙ බාගෙට වැවුනු රැවුල් කොට අල්ලලා කිව්වා.
එකදවසක් දැකපු මම ගැන මෙයා කොහොමද මෙහෙම චරිත සහතික දෙන්නෙ …මට පුදුමයි.

“හිතට මාරම සැහැල්ලුයි බබා.. කියාගන්න බැරි තරමටම.. තෑන්ක්ස් ඔයාට…”

මගෙ ඇස් දෙක ඇතුලෙ ඒ ඇස් අලවගෙන වගේ එයා කිව්වා..
ඒ ඇස් මොන මොනවදෝ කියනවා.. ඒත්.. මට ඒක තේරෙන්නෙ නැහැ..

“අපි හැමෝම ආසා කරන දේවල් තියෙනවා.. ඒත්..ඒ හැමදේම අපිට ලැබෙන්නෙ නෑනෙ.. නේද…”

එයා ආයෙත් කිව්වා.

“හ්ම්ම්..ඒක හරි..”

“අනේ…එහෙම ලැබෙනවානම්..”

මේක මාරම නූල්.බෝලයක්..එයා කියන්නෙ එකිනෙකට නොගැලපෙන දේවල්..මට පිස්සු වගේ..
මදැයි ඉදලා.ඉදලා.කෙල්ලෙක්ට හිත වැටුනා..
ඒක තනිකරම ෆුල් හොල්මන් ගුහාවක්..

“අපි යමු දැන්..”

එයා එහෙම කියලා ලොකූ හුස්මක් පිටකලා..

‘මම නරක කෙනෙක් නෙමි බබා.. හරිද..නැත්තම්.. ඔයා එක්ක එකපාරම මෙහෙම ඇවිත් හිටපු එකට.. ඔයාගෙ හිත මේ වෙනකොට මට කැරැක්ටර්ස් බර ගානක් දීලා ඇති…
නැහ්..මම එහෙම කෙනෙක් නෙමි.
ඔයා ලගදි…සත්තකින්ම..මට දැනුනෙ මගෙ තාත්තගෙන් මට ලැබුනු ආරක්ශාව.ඔයාගෙන් මම දැක්කෙ…මගෙ තාත්තාගෙන් දැකපු මහා පිරිමිකම.. ඒ පෞරුෂය … අන්න ඒකයි.. මම ඔයා එක්ක මෙහෙම ආවෙ..
ඔයාව මුලින්ම දැක්ක මොහොතෙ .. ඔය මූනෙන් ගොඩක් දේවල් මම කියෙව්වා..
එහෙම අව්‍යාජ කොල්ලෙක් එක්ක.. මෙහෙම තනිවෙන්න කෙල්ලෙක් දෙපාරක් හිතන්න ඕන නෑ බබා..

අනික..මම විශ්වාස කලා.. ඔයා ලගදි.. මට සැනසීමක් ලැබෙයි කියලා..”

එහෙම කියපු එයා මගෙ කම්මුලක් හරි සීරුවට සිපගත්තා .

“ආයෙ කිසිම කෙල්ලෙක්ගෙන් කිස් ගන්නෙපා හරිද…”

මගෙ කම්මුල අතගාලා එයා තව මොකක්දෝ කියන්න ගිහින් නැවැත්තුවා..

ඒත්…ඒ ඇස් වලින් මම දැක්කෙ.. **මේවා මගේ** කියලා කොයනවා දගේ හැගීමක්.

මට මම ගැන දැනුනෙ ලැජ්ජාව. ඇත්තටම එයා මගෙන් බලාපොරොත්තු වෙලා තිබුනෙ ආරක්ශාවක්.. දුක බෙදාගැනීමක්..
මගෙ හිත මොනවද මේ හිතුවෙ කියලා මම කල්පනා කලා.

“යමු දැන්..එන්න..”

එයා නැගිටලා මට අත දිගුකලා..
මමත් ඒ අත අල්ලගෙනම නැගිට්ටා..

බයික් එක ලගට යනකම්ම එයා මගෙ අතින් අල්ලගෙන ගියෙ.

මම පරිස්සමට එයාව ගෙදර ලගට අරන් ආවා.

“මම යන්නම් බබා.. ම්ම්.. පරිස්සමෙන් ගිහින් එන්න.. බුදුසරණයි “

එයා මගෙ අත උඩින් අත තියලා එහෙම කියලා තවත් චුට්ට වෙලාවක් මගෙ දෑස් දිහාම බලන් ඉදලා ගේට්ටුව ඇරන් ඇතුලට ගිය..

මම එහෙමම කෝල් එකක් ගත්තෙ ඇන්ටන්ට.

“අහ්.. දෙව්නකයා.. මම මේ උඹට ගන්න හැදුවා විතරයි.උඹ බයි එකේ ගෙදර පලයන්..හෙට දිහාට ඕක ගන්න පුලුවන්නෙ..හදිස්සියක්.නෑ..”

මම කතාකරන්නත් කලින්ම ඇන්ටන් කිව්වා..

“කමක්නැද්ද..?”

“කමක්නෑ බං..උඹ පලයන්”

“අහ්..හරි මචං..”

මම එහෙමම ගෙදර ගේට්ටුවෙන් ඇතුලට බයික් එක දැම්මා.

හෙල්මට් එකත් අතේ දාගෙනම මම බිම බලන් ඇතුලට යන්න හැදුවෙ..ඒත් එක්කම ගෙදර දොරකඩ හිටගෙන හිටියෙ තාත්තයි අම්මයි.

මම ගැස්සිලා ගියා..

“කොහෙද ගියෙ මේ තරම් රෑ වෙනකම්..”

මම හැමදාමත් බය ,තාත්තගෙ ඒ නපුරු හඩින් අහද්දි.. මගෙ ඇස් තෙත්වුනදත් මංදා.. කොල්ලෙක් තමයි මම.ඒත්..මගෙ තාත්තට පට්ටම බයයි…

‘තාත්තෙ..මේ…මම….මේ…”

“බීලද උඹ..”

තාත්තා මගේ කට ඉවකලා..

“නෑ තාත්තෙ..යාලුවෙක්ගෙ ආච්චි කෙනෙක් නැතිවෙලා.මලගෙදරට ගොඩවුනා ක්ලාස් ඇරිලා එනගමන් මම.. ටිකක් පරක්කු උනා ඉතින්..”

‘ඇය් කෝල්.කරලා කියන්න බැරිවුනාද ගෙදරට ..?”

“ෆෝන් එක ඕෆ් වෙලා තාත්තෙ..මේ…”

මම.ෆෝන් එකත් අරන් පෙන්නුවා.

“ලග හිටපු එවුන්ගෙත් ෆෝන් ඕෆ්ද ඇයි .?’

“ම්ම්..න්..නෑ..”

“මේ අන්තිම පාර පුතෝ..යන දිහාවක කියලා ගියෙ නැත්තම් අඩු කඩනවා..”

“හරි තාත්තා..සොරි…”

මම බිම බලන් කිව්වා..

තාත්තා ඇතුලට ගියා .
අම්මා කදුලු පිහිදගත්තා..
මම තවමත් දොරකඩ…

“අම්මා…අනේ…සොරි ඉතිම්..”

“දන්නවනෙ රත්තරනේ මම බයවෙනවා කියලා… යන දිහාවක කියලා යන්න තිබුනනෙ..”

අම්මා අඩනවා..

“ආයෙ එහෙම කරන්නෙ නෑ අම්මා..සමාවෙන්න..”

මම අම්මව බදාගෙන හිස සිඹලා කිව්වා..

කාමරේට ගියපු මම ඉක්මනින් වොශ් එකක් දාගත්තා..අද .. හිතන්න දේවල් ගොඩයි..ඒත්…දැන්ම බෑ..වෙනසක් පෙන්නන්න හොදනෑ ගෙදර අයට.

මම සරමක් ඇදගෙන අක්කගෙ කාමරේට ගියා..
අක්කා හිටියෙ ඇද උඩ වාඩිවෙලා පොතක් බලබල.

“අක්කා..”

එයා මගෙ දිහා බලන්නෙත් නෑ..

“ඒයි… ඉබ්බියෙ ..මොකෝ මේ..ඔයත් තරහා වෙලාද මාත් එක්ක..?

මම අක්කා දිගඇරන් හිටපු කකුලකින් ඇදලා කතාකලා..

“කාගෙද මලගෙදර..?”

එයා එකපාරටම සැකෙන් වගේ ඇහුවා.

“යාලුවෙක්ගෙ ආච්චි කෙනෙක්..”

‘හහ්..කවුද ඔය යාලුවා එතකොට.. අර අල්ලපු ගෙදර ඉන්න ලොකු එකීද..? අනික..තමුසෙට කොහෙන්ද එකපාරටම බයික් එකක්?”

මම උඩගියා…
අක්කා කොහොමද දන්නෙ ඒක..?

“ක…කවුරු..?’

“මේ මල්ලි.. මම තමුසෙගෙ අක්කා.. තමුසෙ ඔය අම්මලා තාත්තලාට අරින නයි මට අරින්න එන්න එපා.. හරිද..’

අක්කට තරහාගිහිල්ලා හොදටම..

දැන් ඉතින් ඇත්ත කියන්නම වෙනවා..

‘ඒ..හලෝ..තරහා ගන්නෙපා ඔහොම ..සීන් එක කියන්නම් මම..මගෙ ඔලුව චුට්ටක් මසාජ් කරනවකො..පැලෙන්න වගේ හලෝ..’

මමත් ඉතින් එයාගෙ උකුල උඩින් ඔලුව තියාගෙන පූස් මුණ දාලා කිව්වා..

එයා පොත පැත්තකින් තියලා මගෙ ඔලුව අතගාන්න ගත්තා..
එයාගෙ හීනි ඇගිලි වලින් ඔලුව මසාජ් කරද්දි මාරම සනීපයි.

“අක්කෙ…”

‘ම්ම්ම්..’

“මම ක්ලාස් ඇරිලා එද්දි ඇන්ටා බයික් එකෙන් ඇවිත් හිටියා හෝල්ට් එකේ.. මගෙන් පොත් ඉල්ලගන්න. ඌ අද ඉස්කෝලෙ ආවෙත් නෑ..ක්ලාස් ආවෙත් නෑ..”

“හ්ම්ම්..ඉතින්..”

‘ඌත් එක්කම මම ගෙදර එද්දි මගදි දැක්කා එහා ගෙදර අක්කා අමුතු විදියට ඇවිද ඇවිද පාරෙ එනවා..අසනීපයක්ද , කරදරයක්ද දන්නෙ නැති නිසා මමත් ඉතින් බැහැලා ගිහින් කතාකලා..”

“හ්ම්ම්..”

“බලද්දි එයා අඩනවා..”

“නෑ…පාරෙ..?”

“හ්ම්ම්..ඔව් හලෝ.. මම ඇහුවා කරදරයක්ද කියලා.ඊටපස්සෙ එයා කිව්වා…එයාව ටික වෙලාවකට කොහාට හරි එක්කගෙන යන්න කියලා..”

“මොකක්..?එතකොට..තමුසෙ එයාව එක්කගෙන ගියාද..කොහෙද ගියෙ තමුසෙලා..කියනවා..රූම් ගියාද..?”

“පිස්සුද හලෝ.. එහෙම මගුලක ගියේ නැහැ..’

“එහෙනම්..?”

‘බීච් එකට ගිහින් වාඩිවෙලා හිටියා..”

“එතකොට ඒකි?”

“එයා අඩ අඩ ඔහේ හිටියා ගොඩක්වෙලා..”

“ඉතින් තමුසෙ ඇහුවෙ නැද්ද ඇයි අඩන්නෙ කියලා..?”

‘ඇහුවා..කිව්වෙ නෑ හේතුවක්..
හැබැයි එකක්..එයා මොකක් හරි ලොකු කරදරයක ඉන්නෙ. “

“හ්ම්ම්..ඒකත් එහෙමද..?’

“ඔව් ඕයි..අනික..එයා මොඩ්ල් කෙනෙක්ලු..’

“නෑ..😲😲

“හ්ම්ම්.ඇදගෙන හිටියෙත් චූටි ශෝට් එකකුයි ස්කිනි එකකුයි.”

‘යකෝ.. මේකි… “

“ඔව් හලෝ..’

“හ්ම්ම්..ඉතින්..?”

“ඉතින් මොනා කරනන්ද.. මම ඉතිම් එයා කියවන ඒවා අහගෙන හිටියා..”

“මොනාද කිව්වෙ.. ?”

“මට තේරුනෙ නැහැ අප්පා ඒ කියවපු විකාර…එයා ලවා කවුරුහරි බලෙන් මොනවාහරි කරවගෙනද මංදා..”

“ඒ කිව්වෙ…?එයාට ..කරදරයක්..?”

“එහෙමදත් මංදා අක්කෙ..මටනම් තේරෙන්නෙ නෑ..පිස්සු වගේ..”

“හ්ම්ම්..එයා ප්‍රශ්න පත්තරයක්නෙ ඔයි..”

“ඒකනම් ඇත්ත..”

“හ්ම්ම්..ඉතින්..ඊටපස්සෙ මොකෝ උනෙ.”

“එයා කිව්ව…මාත් එක්ක ආවෙ මම හොද කෙනෙක් කියලා දැනුනු නිසාලු.හිත සැහැල්ලු උනාලු මම නිසා..”

“හ්ම්ම්..”

“පස්සෙ ඉතින් මම එයාව ගෙදරට ඇරලුවා ගෙනත්..”

‘මොනවා උනත් පුතෝ..උඹ නම් මේ පැටලෙන්න යන්නෙ පඹ ගාලක වගේ.. ටිකක් දුරින් ඉදපන්..”

“හ්ම්ම්..අනේ මංදා අක්කෙ..මට පිස්සු වගේ දැන්නම්..ඔලුවත් පැලෙන්න එනවා..”

“ඕවට අතදාන්න එපා මල්ලි.. මොන මොන ප්‍රශ්න තියද දන්නෙ නෑනෙ එයාට..”

“ඔව් ඒක හරි..”

“නිදහසේ ඉන්න ඔය හිතට කරදර දාගන්නෙපා වස්තුවෙ..ම්ම්..උදව් කරන්න..අතේ දුරින්.. මොකද..ගින්දරයි පුලුනුයි ලගින් තියලා තියන්න බෑනෙ වැඩි වෙලාවක්.. ඇවිලෙනවනෙ..”

“හ්ම්ම්.”

‘පරිස්සමෙන් මොනවා උනත්..”

‘හරි අක්කෙ.. මේ..අම්මට කියන්නෙපා හරිද..”

“හ්ම්ම්..මම.කියන්නෙ නෑ.”

“හොද අක්කා..උම්ම්ම්මා..”

මම අක්කගෙ කුසට හාදුවක් දුන්නා..

“මේහ්..ඒක නෙමෙයි..තමුසෙ කොහොමද දැනගත්තෙ මම ගියෙ එයා එක්ක කියලා..?”

මම එහෙම අහද්දි..අක්කා මනමාල හිනාවක් දැම්මා..

“මේහ්..”
එයා ෆෝන් එක අතට අරන් මට ෆොටෝ එකක් පෙන්නුවා.. ඒකෙ තිබුනෙ මම අරයා එක්ක එනගමන් කඩයක් ලග බැහැලා එයාට බීම එකක් අරන් දෙන ෆොටෝ එකක්..
තිබහයි කියපු නිසා මම බීම එකක් අරන් දුන්නනෙ එයාට..

“කවුද මේක එව්වෙ..?”

මම එහෙමම ෆෝන් එක් බැලුවා..
අහ්..එවලා තියෙන්නෙ මගෙ මස්සිනා පොඩ්ඩ.

“ආ..මූ දැන් cid වැඩත් කරනවද.. “

“නෑ ඉතින්..එයා මට එව්වා..”

අක්කා ඇඹරි ඇඹරි කිව්වා.

“මූ කොහෙද ඒ වෙලාවෙ එතන හිටියෙ..”

‘කොත්තුවා ගන්න ගිහින් හිටියෙ ..ඒ වෙලාවෙ මාත් එක්ක චැට් එකේ හිටියෙත්. ඔයාලයි මල්ලි ඉන්නවා මෙතන කියලා ඉක්මනින් මට ෆොටෝ එකක් ගහලා එව්වා. මට කට උත්තර නැතිවුනා ඕයි ඒක දැකලා.”

“මස්සිනාටත් චාටර් උනානේහ්..ශැහ්..”

“ඒක අවුලක් නෑ.හැබැයි අරයාගෙ ඇදුම් දැකලා නම් කිව්වෙ..මල්ලි ඒකිට අහුවෙලා වගේ කියලා..”

‘ඇදුමකින් මනුස්සයෙක් මනින්න බෑ අක්කෙ.”

මම කිව්වෙ ඇත්තටම මගෙ හිත එයා ගැන එහෙම වරදවා හිතන්න නොදෙන නිසා..
මට හිතෙන්නෙම මොකක් හරි ලොකු ප්‍රශ්නෙක එයා ඉන්නෙ කියලා..

රෑට කන්න සාලෙට ගිය අතරෙ අක්කා එකපාරම මගෙ අත කෙනිත්තුවා… මම ඇයි කියලා අහද්දි එයා ඇස් උස්සලා මට පෙන්නුවෙ දොරෙන් ඇතුල් වුනු රුව ..

අතේ පිගන් ටිකත් තියාගෙන ඇවිත් හිටියෙ ……

මතුසම්බන්ධයි❤️

*************එශ්***********

කවුරු වෙන්න පුලුවන්ද..? 

2 Comments

  1. You actually make it seem so easy with your presentation however I find
    this matter to be actually something which I believe I
    might by no means understand. It kind of feels too complex and extremely vast for me.
    I’m having a look ahead for your next publish, I will try to get the hang of
    it! Lista escape room

Leave a Reply

Your email address will not be published. Required fields are marked *