#විසේකාරයා 11

👦 11 දගකාරකම 👦

” ආ පුතේ .. කිරි එක..උණුවෙන් බොන්න..”

සසංක අයියාගෙ අම්මා දුම් දාන තඩි කිරි වීදුරුවක් මට දික්කරද්දි මගෙ කටත් එක්ක ඇඹුල් වෙලා ගියා..ඇයි ඉතින් මට කිරි කියන්නෙ වහ වගේනෙ..

“අනේ..මේ මොකෝ..කිරි බොන්න ආස නැද්ද.. ආ..
පිටි කිරි වගේ නෙමි මේවා..අලුත් එලකිරි.බීලම බලන්නකො.. හැමදාම බොන්න හිතෙයි. “

අම්මා දික්කරන් හිටි කිරි වීදුරුව මම ගත්තෙ මගෙ මූණත් රතුවෙද්දි..ඇයි ඉතින් මගෙ මූණ වෙනස් වෙනවා එයා දැක්කනෙ..

කිරි එකේ පාට නම් ලස්සනයි.
කෝප්පෙ පුරාම පෙණ..
මම යාන්තම් කට ලංකරලා චූට්ටක් බිව්වා..

හම්මා..එහෙමත් රසක්.. සීනි යහමින් දාලා හොදට උණුකරලා තිබුනු එළකිරි එකෙන් ඇත්තටම ආවෙ පුදුම කිරි රසක්.

මම ඒක එක හුස්මට බිව්වෙ පැය ගානක් හිස්බඩ ඇවිත් බඩගින්න වැඩිවෙලා තිබුන නිසා..

කිරි එක බීලා ඉවර වුනා විතරයි තඩි ගුඩුස් එකකුත් ගියා මට.
ඒත් එක්කම මම දැක්කෙ දොර රෙද්ද මෑත් කරන් සාලෙට එන අර සසංකගෙ නංගිව.

මගෙ ගුඩුස් එක එයාට ඇහුනද මංදා..ලැජ්ජාවෙ බෑ..ආව වෙලාවෙ ඉදන් වෙන්නෙ පජාත වැඩමයි.ශිට්..

මම ඉතින් ලැජ්ජාව වහගන්නත් එක්ක එයා දිහා බලලා හිනාවුනා කට කපලා එකක්.

එයා මගෙ දිහා ඔලුව උස්සලා බලලා..අතින් කට වහන් හිකි හිකි ගගා හිනාවෙනවා ඒ පාර..

මම දඩස්ගාලා හිනාව නවත්තගත්තා..ඇයි යකෝ මම හිනාවෙද්දි මේකිට මාව මිස්ටර් බීන් වගේ පේනවද දන්නෙ නෑනෙ..

ආයෙ ආයෙත් මගෙ මූණ දිහා බලලා හිනාවෙනවා..මම ඔලුවෙන් ඉගි කරලා ඇහුවා ඇයි කියලා..මට තරහත් ගිහින් දැන් නම්.

ඊලගට එයා එයාගෙ දබරැගිල්ලෙන් එයාගෙ උඩු තොලේ ඒ කොනේ ඉදලා මේ කොනට අරන් ගියා..

මට එයා කියපු එක තේරුනේ නෑ ඒ තරම්.

“කිරි..ගෑවිලා..”

මම හොල්මන් වෙලා බලන් ඉද්දි එයා හීන් හඩින් කිව්වා..

එතකොටයි මට සීන් එක මීටර් වුනෙ.මම පටස්ගාලා මගෙ ෆෝන් එකේ සෙල්ෆි ඔන් කරන් බැලුවා.

හුටා…එයාට හිනාගිය එක අහන්නත් දෙයක්ද..මාව දකිද්දි මටම හිනහයි..

මම හිනාවෙවී තොල පිහිදගත්තා..

එයා ඇවිත් කිරි වීදුරුව අරන් ගෙට ගියෙත් හිනාවෙවී..

මම එයා යන දිහා බලන් ඉද්දි සසංක සාලෙට ආවා.

“මගෙ නංගිට ලයින් දානවා වත්ද…ආ මස්සිනා…?.”

සසංක අයියා මගෙන් අහද්දි.. මම හිනාවෙලා ශේප් උනා..

“එන්න කාමරේට යමු.. වොශ් එකක් දාගෙන කාලා එහෙම යමුකො ඇවිදින්න ටිකක්..”

මමත් ඉතින් සසංක අයියා පිටුපසින් කාමරේට ගියා..
අපේ කාමර වලට වඩා ටිකක් ලොකුයි ඒ කාමර. පරන ගෙයක් වුනත් හොදම තත්වෙන් තියෙනවා..

“වතුර එකක්ම තියෙන ලිදක් තියෙන්නෙ..යමු නාන්න දෙන්නම..”

සසංක අයියා කියද්දි මටත් ආස හිතුනා.. මමත් ඇදන් හිටි ඇදුම් මාරු කරලා අයියා දුන්නු ශෝට ඇදගෙන ,ටවල් එකයි ශෝටයි ටීශර්ට් එකකුයි කරට දාන් එලියට බැස්සා..

ලිද තිබුනෙ නිවසෙ සයිඩ් එකකට වෙන්න වගේ..
බිම ඉදලා අඩි දෙකක් විතර ඉහලට බැදලා තිබුනු ඒ ලොකු ලිදේ කට ලගටම වතුර.

“මේ පැත්තෙ මෙහෙම ලිං තියෙනවා කියලා හිතද්දිත් පුදුම ඇති නේද..”

සසංක අයියා අහද්දි මම එයා දිහා බැලුවෙ ඇත්තටම මට එහෙම දැනුනු නිසා.

“මෙහෙ මල්ලි උල්පත් කීපයක් තියෙනවා.. අපි ඉන්නෙ නගරෙන් ටිකක් ඇතුලට වෙන්න නිසා .. හරි නිස්කලංකයි මේ පැත්තත්..”

“ඒක නම් ඇත්ත..හුලග පවා සනීපයි..”..

මමත් කිව්වා..
අපි දෙන්නම ඇතිවෙන්න නාගෙන ඇදුම් ඇදන් ඇතුලට ගියෙ බඩත් කෑගහද්දි.
කුස්සියට යද්දි ආපු සුවදටනම් මගෙ රස නහරත් ඉලිප්පුනා..

දුම් දාන කෑම මේසය දිහා බලන් මම කෙලත් ගිල්ලා..

“බඩ පැලෙන්න කමු..එන්න..”

මමත් එක්කම වගේ වාඩිවුනු සසංක අයියා බත් බෙදාගත්තා..

සුදු බත්,පරිප්පු, මස් කලුවට උයලා,මැල්ලුම්,පපඩම්,මෝජු ….මේ ඔක්කොම මම බෙදාගත්තා.

හරිම රසයි . මමත් බඩ පිරෙන්නම කෑවා..

“කෑම ටිකනම් මාරම රසයි අම්මෙ..”

අයියාගෙ අම්මට මම කිව්වෙ කාලෙකින් කාපු රසම කෑම ටික නිසා.

“පුතාලා එනවා කියලා දන්නෙ නෑනෙ මම. දන්නවානම් මොනවාහරි ලේස්තිකරන්න තිබුනා.”

“අනේ.අමුතුවෙන් මොකටද.. මේ හොදටම ඇති..”

මම කියද්දි..සසංක අයියාගෙ නංගි කුස්සියට ආවා..

“නංගි..මේහ්.. හවසට කන්න මොනවාහරි හදනවකො ස්පෙශල් දෙයක්..”

“ම්ම්..මොනාද හදලා දෙන්න ඕන..?”

“මොනවා උනත් කමක්නෑ. ඔයා හදන හැම කෑමම රසයිනෙ ඉතින්..”

අයියා කියද්දි.. එයා ලැජ්ජාවෙන් බිම බලම් හිනාවුනා..

“ම්ම්..මොකෝ කරන්නෙ මලයා..ටිකක් ඇල වෙනවද.. නැත්තම්..ගමේ ඇවිදලා බලනවද..?”

‘ම්ම්..බඩත් පිරුනු එකේ…. ටිකක් නිදාගන්න තිබ්බානම් මරු..”

මම කිව්වෙ රස දිවේ ගෑවෙන්නම බඩ ෆුල් කරන් හිටපු මට නිදිමතක් එනවා එනවා වගේ දැනුනු නිසා…

🤣🤣🤣මගේම ෆොටෝකොපිය.. අපි දෙන්නට දිග ගමනක් එකට යන්න පුලුවන් වෙයි මගෙහිතේ..යමු යමු නිදාගන්න.🤣🤣.”

මගෙ උරහිසට තට්ටුවක් දාලා සසංක අයියා එහෙම කියලා හිනාවෙවී කාමරේට ගියා.
මමත් මට දුන්නු කාමරේට ගිහින් ටිකක් හාන්සි වුනා..
ෆෝන් එකට කෝල් එකක් ආවෙ ඒත් එක්කම වගේ..

“හෙලෝ…”

“හෙලෝ..කවුද මේ..”

“නොදන්න නම්බර් එකකින් ගත්තු නිසා මමත් ඇහුවා කවුද කියලා..”

‘බබා…මම..”

ඒ වචන ටික ඉතින් අමුතුවෙන් අදුනගන්න ඕන නෑනෙ.. කතාකලෙ..මගෙ ග්ලිටර් අයිස්..

“අහ්.ඔයා ..කියන්න..”

“කොහෙද බබා ඔයා ඉන්නෙ..චුට්ටක් මීට් වෙන්න පුලුවන්ද..?”

“මම මේ… පොඩි ගමනක් ඇවිත් ඉන්නෙ..”

“අහ්.. එහෙමද… එද්දි හවස්වෙයිද..?”

“අද එන්නෙ නෑ මම…දවස් දෙකතුනක් යයි..”

“ගෝඩ්… එහෙමද…හ්ම්ම්..”

“ඇයි..හදිස්සියක්ද..?”

“හ්ම්ම්.. ටිකක්..”

“දැන් මොකද කරන්නෙ එහෙනම්..”

“ම්ම්..කමක්නෑ..ඉක්මනට එන්න..”

“ඔයා කවද්ද ලංකාවට ආවෙ..?”

“ඔ..ඔයා කොහොමද දන්නෙ මම රට ගියා කියලා..”

“මට නෙතූ කිව්වා..ඔයා ඔයාගෙ ෆියෝන්සේ එක්ක රටගියා කියලා..”

“වට්..නෙතූ…?”

“යෙහ්.”

“හ්ම්ම්..”

“ඉතින්.. ඔයා මට එදා කිව්වෙවත් නෑනෙ ඔයා එන්ගේජ් වෙලා ඉන්නෙ කියලා..”

“හ්ම්ම්..බට්, මම එදා ඔයාට කිව්වා මතකද කියන්න ගොඩක් දේවල් තියනවා කියලා.. ‘

“හ්ම්ම්..”

“මට ඒවා ඔයාට කියන්න අවස්තාවක් ආවෙ නෑනෙ..’

“හ්ම්ම්..”

‘ගෙදර ආවම… මම ඔයාට ඒවා කි…….”

“හේයි… මෙතූ…වට් ආ යූ ඩුයින් මයි ලව්…කම් හියර්… මොනාද ස්වීටි..ඔහොම බෑ.. කෝ.. මට ඔයාගෙ රසම රස කිස් එකක් දෙන්න..කෝ ඉතින්…😘😘😘😘

ග්ලිටර් අයිස් කියාගෙන ආපු දේ මග නැවැත්තුවා. ඒත් එක්කම මට ඇහුනෙ එයාගෙ බෝයි…අහ්..නෑ එයාගෙ ෆියෝන්සේගෙ හඩ….

මම කෝල් එක කට් කලා..ඒක එයාලගෙ පුද්ගලික දෙයක්..අනික..ඒ වුනු දේවල් අහගෙන ඉන්න තරම් හයියක් මට තිබුනෙත් නෑ..

මගෙ හිතට දැනුනෙ ඉරිසියාවක්.. ඒ වගේම ඒ කොල්ලා ගැන තරහක්..
මම ෆෝන් එකත් ඕෆ් කරලා ඇදට විසිකරලා ඇස් තදින් පියාගත්තා…

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

‘මල්ලි… මල්ලි…”

සසංක අයියා මගෙ උරහිස හොලව හොලව කතාකරද්දි මට ඇහැරුනා..

“අහ්..අයියෙ.. “

“නින්දගියා නේද හොදට..”

“හම්මෝ ඔව් ..දහ දොලොස් දෙනෙක් එකතුවෙලා ඔලුවට පොල්ලකින් පතබෑවා වගේ නින්දගියා…”

“මෙව්වා සැප මෙට්ටනෙ මල්ලි.. ආපිකෝ..ඒකයි ඒ…”

‘එහෙනම් මෙට්ටෙ මාරුකරන්න වෙයි මස්සිනෙ..”

“ඒ මොකෝ ඒ..?”

“නෑ ඉතින්..නැත්තම්…අපෙ අක්කටත් වැටුනු ගමන් නින්දයයි..🤣🤣🤣🤣.”

“අනේ අම්මපා ..උඹ නම් කොල්ලෝ….”

සසංක අයියා මගෙ අතකට පාරක් ගහලා හිනාවෙවී නැගිට්ටා..

“මේ..5ත් පහුවෙලා..තේකක් එහෙම බීලා ඉමු..”

“අහ්..එච්චර වෙලා ගිහින්ද.. හ්ම්ම්..යමු යමු.. අම්මලා හිතනවා ඇති ඔයා මේ උස්සගෙන් ආවෙ වැරදිලා නිදිකුම්බරයව කියලා..🤣

🤣🤣🤣🤣🤣🤣🤣

සසංක අයියයි මායි සාලෙට යද්දි කුස්සිය පැත්තෙන් ආවෙ මාරම සුවදක්..

අපි දෙන්නම කුස්සියට ඇදුනෙ ඇඹලයො වගේ…

සසංක අයියාගෙ නංගි මොනවදෝ බදිනවා..සුවදින් කට්ලට් වගේ..
කෙලත් ගිලුනා මට ඒ සුවදට..

හුටා..මම කෙල ගිලිනවා එයා දැක්කා… එයාට හිනාගියා..
මමත් ලැජ්ජාවෙන් බිම බලාගත්තා..

*යකෝ…ආයෙත් මට කෙල්ලෙක් ලගදි ලැජ්ජා හිතිලා..මේ මොන නව නිංගිරාවක්ද…මගෙ හෝමෝන විකෘති වේගෙනවත් එනවා වත්ද…**

මම දහ අතේ කල්පනා කලා..

“අයියෙ.. ප්ලේට් එකකට දාලා දෙන්නද…?’

සසංක අයියාගෙන් නංගි අහද්දි..අයියා ෆ්‍රිජ් එක ඇරලා ගත්තෙ ටොමෑටෝ කෙචප් බෝතලය.

“දෙනකම් නේන්නම් මේ කෙල ගිල ගිල බලන් ඉන්නෙ..”

මම හිතින් හිතපු දේ ..අයියා කටින් කියද්දි…නංගි බැලුවෙ මගෙ දිහා.. හරියට… මමම ඒකත් කිව්වා වගේ..

“ආ…”

එයා ප්ලේට් එකකට කට්ලට්,පැටිස් 10ක් විතර දාලා අයියාට දුන්නා..

“එන්න මලයා.. අඹරන්න තමා තියෙන්නෙ දැන්…”

අයියා කියද්දි.. මමත් හෙමින් අයියා ලගට ලංවුනා..

උණුම.උණු කට්ලට් එකක සෝස් ගාගෙන කෑවා මම..

මාරම රසයි..
මම දැක්කා…නංගි මගෙ දිහාම බලන් ඉන්නවා.. හරියට මම කාලා රස කියනකම් වගේ..

“සුපිරියි අයියේ…”

මම කිව්වෙ එයා තාමත් බලම් ඉන්න නිසා..
එහෙම කියලා හොරැහින් මම බැලුවා එය දිහා..එයා හිනාවෙනවා බිම බලන්.

අපි දෙන්නා.විනාඩි 5ක් විතර යනකොට ඔක්කොම ඉවරකලා..

“අපේ කොල්ලටම ගැලපෙන මස්සිනා කෙනෙක් හම්බෙලා තියෙන්නෙ.’

සසංක අයියාගෙ අම්මා කියද්දි..මට පොලව පලාගෙන යන්න හිතුනා..

“කොල්ලො උනාම කාලා බීලා ඉන්න ඕන. එහෙම කෙනෙක් තමා හරියන්නෙත්.”

අම්මා මගෙ ඔලුව අතගාලා කිව්වා

“දෝනි..තව දෙන්න අයියලට..”

අම්මා එහෙම කියද්දි.. එයා ආයෙත් තව කට්ලට් පැටිස් ටිකක් අරන් ඇවිත් ප්ලේට් එකට දැම්මා..

අපි ඉතින් ඇතිවෙනකම් කට්ලට්,පැටිස් කෑවා..
ඊට පස්සෙ අම්මා හදලා දීපු ඉගුරු ප්ලේන්ටි එකත් බීලම සාලෙට ආවා..
බඩ කොන්ක්‍රීට් කරලා වගේ.. උගුරටත් එනවා..

සසංක අයියා මට කතාකලෙ මිදුලට යමු කියලා..

මමත් ඉතින් එයා එක්කම මිදුලට බැස්සා…

මතුසම්බන්ධයි❤️

🌼🌼🌼🌼🌼🌼🌼🌼එශ්🌼🌼🌼

Leave a Reply

Your email address will not be published. Required fields are marked *