#විසේකාරයා 18

👦 18 දගකාරකම 👦

අක්කව දැක්කා විතරයි සසංක අයියාගෙ මූණ සතුටින් පිරුනා..ඊටත් වඩා ඒ ඇස් කදුලින් පිරුනා කියලා මම දැක්කා.. එයා කදුලු පිහිදගත්තෙ හිනාවෙවීම..

“එන්න දෝණී…”

සසංක අයියගෙ අම්මා කතාකලාම අක්කා එයා ලගට ඇවිදන් ගියා..

අම්මා දීපු හෙප්පුවත් අතේ තියාගෙනයි එයා ගියෙ..

“යන්න පුතා ලගට..”

සසංක අයියගෙ අම්මා අක්කගෙ මූණ ඉඹලා ඔලුව අතගාලා කියද්දි.. අක්කා අයියා ලගට ගියෙ බිම බලාගෙන.

අක්කා ලගට යද්දි..අයියා නැගිට්ටා..
අක්කා අතේ තිබුනු හෙප්පුවට අත තිබ්බා..අක්කා තවමත් බිම බලන්..

“ලස්සනයි..”

මම දැක්කා..අයියගෙ දෙතොල් මුමුණනවා..හෙමීට. අක්කා අයියා දිහා බැලුවෙ ඒක ඇහිලා..
ඊලගට ලැජ්ජාවෙන් ආපහු හැරුනා.

“දෝණි මෙතනින් ඉදගන්න”

සසංක අයියගෙ අම්මා කියද්දි අක්කා එයා ලගට ගියා.. සෝෆා එකේ අයිනෙන් වාඩිවෙලා උන්නු මල්කි නැගිටලා අක්කට ඉඩ දුන්නා වාඩිවෙන්න
අක්කත් අම්මා ලගින් වාඩිවෙද්දි.. මල්කි හිටගත්තෙ මගේ ලගින්.

ඒ ගතින් හමාගෙන ආපු හීනි පිච්චමල් සුවදක්..මගෙ නාස් පුඩු අතරින් ඇතුලුවුනෙ මගෙදෑසත් පියවගෙනම

“මගෙ දෝණි හරිම සිරියාවයි.. පුතාගෙ තේරීම නම් ඉහලයි..හරිම සංතෝසයි දුවේ…”

සසංක අයියගෙ අම්මා අක්කගෙ කම්මුලක් අතගාලා කිව්වෙ සතුටිම්.

“මටත් ඇත්තටම සතුටූයි අක්කෙ අපේ දෝණිත් නිවැරදිම කෙනාව තෝරගත්තු එකට..”

තාත්තත් ඊට පිලිතුරු දුන්නා..

අම්මා මේ අතරෙ කුස්සිය පැත්තට හැරුනා.

“චූටි පුතා.. එන්නකො ටිකක් තේමේසෙ ලේස්තිකරන්න..”

“හා..”

මම එහෙම කියන් හැරෙද්දි..

“මාත් එන්නම්..”

මල්කිත් කිව්වා

මම හා කියලා ඔලුව වනලම ඉස්සර වුනා.. ඇත්තටම මල්කි මගේ ලගින් ඉද්දි මට දැනෙන්නෙ මොකක්දෝ පුරුදු බවක්.හිතට හරීම සනීපයි.ඒ ඇයිද මංදා..
හරියට නිකම්.. මගේම කෙනෙක් වගේ..

“ආ..දෝණිත් ආවද..?”

මල්කිව දැකපු අම්මා ඇහුවා..

“කරන්න තියන දෙයක් කියන්න අම්මා.. මම උදව් කරන්නම්..”

එයා මගෙ දිහාත් බලලා කිව්වෙ හරියට මේ වැඩ කොල්ලොන්ට කරන්න බෑනෙ කියලා කියන්න වගේ..

“අනේ..මගෙ දෝණි වාඩිවෙලා ඉන්න..මේ ඉන්නෙ ඉලංදාරියෙක්.මම එයාගෙන් උදව් ගන්නම්..”

“අනේ.. ඒකට කමක්නෑ අම්මා..මම උදව් කරන්නම්..”

“හ්ම්ම්..එන්නකො එහෙනම්.. මම තේ ට්ක හදන්න ලේස්තිකරනකම් මේ කේක් ටික දීසියට තියන්නකො..”

අම්මා පොඩි බකට් එකක් පැන්ට්‍රි එක උඩින් තියලා කිව්වා..

එයත් ඒක අතට අරන් දීසියට කේක් කෑලි තිබ්බා. එයාගෙ වැඩ හරි පිලිවෙලයි..බලාගෙන ඉන්න හරි ආසයි.

මමත් බිත්තියට හේත්තුවෙලා බලන් හිටියා එයා දිහාම.

“චූටිපුතා.. එන්නකො ඔයත්..”

අම්මා මට කතාකරද්දි..මම අම්මා ලගට ගියා..

“අර කෑම මේසෙ වහලා තියන රෙද්ද අයින් කරලා මේ දීසි ටික ඒකෙන් තියන්න..”

අම්මා කියද්දි මම කෑම මේසෙ ලගට ගියෙ මල්කි දිහාම බලාගෙන. එයා කේක් ටික තියලා ඉවර වෙලා හැරෙද්දි මම බලාගෙන ඉන්නවා දැකලා මාත් එක්ක හිනාවුනා..

හම්මෝ… ඒ හිනාව.
හාට් එක කීං ගෑවා මගෙ..

එයා හිනාවීගෙනම මගෙ ලගට ඇවිදන් ආවෙ කේක් දීසියත් අතේ තියාගෙනම.

මාත් එක්කම මේසෙ ලේස්තිකරන්න එයත් උදව් උනා.
දෙතුන් වතාවක්ම එයාගෙ අත මගේ අතේ වැදුනා

හම්මා..කරන්‍ට් එකක් ගියා වගේ මුලු ඇග පුරා.. මට නිකම් පිස්සු වගේ..

“මම අයියලට එන්න කියලා එන්නම්..”

එහෙම කියපු අම්මා සාලයට ගියා..දැන් කුස්සියෙ ඉතිරි එයයි..මමයි විතරයි.

එයා මගෙ දිහා බලලා ආයෙත් හිනාවුනා..

“ඇයි දුකින් වගේ..”

එයා එකපාරම අහද්දි..මම ගැස්සුනා..
මගෙ හිත කියවලාවත්ද..

“ම්..මම..නෑ…”

“නෑ නෙමෙයි.. ඔව් නේද…”

එයා මගෙ මූණට එබිලා අහද්දි මම ඔලුව වැනුවා.. මට එයාට බොරුවක් කියන්න හිත දුන්නෙ නෑ.

“ඇයි ඒ…”

ඒ පාර එයා ඇහුවෙ දුකින් වගේ.

“පොඩි ප්‍රශ්නයක්..”

“අහ්..ඇයි.?”

“අෆෙයා එක..ගෙදර අය දැනගත්තා..”

මම කියලා දැම්මා.. බලාගෙන ඉද්දි.. ඒ මූණ කලුවුනා.. ඒ ඇස් වලට කදුලු ඉනුවදත් මංදා..

“අ..ෆෙ..යා..එක.?”

එයා වෙවුලන ස්වරයෙන් අහද්දි.. මම බැලුවෙ ඒ ඇස් දිහා.. ඒවා වැටෙන්න ඔන්න මෙන්න කදුලින් පිරිලා.

“හ්ම්ම්”

“තාත්තා ගැහුවද ඉතින්..?”

එයා අහද්දි..මම ආයෙත් ඔලුව වැනුවා..

“අහ්.. ගොඩක්?”

“ම්ම්..නෑ..එකක්..මෙතන්ට..”

මම කම්මුලට අතක් තියලා කිව්වා

“පව්.”

එයා මගෙ කම්මුල අල්ලලා කියද්දි.. ඒ ඇස් වලින් කදුලක් කඩාගෙන වැටුනා

දෙයියනේ මගෙ පපුවට මොකක්දෝ වුනා..
මගෙ කම්මුල හිරිවැටුනා වගේ දැනුනා..ඒත් එක්කම…

“බබා…”

දොර දෙසින් ඇහුනු ඒ හඩින් මම ගැස්සිලා ගියා..
මල්කිත් මගෙ කම්මුලට තියාගෙන හිටපු අත පහත දාගත්තා.

ඇවිත් හිටියෙ
ග්ලිටර් අයිස්..

“අහ්..ඔ..ඔයා..මෙහෙ..”.

“කතාකරන්න ඕන බබා..ප්ලීස්..”

ග්ලිටර් අයිස් අඩාගෙන වගේ එහෙම කියාගෙන දුවගෙන ඇවිත් මට තුරුලුවුනා..

මල්කිගෙ ඇස් ලොකුවුනා.. එයාඅපි දෙන්නා දිහාම බලන් ඉදලා එතනින් දුවලා වගේ යන්න ගියා ..මම දැක්කා..ඒ ඇස් ආයෙත් කදුලින් පිරෙනවා..

“ඔයා කොහොමද මෙහෙ ආවෙ. ?”..

මම ග්ලිටර් අයිස්ව මගෙ තුරුලින් මුදවලා එලියට ඇදගෙන වගේ ගිහින් ඇහුවා..

මට හිතාගන්න බෑ..තාත්තා මෙයාට ගෙට එන්න දුන්න එකත්

“ඔයාට කෝල්ස් ගත්තා මම ගොඩාක්..ඒත් ඔයා ආන්සර් කලෙ නැති නිසා මම ගෙදරටම ආවා”

“ඔයා දන්නවා.. මට ගෙදරින් ප්‍රශ්න කියලා ..එහෙව් එකේ ඇයි ගෙදරට ආවෙ. ඔයා හදන්නෙ මටගෙදර ඉන්න එකත් නැතිකරන්නද..?”

මම ඇහුවෙ තරහින්.

“ඔයාට විතරද බබා ප්‍රශ්න තියෙන්නෙ..මට ප්‍රශ්න නැද්ද..?ආ..මම කවුද ඔයාගෙ..මම ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් නේද..ආ…?”

“මේ අහන්න.. අපේ ගෙදරට අමුත්තො වගයක් ඇවිත් ඉන්නෙ.. මට ඔයා එක්ක දැන් කතාකරන්න බැ..ප්ලීස් ඒනිසා ඔයා මෙතනින් යන්න දැන්.මම රෑට කෝල්.කරන්නම්..”

“බෑ..මට බෑ බබා..ප්ලීස් අපි කතාකරමු..එන්න..යමු මාත් එක්ක..”

එයා මගෙ අතින් අදිමින් කිව්වා.

“තමුසෙට පිස්සුද…ආ..
මගෙ අක්කා බලන්න මනමාලයෙක් ඇවිත් ඉන්න වෙලාවෙ මට තමුසෙ එක්ක මගුල් නටන්න යන්න එන්නද කියන්නෙ..”

මම ඒ අත ගසලා දාලා ඇහුවෙ තරහින්.

“බබා..”..

එයා ඇස් ලොකු කරන් මගෙ දිහා බැලුවා..ඒ බැල්මෙ තිබුනෙ මොකක්ද කියලවත් මට හිතාගන්න බෑ..

“දැන් මෙතනින් යන්න .. ප්ලීස්..”

මම කිව්වා..

එයා යන්න ගියෙ ගස්සගෙන වගේ.. මම අත් දෙකින්ම ඔලුවත් අල්ලගෙන බිත්තියට හේත්තුවුනා..

මගෙ ඔලුව විකාර වෙලා..

ඒත් එක්කම මට මතක්වෙන්නෙ මල්කිගෙ කදුලු පිරුනු ඇස් .
මම මූණත් එලියෙ ටැප් එකෙන් හෝදගෙන ඇතුලටගියා..

සසංක අයියලා කිරිබත්,කැවිලි කනවා..
මම බැලුවෙ මල්කි දිහා.. එයා පිගාන දිහා බලාගෙන අතගගා ඉන්නවා..මූන දුකින් පිරිලා..

මට කරන්න දෙයක් හිතාගන්න බැරිවුනා..

**පව්..**
මල්කි එහෙම කියලා මගේ කම්මුල අතගාපු හැටි මතක්වුනා..
මම කාමරේට ගියෙ ඔලුව පුපුරන්න වගේ ආපු නිසා..

ග්ලිටර් අයිස් ගෙදරට ආවම .. සසංක අයියලා ඉන්න නිසා තාත්තා මුකුත් නොකිය ඉන්න ඇති..ඒකයි ඇතුලට එන්න දෙන්න ඇත්තෙත්.. නැත්තම් එයාව මේ ගෙදර අහලකටවත් ගන්නවා තියා ඒ මූණ දකින්නවත් තාත්තා කැමතිනෑ..

විනාඩි 15ක් විතර ඔලුව අතගගා මම හිටියා කැක්කුම නිසා..

“මල්ලි..එනවකො හලෝ එලියට .”.

අක්කා දොර රෙද්ද අතරින් මූණ දාලා කිව්වා.

“හා..එන්නම්.”

මම එහෙම කියලා ඇදෙන් බැස්සා..මූනත් අතින් පිහිදගෙනම සාලෙට ගියා.. ඒ යද්දි හැමෝම වගේ මිදුලට වෙලා කතාකරකර ඉන්නවා.. අක්කා මල්කිත් එක්ක සාලෙ වාඩිවෙලා ඉන්නවා..

“මේ..කතාකරනවකො මේ ලමයා එක්ක ට්කක්..තමුසෙ දවස් ගානක් එහෙ ඉදලානෙද ආවෙ..ම්ම්..”

“හා අක්කා..”

මම බිම බලන් එහෙම කිව්වා.. මට හයියක් නෑ මල්කිට මූණ දෙන්න.

එයත් බිම බලන් ඉන්නවා..මූනෙ කිසි සතුටක් නෑ..

අක්කා නැගිටලා එලියටගියා..
මම මල්කි වාඩිවෙලා හිටි පුටුවට ඉදිරිපස පුටුවකින් වාඩිවුනා..

එයා දුකින්.. ඒ ඇයි කියලා අහන්න..මට ඕන වුනා..

“ඇයි මේ..?”

මම අහද්දි එයා යාන්තම් ඔලුව උස්සලා බැලුවා..

“මුකුත් නෑ..”

“එහෙනම්..දුකින් ඉන්නෙ..?”

“මම..ම්ම්..නෑ..”

එයා අහක බලන් කිව්වා..

“නැත්තෙ නෑ.. ඔය..”

“නෑ..මම හොදින්..”.

එයා මගෙ දිහා බලන්නෙම නෑ

“මගෙ දිහා බලන් කියන්න එහෙනම්..”

මම කියද්දි..එයා අමාරුවෙන් දෑස් මගෙ දිහාට හැරෙව්වා..ආයෙත් ඒ ඇස් වල කදුලු

“ඇයි..කදුලු..?”

“දුකයි..”

“ඇයි ඒ ..?”

“දන්නෙ නෑ..”

“එහෙනම්..අඩන්නෙ..?”

“දන්නෙ නෑ..”

එයා එහෙම කියලා නැගිටලා එලියට ගියා…

මම එහෙමම පුටුවට හේත්තුවෙලා ඇස් පියාගත්තා..

#එයා_අඩන්නෙ_මම_නිසාද….

මගෙ හිත මගෙන්ම ප්‍රශ්න කලා..

“පුතා.. “

තාත්තා කතාකරද්දි ..මම ගැස්සිලා වගෙ ඇස් ඇරියා..

“ඇදුම් දෙකතුනක් බෑග් එකක දාගෙන අයියලා එක්ක එහෙ යන්න ලේස්තිවෙනවා..”

තාත්තා සැරෙන් වගේ කියද්දි.. මට බයටම නැගිට්ටුනා..

“උඹව මෙහෙ තියාගෙන හදන්න බෑ.. ටික දවසක් නාවල ගිහින් ඉදලා එනවා..”

තාත්තා කියද්දිම වගේ සසංක අයියත් අපි හිටි තැනට ආවා..

“මල්ලි.. අපි එහෙ යමු.. ටික දවසක් ඉදලා එමු..”

අයියත් කියද්දි..මම කාමරේට යන්න හැරුනා..

“ළමයින්ට ඕනවට වඩා නිදහස දුන්නම මෙහෙම දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා සසංක පුතා..”.

තාත්තා බලාපොරොත්තු බිදුනු හඩින් කියද්දි.. මට කියාගන්න බැරි තරම් දුක හිතුනා..මම කාමරේට ඇවිදන් ගියෙ බිදුනු හිතින්…

“ඔය කාලෙට ඔහොම තමයි තාත්තා..ඕවා ගැන ඒතරම් හිතන්න එපා.ටික දවසක් එහෙ හිටියම ඕවා හරියාවි..”

අයියා කියනවා මට යාන්තමට ඇහුනා.

මම ඇදුම් කීපයක් බෑග් එකක ඔබාගත්තෙ කිසි උවමනාවකින් තොරවම.

අයියලා දවල්ටත් කාලාම යන්න ලේස්තිවුනා..

මමත් නාගෙන ඩෙනිමකුයි ටීශර්‍ය් එකකුයි ඇදගත්තා..

“මල්ලියො..”

මම කොණ්ඩෙ අතින් හද හද ඉද්දි අක්කා මගේ ලගට ආවා..

“මේ අහන්න රත්තරං . ටික දවසක් එහෙ ඉන්න..ම්ම්.. හිත හදාගන්න ට්‍රයි කරන්න.. “

අක්කා මගෙ පිටට ඔලුව තියාගෙන කිව්වා..

“මට පිස්සු වගේ අක්කා..”

“දන්නවා පැටියො..ඔයා මෙහෙම දුක් විදින්න ඕන කෙනෙක් නෙමෙයි.. කලබල නොවී හොදින් හිතලා වැඩකරන්න. අද අරයා ඔයා හොයාගෙන ගෙදරට ආවම තාත්තට කරගන්න දෙයක් නැතිවුනා..ඇයි ඉතින් අයියලත් සාලෙ හිටියනෙ.ඒකයි එයාට ඔයා එක්කකතාකරන්න එන්න දුන්නෙ ප්‍රශ්න ඇතිකරගන්නෙ නැතුව..

ඒත්…එයා ගියාම.. තාත්තගෙ මූණ අමුතුවෙද්දි.. අයියගෙ අම්මා ඇයි කියලා අහද්දි..තාත්තා කිව්වා මේ දවස්වල හිතට නිවනක් නෑ මේ කොල්ලා නිසා කියලා..

මම අයියට අරයා ගැන කියලා තිබුනු නිසා අයියා සීන් එක දන්නවා..
ඒනිසයි අයියා ඇහුවෙ තාත්තාගෙන් ඔයාව එහෙ එක්ක යන්නද කියලා ටික
දවසකට..’

“හ්ම්ම්..”

“සතියක් දෙකක් එහෙ ඉදලා හිත හදන් එන්න මල්ලා..මට ඉන්නෙ ඔයා විතරනෙ වස්තුවෙ..ම්ම්..”

“හ්ම්ම්..බලමු අක්කා..”

“මේ බලන්න..’

අක්කා මාව එයාගෙ පැත්තට හරවගත්තා..

“රත්තරං.. ආදරේ කියන්නෙ.. අපි හැමෝටම පොදු දෙයක්.. ඒක කරන්න කියලා..කරන්න එපා කියලා..අපිට කාටවත් බලපෑම් කරන්න බෑ. ඒක වැරදියි. නමුත්..අපි ආදරේ කරන්න කෙනෙක් තෝරගනිද්දි අපි දෙතුන්වතාවක් ඒ ගැන හිතන්න ඕන..

අපි ආදරේ කරන්න ඕන..ප්‍රශ්නපත්තරයකට නෙමි.. උත්තර පත්තරයකට.. ප්‍රශ්න වලට උත්තර අතේ තියන් ඉන්න කෙනෙකුට..

දැක්කමත් හිත ඇවිලෙන කෙනෙකුට නෙමෙයි…ලග ඉද්දිත්.. හිත නිවෙන කෙනෙකුට..

අපේ හුස්ම හිර කරන කෙනෙකුට නෙමෙයි..
දැක්කම හුස්ම ගන්න පවා අමතක වෙන කෙනෙකුට..

ඇස් පියාගත්තාමත් මේ ඇස් අස්සෙම නටන කෙනෙකුට..
අපිට අපේ.නින්ද අහිමි කරන කෙනෙකුට..
ඇහැරන් ඉදන් පවා හීන දකින්න ආසා හිතෙන කෙනෙකුට..

ඒ සුවදට පවා හිත ඇදිලා යන කෙනෙකුට..

කොටින්ම කිව්වොත්..හිත ආදරේ ඉල්ලලා ලෝබකමින් කෑගස්සවන්න පුලුවන් කෙනෙකුට..

අන්න එහෙම කෙනෙකුටයි අපි ආදරේ කරන්න ඕන.. එහෙම කෙනෙක් ලැබුනොත්..මුලු ලෝකෙම විරුද්ධ වුනත්..ආදරේ කරපන් මගෙ මල්ලි..
අන්න එයා ලගයි ජීවිතේ තියෙන්නෙ..

අපේ මුලු ලෝකෙම වෙන්නෙ එයා..

මුලු ලෝකෙම අයට ලෝක හදාගන්න සයිඩ් සපෝට් දෙන කෙනෙක් නෙමෙයි…

උඹට විතරක් ලෝකයක් වෙන කෙනෙක් හොයාගනින් මල්ලි

අන්න එදාට උඹටම තේරෙයි ආදරේ කියන්නෙ මොකක්ද කියලා …
ලෝබකමින් තුරුලුකරන් ඉන්න හිතෙයි අන්න එදාට එයාව…
ඇහිපිය ගහද්දිත් මතක්වෙයි එයාව.හුස්ම වැටෙද්දිත් දැනෙයි එයාව..

තේරුනාද..?”

අක්කා කියපු දේවල්.වශීවෙලා වගේ මම අහගෙන හිටියා..

ආදරේ ඒතරම්ම සුන්දරද ..?

මගෙ යටි හිත මගෙන්ම ප්‍රශ්න කරන්න පටන්ගත්තා…

මතුසම්බන්ධයි❤️

❤️❤️❤️❤️❤️❤️❤️එශ්❤️❤️❤️❤️❤️

ඇත්තටම..ආදරේ ඒ තරම්ම සුන්දරද . ?
කතාව පරක්කු උනාට සොරී.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *