#විසේකාරයා 22

👦 22 දගකාරකම 👦

“කොහොමද මල්ලි..?”

මේනක අයියා මගෙ ලගටම ඇවිත් ඇහුවා.

“හොදයි අයියෙ ..”

මමත් හිනාවෙලා කිව්වා ඉතින්..

“සසංකයා රෙඩිද ..?”

“අහ්..ඔව් මගෙ හිතේ..”

“මම බලලා එන්නම්..”

“හා..හරි අයියෙ…”

මේනක අයියා ඇතුලට ගියා..
මමත් මිදුලට වෙලා ඔහේ ඇවිද ඇවිද හිටියා කම්මැලිකමට.

විනාඩි 5කට විතර පස්සෙ මේනක අයියත් සසංක අයියත් මල්කිත් එලියට ආවෙ හිනාවෙවී මොකක්දෝ කතා කරකර.

“යමු මල්ලි..”

මේනක අයියා බයික් එක දිහාවට යනගමන් කිව්වා .

මමත් අයියා පසුපසින් බයික් එක ලගට ගියා..

අයියා මගෙ අතට හෙල්මට් එකක් දෙද්දි මම බැලුවෙ මල්කි දිහා.. එයත් මගෙ දිහාම බලන් ඉදලා..මම බලපු ගමන් බිම බලාගෙන මේනක අයියගෙ බයික් එකට නැග්ගා..

“නැගපන් ඉතින්..”

සසංක අයියා කියද්දි මම ගැස්සුනා.

අපි පන්සලට ආවා විනාඩි 10ක් විතර ඇතුලත.

මේනක අයියා මල්කි ලගින් හෙල්ලෙන්නෙ නෑ.. ඇඹලයා වගේ ඇත්තටම.. ර්ර්ර්ර්ර්
මට කේන්තියි අප්පා…

එයාලා මල් පූජා කරනවා මම බලන් හිටියෙ ඉරිසියාවෙන් පැලි පැලි.

“ආ..ඔයාටත් මල්…”

මල්කි මල් වට්ටිය මට දික්කලෙ මම එයා ගැන කල්පනා කර කර ඈත බලාගෙන ඉද්දි.

මගෙ ලගටම ඇවිත්.මම දැක්කෙත් නෑ..
එයා විතරයි හිටියෙ.
වටපිට බැලුවත් සසංක අයියාවත් මේනකවත් පේන්න හිටියෙත් නෑ..

මම හිටියෙ බෝගහ යට වලාකුලු බැම්මට හේත්තුවෙලා.. රෑ වෙලා නිසා එතන ටිකක් අදුරුයි. යාන්තම් බේරිලා වැටුනු හද එලියට මල්කිගෙ මූණ පෙනුනෙ දිලිසි දිලිසි.

“අවශ්‍ය අයත් එක්ක මල් කඩ කඩම පූජා කලානෙ .අපිට මල් ඕන නෑ..”

මම තරහින් කියලා අහක බලාගත්තා..
එයාගෙ සද්දයක් නෑ ඒපාර.
මම හොරෙන් ඇහැ කරකවලා බැලුවා..

එයා අඩනවා..ඒ ඇස් වලින් කදුලු කම්මුල් දිගේ ගලන් ගිහින්.

“ඒ පාර මොකද..?”

“ඇයි බනින්නෙ..?”

“බනින්නෙ..බනින්නෙ මට තරහා නිසානෙ ඕයි..’

මම දත්මිටි කාගෙන කිව්වා.
පන්සලේ නෙවෙයිනම් දෙන්නෙ දත් ටික බඩට යන්න..ර්ර්ර්

“දෙ..ව්…න..ක…”

එයා වෙවුලන කටහඩින් මගෙ නම කියද්දි..මම ගැස්සුනා..
මම ඇස් ලොකුකරලා එයා දිහා බැලුවා..

“ඔහොම කරන්න එපා දෙයියනේ මට..😭

එයා කිව්වෙ අඩමින්.

“මම කියන්න ඕන ඩයලොග්ස් මට කියද්දි..මාර හිනහයි හලෝ මට..🤣🤣🤣

මම සාක්කු දෙකේ අත් දෙකත් දාගෙන කිව්වා..

“ඔයා හිතන විදියෙ කෙනෙක් නෙමෙයි මම..”

එයා ආයෙත් කිව්වා..ඒකිව්ව හරුපෙනම් මට තේරුම්ගන්න බෑ..

“මම හිතන විදිය ගැන ඔයා දන්නෙ කොහොමද හලෝ..”

“මම යනවා..😭

එයා කදුලු පිහිදන් යන්න හැරුනා..

“මේනකගෙන් ඈත් වෙලා ඉන්නවා..මේ අන්තිම පාරට කියන්නෙ මම..”

මම කිව්වෙ එයා ගොතාගෙන හිටි කොන්ඩෙන් ඇදලා..

එයා යන්න ගියා.. මට දුකයි පාලුයි.

පන්සලේ ඉදලා ගෙදරට යනකම්ම මම කලෙ කල්පනා කල එකමයි.
රෑටත් නොකාම මම නිදාගත්තෙ පහුවදාට කරන්න ලොකූ වැඩ කොටසක් තියෙන නිසා..

🌼🌼🌼🌼🌼🌼🌼🌼🦋🌼🌼🌼🌼🌼🌼

“හෙලෝ මචං.. වැඩේ හරිද..?”

“අහ්..තිතටම හරි මචං.. ඩීල් එක ෆිෆ්ටි තවුසන්..”

“ග්‍රේට්.. උඹෙ අකවුන්ට් එකට මම දැන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරනවා.. උඹ පේ කරපන් දැන්ම.ඕකේ..’

“ඕකේ මචං..”

“රායිට්.. හෙට උදේ 10ට නාවල ද හෙරිටේජ් රිසෝට් එකට..හරිනෙ..”

“හරි මචං..”

“ඕකේ ..මම තිව්වා එහෙනම්..”

“බායි මචං..”

මම ෆෝන් බූත් එකෙන් එලියට ආවෙ ලොකු හුස්මකුත් පිටකරලම.

“එහෙනම්..හෙටයි දවස… අපි බලමුකො…”

මම මටම කියාගත්තා..
ඊලගට කමර්ශල් එකෙට ගිහින් අභේට 50ක් ට්‍රාන්ෆ්‍රර් කලා. ඊලගට මම සසංක අයියලගෙ ගෙදර එන්න ආවෙ ගෙදරට ඕන කරනබඩු ටිකකුත් අරගෙනම.

ඒ එනගමන්ම බාර් එකෙන් බියර් ටින් දෙකකුත් ගන්න අමතක කලේ නෑ..මීට කලින් තුන් පාරක් විතර කොල්ලො එක්ක හොරාට බියර් බීලා තියෙනවා මම..අදත්.. සසංක අයියා එක්කම බියර් එකක් ගහන්න ඕන කියලා මට හිතුනෙ හෙට කරන්න යන බැරෑරුම් වැඩේට හිත හදාගන්න ඕන නිසාම.

ගෙට ගොඩවුනා විතරයි සාලෙ ඉන්නවා දැක්කෙ මල්කි. මම එයාව මගෑරලා ඇතුලට ගියා..
මම ඇස් කොනින් දැක්කා..එයා මගෙ දිහාම බලන් ඉන්නවා…

“අයියෙ…”

සසංක අයියගෙ කාමරේ ලගට ගිය මම එයාට කතාකලෙ බියර් එක හංගන්න ඕන නිසාම.

“අ..මල්ලි.. වරෙන් ඇතුලට.”

“හා..”

මමත් ඇතුලට ගියා ඉතින්.

“අහ්..මොකෝ මේ අතින් කටින් එල්ලන්?”

අයියා ඇහුවෙ පුදුමයෙන්

“මේ..ගෙදරට ඕන බඩු ටිකක් ගෙනාවා අයියෙ…”

“උඹට පිස්සුද මල්ලි..ආ..කවුද මෙහෙම පන්ඩිත වැඩ කරන්න කිව්වෙ.. ඇරත්..උඹට කොහෙන්ද සල්ලි..?”

“පොතෙන් ගත්තා”

“ගහන්න හිතෙනවා අනෙ අම්මපා හොම්බ තැලෙන්න. ඇයි යකො.. මම උඹට කිව්වද මෙව්වා අරන් එන්න කිය්ලා..ආ..අනික.. උබට තුන්වේල කන්න දෙන එක අපිට බරක් කියලා හිතුවද?”

“එහෙම එකකට නෙමෙයි බං අයියෙ..නිකම් ගන්න හිතුනු නිසා ගත්තෙ. “

“හ්ම්ම්..මේ අන්තිම පාර පුතෝ හරිද..?”

“හා..”

මම බිම බලන් එහෙමම හිටියෙ බියර් එක ගැන අයියට කියන්නෙ කොහොමද කියලා හිත හිත..

“ඒපාර මොකෝ ..?”

“ම්..මේ…බනින්න එපා හොදද.. මම..මේ… එනගමන්.. බියර් ටින් දෙකක් අරන් ආවා..”

“උඹ..? බියරුත් බොනවද..?ආ..?”

අයියා ඇහුවෙ පුදුමයෙන්.

“දෙතුන්පාරක් බීලා තියෙනවා..හොරාට.”

“ඉදපන් මම අක්කට කියන්නම්..”

“අනේ..එපා අයියෙ..ප්ලීස්..අක්කටනම් කියන්නෙපා..
හිතට හරි නෑ බං අයියෙ තාම..ඒකයි ගෙනාවෙ.. “

“හ්ම්ම්..”

“මේක..තියන්නෙ කොහෙන්ද..?”

‘ෆ්‍රිජ් එකේ දාපන් ගිහින්..”.

“නැන්දා දැක්කොත්..?”

“මම ගෙනාවෙ කියන්නම්කො..”

“හ්ම්ම්..”

මම ගෙනාපු බඩු ටික කෑම මේසෙ උඩින් තියලා බියර් ටින් දෙක ෆ්‍රිජ් එකෙන් දැම්මා..

ඊලගට කාමරේට ආවෙ නාගන්න යන්න හිතාගෙන…

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

“කෝ නැන්දා..?”

මම ඇහුවෙ හොරෙක් වගේ ගේ දිහා බලන ගමන්.
අදුරු වැවුනට පස්සෙ 8ට විතර අපි දෙන්නා එලියට ආවෙ බියර් දෙකත් අරන්ම.

” අම්මා ඕඩර් එකකට ඇදුම් වගයක් මහනව. අද දෙන්න ඕන එකක්ලු..ටිකක් පරක්කුත් උනානෙ..හෝ ගාලා වැඩ ඉතින්..”

“එලියට එන එකක් නෑනෙ..?”

“පැය දෙකකටවත් නැගිටින එකක් නෑ..”

“හ්ම්ම්..එහෙනම් කමක්නෑ..නැත්තම් හරිනෑනෙ දැක්කොත්..”

“උඹට බොන්නත් ඕන..එව්වටත් බයයි නේද..?”

“ඔව් ඉතින්..මගෙ අම්මා වගේනෙ නැන්දත්..බයයි තමයි.. අනික තාම මම චූටි කොල්ලා..”

“අම්මෝ උබෙ චූටි කොහෙද දන්නෙ නෑ..”

🤣🤣🤣🤣🤣🤣🤣එව්වා ගානට..🤣🤣🤣

“යකෝ මේකා අයියට කියන කතා..”

“ඉතින් අයියටනෙ බං..🤣🤣🤣

“හ්ම්ම්..හ්ම්.. ඔහොම ඉන්නවා . මම වොශ් එකක් දාන් එන්නම්..අපේ එක්කෙනා බයිට් එක ගෙනත් දෙයි දැන්..”

“අහ්..එයාට කිව්වද..?”

“නැතුව ඉතින්..බයිට් හදවගන්න කාටහරි කියන්නම වෙනවනෙ..”

“විනාසයි..”

මම නෑහෙන්න කිව්වත් අයියට ඇහුනා.

“විනාසයි තමයි..දේවි දේශනයක් කන් වහගන්න..🤣🤣

අයියා හිනාවෙවී ගේ ඇතුලට ගියා

මම පුටුවෙ ඉදගෙනම ඈත බලාගෙන හිටියා..

” ඔ..ඔයත්. බොනවද..?”

මම ගැස්සුනා..මල්කිගෙ හීන් හඩට.
මම හැරිලා බලද්දි.. දීසි දෙකක් අතේ තියන් මගෙ දිහාම බලන් ඉන්නවා..දුකින්.

“හ්ම්ම්..”

මම කිව්වෙ අහක බලන්.

‘බොන්නෙපා..”

එයා කිව්වෙ අඩන්න වගේ..

“හිත අවුල් ගියාම බීලා හරි හදාගන්න එපැයි..”

“ඇයි අවුල් ගියෙ..?”

“නොදන්න බබා වගේ අහන්නෙ ඇයි ආයෙ ආයෙම මගෙන්..?”

මම කිව්වෙ කේන්තියෙන්.

“මම..මොනවද දන්නෙ..?මට තේරෙන්නෙ නෑ..”

“හහ්..එහෙනම් පාඩුවෙ ඉන්න..”

මම බියර් ටින් එකක් කඩලා කටේ තියාගත්තෙ එයා දිහා බලාගෙනමයි.
ඒ ඇස් කදුලින් පිරිලා..

“හිත හදාගන්න හිතන් ආවෙ.ඒත්…ඒ හිත තිබුනටත් වඩා කැඩිලා ගියා .දැන් ඉතින්..ජීවත්වෙන්නවත් ආසාවක් නෑ මටනම්..”

මම කිව්වෙ අහක බලන්.

විනාඩියක් දෙකක් විතර මගෙ දිහා බලන් ඉදලා මල්කි අඩාගෙනම ගේ ඇතුලට ගියා..

මමත් එයා හදලා ගෙනාපු සොසේජ්ස් කෑල්ලක් කටේ ඔබාගත්තා.

“උඹ වැඩ අල්ලලානෙ මම එන්නත් කලින්..”

😁😁

“හා..හා..පටාන්ගමු එහෙනම්..”

අයියත් ටින් එක කඩලා කටේ තියාගත්තා…

අපි දෙන්නා පැයක් විතර කියව කියව බියර් දෙක බිව්වා..

නැන්දා දොරෙන් එනවා දැක්කෙ ඒත් එක්කමයි.

“අ..අයියෙ..නැන්දා..”

මම කිව්වෙ ටිකක් බයෙන්.මොනවා වුනත් නැන්දා මට මගෙ අම්මා වගේනෙ ඉතින්.

මම කියනවත් එක්කම අයියා නැගිටලා නැන්දා ලගටවේගෙන් ගියා.නැත්තම් එයා අපි ඉන්න තැනට එනවනෙ.මම ස්ටූල් එක උඩ තිබ්බ ප්ලේට් දෙක බිමින් තිබ්බා නොපෙනෙන්න.

“මල්ලි..මම අම්මා එක්ක අර ඇදුම් ටික දීලා එන්නම්.. උඹ ඇතුලට යමන් එහෙනම්..”

විනාඩියකට විතර පස්සෙ අයියා ඇවිත් කිව්වා..

“මම තව ටිකකින් ඇතුලට යන්නම් අයියෙ..”

“හා.. අපි ගියා එහෙනම්..”

“හරි මචං අයියෙ පරිස්සමෙන්..”

මම කිව්වා..

අයියා නැන්දත් එක්ක බයික් එකේ ගියා..

නිතර බියර් නොබොන නිසා මට ටින් එකක් බිව්වත් හොදටම වෙරි..
ඔලුවත් පැලෙන්න වගේ…

මම නැගිටලා ඇතුලට ගියෙ වැනි වැනිම.
බොද වෙලා වගේ හැම දේම පේන්නෙත්.

ඒත් එක්කම මට මතක්වුනෙ මල්කිව..

මම එයාගෙ කාමරේ ලගට ගිහින් දොර රෙද්ද මෑත්කලා අනවසරයෙන්ම..

මල්කි හිටියෙ ඇදේ දිගාවෙලා කල්පනා කරකර.
මාව දැක්කා විතරයි..එයා ඇදෙන් වාඩිවුනා..

මම වැනි වැනිම එයා ලගට ගියා..

“දෙ..ව්..න..ක..”

එයා බයවෙලා.. මම ගිහින් එයා ලගින් වාඩිවුනා..

එයා ටිකක් පස්සට වුනා මම වාඩිවෙද්දි.

“රත්තරං…..”

මම එයාගෙ කම්මුලකට අත කියලා කියද්දි……

මතුසම්බන්ධයි❤️

🌼🌼🌼🌼🌼🌼🌼🌼එශ්🌼🌼🌼🌼

අපෙ විසේකාරයා කෙල්ලට කරදරයක් කරයිද..? 🤔🤔

Leave a Reply

Your email address will not be published. Required fields are marked *