#විසේකාරයා 19

👦 19 දගකාරකම 👦

මම සසංක අයියලත් එක්ක කාර් එකට නැග්ගෙ වේදනාවෙ.
එන්න ලේස්තිවෙලා තාත්තගෙ කකුල්දෙක අල්ලලා වැන්දත්..
වෙනදට බුදුසරණයි චුටි පුතා කියලා මගෙ ඔලුව අතගාලා මූණ ඉඹින තාත්තා.. , අද මගෙ දිහාවත් නොබලා අහක බලන් ඉද්දි.. පපුව පැලෙන්න වගේ ආවා..
අම්මා නම් අඩ අඩ මගෙ ඔලුව අතගෑවා..

අක්කාටත් වැදලායි මම ආවෙ.. මේ මොහොතෙත් ..අක්කා කියපු දේවල් මගෙ කන්වල දෝංකාර දෙනවා වගේ ..

අයියා එක්කම ඉස්සරහා ශීට් එකටයි මම නැග්ගෙ.

වීදුරුවෙන් එහා ඈත බලාගෙන මම ඔහේ කල්පනා කරකර ආවා..

සසංක අයියලාගෙ ගෙදරට එනකම්ම මම වචනයක්වත් කතාකලෙ නැහැ. එයාලත්..මට කරදර කරන්න හැදුවෙත් නෑ..
තැන් දෙක තුනකම නවත්තලා එක එක ඒවා අරන් කෑවත් …මමත් ඔහේ අහක බලන් කෑවා මිසක එයාලගෙ කතාබහ වලට එකතුවෙන්න ගියෙ නැහැ..

“මල්ලි..බහින්න..”

මගේ පැත්තෙ දොර අරින ගමන් අයියා කියද්දියි මම මේ ලෝකෙට ආවෙ..

“අහ්..ආවද..’

“හ්ම්…ඔව් ඔව්.. ඔයා ඉතින් මනෝ ලෝකෙනෙ හිටියෙ එනකම්ම.. ඔන්න අපි ඩිස්ටර්බ් කරන්න ගියෙ නෑ..”

අයියා කිව්ව කතාවට හිනාවකින් සංග්‍රාහා කරනවා විනා වෙන කියන්න දෙයක්වත් මගෙ කටට ආවෙ නෑ..

මම බෑග් එකත් අරන් ගේ ඇතුලට ගියෙත් බිම බලාගෙන ..

“කාමරේට යන්න පුතා”

සසංක අයියාගෙ අම්මා ඇවිත් කියද්දි මම බිම බලාගෙනම කාමරේට ඇවිදන් ගියා.

එදා වගේම අදත් අලුත් ශීට් එකක් දාලා.. මම බෑග් එක මේසෙ උඩින් තියලා ගිහින් ඇදෙන් වාඩිවුනා .

එදා ශීට් එකෙන් ආපු සුවදමයි.. අද එන්නෙත්….

**ඒකියන්නෙ…මේ ශීට් එකත් මල්කිගෙ .**
මගෙ හිත කිව්වා..

“වොශ් එකක් දාගෙන ටිකක් ඇලවෙන්න මල්ලි..තෙහෙට්ටු ගතිය ඇරිලායයි..”

අයියා කාමරේට එබිලා කියද්දි මම රොබෝ කෙනෙක් වගේ ඔලුව වැනුවා..

අපි ගෙදරින් ආවෙ අයියගෙයි අක්කාගෙයි කසාදය තීන්දු කරගෙනම. සසංක අයියලා අක්කගෙ කේන්දරයත් අරන් ආවෙ දෙන්නගෙ පොරොන්දම් ගලපලා නැකතක් හදන්න.

මේක ආදර විවාහයක් වුනත්..සසංක අයියගෙ අම්මා වගේම අපේ අම්මත් කේන්දර ගැන විශ්වාස කරන නිසාම හැමෝම එකග වුනා කේන්දර ගලපවන්න.

තව මාස 6ක් විතර ඇතුලත ඒ විවාහය සිදුකරන්නයි හැමෝම කතාවුනෙ. මට ඇත්තටම සතුටුයි මගෙ අක්කගෙ තේරීම ගැන . සසංක අයියා මට සලකන්නෙ මස්සිනා කෙනෙක්ට වගේ නෙමෙයි.. තමන්ගෙම සහෝදරයෙක්ට වගේ..

මට ඇහුනා කාර් එකේ එද්දි අයියා කියනවා එයා මල්කිටත් වඩා මට ආදරෙයි කියලා.. ඒක මූනිච්චාවට කියූ කතාවක් නෙමෙයි කියලා මට ඒ අවංක හඩින් දැනුනා.

මම බෑග් එකෙන් ටවල් එකයි ඇදුමකුයි අරන් හැරෙද්දි.. මල්කි කාමරේ දොර ලග..

“මේ තේ එක බොන්න..”

එයා මගෙ ලගට ඇවිත් තේ එක මට දික්කලත්.. එයා හිටියෙනම් අහක බලාගෙන…

මට දුක හිතුනා.. කලින් වතාවෙ වගේ..එයා මට මූණදෙන්නෙ නැති එකට .

මම තේ එක ගද්දි..එයාගෙ දිගු ඇගිලි මගේ ඇගිලිවල ගෑවුනා.. එයා ඉක්මනින් අත අරන් ආපහු යන්න හැරුනා..

“ඔයා..මාත් එක්ක තරහා වෙලාද..?”.

මම ඇහුවෙ ටිකක් අපහසුවෙන්.

“තරහා වෙන්න අපි යාලුවෙලා හිටියෙ නෑනෙ..”

එයා බිදුනු හඩින් එහෙම කියල යන්න ගියා..

මම තේ එක බීලා ලිද ලගට ගිහින් නාගත්තා.. ලිදේ වතුර ඇගට වැටෙද්දි මාරම සනීපයි.
ගත විතරක් නෙමෙයි හිතත් සැහැල්ලු උනා නෑවට පස්සෙ .

පැය බාගයක් විතර හොදට නාගත්තා.. ඊලගට මම කාමරේට ගිහින් ටිකක් හාන්සිවෙලා හිටියා

“පුතේ .. කෑම මේසෙට ඇරලා තියෙන්නෙ.. එන්න කන්න..”..

නැන්දා ඇවිත් කතාකරද්දි .. මම ඇදෙන් වාඩිවුනා..

“බඩගිනි නෑ නැන්දා.. මම පස්සෙ කන්නම්..”

“අනේ මහත්තයො..දැන් වෙලාව බලන්න.. 8ටත් ලගයිනෙ..ම්ම්.. කාලා නිදාගන්න ටිකක් කලින්..”

“තව ටිකකින් කන්නම් නැන්දා…”

“හ්ම්ම්..හා එහෙනම්.. මම මේ අයියා එක්ක එහා හන්දියට ගිහින් එන්න හදන්නෙ පුතා. කලින් මහපු සාරි හැට්ට වගයක් තියෙනවා බාරදෙන්න. ඉක්මනින් එන්නම්. දෝණි ඉන්නවා..බඩගිනි වුනොත් කියන්න දෝණි බත් බෙදලා දේවි..”

“හා නැන්දා..’

මම කියද්දි අයියත් කාමරෙට ආවා..

“බත් කාපන් බං..”

“බඩගිනි නෑ අයියෙ..”

“හිතේ ගින්න තියෙද්දි බඩේ ගින්න දැනෙන්නෙ නෑ තමයි.. හ්ම්..නොකා ඉන්නෙපා..තව ටිකකින් හරි කන්න..”

“හ්ම්ම්..”

“අපි ඉක්මනින් එන්නම් මල්ලි.පැය බාගයක් වගේ යයි ..’

“හරි අයියෙ..’

අයියා නැන්දත් එක්ක කාර් එකෙන්ම යන සද්දෙ ඇහුනා..

මම ලොකූ හුස්මක් පිටකරලා ඇරලා තිබුනු ජනේලෙන් ඈත අහස දිහා බලන් හිටියා..

“කන්නෙ නැද්ද..?”

හීන් හඩින් දොර දිහායින් ඇහෙද්දි..මම ඔලුව විතරක් හරවලා බැලුවා..

මල්කි උලුවස්සට හේත්තුවෙලා ඉන්නවා..

“බඩගිනි නෑ..”

‘චුට්ටක් කන්න..”

“බඩගිනි නෑ මට..”

මම එහෙම කියද්දි එයා බිම බලාගත්තා..

ඊලගට එයා කාමරෙන් යන්න ගියා..

විනාඩි 5කින් විතර ආයෙත් එයා කාමරේට ආවා.. ඒ ආවෙ බත් එකකුත් අතේ තියාගෙන .

“වාඩිවෙන්න..”

හාන්සිවෙලා හිටපු මට එයා කිව්වා.

මමත් ඇදෙන් වාඩිවුනා. එයා මගෙ ඉදිරියෙන් වාඩිවෙලා මගෙ දිහාම බලන් හිටියා..

“බඩගින්නෙ හිටියා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නෑ..”

එහෙම කියපු එයා බත් කටක් අනලා මගෙ මුවට දික්කලා..

මම එයා දිහා බලන් හිටියෙ පුදුමයෙන්.

“කන්න..”

එයා ආයෙත් කියද්දි..මම කට ඇරියා.. එයා කවන බත් කටවල් රසයි මම කන ඒවට වඩා..

බත් එකෙන් බාගයක් විතර කෑවා

“ඇති..”

මම කිව්වෙ ඇත්තටම කන්න බැරිනිසා..

එයා මගෙ දිහා බැලුවා. ඒ ඇස් වල කදුලු.

“ඇයි මේ..?”

“ඔහොම දුකින් ඉන්නෙපා..දුක හිතෙනවනෙ ..”

එයා කිව්වෙ අඩන්න වගේ..

“හිතලා දුකින් ඉන්නවා නෙමෙයි.. මම අසරණයි ..”

“අයියා කිව්වා..ඔයාගෙ ප්‍රශ්නෙ ගැන..”

එයා කියද්දි..මම පුදුමයෙන් එයා දිහා බැලුවා..

“ඔයාට එයාව..අමතක කරන්න බැරිද..?”

මම බෑ කියලා ඔලුව වැනුවා..

“එයාව ඕනමද..?”

“එහෙමත් නැ..”

“එහෙනම්..?”

“මට තේරෙන්නෙ නෑ.. ඒත් ..මට එයාව අමතක කරන්න අමාරුයි..”

මල්කි බිම බලාගත්තා.. ඒ කම්මුල් දිගේ කදුලු බේරෙනවා..

“ඉතින්…ඇයි ඔයා අඩන්නෙ..?’

“දන්නෑ..”

මම ඒ මූණ උස්සලා කදුලු පිහිදැම්මා..
එයාගෙ සුවද..මට ලග ලගම දැනෙනවා..ඇත්තටම මම ඒ සුවදා හරිම ආසයි..හිත වශීවෙන..හිත නිවන සුවදක්..

“එයා හොද කෙනෙක් වෙයිද.. ඔයා ලගට ආවට පස්සෙ..?”

මල්කි ආයෙත් ඇහුවා..

“හ්ම්ම්..සමහරවිට..”

“මම ඔයාට උදව් කරන්නද..?”

“මොකටද..?”

‘එයාව ඔයාගෙ කරගන්න..?”

එයා කියද්දි ..මට හිතාගන්න බැරිවුනා.. ඒ ඇස් වල කදුලු අලුත්වෙලා.. ඒත්… ඇයි එයා මට උදව් කරන්නෙ..?

ග්ලිටර් අයිස් ගැන මගෙ හිතේ ආදරයක් තියන බව ඇත්ත..නමුත් මේ සිද්දවුනු දේවල් එක්ක..එයා ගැන මගෙ හිතේ තිබුනු පැහැදීම අඩුවෙලයි තිබුනෙ..ඇරත්..ග්ලිටර් අයිස්ව මගෙ කරගන්න ඕන..මගෙ ලගට ගන්න ඕන..මැරිකරන්න ඕන කියලා අදහසක් මගෙ හිතේ කොනකවත් තිබුනෙ නෑ..

“මට තේරෙන්නෙ නෑ..මගෙ ඔලුව විකාර වෙලා තියෙන්නෙ. මම එයාට ආදරෙයි.ඒක ඇත්ත.. නමුත්.. මේ දේවල් එක්ක .. එයා ගැන දැන් මගෙ හිතේ පැහැදීමක් නැහැ..”

“හ්ම්ම්.”

“මම හිතන්නෙ.. මට හිත හදාගන්න ඕන දැන් ‘

“ඒ කිව්වෙ..?”

“මට ඕන..එයාව අමතක කරන්න..”

මම එහෙම කියද්දි..මල්කි ගැස්සිලා වගේ ඔලුව ඉස්සුවා..

“පුලුවන්ද..මට උදව් කරන්න..එයාව අමතක කරන්න..?”

“හ්ම්ම්.”

එයා ආයෙත් බිම බලන් ඔලුව වැනුවා..

එයා හවස නාලා .. පිටුපසට ගැටගහන් හිටි කොන්ඩෙ එකපාරම ලෙහුනා..

එයා අත හෝදන්න යන්න නැගිට්ටා. ඒ නැගිටිද්දි..ඒ කොණ්ඩෙන් ආපු සුවද.. මට හොදට දැනුනා.. යන්න හදපු එයාගෙ කොන්ඩෙන් මම අල්ලගත්තා..එයා ගැස්සිලා වගේ හැරිලා බැලුවා..

මම ඒ කොන්ඩෙ නහයට කරලා සුවද බැලුවා..හරිම සුවදයි..

‘කොණ්ඩෙ සුවදයි..”

මම කිව්වෙ එයාගෙ කොන්ඩෙ සුවද බලන ගමන්ම.

එයා හිනාවුනා..මූණත් රතුවෙලා..

එයා යන්න ගියෙ තවපාරක් මගෙ දිහා බලලා

අම්මෝ ඒ බැල්ම.. මගෙ හාට් එක හිල්වෙලා ගියා වගේ දැනුනා..
මම එයා ගෙනාපු වතුර වීදුරුවත් බීලා හාන්සිවෙලා ඇස් පියාගත්තා..

මල්කි..මගෙ ඇස් අස්සෙ.. ඒ හිනාව..මට මැවි මැවි පෙනුනා…ඒ සුවද ආයෙ ආයෙත් මට දැනෙන්න වුනා..

මට එකපාරම මතක්වුනෙ..අක්කා කියපු දේවල්..

ඇස් අස්සෙම නටන… සුවදට හිත නිවන .. දැක්කත් හිත සනසවන කෙනෙක්…

#මල්කි .. එයා මේ කිව්ව හැම එකටම ගැලපෙනවා නේද කියලා මට දැනුනා.. එයාගැන හදවතට දැනෙන ලස්සන අලුත් හැගීම ගලපගන්න බැරුව හදවත ලතැවෙන්න ගත්තා..

මම දෑස් පියාගත්තෙ මල්කිගැනම හිතහිතාම.

මතුසම්බන්ධයි❤️

❤️❤️❤️❤️❤️❤️❤️එශ්❤️❤️❤️❤️❤️❤️

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *