#විසේකාරයා 23

👦 23 දගකාරකම 👦

“රත්තරං…..”

මම එයාගෙ කම්මුලකට අත කියලා කියද්දි එයා ඇස් ලොකූ කරලා මගෙ දිහා බැලුවා..
ඒ බැල්ම..දැනුනෙ මගෙ හදවත පතුලටමයි

ඒ බයවෙලා වෙවුලන ලොකු බෝල ඇස් දිහා මම බලන් හිටියෙ හරිම ආදරෙන්.

“ඇයි මේ බයවෙලා වගේ ඉන්නෙ..?”

මම ඇහුවෙ එයා වෙවුලනවා වගේ දැනුනු නිසා..

“ම්ම්..න්..නෑ..”

“නැත්තෙ නෑ..”

මම ඒ කම්මුලක් යාන්තම් මිරිකලා කිව්වා..
මට මොනවා වෙලාද මංදා..
මල්කිව දකිද්දි..අද නම් මට මාව කන්ට්‍රෝල් නැහැ.

“ඔ..ඔයා දන්නවද මල්කි.. මම මීට කලින් බීලා තියෙන්නෙ තුන්පාරයි.. ඒකත් අම්මලට හොරෙන්.. යාලුවො එක්ක සෙට්වෙලා..
ඒත්..අන්තිම පාර බීලා ගෙදර යද්දි….
අක්කට මාට්ටු වුනා..
එදා….එයා මගෙ කම්මුලට ගැහුවා…
ඊලගට ඇඩුවා..
පව්….
මාව බදාගෙන ඇඩුවා…
ආයෙ කවමදාවත් බොන්න එපා කියලා බැන්නා මට…
මගෙන් පොරොන්දුවකුත් ගත්තා..
ඒත්.
ඒක මම.කැඩුවා..
දන්නවද…දන්නවද ඒ කවුරු නිසාද කියලා…
ආ….?”

“න්..නෑ…”

🤣🤣ඒ ඔයා නිසා….ඔයා නිසා….”

“ම්.මම..නිසා..?”

“ඔව්…ඔයා තමයි හේතුව… ඔයා…අර මේනකයා එක්ක ඉද්දි…මගෙ මෙතන්ට මොකක්දෝ වෙනවා…මෙන්න මෙතන්ට…”

මම එයාගෙ අතක් මගෙ පපුවෙ වම් පැත්තට තියලා තදකරලා කිව්වා.

“දැනෙනවද…මගෙ හාට් එක ගැහෙනවා ..?”

මම අහද්දි..එයා ඔලුව වැනුවා..

“ඒක දැන් ගැහෙන්නෙ.. තමුසෙගෙ නමින් කියලා දන්නවද .?”

මම කියද්දි…එයා ආයෙත් ඇස් ලොකුකරගත්තා… ඒ ඇස් වල කදුලු පිරිලා..

“තමුසෙව දැක්ක දවසෙමයි..මගෙ හිත තමුසෙ ගැන හිතන්න ගත්තෙ .
ඔව්…මම ග්ලිටර් අයිස්ට ලව් කලා තමයි…ඒත්…ඒක ආදරයක් නෙමෙයි කියලා හරියටම දැනුනෙ…තමුසෙව හම්බුනාට පස්සෙ.”

මම ඇදෙන් නැගිට්ටා..ජනේලෙ ලගට ගිහින්..ඒකට වාරුවෙලා හිටගත්තා..

“දන්නවද… අපෙ අක්කා කියපු කතාවක්..

ආදරේ කියන්නෙ..ලොබ හිතෙන හැගීමක්ලු…
ආදරේ කරන්න කෙනෙක් තෝරගනිද්දි අපි දෙතුන්වතාවක් ඒ ගැන හිතන්න ඕනලු…

අපි ආදරේ කරන්න ඕන.. අපේ කරදර වලදි…ඒවා මගහරවාගන්න උදව් කරන කෙනෙක්වලු..නිතරම අපිව නිවැරදි මගට යොමුකරන කෙනෙක්වලු..

එයාව දැක්කම හිත නිවෙන්න ඕනලු…
හුස්ම ගන්න පවා අමතක වෙන්න ඕනලු…

ඇස් පියාගත්තාමත් මේ ඇස් අස්සෙම නටන කෙනෙක්වලු..
නිදාගන්නවත් දෙන්නෙ නැති කෙනෙක්වලු..
ඇහැරන් ඉදන් පවා හීන දකින්න ආසා හිතෙන කෙනෙක්වලු…

ඒ සුවදට පවා හිත ඇදිලා යන කෙනෙක්වලු…

කොටින්ම කිව්වොත්..හිත ආදරේ ඉල්ලලා ලෝබකමින් කෑගස්සවන්න පුලුවන් කෙනෙක්වලු…

අන්න එහෙම කෙනෙකුටලු අපි ආදරේ කරන්න ඕන.. එහෙම කෙනෙක් ලැබුනොත්..මුලු ලෝකෙම විරුද්ධ වුනත්..ආදරේ කරන්න කිව්වා මට….
අන්න එයා ලගලු ජීවිතේ තියෙන්නෙ..

අපේ මුලු ලෝකෙම වෙන්නෙ එයාලු..

මටම විතරක් ලෝකයක් වෙන කෙනෙක්ලු එයා…

අන්න එහෙම කෙනෙක් මගෙ ජීවිතේට ආවම….මට තේරෙයිලු ඇත්තම ආදරේ කියන්නෙ මොකක්ද කියලා …
ලෝබකමින් තුරුලුකරන් ඉන්න හිතෙයිලු මට එයාව….
ඇහිපිය ගහද්දිත් මතක්වෙයිලු එයාව.හුස්ම වැටෙද්දිත් දැනෙයිලු එයාව…”

මම ඒ ඇස් දිහා බලාගෙනම කිව්වා.. ඊලගට එයා ලගට ගිහින් එයාගෙ දෙපා ලග බිමින් වාඩිවෙලා ඒ මූණට එබුනා..

“දන්නවද.. එහෙම කෙනෙක් මට හම්බුනා කියලා..
හුස්ම ගන්න පවා අමතක කරවන… ඇස් වහගත්තත් ඒ මූණම පේන.. ඒ සුවදට වශීවෙන.. එකපාරක් දැක්කත්.. ඇති තරම් බලාගෙන ඉන්න පුලුවන් වෙන්න තරම් හිත නිවෙන රූපයක් තියෙන… නැතුවම බැරිවෙන .. ලගට අරන් ඉඹ ඉඹම ඉන්න හිතෙන… නැතිවෙයිදෝ කියලා නිතරම හිත බයෙන් වෙවුලන… ඒහිනාව…ඒ මූණ .. මගෙ හිත පුරාම හැමතිස්සෙම දුවන.. ඕනම දේකට.. මට උදව්වට ඉන්න .. මට මගෙ මුලු ලෝකෙම කියලා දැනුනු කෙනෙක් මට හම්බුනා … “

මම එයාගෙ අත් දෙකම අල්ලගත්තා.. ඊලගට ඒ ඇස් දිහාම බැලුවා…ඒ ඇස් දිලිසෙනවා.. මූණ පුරාම කදුලු වැල්.

“දන්නවද බබා.. මගෙ අම්මටයි අක්කටයි පස්සෙ… මම මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරානම්.. අන්න ඒ කෙල්ලටම විතරයි.. ආදරේ කියන වචනෙ තේරුම පවා .. මගෙ හදවතට තේරුම් කරවපු මගෙ කෙල්ල වෙනුවෙන් මුලු ලෝකෙම එක්ක උනත් සටන් කරන්න මම ලෑස්තියි…ඒත්… මට බයයි…එයාව නැතිවෙයි කියලා… මොකද එයා…වෙන කෙනෙක්ගෙ වෙන්න යන්නෙ… “

මල්කි අඩනවා.. මට බලාගෙන ඉන්නබෑ එයා අඩද්දි..

“වස්තුවෙ…”

මම නිකටෙන් අල්ලලා එයාගෙ මූණ ඉස්සුවා.

“මේ සුදු මූණට.. කිස් එකක් දෙන්න..මට අවසර දෙනවද..?”.

මම අහද්දි..එයා ආයෙත් බිම බලාගත්තා..

“මැරෙනකම්ම..මගෙ ලගටම වෙලා ඉදන්… පැලෙන්න ආදරේ කරන්න… මාව බලාගන්න… මගෙ තුරුලෙම ඉන්න … චූටි පැටවු ගොඩක් මට හදලා දෙන්න… මගෙ පණ වෙන්න … ඔයාට පුලුවන්ද මල්කි…ආ…
ඔයාට පුලුවන්ද මේ මෝඩ කොල්ලට ආදරේ කරන්න…?”

එයා ආයෙත් ඇස් ලොකු කරලා මගෙ දිහා බැලුවා.. ඒ ඇස් වලින් හෝ ගාලා කදුලුකඩාගෙන වැටෙනවා..

“මම ආදරෙයි..ගොඩාක් ආදරෙයි.ඔයා තමයි..මට ආදරේ උගන්නපු ඒ අහිංසකී… ඔයා නැතුව හුස්ම ගන්නත් බැරි තරමටම.. මම ඔයාට ලෝබයි දැන්..වෙන කෙනෙක්ට දෙන්න බෑ මට ඔයාව…
මට ඕනි..මගේම කරගන්න ඕනි… කියන්න රත්තරනේ…පුලුවන්ද..මට ආදරේ කරන්න..?”

මම අල්ලගෙන හිටපු එයාගෙ අත් දෙක..එයා ඇදලා ගත්තා..ඊලගට ..නැගිටලා ජනේලෙ ලගට දුවලා ගිහින් ජනේලෙට ඔලුව තියාගෙන හොදටෝම ඇඩුවා..
මමත් එයා ලගට ගිහින් ඒ උරහිසකට අතක් තියාගත්තා .

“මම නරක කොල්ලෙක් නෙමෙයි වස්තුවෙ…
ඔව්..කෙල්ලො ආශ්‍රය කලා මම..ඒත්…ඒ එක කෙල්ලෙක්වවත්…අනවශ්‍ය විදියට අල්ලලාවත් නෑ මම..මාව විශ්වාස කරන්න… “

එයා මුකුත්ම කියන්නෙ නෑ.. අඩනවා විතරයි.

“ඇයි අඩන්නෙ මේ තරම්..?ඔයා මට කැමති නැද්ද..?අනේ..එහෙනම් ඔහොම අඩන්න එපා..මම යන්නම්.. බලෙන් ආදරේ ලබාගන්න මට ඕන නෑ වස්තුවෙ..මම කිව්වෙ..මගෙ හිතේ තිබුනු දේවල්.. ඔයා ඒවා අමතක කරලා දාන්න.. ම්ම්..අඩන්න එපා ඉතින්..කෝ..මේ බලන්න..”

මම එයාව මගේ පැත්තට හරවගත්තා.. ඒ මූණ රතුම රතුවෙලා..

“අඩන්නෙ නැතුව ඉන්න .ම්ම්.. “

මම එයාගෙ කදුලු පිහිදැම්මා..

“මගෙ ආදරේ මගෙ හිතේම තිබුනාවෙ.ඔයා දුක්වෙන්නෙපා.. මම ඔයාට ආයෙත් කරදර කරන්නෙ නෑ කොහොමත්..
තේරුනාද පණ..ම්ම්..
සතුටින් ඉන්න
මම දැනන් හිටියෙ නෑ…ඔයා මේනක අයියට කැමතියි කියලා.. මගේ තියෙන මුරණ්ඩු කමට..මම ඔයාට කරදර කලා නේද.. සමාවෙන්න මට.. ආයෙත් එහෙම වෙන්නෙ නෑ.. මම හිතන්නෙ..මම මැරෙනකම්ම ඔයාට ආදරේ කරයි. කොහොමත්..ආදරේ කියන්නෙ මට උරුම නැති දෙයක් වෙන්න ඇති.මුලින් ග්ලිටර් අයිස්..දැන් ඔයා.. හ්ම්…
කමක්නෑ.. අඩන්නෙ නැතුව හොද කෙල්ල වගේ හිනාවෙලා ඉන්න.. පුලුවන්නම්… කලින් කරපු දේවල් වලටයි..මෙන්න මේකටයි..මටසමාව දෙන්න…’

එහෙම කියලා මම පහත්වෙලා ඒ දෙතොල් මත කෙටි හාදුවක් තිබ්බා..

“ආදරෙයි පණ.. මැරෙනකම්ම..”

ඒ කම්මුලක් අතගාලා මම එතනින් එන්න ආවා.. හිත රිදුම් දෙනවා ඉවසනත් බැරි තරම්

මම එහෙම්මම ලිද ලගට ගිහින් ඇදගෙන හිටි ඇදුම් පිටින්ම නාගත්තා..

මම නාන සද්දෙ ඇහිලා එයා දුවලා ආවා ලිද ලගට.. මගෙ දිහා පුදුමයෙන් බලන් ඉදලා ආයෙත් ඇතුලට දිව්වා..ඊලගපාර එයා ආවෙ මගෙ ටවල් එක අරන්..
මගෙ අතින් ඇදලා මාව ලිද ලගින් එහාට එක්කගෙන ගියා..
ඊලගට මට ඔරව ඔරව එයා අඩ අඩ මගෙ ඔලුව පිහිදැම්මා..
ටවල් එක මගෙ අතින් තියලා එයා අනිත්පැත්ත හැරුනෙ මට ඇදුම් මාරුකරගන්න කියලා වගේ..

මමත් තෙත ඇදුම් ගලවලා එහෙමම විම දාලා ටවල් එක ඇදගත්තා..

ඊලගට ටික වෙලාවකින් එයා හැරිලා බලලා මගෙ අතින් ඇදගෙන ඇතුලට එක්කගෙන ගියා.
මගෙ ඇදෙන් මාව වාඩිකරවලා මගෙ බෑග් එකෙන් ඇදුමක් අතට දීලා යන්න ගියා…

විනාඩි 15කට විතර පස්සෙ එයා ආවෙ දෙහි එකක් හදාගෙන.
ඒක මට බොන්න දීලා තෙත ටවල් එකත් අරන් ලයිට් එකත් ඕෆ් කරලා කදුලු පිහිද පිහිදම කාමරෙන් එලියට යන්න ගියා..
මම ඇදේ දිගා වෙලා ඒ සුදු මූණ මතක් කරකරම ඇස් පියාගත්තා…

ආදරේ වේදනාව ආයෙත් වතාවක් මගෙ හිත පිස්සු වැට්ටුවා.. දරන්න බැරි තැන ඇස් අගින් කදුලක් ගලාගෙන යනවා මට දැනුනා..

***මම ඔයාට ආදරෙයි පණ.ගොඩාක් ගොඩාක් ආදරෙයි…***

මගෙ හිත ඒ සුදු මූණ මතක්කරකර මුමුණවා මට ඇහුනා…

මතුසම්බන්ධයි❤️

🌼🌼🌼🌼🌼🌼🌼🌼එශ්🌼🌼🌼🌼🌼

මොකද හිතෙන්නෙ.? මල්කි කොල්ලගෙ ආදරේ පිලිගනීවිද..? 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *