#විසේකාරයා 07

👦 07 දගකාරකම 👦

රෑට කන්න සාලෙට ගිය අතරෙ අක්කා එකපාරම මගෙ අත කෙනිත්තුවා… මම ඇයි කියලා අහද්දි එයා ඇස් උස්සලා මට පෙන්නුවෙ දොරෙන් ඇතුල් වුනු රුව ..

අතේ පිගන් ටිකත් තියාගෙන ඇවිත් හිටියෙ ග්ලිටර් අයිස්..
අක්කා මටත් ඔරවලා කුස්සියට ගිය අතරෙ මම හෙමිහෙමින් එයා ලගට ගියා..

“සොරි බබා.. මම නිසා ඔයා බැනුම් ඇහුවා නේද..?”

ග්ලිටර් අයිස්ගෙ ඇස් වල කදුලු.එයා බිම බලාගත්තා ඉක්මනට.

“ඒක ගානක්නෑ අනේ.. මට පුරුදුයි.ඔයා දුක්වෙන්න එපා”

මම කිව්වෙ ඒ ඇස් වල කදුලු බලන්න මට බැරි නිසා..පපුවට මොකක්දෝ වෙන නිසා..

“ඔයාට ප්‍රශ්නයක් නෑනෙ ගෙදරින්..’

මම ආයෙත් ඇහුවා..

“ම්ම්..නෑ..”

මට ඇත්තටම පවු කියලත් හිතුනා එයා ගැන.

“අහ්..දෝණි…”

පිටුපසින් ඇහුනු අම්මගෙ හඩ නිසා අපි දෙන්නම ගැස්සිලා ගියා..

“නැන්දි..මම මේ පිගන් ටික දෙන්න ආවා..”

එයා මට පිගන් ටික දික්කලා..
මම ඒටික ගනිද්දි.. ඒ දිගු හීනි ඇගිලි මගේ අතේ දැවටුනා පිගන් වලට යටින්.

“මම.ගිහින් එන්නම් නැන්දි..”

එයා අම්මා දිහා බලලා කිව්වා..

“හරි දරුවෝ….”

“යන්නම් ..’

මගේ ඇස් දිහා බලලා එයා එහෙම කියලා යන්න ගියා..

මම පිගන් ටිකත් අරන් කුස්සියට ගියා..අම්මා ආවෙ මගේ පිටිපස්සෙන්.

“ඒ ලමයට ඇහිලද මෙයා බැනුම් අහනවා..”

අම්මා අහද්දි මට පුදුම හිතුනා..

“ඇයි අම්මා එහෙම ඇහුවෙ.?”

“නෑ..මම දැක්කා එයා ඒ පැත්තෙ ඉදලා එබි එබි බලනවා ඔයාට තාත්තා බනිද්දි..”

අම්මා කිව්වා. ඇත්තටම එහෙම දෙයක් මම දැක්කෙ නෑ…

“හ්ම්ම්..ඇහිලා ..”

මම බිම බලන් කිව්වා.නැත්තම් සැක හිතනවනෙ.

” ආයෙත් ඒ වගේ වැඩ නොකර ඉන්න බලනවා..”

අම්මා ටිකක් සැරෙන් කිව්වා..

මම අක්කත් එක්ක බත් පිගන් දෙකත් අරන් සාලෙට මාරුවුනා..

“මල්ලි..තමුසෙ වැටෙන්න යන්නෙ මාරම අමාරුවක..මම කිව්වා කියලා මතක තියාගන්නවා “

අක්කා තරහින් කියද්දි මටහිතාගන්න බැරිවුනා මම මොකද කරන්නෙ කියලා..කන්න පිරියකුත් නෑ.. බත් කටවල් දෙකතුනක් කාලා මම එහෙමම කාමරෙට ගියා..

අද දවසෙ..සිද්දවුනෙ.. මට හිතාගන්නත් බැරි දේවල්.

ග්ලිටර් අයිස්… මගෙ හීන කුමාරි…..
මගේ ලග පැයගානක් හිටියා..ඇත්තටම ඒක නම් හීනයක් වගේ .. මගේ තුරුලට වෙලා මගෙ කෙල්ල හිටපුහැටි මතක්වෙද්දි.. පපුවට මොකක්දෝ වෙනවා..

එයා කවුද කියලා.. මම හරියටම දන්නෙ නෑ තමයි..ඒත්.. මම එයාට ආදරේ කරනවා..ඔව්..මට දැනෙනවා.. මම ආදරෙයි කියලා..

කවුරු මොනවා කිව්වත්.. එයාගෙන් ඈත්වෙන්න හිතහදාගන්න මට බැහැ..
මම දැනගන්න ඕන..එයාගෙ මේ ප්‍රශ්න මොනවද කියලා..
එයා මට කියයි..
ඒත් කවදද.. මට බැහැ ඒ වෙනකම් ඉවසන්න..

මට පිස්සු වගේ දැන්නම්.. කරන්න ඕන මොකක්ද කිය්ලාවත් හිතාගන්න බැහැ..

ආයෙත් එයාව මුණගැහෙන විදියක්වත්..මට හිතාගන්න බැහැ..

ඒත්..මට එයාව මුණගැහෙන්න ඕනමයි..ඒ දේවල් දැනගන්න ඕනමයි.

ඒ සුවද.. ආයෙ ආයෙත් විදගන්න ඕනමයි..ඒ ඇගෙන් විසිරුනු රස්නය ආයෙත් විදගන්න ඕනමයි.

ඒ හඩ..ආයෙත් අහගෙන ඉන්න ඕනමයි..

එයා ගැන මගෙ හිතට දැනෙන්නෙ මහා ලෝබී හැගීමක්.

කල්පනා කරකර ඉද්දිම..මට නින්දගියා..

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

“මල්ලි.. අරයා මොකද කිව්වෙ..?”

අක්කා ඇහුවෙ මම ගෙට ගොඩවෙනකොටම මගෙ ලගට දුවගෙන ඇවිත්..

ඔව් අද මම ගියෙ මගෙ මස්සිනාකාරයාව මීට්වෙන්න.
අක්කා මේ අහන්නෙ මගෙ ප්‍රතිචාර .මොකද.. මගෙ ප්‍රතිචාර හොද නැත්තම්..එයාට මේ අෆෙයා එක නවත්තන්න වෙන බව එයා දන්න නිසා..

ඒත්…හිතක ඇතිවුනු ආදරයක් මරලා දාන එක කොයිතරම් අමාරුයිද කියලා මම හොදාකාරවම දන්නවා…

මොකද.. ග්ලිටර් අයිස්ව මුණගැහිලා අදට මාසයක් වෙනවා..
අද වෙනකම්ම..මේ මාසෙ ඇතුලත..එයාව ඇහැටවත් දැක්කෙ නැ… එයා ගැන විස්තරයක් දැනගන්නවත් විදියක් තිබුනෙ නෑ..

මම මේ ගෙවන්නෙ මහාම මහ අමාරු කාලයක්..

“කාමරේට යමුකො ඉස්සර වෙලා..”

අක්කා අහපු ප්‍රශ්නයට මම තරහින් වගේ කියාගෙන ඇතුලට ගියා.

මේ වගේ අවස්තාවක තමයි සූටි ආතල් එකක් ගන්න පුලුවන්.. ඉතින් මේ දෙව් ඒක උපරිමෙන් ගන්නවා..

කාමරේට ගියපු මගෙපස්සෙන් නැට්ට වගේ අක්කත් දුවගෙන ආවා..

මම එයාව ගනන් ගන්නෙ නැතුව ශර්ට් එක ගලවලා රැක් එකෙන් දාලා ඇදෙන් වාඩිවුනා..
එයත් මගේ ලගින්ම වාඩිවුනෙ අත් දෙකේ ඇගිලි පටල පටලම.

එයා හොදටම බයවෙලා..පවු ඉතින්.

“තමුසෙ කොහෙන්ද මූව හොයාගත්තෙ..?”

මම ටිකක් සැරෙන් ඇහුව..
මෙන්න යකූ අක්කා ඒකට මහා හයියෙන් අඩාගත්තා..

“මේ..හලෝ..ඔහොම වැලහින්නි වගේ අඩලා අම්මලට ඇහිලා වැඩේ අල කරගන්නෙ නැතුව ඉන්නවා..”

මම කිව්වෙ එයාගෙ කොන්ඩෙන් ඇදලා..

අහ්..ලෝක පුදුමයක්..අද කොන්ඩෙන් ඇල්ලුවටවත් මුකුත්ම කිව්වෙ නෑ..

ඒ කියන්නෙ.. ආදරේ 7000කට වඩා වටිනවා😂😂😂😂😂😂😂

“කියනවා ඉතින් ඔය පෙරිල්ල නවත්තලා..”

‘මුලින්ම හම්බුනෙ නම් බස් එකේ…යද්දිම ….තමයි…”

එයා පට්ටම අමාරුවෙන් කියලා දැම්මා..

“හ්ම්ම්..කවුද මුලින් කැමැත්ත ඇහුවෙ?”

“එයා…’

‘හ්ම්ම්..”

“ඇයි මල්ලි..?’

“එයාගෙ පවුලෙ විස්තර.. එයාගෙ වටපිටාව ගැන දන්නවද දැන් තමුන්..?”

‘ඔව්.මට සේරම කියලා තියෙන්නෙ..නිවාඩුවට ගෙදර ගියාම ෆොටෝස් පවා ගෙනත් පෙන්නුවා.අම්මා එක්ක වීඩියෝ කෝල් එකකුත් ගත්තා දවසක්දා ..”

“හ්ම්ම්..එහෙමද…”

“ඔව්..”

“දැන්..තමුසෙ ඉස්සරහට මොකක්ද කරන්න හිතාගෙන ඉන්නෙ..?”

“ඒ කිව්වෙ..?”

“ඒ කිව්වෙ.. දැන් මම මේකට අකමැති උනොත්..?”

“අනේ…😭😭😭😭😭

“අඩන්නෙ නැතුව කියනවා ඕයි..”

‘මට…මට එයාව අමතක කරන්න බෑ මල්ලි..😭😭😭😭😭

“ඒ කියන්නෙ.. තමුසෙ මේක නවත්තන්නෙ නෑ..?”

“නවත්තන්නම්…😭😭😭😭

“එතකොට ඌ..?”

“එයාට තේරුම් කරලා දෙන්නම්.. එයා…එයා පිස්සෙක් වෙයි මල්ලි..😭😭😭😭එයා මැරෙයි….”

“තමුසෙට ඒ තරම් ආදරෙයිද ඌ..?”

“ඔව්… ගොඩාක්..”

“හ්ම්ම්.. ඒකත් එහෙමද..එතකොට තමුසෙ..?”

“මම….මමත්…එයාට ගොඩාක්….ආදරෙයි …”

“මස්සිනා..වරෙන් ඇතුලට..ඇහුනනෙ කෙල්ලගෙ ආදරේ තරම…?”

මම ටිකක් හයියෙන් කියද්දි .. අක්කා ගැස්සිලා වගේ මගෙ දිහා බලලා දොර දිහා බැලුවා..ඒත් එක්කම කාමරේ දොරරෙද්ද මෑත්කරන් ඇතුලට ආවෙ සසංක.. මගෙ මස්සිනා..
එයාගෙ පිටිපස්සෙන් අම්මත් කාමරේට ආවා..

අක්කා බයටම ඇදෙන් නැගිට්ටා..

“බයවෙන්න ඕන නෑ.තමුසෙ නොදන්න ගොඩක් දේවල් වෙලා තියෙනවා.. මෙව්වා අපි ප්ලෑන් කරලා කරපුවා..
සසංක අයියට මම කැමති වුනෙ මාසෙකට විතර කලින් ..ඒත් කිව්වෙ නෑ මම..
විස්තර එයාම කියයි ..අහගන්නකො..

අම්මා අපි දෙන්නා යමු මොනවා හරි බොන්න හදන් එන්න..”

මම.නැගිටල අම්මත් එක්කම එලියට ගියා.
අක්කානම් තාමත් බයවෙලා..

කෙල්ල ඇස් ලොකු කරන් ඇදෙන් වාඩිවුනු අතරේ සසංක කෙල්ල ලගින් වාඩිවුනා..

“ඇයි ..මට..නොකිව්වෙ..?”

දේවාශ්‍රී ඇහුවෙ අඩමින්ම.

“තරහද…?”

සසංක කෙල්ලගෙ නිකටින් අල්ලලා මූණ තමන් දිහාවට හරවගෙන ඇහුවා..

“ඔව්..තරහම තරහයි..මේ දෙන්න නරකයි..එක්කෙනෙක්වත් මට කිව්වෙ නෑනෙ..😭

“ඔයාව සප්‍රයිස් කරන්නනෙ මැණික එහෙම කලෙ..තරහා වෙන්නෙපා ඉතින්..දුකයිනෙ මට..”

කෙල්ලගෙ කම්මුල් වල බේරෙන කදුලු පිහිදමින් සසංක කිව්වා..

“කියන්න මට.. මොකක්ද දැන් මේ වුනේ කියලා.”

“හ්ම්ම්..ඔයා මට මල්ලිගෙ නම්බර් එක දුන්නනෙ.. මම මල්ලි එක්ක කතාකලා දවසක්. මිනිහා කිව්වා මාව හම්බෙන්න ඕන කියලා. මට ගෙදරට එන්න කිව්වා..
මමත් ඉතින් දවසක් ආවා..”

“මෙහෙ…?😲

‘ඔව්…ඔයා ක්ලාස් ගිය දවසක..”

“ඉතින්..?”

“තාත්තා හිටියෙ නෑ.. අම්මයි මල්ලියි හිටියෙ..මාත් එක්ක ගොඩක් කතාකලා එයාලා.. දන්නවද මල්ලි මුලින්ම අහපු ප්‍රශ්නෙ මොකක්ද කියලා..?”

“මොකක්ද..?”

“දැන් මම කවද්ද ඔයාව මැරිකරන්නෙ කියලා..”

“අහ්..ඉතින්..”

“මම කිව්වා.. ඔයාලගෙ කැමැත්ත දෙනවානම්.. මේ දැන් උනත් කැන්දගෙන යනවා කියලා…”

“අනේ..😭😭😭

කෙල්ල සසංකගෙ උරහිසට හිස තියාගෙන ඇඩුවා..

“ඊලගට මල්ලි ඇහුවා.. එයාලා මට අකමැතිම වුනොත්… මම මොකද කරන්නෙ කියලා..”.

“හ්ම්ම්..ඉතින්..?”

“ඔයා නැතුව හුස්ම ගන්නත් මටබෑනෙ දැන්..ඒක ඔයා දන්නවනෙ පණ.
මම කිව්වා…
එහෙම උනොත්.. මට ඔයාව බලෙන් අරගෙන යන්න ඕන නෑ.. මම මැරෙයි කියලා…”

“අනේ..සසංක අයියෙ..😭😭😭

“අඩන්න එපා වස්තුවෙ.. දන්නවනේද මම කොයිතරම්නම් ආදරෙයිද කියලා.. අන්න ඒ ආදරේම.. මට ඔයාව ලබාදුන්නා..
මල්ලි මට කැමතිවුනා වස්තුවෙ.. “

“මට..මට හිතාගන්න බෑ අයියෙ..😭😭

“අම්මත් ගොඩක් දේවල් කිව්වා.. මල්ලි හෙට එනවා මාත් එක්ක ගමේ යන්න..”

“හෙට..?”

“ඔව් මැණික.. එයා මාත් එක්ක එනවා..අපේ ගෙවල් බලන්න.. “

“හ්ම්ම්..එහෙමද..?”

“ඔව්.. මම ඔයාට අවංකවමයි ආදරේ කලෙ වස්තුවෙ.. ඒනිසාම.. මට ඔයාව මගෙ කරගන්න කරන්න ඕන ඕනම දෙයක් මම කරනවා..”

😭😭😭

“අඩන්න එපා හරිද… “

“හ්ම්ම්..මට සතුටුයි දෙයියනේ..”

“මටත්..ගොඩාක් සතුටුයු.. කෝ බලන්න..
මේ…නහයත් රතුවෙලා අඩලම.. අඩන්න එපා .. මම අම්මයි තාත්තයි එක්ක ඇවිත් ඔයාගෙ තාත්තා එක්ක කතාකරන්නම්.හරිද…?”

“හ්ම්ම්ම්ම්..”

“කෝ..අපි දැන් යමු සාලෙට..මෙහෙම ඉන්න එක හොදනෑනෙ පණ..”

“හා..යමු..”

සසංක කෙල්ලගෙ නලලත මත උණුසුම් හාදුවක් තැබුවා..
කොල්ලගෙ දෑස් වලත් හීනි කදුලු පටලයක්…

දෙන්නත් එක්ක සාලෙට යද්දි දෙව් ඉන්නවා සාලෙ සෝෆා එකේ වාඩිවෙල..

“හරිද.. ගහ මරාගෙනහරි ප්‍රශ්නෙ විසදගත්තද. “

මම අහද්දි අක්කා ලැජ්ජාවෙන් බිම බලාගත්තා..

“ලොකු .. මේ දරුවා ඇත්තටම ගොඩාක් හොද දරුවෙක්… මම හිතනවා..මේ දරුවා ඔයාව සතුටින් තියයි කියලා..
තාත්තා උනත්…අකමැති වෙන්නෙ නෑ..ඒනිසා බයනොවී ඉන්න..”

අම්මා අක්කගෙ ඔලුව අතගාලා කිව්වා..මටත් සතුටුයි ඇත්තටම.

කෙල්ලෙක් අෆෙයා එකක් පටන්ගත්තම ගහලා බැනලා ඒකට විරුද්ධ වෙන්න කලින්..ටිකක් හොයල.බලන්න ඕන..මොකද..සමහර විට එයා හොයාගෙන තියෙන්නෙ හොදම කෙනාව වෙන්න පුලුවන්.හැබැයි මෙ තියරිය අදාල පාසල්.ගිහින් අවසන් වූනු අයට පමණයි..

පාසල් කාලෙ ඇතිවෙන්නෙ ආදරයක් නෙමි ආකර්ශනයක්..
අන්න ඒක වටහාගන්න බරුව තමයි ගොඩක් කෙල්ලො අමාරුවෙ වැටෙන්නෙ..

අද දවස ගොඩක් සතුටින් ගෙවිලා ගියා..මොකද. මගෙ පණ වගේ ඉන්න මගෙ අක්කාගෙ ආදරය ජයගත්තු නිසා…

ඒත්….
මගේ ආදරය …
ඔව්…ඒකපාර්ශ්විකයි තමයි..
ඒත්…
ඒතමයි මගෙ හිතේ ඇතුවුනු කුලුදුල් ආදරය.
මම දන්නෙ නෑ ඒක මට ලැබෙයිද කියලා..
ඒත් ඒ ආදරය වෙනුවෙන්..මම මග බලන් ඉන්නවා තාමත්…

මටමගෙ ග්ලිටර් අයිස්ව බලන්න ලොකූආශාවා ආවා.
ඒත් එයා මේ ටිකේම ගෙදර නැහැ.
මම කොහොමද එයාව දකින්නෙ..
මට එයාව බලන්න ඕනමයි..

අදවත් එයා ගෙදර ඇවිත්ද කියලා බල බල මම රෑ මිදුලට වෙලා ඒ පැත්තට බෙල්ල දදා බල බල හිටියා..

ඒත් එක්කම වගේ මම දැක්කෙ ඇරුනු ජනේලෙ ඇතුලින් කාමරයෙ එහා මෙහා යන….

මතුසම්බන්ධයි❤️

❤️❤️❤️❤️❤️එශ්❤️❤️❤️❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *