#විසේකාරයා 17

👦 17 දගකාරකම 👦

“ආ ආන්ටී..කෝ අපේ දෙව්නකයා .. ඊයෙ ඉස්කෝලෙ ආවෙත් නෑනෙ. මම මේ ආවෙ අසනීපයක්ද කියලා බලන්න..”

“අහ්..ඔය ඉන්නෙ කාමරේ.. ඔය ලමයත් අද ඉස්කෝලෙ ගියෙ නැද්ද ..?”

“නෑ ආන්ටි.. මිස්ට අද උණ හැදෙනවා කිව්වනෙ ඊයෙ..”

“හෑ ලමයො..අද හැදෙන අසනිපෙ ගැන ඊයෙ කොහොමද මිස් කිව්වෙ..’

“ඒකනෙ ආන්ටී….කියන්නෙ..අපේ මිස් ඉන්නවනෙ..එයාට පේන කියන්න පුලුවන්. හම්මා…කියනවා කිවිල්ල..මේ බලන් හිටියා වගේ. “

“අනේ..ඔය ඇත්තමද.. ඒ මිස් හදහන් එහෙම බලනවද දන්නෙ නෑනෙ..”

“ඒකනම් හරියට දන්නෙ නෑ ඇන්ටි..”

“අනේ දරුවො මට මිස්ගෙන් අහලා කියන්නකො.. මේ අපේ කොල්ලට අපලද කොහෙද මේ දවස්වල..කේන්දරේ ටිකක් බලවගන්න ඕන..”

“හරි ඇන්ටි..මම අහලා කියන්නම්කො..”

“හා…අන්න පුතා කාමරේ..යන්නකො ඔය ලමයත්..මම එන්නම් කිරි එකක් එහෙම හදාගෙන “

“අනෙ…ආන්ටි.. කරදර වෙන්න එපා..කන්න එහෙම මුකුත් ගෙනාවට කමක්නෑ එ ගමන්ම..”.

“හා..හා..මම ගේන්නම්කො..”.

සාලෙ පැත්තෙන් ඇහෙන ජූඩගෙයි අම්මගෙයි සංවාදෙ මම අහං හිටියෙ රෙද්දත් ඔලුවෙ ඉදන් පොරවගෙනමයි.

“අඩෝ නැගිටපන් ප@# ..”

මගෙ පක්ශාත් භාගෙට ගහලා ජූඩා කියද්දී .. නැගිටින්න කම්මැලිකමට තදකරන් හිටපු චූ බරත් වැඩිවුනා..සුට්ටක් ගියාදත් මංදා..

“මොන හු@## යකෝ කරන්නෙ.තව චුට්ටෙන් මුත්‍රා බොක්ක පුපුරනවා..”

“අහ්..උඹ තදකරන් හිටියද..🤣🤣🤣🤣

“ඔව් යකෝ..දැන් පැය බාගෙක ඉදන්..අනේ වස්තුවෙ..උදව්වක් කරපන්. මම වෙනුවට දුවලා ගිහින් චූදාලා වරෙන්..”

“හා..විනාඩියක් ඉදපන් එහෙනම්..’

එහෙම කියාගෙන ජූඩා බාත්රූම් එකට දිව්වා..

“හම්මෝ… ඔන්න..හරි..දැම්මා..”

කලිසමේ ශිප් එකත් දදා ඌ ආවෙ නිවන් ගියා සැනසීමක් මූනෙ පුරවන්.

“මට ඉන්නෙත් මටම හරියන එවුන්ටිකක්..අනෙ අම්මපා තෝ නම්…”

මම ඇදෙන් නැගිට්ටෙ එහෙම කියාගෙන

“ඉතින් මචං.. මොකෝ සීන් එක.?”

ජූඩා එහෙම අහගෙන ඇදෙන් වාඩිවුනා..

“සීන් ගොඩයි මචං..පිස්සු හැදිලා ඉන්නෙ..විනාඩියක් දීපන්. චූදාලා එනකම්..”

මම බාත්රූම් එකට ගියෙ එහෙම කියාගෙන.

“ආ පුතා..මෙන්න ..”.

කාමරේ ඇතුලෙන් අම්මගෙ කටහඩ ඇහුනා..

“පිං සිද්දවෙනවා ආන්ටි..”

ජූඩා කියනවා ඇහුනා.

මම කාමරේට එද්දි මු ආනමාලු ගෙඩියකට වැඩේ දෙනවා අනිත් අතේ කේක් කෑලි දෙකයි..

“හෙමින් කාහං යකෝ..තොට හිරවෙල මැරෙයි..”

“මැරුනත් සැපයි බං කාලා ඉවරවෙලානම්.”

මම ඇදෙන් වාඩිවුනෙ කිරි එකත් අතට අරන්..

“කියපන් ඉතින්..මොකෝ කේස් එක..?”

“අපෙ තාත්තාට ආරංචිවෙලා බං මම අරකිව මීට් වෙන්න ගිය එක .”

“තාත්තට ආරංචි වෙලා..මීට් වෙච්ච එක.. අරකිව..?කියන එකක් පැහැදිලිව කියපන් බං..”

“මේකයි..උඹට මතකනෙ දවසක් මම ඇන්ටන්ගෙ බයික් එක ඉල්ලන් කෙල්ලෙක් එක්ක ගියා කියපු සීන් එක.. අපේ අල්ලපු ගෙදර මම ලයින් දාපු කෙල්ල.. මතකනෙ..’

“හ්ම්ම්..අර වැඩිමල් ඔබේ සිතට මම ලංවෙලා කියකිය උඹ පැණිපෙරපු එකනෙ..”

“ඔව් බං.. ඒකි ඊයෙ මාව මීට්වෙන්න ඕන කිව්වා.”

“ඉතින්…”

‘මමත් ඉතින් ගියා..”

“කොහාටද..රූම් එකකටද බොක්ස් එකකටද..?’

ජූඩා ඇහුවෙ ඇස් ලොකු කරන් කටත් ඇරන්.

“නෑ යකෝ..බීච් එකට.’

‘හැපූ…..”

“අහපන්කු හු@#..”

“කියපන් ඉතින්..”

“ඒකි මාත් එක්ක කතාකලා.. ඒකිගෙ විස්තර කිව්වා සේරම.. ඒකි මට ආදරෙයි කියලත් කිව්වා බං..”

“මොකක්..දෙන දෙයියො දෙන්නෙ ටොකු ඇන ඇන කිව්වලු..ඉතින්..”

“ඔව් බං..”

“ඉතින්…”

මම ජූඩාට හැමදේම කිව්ව.. එයා කියපු හැමදේම.

“මචං… ඒක මාර කේස් එකක්නෙ බං..”

කතාව අහගෙන ඉදලා ජූඩ් කිව්වෙ මූණ අමුතුම කරගෙන.

“එතකොට තාත්තා කියන්නෙ ඒකි අරමයි කියලා..”

“ඔව් බං.. ඊයෙ ඒකි මම අහපුවට හරියට උත්තර දුන්නෙ නැති එකෙන් මට සැක හිතුනත් එක්ක බං “

“අනේ පුතෝ..උඹ කරගහන් තියෙන්නෙ මාර @#$නෙ බලං ගියාම.මෙහෙම කිව්වා කියලා තරහා වෙන්න එපා බං..ඒකි උඹට හරියන්නෙ නැහැ..”

‘ඒත් .මම ඒකිට ආදරෙයි බං..සීරියස්ලි..”

“වෙන එකෙක් එක්ක ඇදකට ගිය එකියක් එක්ක ඉන්න උඹට පුලුව්න්ද බං හිත හදාගෙන ?”

“එතකොට උඹ කියනෙත්..තාත්තා කියපුවා ඇත්ත කියලද..?”

“උඹෙ තාත්තට ලමයි දෙන්නයි මචං.එකෙක් උඹ අනිත් කෙනා අක්කා.. ඉතින්..කෙල්ලෙක් ඉන්න තාත්තෙක් විදියට..තවත් කෙල්ලෙක්ගෙ චරිතෙ ඔය තරම් පහත් කරලා බොරු කියාවිද බං .අනික උඹෙ තාත්තාට මම ගරු කරන්නෙ මගෙ තාත්තට තරමටම. ඇත්තටම උඹෙ තාත්තා අපෙ තාත්තටත් වඩා හොදයි බං.. එහෙව් එකේ…
ඒ කිව්වෙ බොරු කියලා හිතන්න අමාරුයි..”.

ජූඩ් සීරියස් මූඩ් එකෙන් කියද්දි.. මමත් කල්පනා කලා..

“අනේ මංදා බං.. මට උදව් කරපන්. මේකෙ ඇත්ත නැත්ත හොයාගන්න..’

“හ්ම්ම්..දැන්..මොකක්ද මම කරන්න ඕන..?”

‘මචං .මගෙ හිත ඒකි එහෙමයි කියලා පිලිගන්න ලේස්ති නෑ.. මට ඒකිව මීට් වෙන්නත් බෑ දැන්. අපි හොයාගමු තාත්තා කිව්වෙ ඇත්තද කියලා..”

“හ්ම්ම්.. හරි එහෙනම්.. උඹ මට දවස් 2ක් කල් දීපන්.මම හොයලා සාක්ශිත් එක්කම ගෙනත් දෙන්නම්..”

ජූඩ් විශ්වාසෙන් කියද්දි .මගෙ හිතට සහනයක් දැනුනා යාන්තමට.
මම ප්‍රාර්ථනා කලෙ.. තාත්තා කියපුවා ඇත්ත නොවෙන්න කියලා..

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

ඉස්කෝලෙ නොගිහින් අදට සතියක්.
මට ගෙදර ඉදල එපා වෙලයි තිබුනෙ. තාත්තා මගෙ මූණවත් බලන්නෙ නෑ.. අම්මත් ඉන්නෙ ඇඩූ කදුලින්. එයාලට දුකයි.. මම මේ කරගත්තු දේට.

මේ අතරෙ අක්කායි සසංක අයියයි ගැන අම්මා තාත්තට කියලා තිබුනා..
තාත්තා එයාලට ගෙදර එන්න කියන්න කියලා තිබුනා..
අද එයාලා මෙහෙ එනවා කියලා අක්කා කිව්වා..

හිත පිස්සු නටනට හිටි නිසා මුකුත් උදව්වක්වත් කරන්න මට බැරිවුනා.

මම කුස්සියට ඇවිදන් ගියෙ ඒනිසාමයි
ඒ යද්දි..අම්මයි අක්කයි උයනවා..
තාත්තා සාලෙ පත්තරයක් කියව කියවයි හිටියෙ .

“අනේ..මගෙ සුදු මල්ලා ආවද.. ආ…මම මේ ඔයාට ගෙනිහින් දෙන්න හැදුවා විතරයි..”

අක්කා දුවලා ඇවිත් මගෙ කම්මුල ඉඹලා මට දික්කලෙ කොකිස් දෙකක්.

මම ඒක ගත්තා.

“අර ලමයා ආවමවත්..ඔය මූණ ටිකක් වෙනස් කරන් හිනාවෙලා ඉන්න චූටි පුතා. තේරුනාද ?”

“හ්ම්ම්..හරි අම්මා..”

මම අම්මා ලගට ගිහින් අම්මව බදාගත්තා.

“මට ඉන්නෙ දරුවො දෙන්නයි පුතේ.. 100ක් හිටියානම් උඹලා ගැන නොහිතා ඉන්න තිබුනා.. තවමත් මගෙ පපුව පිච්චෙනවා වගේ. “

“මට සමාවෙන්න අම්මා..”

“හ්ම්ම්..දැන් ඉතින් හැමදේම අමතක කරලා සතුටින් ඉන්න බලන්න.”

අම්මා ඇස් වල කදුලු පිහිදගෙන කැවිලි දීසි ටික කෑම මේසෙට අරන් ගියා.. මමත් එයාලට උදව් උනා.

උදේ 10 විතර වෙද්දි සසංක අයියලා ආවා
මමත් කුස්සියෙ වැඩ වලට අම්මලට උදව් වෙලා නාගන්න ගියා

අක්කා ගෙනත් තිබුනු අලුත් කැමා ශෝටට කලුපාට අලුත් ටී එක ඇදලා කොන්ඩෙ අතින් හදාගත්තා..

ලොකු හුස්මක් අරන් ..හිත සැහැල්ලු කරගෙන හෙමිහෙමින් සාලෙට ගියා..

සාලෙ සෝෆා එකේ සසංක අයියගෙ අම්මයි සසංක අයියයි එතකොට….. මල්කියි වාඩිවෙලා හිටියා..

අම්මෝ… මල්කිගෙ හැඩ.

ලස්සන කලුපාට සරියකින් හැඩවෙලා හිටිය එයා හරියට පුංචි ටීච කෙනෙක් වගෙයි මට පෙනුනෙ.
එයාගෙ දිග කොණ්ඩෙ කඩාහැලෙන්න දාලා තිබුනා..

කාලෙකට පස්සෙ හිත නිවෙන තරම් ලස්සනක්…

මම එයා දිහා බලාගෙනම සාලෙට ඇවිදන් යද්දි..එයා මගෙ දිහා ඔලුව උස්සලා බැලුවා..

ඒඇස් දිලිසෙනවා.

මම හිනාවුනා එයා එක්ක.
එයත් යාන්තමට හිනාවෙලා බිම බලාගත්තා.

*යකූ.. මනමාලි බලන්න ආවෙ මෙයාගෙ අයියා .. ඒත්..එයා හැසිරෙන්නෙ එයා මනමාලයෙක් බලන්න ආවා වගේ ලැජ්ජාවෙන්නෙ..**..

මගෙ හිත කියවනවා.

සසංක අයියත් අම්මත් මාත් එක්ක හිනාවුනා..

“අපේ චන්ඩියා තමා තාත්තගෙ ජොබ් එක බාර අරන් කරලා තියෙන්නෙ නේද..”

මාව දැකලා තාත්තා කියද්දි..මට පුදුම හිතුනා.. කලින් තිබුනු තරහා නැහැ..ඒ මූනෙ හිනාවක්.

“ඔව් තාත්තා.. මල්ලි මාත් එක්ක අපේ ගෙදර ගියානෙ..”

සසංක අයියත් කිව්වෙ හිනාවෙවී

“ඒකනෙ ඒකනෙ.. “

එයාලා හිනාවෙවී කතාවෙනවා

“කෝ..අපේ මනමාලි..”

සසංක අයියගෙ අම්මා කියද්දියි මටත් මතක්වුනෙ.. නිලිය අඩුයි නේද කියලා ෆිල්ම් එකේ.. මමත් සුටුස් ගාලා පැන්නා අක්කගෙ කාමරේට.

යකූ….මේකි බලපල්ලකො… ජැක්ලීන් පරාදයිනෙ.. ගෝල්ඩ් කලර් සාරි එකක් ඇදලා…
මට ඇස් අදහගන්න බැරිවුනා..

“මල්ලි..හොදයිනෙ..අවුලක් නෑනෙ..මට බයයි හලෝ.. කියනවකො..හොදයිනෙ..ලස්සනට ඉන්නවනෙ.. වෙවුලනවා වගේ හලෝ..”

කෝච්චිය වගේ අක්කා කියවනවා.

“මේ අක්කෙ..බඩ්ඩක් කියන්නද..?”

මම සීරියස් මූඩ් අරන් එයාලගට ගිහින් කනට කරලා වගේ ඇහුවා

“හ්ම්ම්..කියන්න..”.

ඔන්න එයා බයවෙලා..

“ඒ..අද .තමුසෙ ලස්සන නෑ හලෝ…”.

“අනේ… ඔය ඇත්තමද..”

අඩන්න ඔන්න මෙන්න කට හදන් අක්කා කියනව..ඒ ඇස් වලත් කදුලු පිරිලා ඒ ඩිංගට.

“ඇත්තටම ලස්සන නෑ හලෝ.. පට්ට ලස්සනයි..පට්ටම පට්ට…”

“අනේ…..”

මම කියද්දි කොටිදෙන වගේ කඩාගෙන පැන්නෙ මගෙ පපුවට .එයා අඩනවා..

“සත්තකින්ම ලස්සනයි රත්තරං . ඔයා අද මෙහෙමනම්.. වෙඩින් එක දවසට කොහොද ඉදියිද.. මට නම් එදාට පිස්සු හැදෙයි.. “

මම එයාගෙ ඔලුව අතගාලා කිව්වා

“ආදරෙයි මල්ලියො.”

“මමත් ආදරෙයි වස්තුවෙ..”

අක්කගෙ හිස්මුදුන සිඹලා මම කිව්වා.

“ආ…මේ මොකෝ මේ අක්කගෙයි මල්ලිගෙයි ලව් එක..ආ..
අක්කා අද කසාද බැදලා යන්නෙ නෑ.. මනමාලයා බලනවා විතරයි.. මේ දෙන්න මේ බදාගෙන ඉන්නෙ අද යනවා වගේනෙ..”.

අම්මා කියද්දි..අක්කා මගෙන් ඈත් වුනෙ කදුලු පිහිදගෙන

“ඒ..අඩන්න එපා හලෝ..තමුසෙ අඩලා කදුලු ගෑවිලා මේක්ප් තට්ටුව හේදුනොත් මනමාලයා දුවයි නාවලටම පයින්….
එතකොට අපි කාටද අක්කෙ තමුසෙව කරකාර දෙන්නෙ.. අනේ මේ අසරනයට පාඩුවෙ අරගෙන යන්න උදව් කරනවාකො…”

මම හිනාවෙවී කියද්දි අක්කා මගෙ පපුවට මිට මොලවලා ගහගෙන ගියා

“නරකයි ඔයා..”

‘යෙස් අයි ඈම්..”

මම කිව්වෙ ඇහැකුත් ගහලා..

අම්මා අක්කගෙ කදුලු පිහිදලා මූණත් ඉඹලා සාලෙට එක්කගෙන ගියා..
මමත් එයාලගෙ පිටිපස්සෙන්ම එයාලා එක්ක ඇවිදන් ගියා..

මතුසම්බන්ධයි❤️

***************එශ්*************** 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *