#විසේකාරයා 21

👦 21 දගකාරකම 👦

හිත හදාගන්න හිතන් ආවත්.. ආයෙත් හිත පෑරෙනවා වගේ ගතියක් මට දැනුනා.. මල්කි නිසා මට ආයෙත් මට දුකක් ඇතිවෙනවා වගෙයි දැනුනෙ.

මම පොත කියවන එක පැත්තකින් තියලා ඇතුලට ගියා .ඒ යද්දි.. මල්කි මගෙ කාමරේ ඉදලා එලියට ආවා.

“ඔ..ඔයාට කෝල් එකක්..’

ඇස් වල කදුලු පුරවන් එයා මට දික්කලෙ මගෙ ෆෝන් එක. මම ඒක අතට ගත්තෙ පුදුමයෙන්.

ෆෝන් එක මම ගත්තු ගමන්ම එයා ආපහු යන්න හැරුනා.

“ඇයි ඔයා අඩන්නෙ..?”

මම එහෙම අහද්දිත් එයා ගිහින් ඉවරයි.
පස්සෙ මම ෆෝන් ස්ක්‍රීන් එක බැලුවා..

ග්ලිටර් අයිස්ගෙනුයි කෝල් එක..
මල්කි ඒක අන්සර් කරලා..

“හෙලෝ.ඇයි..?.”

මම ෆෝන් එක කනේ තියාගත්තු ගමන්ම කිව්වා..

“බබා… අනේ..ඇයි සැරෙන් කතාකරන්නෙ..මේ මම.. ඔයාගෙ සුදූ..”

තොදොල්වෙලා ග්ලිටර් අයිස් කියද්දි.. මට යකා ආවේශ වුනා..

“ඒක තමයි මම ඇහුවෙ ඇයි කතාකලෙ කියලා”

“අනේ රත්තරං ..ඔහොම සැරකරන්න එපා මට.. “

“හ්ම්..කියන්නකො..”

“කවුද අර ෆෝන් එක ආන්සර් කරපු එකී..?”

“මොකී..? 😡

“දැන් ඔයාගෙ ෆෝන් එක එයාගෙ වගේ ආන්සර් කරපු හෝන්තුව ගැන ඇහුවෙ මම..”

“මේ..අක්කෙ.. ඉස්සරවෙලා මිනිස්සුන්ට කතා කරන්න ඉගෙනගන්න..ඇයි අම්මා තාත්තා ඒවා ඉගැන්වුවෙ නැද්ද ඔයාට..?”

මම කියවන් ගියෙ ආපු කේන්තියටමයි..

“එහෙම දෙයක්වත් කියලා දෙන්න…😭මට මගෙ අම්මා තාත්තා හිටියෙ නෑනෙ බබා…😭😭

මගෙ පපුවට මොකක්දෝ වුනා.. එයාගෙ කටහඩත් වෙවුලනවා..

“ස්.සොරි..හිතලා කිව්වෙ නෑ මම..”

“මම දන්නවා බබා.. හ්ම්ම්..ඒකට කමක්නෑ..ඔයා කවද්ද එන්නෙ..?’

“තාම හරි දවසක් නෑ..ඇයි..?”

“මට ඔයාව ඕන බබා”

“ඔයාට මාව ඕන නම්.. මම එදා අහපු දේට ඇත්තම කියන්න වෙනවා..”

“ඇයි බබා ඔයා ආයෙ ආයෙත් එකම දේ අහන්නෙ..?”

එයා එහෙම කියද්දිම වගේ මගෙ ෆෝන් එකට තව කෝල් එකක් ආවා ..
ස්ක්‍රීන් එක බලද්දියි දැක්කෙ ජූඩා කියලා

“මට තව කෝල් එකක් එනවා..ඔහොම ලයින් එකේ ඉන්න..”

“හා බබා..”

මම ජූඩගෙ කෝල් එක ආන්සර් කලා..

“මචං..”

‘කියපන් ජූඩා”

“මම මේ හදිසියෙම ගත්තෙ..අර උඹ මට හොයන්න කියපු එක ගැන විස්තරයක් කියන්න..”

ජූඩ් කියද්දි..මගෙ උනන්දුව වැඩිවුනා
.ඇයි මම ඌට කිව්වනෙ එදා තාත්තා ග්ලිටර් අයිස් ගැන කියපුවා ඇත්තද කියලා හොයන්න කියලා.

“අහ්..කියපන් මචං..”

“මචං..උඹ අවුල් ගන්නෙපා හරිද.. මම අර අපේ අයියට කියලා කොල්ලෙක් දම්මලා හෙව්වෙ.. ඒ කියපුවා ඇත්ත බං..”

“මොකක්..?’

“ඔව් බං.මේකි අපි දාපු කොල්ලා එක්කත් ඉදලා.බං..”

“ම්.මොනවා..?”

මගෙ කටත් ඇරුනා..

“ඔව් බං. අයියා ඒ කොල්ලව දාල තියෙන්නෙ ඒකි එක්ක ඩීල් එකකට. ඒකිගෙ බාප්පා තමයි බං ඩීල්ස් කතා කරන්නෙ. ඒකිව එක පැයකට දීලා බං 30,000කට..”..

“දෙයියනේ…😭

ඔව් මගෙ ඇස් වලින් කදුලු හැලුනා..
මම ජීවිතේ පලමු වතාවට ආදරේ කල කෙල්ලත් මාව රැවැට්ටුවා.. මට දැනුනෙ පුදුම වේදනාවක්.

“උඹ ඕක අමතකම කරලා දාපන් වස්තුවෙ. ඒකි උඹට තියා උඹලාගෙ බල්ලටවත් ගැලපෙන එකියක් නෙමෙයි ..”

ජූඩා අන්තිම ටික කිව්වෙ තරහින්.

‘උඹට තෑන්ක්ස් මචං..”

“හිත හදාගනින්.. ඕන දේකට අපි ඉන්නවා.. අනික උඹ බයවෙන්නෙපා..සීන් එක දන්නෙ මම විතරයි..අපේ එවුන්ටවත් මම.කිව්වෙ නෑ..”

“හ්ම්ම්..”

“පරිස්සමෙන් ඉදපන් එහෙනම්..’

“හරි මචං..”

ජූඩ් කෝල් එක කට්කලා..මට දරාගන්නම බෑ.. එයා මට බොරු කිව්වා..මාව රැවැට්ටුවා..

වේදනාව ඉවසගන්නම බැරි තරම්.

මේ දෙව්නකට දුකක් දුන්නොත්.. ඒ දුක ඩබල් කරලා රිටන් එක දෙනකෙනෙක් මම..

මම හිතාගත්තා.. මේ ඊරිගෙ මාලු ඊරිගෙම ඇගේ තියලා කපනවා කියලා..

මම.ග්ලිටර් අයිස්ගෙ කෝල් එකත් කට් කරලා ෆෝන් එක ඕෆ් කලා.

මගෙ ඔලුවෙ ලොකු ප්ලෑනක් වැඩ කරනවා..ඒකට මම ගෙදර යන්න ඕන..
ඒත් දැම්ම යන්න විදියක් නෑනෙ. මෙහෙ ඉදගෙනවත්..ඒක සක්සස් කරගන්න පුලුවන්වෙයිද කියලා මම කල්පනා කලා..

අන්තිමට මම හිතාගත්තා..මගෙ ප්ලෑන් එක මේ නාවල ඉදන්ම ක්‍රියාත්මක කරන්න.

මම කාමරේට ගියෙ හිතේ වේදනාවටත් වඩා…පලිගැනීමේ චේතනාවෙන්.

කොහොමත්..දැන් ග්ලිටර් අයිස් ගැන අබ මල් රේනුවක තරම්වත් හැගීමක් මගෙ හිතේ නැහැ.
මට දුක..මේ කොහෙවත් යන එකියෙක් නිසා මගෙ අම්මා තාත්තා මාත් එක්ක තරහාවු උනු එකට.එයාලාට දුකක් දුන්නු එකට.

සමහර අයට හිතෙයි මම මහ ජරා කොල්ලෙක් කියලා..ආදරේ කරපු කෙල්ල නරකයි කියලා දැනුනු ගමන්ම ඒකිව අතෑරලා දැම්මා කියලා.. එයාට තේරුම් කරලා දීලා හදාගන්න උත්සාහා කරන්නෙ නෑ කියලා..ඒත්.. එයාට හැදෙන්න උවමනාව තිබ්බා නම්.. මාත් එක්ක ඉද්දි.. ඔහොම දේවල් කරන්නෙ නැහැ. එයා ඇත්ත හැංගුවෙ මම එයාව දාලා යයි කියන බයට කියලා හිතමු.ඒත්..එයාට දැන්වත් ඒවා නොකර ඉන්න තිබ්බා.මගෙ ආදරය වෙනුවෙන්වත්.
ඒහෙම නොකල එකී..හැදෙයි කියලා දශමයක්වත් විශ්වාස කරන්න බැහැ.

මම හාන්සිවෙලා කල්පනා කරකර හිටියෙ ඒ ගැන.

“මල්ලි..”

සසංක අයියා ලගටම ඇවිල්ලා කතා කරනකම් මට ඇහුනෙ නැහැ.

“අහ්..අයියෙ..”

මම ඇදෙන් වාඩිවුනා..

“මොනවද බං කල්පනා කරන්නෙ ඔච්චරටම..”

“ම්ම්..මුකුත් නෑ අයියෙ..මේ නිකම්..”

මම ඒ ඇස් මගඇරලා කිව්වා..

“හ්ම්ම්. එහෙමද.. එන්න යමු තේ බොන්න.. අම්ම හැලපත් හදලා..’

“ශහ් ..මරුනෙ..යමු යමු..’

මමත් දඩබඩ ගාලා ඇදෙන් බැහැලා අයියා එක්ක කුස්සියට ගියා..

හැලප සුවදේබෑ..
නැන්දා දීපු උනු උනු හැලප තුනකට වගකිව්ව මම ඉගුරු දාපු ප්ලේන්ටියකුත් බිව්වෙ එක හුස්මට.

“හම්මා..ගල් දාලා වගේ බඩට..”..

මම බඩ අතගගා කියද්දි.. නැන්දා මගේ ඔලුව අතගෑවා..

“අපේ කොල්ලටම හරියන මස්සිනා..”.

අයියා දිහාත් බලලා නැන්දා කිව්වෙ හිනාවෙවී..ඇයි ඉතින් අයියත් මම වගේ කන්න දන්නෙම නෑනෙ..🤣යාන්තම් මිනිහානම් හැලප 5යි අමාරුවෙන් කෑවෙ..

“එහෙම තමයි අපි..නැද්ද මස්සිනා..”

අයියා කිව්වෙ මට අත දික්කරලා පහකුත් දාලා..

“මල්ලි.. හවසට පන්සල් යමුද..?”

අයියා අහද්දි මට එකපාරටම මතක්වුනෙ මේනක අයියා මල්කිට හවස ලේස්තිවෙලා ඉන්න කිව්ව එක.

“ම්ම්..කම්මලියිත් වගේ අයියෙ..”

මම කිව්වෙ මට මල්කි මේනක අයියා එක්ක ඉන්නවා බලන් ඉන්න බැරිනිසා.

“මොකක්ද බං..කම්මැලිකම යන්න තමයි යමු කිව්වෙ.මේනකයත් එනවා. “

“හ්ම්ම්..යමුකො එහෙනම්..”..

අයියට බෑ කියන්න බැරි කමටම මම කැමතිවුනා…

තේ බීලා ඉවර වෙනකනුත් මල්කිව දැක්කෙ නැහැ මම නම්.

ඇගත් සෝදගෙන සුදු ටීශර්ට් එකකුයි කලු ට්‍රවුසර් එකකුයි ඇදගත්තු මම සාලෙට ගියෙ අතින් කොන්ඩෙ හද හදම.

සුදු දිග සායකට අත් බෝරිච්චි හැට්ටයක් ඇදලා දිග කොන්ඩෙ කඩාගෙන මිදුලෙ මල් කඩ කඩ ඉන්න මල්කිව දැක්ක මගේ ඇස් ඒ ඇගේම ඇලුනද මංදා..
ඇස් අහකට ගන්න හිතුනෙම නෑ.. ඒතරම් ඒ රුව ලස්සනයි.පින් පාටයි.

මල් ටික වට්ටියෙ අහුර අහුර එයා ආවෙ බිම බලන්..

“ලස්සනයි..”

එයා මගෙ ලගට එද්දිම..මට කියවුනා..

එයා ගැස්සිලා වගේ ඔලුව උස්සලා මගෙ දිහා බැලුවා..
ඊලගට ආයෙත් ඉක්මනටම බිම බලාගත්තා..

“මාත් එක්ක තරහා වෙලාද..?”..

මම ආයෙත් ඇහුවා..
එයා නෑ කියලා ඔලුව වැනුවා..

“ඔයා ඇයි අර වෙලාවෙ ඇඩුවෙ..?”

මම ඒ ප්‍රශ්නය අහන්න බලාගෙනමයි හිටියෙ.ලැබුනු චාන්ස් එක ප්‍රයෝජනයට අරන් අහලා දැම්මා..

එයා ඔලුව උස්සනකොටම වගේ මේනක අයියගෙ බයික් එක මිදුලෙ නැවැත්තුවා..

එයාගෙ ඇස් කලබලෙන් එහෙ මෙහෙ දුවනවා මම දැක්කා.. ඊලගට එයා ආපහු හැරිලා මේනක අයියත් එක්ක හිනාවෙලා ඇතුලට ගියා..

මේනක අයියත් පැණි හිනාවක් දාකා බයික් එකෙන් බැහැලා ආවා..

මතුසම්බන්ධයි❤️

🍬🍬🍬🍬🍬🍬🍬එශ්🍬🍬🍬🍬🍬🍬

පුද්ගලික හේතුවක් මත කතාව ප්‍රමාද වුනාට සොරි…… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *