#විසේකාරයා 10

👦 10 දගකාරකම 👦

දවස් ගානක් ඔහේ ගෙවිලා ගියා..කිසි විශේශයක් නැහැ..

මට අසනීප වූනු නිසා සසංක මස්සිනා එක්ක එයාලගෙ ගෙදර යන්න උනෙත් නැහැ.. අපි හෙටට ඒ ගමන යොදාගත්තෙ එයාටත් නිවාඩු හම්බෙන්නෙ හෙට නිසා..

මගෙ බෑග් එක රෙඩි කරගන්න අක්කා මාරම උදව්වක් දුන්නලු ඉතින්.ඇයි එයාගෙ මලමාලයාගෙ ගෙවල් බලන්නනෙ මම යන්නෙ..

මගෙ කමෙන්ට්ස් 😞😞😞 උනොත් එයාට මේක නවත්තන්නම වෙනවා…

හැබැයි ඒ කමෙන්ට් එක 😁😁😁 උනොත්.. මගුල ශුවර්.

ඒනිසා අක්කා දැන්ම ඉදලා මාව ශේප් කරගන්නවා..

“සුදු මල්ලි පැටියො.. සමහර විට එයාලට අපිට තරම් සල්ලි එහෙම නැතිවෙන්න පුලුවන්.. අනේ.. එහෙම උනා කියලා.. ඔයා මේකට අකමැති වෙන්න එපා හරිද වස්තුවෙ..

ගිහින් බලන්නකො..ඒ අම්මි ගොඩාක් හොදයි අහිංසකයි..
එයාගෙ නංගත් එහෙමයි. අනේ මගෙ වස්‍තුකැටේ… මගෙ නම්බුවත් බේරගෙන මට හිනාවෙන්න පුලුවන් උත්තරයක් අරන් එන්න හොදද…”

අක්කා ඉතින් පිස්සියක් වගේ ..පිස්සියක් වගේ කියවනවා..

මමත් ඉතින් මේ මල විකාර පිස්සෙක් වගේ ..පිස්සෙක් වගේ අහගෙන හිටියා..

‘හරි හරි බං…ඕක දැන් තමුසෙ මටකියන්නෙ කීවෙනි පාරටද.. මට දැන් ඕක කටපාඩම්

මට බයයි ඒ ගෙදර ගියාට පස්සෙත් මට ඕවා කියවෙයිද කියලා..අනේ ඒනිසා මගෙ රත්තරනේ…මට නිදහසේ යන්න දීලා ඔය ටකරම් සූටි කට වහගෙන ඉන්නවද…”

අක්කගෙ මූණ ඇඹුල් වුනා..

“මේ අහන්න මැණිකෙ.. ලව් වලට උදැල්ල දාන මල්ලි කෙනෙක් නෙමි මම හරිද.. මෙහෙමහරි මම ඒ ගෙදරට යන්නෙ ඔයා මොහොතකවත් දුක් විදිනවා බලන් ඉන්න මට බැරි නිසා.. දන්නවනෙ මම ඔයාට කොයිතරම් ආදරෙයිද කියලා..

ඔයා මගෙ පණ අක්කෙ.. අම්මටත් වඩා මම ඔයාට ආදරෙයි.ඉතින් මේ සුදු මූණට හිනාවක් ගේන්න පුලුවන් ඕනම දෙයක් මම කරනවා. මගෙහුස්ම ටික දීලා හරි..”

කෙල්ලගෙ කම්මුලක් අල්ලගෙන දෙව්නක කියද්දි.. කෙල්ලට ඇඩුනා..කෙල්ල දන්නවා කොල්ලා කොයිතරම්නම් තමන්ට ආදරෙයිද කියලා..

“මම ඒක දන්නව මගෙ මල්ලියො..”

දේවාශ්‍රී හොටු හූර හූර අඩන්වා..

“මේ..හූනිච්චි..ඔය හොටු මගෙ ශීට් එකෙන් එහෙම පිහිදනවා නෙමි හෙර වගේ…”

“අනේ…මේ…”

කෙල්ල.කොල්ලගෙ බාහුවකට ගැහුවා..

“ඊයා..මෙන්න මගෙ අතෙත් ගෑවුනා..
අනෙ අම්මා..කෝ හාපික් එක.. මට විශබීජ එක්ක සටන් කරන්න ශක්තියක් නෑ..

නැත්තම් සැප් සූම් ෆාස්ට් එකක් ගන්න ලයිෆ්බෝයි හෑන්ඩ්වොශ් එකක්වත් ගෙනත් දෙන්නෝ…”

කොල්ලා කෑගහලා කියද්දි..කෙල්ල නැගිට්ටෙ තරහින්.

“මම යනවා..තරහයි මම..”

“හූ…හූනිච්චි යනවද…හූ හූ…”

කොල්ලාට ඔරව ඔරව කෙල්ල කාමරෙන් එලියට ගියා..

දෙව්නකත් ඉක්මනින්ම නින්දටගියෙ පාන්දර 4ට නැගිටින්න ඕන නිසා..

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
4.30 වෙද්දි කොල්ලා ලෑස්තිවෙලා හිටියා.

සසංක ගෙදරට එද්දි 5ටත් ලගයි.

“සොරි මල්ලියා..ටිකක් පරක්කු උනා..”

“අනේ..කමක්නෑ අයියා..”

දෙව්නක කිව්වෙ කොල්ලගෙ උරහිසට අතකුත් තියලා..සසංක ඇවිත් හිටියෙ කාර් එකකින්.

“කාගෙද අයියා කාර් එක..”

“යාලුවෙක්ගෙ මල්ලි..ඔයා යන නිසාම මම ඉල්ලගෙන ආවා ..”.

සසංක කියද්දි.. කොල්ලගෙ හිතේ සසංක ගැන තිබුනු පැහැදීම තව වැඩිවුනා..

“රත්නත්තරේ පිහිටෙන් පරිස්සමෙන් ගිහින් එන්න පුතාලා දෙන්නා..”.

අම්මා ආශිර්වාද කරද්දි..දෙන්නම පහත්වෙලා අම්මට වැන්දා..

“තාත්තා හවසට ආවම මම කියන්නම්කො විස්තරේ..ම්ම්.”..’

“හා අම්ම..ඔන්න මාව බේරන්න හරිද..”

‘හ්ම්ම්.හ්ම්ම්”

“අක්කා ..ගිහින් එන්නම් හොදේ…”

“පරිස්සමෙන් මල්ලි..”

“හා…උම්ම්ම්මා..ඔයත් පරිස්සමෙන් ඉන්න..අම්මව බලාගන්න..”

‘හා…”

“ගිහින් එන්නම් ශ්‍රී..”

“හා..පරිස්සමෙන්..”

කෙල්ලගෙ ඇස් වල කදුලු..

දෙව්නක කාර් එකට නැග්ගෙ කෙල්ලගෙ කදුලුත් පිහිදලා..

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

“මල්ලියා..නැගිටින්න..අපි දැන් ලගයි..”

සසංක කොල්ලගෙ උරහිසට තට්ටු කරලා කතාකරද්දි තද නින්දෙ හිටපු කොල්ලා ගැස්සිලා ඇහැරුනා..

“හී..හී..බයවෙන්න එපා අයියෙ මම කතාකරකර යන්නම්..ඔයාට නිදිමත අහලකටවත් එන එකක් නෑ කියපු කොල්ලා… ගියර් දෙක දානකොට ගොරවනවා…🤣🤣🤣

සසංක අයියා හිනාවෙලා කියද්දි.. මම ලැජ්ජාවෙන් ඔලුව කැසුවා..

“මේහ්..මේ පැත්ත මාරම ලස්සනයිනෙ.. ඇත්ත කියනවකො..මේ නාවල ද..?”

“ඔව් බං මල්ලි.. ඒත්..මේ ටිකක් ඇතුලට වෙන්න ගම හරිය..”

“ඒකනෙ.මාරම ලස්සනයිනෙ..”

මම ශටර් එක ඇරලා වටපිට බැලුවෙ කටත් ඇරන්.

තවත් විනාඩි 5ක් විතර යද්දි එයාලා නැවැත්තුවෙ සාමාන්‍යෙන් ටිකක් ලොකු පැරණි නිවසක මිදුලයෙ..

“බහින්න..මේ තමයි ඉතින් අපේ පුංචි ගෙදර ..”

සසංක අයියා කියද්දි මම කල්පනා කලෙ මේකෙ කොහෙද පුංචි කියලා..

කොල්ලත් කාර් එකෙන් බැහැලා බෑග් එක අතට ගත්තා..

“අම්මා….අම්මා…”

සසංක අයියා කෑගහගෙන ගෙට ගොඩවුනු අතරෙ මමත් සසංක පිටුපසින්ම ඇතුලුවුනා..

ලස්සන සාලයක්.. සෙටි එකක්..කවිච්චියක් වගේම වේවැල් පුටු කීපයක් තිබුනු සාලය හරිම පිලිවෙලයි.

සසංක අයියාගෙ කෑගැහිල්ලට ගේ ඇතුලෙ ඉදලා දුවලා ආවෙ වයස අවුරුදු 60ක විතර කාන්තාවක්

“අනේ..රත්තරනේ උදෙන්ම ආවද .?”

සසංකගෙ මූණ ඉඹපු ඇය බැලුවෙ මගෙ දිහා..

“මේ දරුවා…?”

“මේ ඉන්නෙ අම්මෙ..දේවාශ්‍රීගෙ එකම මල්ලි..දෙව්නක..”

අයියා මාව අදුන්වලා දෙද්දි මම අම්මගෙ කකුල් අල්ලලා වැන්දා..

“අනේ..පුතේ..හොද දරුවෙක්නෙ..”.

ඒ අම්මගෙ ඇස් වල කදුලු.

“කෝ අම්මෙ අරයා..?

ඒපාර සසංක ඇහුවා..

“ඔය නාන්න කියලා ගියෙ.. දැන් එයි මයෙ හිතේ..ඔය දරුවා වාඩිවෙන්නකො.මම.ඉක්මනින් කිරි හදන් එන්නම්..මෙහෙ තියෙනවා අලුත් එලකිරි..”

එහෙම කියලා අම්මා ඇතුලට ගිය අතරෙ සසංක බැලුවෙ මගෙ දිහා..

“කෝ ඔය බෑග් එක දෙන්න.. ඔහොම වාඩිවෙලා ඉන්නකො..කිරි එකක් බීලම ඇතුලට යමු..”

අයියා එහෙම කියලා බෑග් එකත් අරන් ඇතුලට ගියා.මමත් ඉතින් වාඩිවෙලා මිදුල් දිහා බලාගෙන හිටියා.

ඒත් එක්කම වගේ මම දැක්කෙ දිය රෙද්දක් ඇදන්..තුවාය ඔලුව වටේ බැදගෙන රෙදි බේසමකුත් අරන් වැල ලගට යන චූටි කෙල්ලෙක්ව.

එයා රෙදි ටික වනලා බාගෙට හැලෙමින් තිබුන් හිසේ තිබුන් ටවල් එක ගලවලා අතට ගත්තා .ඒත් එක්කම ඒකෙ තුල තිබුනු කොන්ඩෙ දිය ඇල්ලක් වගේ පහලට කඩාගෙන වැටුනා .

මගෙ ඇස් ලොකු වෙන්න ඇති..ඒ තරම් ඒ කොන්ඩෙ ලස්සනයි..දිගයි.

එයා කොන්ඩෙ පිහිද පිහිද හැරෙද්දියි මිදුලෙ නවත්තලා තිබුනු කාර් එක දැක්කෙ.

ඒත් එක්කම එයා සාලය දිහා බලද්දි..එයා දිහාම බලාගෙන හිටි මාව දැක්කා..

ලැජ්ජාවෙන් මූණ රතුවුනා එයාගෙ.ඉක්මනින් ටවල් එක උරහිස් වැහෙන්න දාගෙන පිටුපස පැත්තට දුවගෙන ගියා .

මටත් ලැජ්ජයි වෙච්ච දේට.. මම බලන් ඉන්නවා දකින්නත් ඇතිනෙ..

ශිට්..🙊

මමත් ඔලුව කහ කහ මිදුල දිහාම බලාගෙන හිටියා.

මතුසම්බන්ධයි❤️

🌼🌼🌼🌼🌼එශ්🌼🌼🌼🌼🌼

Leave a Reply

Your email address will not be published. Required fields are marked *