#විසේකාරයා 25

👦 25 දගකාරකම 👦

ආදරය …
මුලින්ම අදුනගන්නෙ..අපෙ අම්මාගෙන්. මේලෝකෙට ඉපදුනුදා ඒ මොහොතේදීම.. අම්මාගෙ උණුසුම් හාදුවක් එක්ක අපි ආදරය හදුනගන්නවා.. ආදරය විදින්න පටන් ගන්නවා.. හදවතට ආදරය දැනෙන්න ගන්නවා…
චුට්ට චුට්ට ලොකුවෙද්දි..තාත්තාගෙන් සහෝදර සහෝදරියන්ගෙන් ආදරය විදිනවා..
තරුණ වියට එළඹුනාම.. වෙනස්..අලුත් ආදරයක්.. හිත හොයන්න පටන්ගන්නවා..

කෙනෙක්ට දැකපු පලමු බැල්මෙන්ම ආදරයක් ඇතිවෙද්දී.. තවකෙනෙක්ට ටික කාලයක් ගිහින් ආදරය ඇතිවෙනවා..
කෙනෙක් මොහොතින් ආදරය ප්‍රකාශ කරද්දි..
තවකෙනෙක් කාලයක් ආදරේ හිතේ තියන් ප්‍රකාශ කරන්න බයෙන් බලාගෙන ඉන්නවා.

කෙනෙක් මුලු හදවතින්ම ආදරේ කරද්දි..
කෙනෙක්..ඒ ආදරේ විහිලුවකට ගන්නවා..

ආදරේ.. විදිද්දි හරිම සුන්දරයි.
හිත පිරිලා..
මූණෙ හිනාව උතුරනවා..
සතුට වැඩිකමට වැඩිපුරත් එක්ක කනවා..
එයා එක්ක කතාකරකර ඉන්න තියෙනම්..හුස්ම ගන්න අමතක වුනත් කමක්නෑ..
ජීවත් වෙන්න ආසා හිතෙනවා..

ඒත්.. ඒ ආදරේම විදවද්දී..
හිත කෑලින්කෑලිවලට කැඩිලා යනවා.
මූණ පුරා කොයිවෙලෙත් කදුලු පාරවල්.
නොකා නොබී කල්පනා කරකරම ඉන්නවා..
ජීවත්වුනා ඇති කියලා හිතෙනවා .

ආදරය නිසාම… විදින විදවන අය ඕනතරම් අද ලෝකෙ ඉන්නවා..
.අපි ආසා ආදරය විදින්න.ඒත්.. හැමතිස්සෙම එහෙම විදින්න ලැබෙන්නෙ හරිම අඩුවෙන් නේද .විදවන ප්‍රමාණය වැඩියි නේද්

ඔව්
ඒතරමටම.. ආදරය කියන වචනය පවා හරිම ප්‍රබලයි.

දෙව්නක..
තවමත් 19 වියැති පාසල් කොලුගැටයා..
තරුණ හිතට දැනුනු පලමු ආදරය නිසා.. විදෙව්වා.. ගොඩක් දේවල් අහිමි කරගත්තා..
ඒත්… ඒ අහිමිවීමත් එක්කම..
ආයෙත් හිතට ඇතිවුනු ප්‍රබල ආදරයක් නිසා..
මුල් ආදරය යටපත්වුනා..
වේදනාව අඩුවුනා..
ඒත්.. දෙවනුවට ඇතිවුනු ආදරය නිසාත්….
කොල්ලට ලැබුනෙ වේදනාව විතරයි.

ග්ලිටර් අයිස් නිසා කැඩුනු හිත..
මල්කි නිසා සුවපත්වුනා..
ඒත්..
ඒ කෙල්ලව තමන්ගෙ කරගන්න තරම්.. මේ කොල්ලා වාසනාවන්ත වුනෙ නෑ.
මොකද.. මේ වෙනකොටත් .. මල්කිව වෙන කෙනෙක්ට යෝජනා කරලා නිසා..

සති දෙකක් දෙව්නක සසංකගෙ නිවසෙ නැවතිලා හිටියා..
කොල්ලා ආයෙත් ගෙදර ආවෙ ඊයෙ රෑ..
ඒත්.. හිත හදාගන්න කියලා ගියා වුනත්..
හිතේ තියන දුක සම්පූර්ණයෙන්ම නැතිකරගෙන නෙමෙයි කොල්ලා මේ ආවෙ..
අලුතින් හිත වේදනාවෙන් පුරවගෙන..

ග්ලිටර් අයිස්ව අන්තිමට මුණගැහුනු දවසෙ ඉදලා කොල්ලා හිත හදාගත්තා..
මේ වෙනකොට දෙව්නක සම්පූර්ණයෙන්ම ග්ලිටර් අයිස්ව අමතක කරලා ඉවරයි.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

දෙව්නක උදෙන්ම නැගිටලා මූණ හෝදගෙන ඉස්කෝලෙ යන්න සූදානම් වුනා..

සති දෙකකට පස්සෙයි කොල්ලා මේ ඉස්කෝලෙ යන්න හදන්නෙ.
කොහොමත් තව මාස තුනකින් එක්සෑම් එක තියෙනවනෙ.

“අම්මා…”

වෙනදා වගේම කෑගහගෙන සාලෙට ගිය කොල්ලට මුලින්ම හම්බුනේ සාලෙ අතුගගා ඉන්න අක්කාව.

“ඈ බං අක්කෙ.. ඔයාට අසනීපයක් එහෙම නෑනෙ..?”..

කෙල්ලගෙ නළලට අත තියලා බලපු කොල්ලා ඇහුවෙ ඇස් ලොකු කරන්.

“ඇයි තමුසෙ එහෙම ඇහුවෙ ..මේ ඉන්නෙ මම හොදට..?”

අක්කා කොස්සත් අත් දෙකින්ම බලාගෙන කොල්ලගෙන් ඇහුවා..

“එහෙනම් ශුවර් එකටම.. අද ඇදේ අනිත් පැත්තෙන් බහින්න ඇත්තෙ..හා නැද්ද..?”.

“නෑ බං..හරි පැත්තෙන් බැස්සෙ..”

“ඒකත් එහෙමද.. කෝ ඉන්නවකො බලන්න ටිකක්..”

එහෙම කියලා කොල්ලා එලියට දුවලාගිහින් අහස බලලා ආයෙත් ඇතුලට ආවා..

“ඒ පාර මොකෝ.?”

“නෑ මේ මම බැලුවෙ වහින්න වගේද කියලා අද..”

“මේ ඇත්තටම තමුසෙට පිස්සු හැදීගෙන එනවද මල්ලි..?”

අක්කා ඇහුවෙ ඉණටත් අතක් තියාගෙන

“මට පිස්සු නෑ බං අක්කෙ.. අද වහින්නෙත් නැත්තම්.. ඇදේ අනිත් පැත්තෙන් බැස්සෙත් නැත්තම්… අසනීපෙකුත් නැත්තම්…ඒ කියන්නෙ….
ඒ කියන්නෙ..😲😲😲😲😲
අම්මෙ…. මෙන්නෝ………………”

කොල්ලා කෑගහගෙන බයවෙලා කුස්සියට දුවද්දි..සීන් එක තේරුම්ගන්න බැරුව කෙල්ලත් කොල්ලා පිටිපස්සෙන් කුස්සියට දිව්වා..

“මොකෝ චූටි පුතා මේ කෑගහන්නෙ..?”

“අම්මා.. මේ…මෙන්න..අපේ අක්කා ගේ අතුගානවා…🤣🤣🤣🤣🤣🤣ශුවර් එකටම..මෙයාට ..යකෙක්…වැහිලා..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

“මල්ලී….තමුසෙට මම….”

අක්කා මගේ පස්සෙන් පන්නගෙන ආව් කොස්සත් උස්සන් මට ගහන්න හිතාගෙන.මම දිව්වා දිවිල්ලක්..කෙලින්ම ගිහින් හැප්පුනෙ තාත්තගෙ ඇගේ…

“අහ්…අනේ..සො…සොරි තාත්තා…”

මම බිම බලන් කිව්වෙ තවමත් තාත්තා මාත් එක්ක හරිහැටි කතා නොකරන නිසා..

“චාරු… මම හිතන්නෙ..මගෙ කොල්ලා ආයෙත් ඇවිත්..”

තාත්තා අම්මා දිහා බලන් කියද්දි.. මම තාත්තා දිහා බැලුවෙ පුදුමයෙන්.
ඒ ඇස් වල තෙතමනයක් මම දැක්කා..

“ත්..තාත්තා…”

“අම්මලා තාත්තලා ළමයින්ට ගහන්නෙ බනින්නෙ උන්ව හදාගන්න ඕන නිසා මිසක් උන්ට ආදරේ නැතුව නෙමෙයි කොල්ලො..”.

තාත්තා මගෙ දිහාට අත දික්කරලා කියද්දි..මම තාත්තව වැලදගත්තෙ ඇස්වල කදුලු පුරවන්.
අක්කත් අඩ අඩම දුවලා ඇවිත් අපි දෙන්නාව බදාගත්තා..
අම්මත් අපිට එකතුවුනෙ අඩ අඩම.

“උඹලා තුන්දෙනා නිසා තමයි මේ හදවත ගැහෙන්නෙ කියලා ..අදවත් උඹලා තේරුම්ගනිල්ලා…”

තාත්තා කියද්දි..අක්කා මහා හයියෙන් අඩාගත්තා…

ඔව්..මට ලැබුනා..මගෙ පවුල ආයෙමත්….

ඒත් එක්කම.
පාර දෙසින් මහා හඩින් කෑගහන අඩන සද්දයක් ඇහුනා..

“ඒ කවුද සිරිල් ඒ කෑගහන්නෙ.”

අම්මා එහෙම අහගෙන කදුලු පිහිදගෙන එලියට ගියා.. අපි තුන්දෙනත් එලියට ගියෙ පුදුමයෙන්.මොකද මේ ලේන් එකේ මේතරම් කාලයකට මෙහෙම කවුරුවත් කෑගහලාවත්,රණ්ඩුවක් වෙලාවත් නැතිනිසා…

ග්ලිටර් අයිස්ගෙ නිවස ඉදිරියෙ සෙනග පිරිලා..
මගෙ හිතට දැනුනෙ නුහුරු බියක්.

අම්මලත් එක්ක මමත් එයාලගෙ ගෙදර පැත්තට දිව්වා..

“අනේ…මගෙ කෙල්ල….අයියෝ….මොකක්ද දෙයියනේ මේ වුනෙ…😭😭😭😭😭

නිවස ඇතුලින් මහා හැඩුම් හඩක් ඇහුනා.. අක්කා බයවෙලා බැලුවෙ මගෙ මූණදිහා..

මම සෙනග අතරින් රිංගලා ඇතුලට ගියා..

ග්ලිටර් අයිස්ගෙ පුංචි බිම වාඩිවෙලා අඩනවා.. නංගිත් එතනම ඉදන් අඩනවා.. බාප්පා මූණ අතින් වහන් හිටගෙන ඉන්නවා..

එ..එතකොට.. මෙතන අඩු…
ග්ලිටර් අයිස්….

මගෙ දෙපයත් වෙවුලුවා.. මාව පහුකරන් අම්මා ඇතුල්වුනා..

“අනේ….අක්කෙ….මගෙ කෙල්ල…😭😭😭

අම්මා දැක්කා විතරයි ඇන්ටි අඩාගෙන අම්මගෙ අතින් අල්ලගත්තා..

“මොකක්ද නංගියෙ වුනෙ..?”

අම්මා ඇහුවෙත් වෙවුලන හඩින්.. අම්මටත්.. මේ මට හිතෙන දේවල්ම හිතෙනවා ඇති මේ වෙලාවෙ.

“අනේ…අක්කෙ..😭😭😭😭😭.මගෙ ලොකු කෙල්ල….ඊයෙ රෑ…😭😭😭😭😭

ආයෙත් ඇන්ටි මහා හඩින් අඩාගත්තා..

මම බයවෙලා බලන් හිටියෙ වෙලාතියෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව.

“මොකක්ද කෙල්ලට වුනෙ..”

අම්මා ඇහුවත්..ඇන්ටි උත්තර දුන්නෙ නෑ..මහ හයියෙන් අඩනවා..

“ඒ දැරිවි කාමරේ ඇතුලෙ බෙල්ලෙවැල දාගෙන…”

කවුදෝ කෙනෙක් කිව්වා..

මුලු ලෝකෙම මොහොතකට කැරකෙනවා වගේ දැනුනා මට.. මම වැටෙන්න යද්දි..කවුදෝ මාව වාරුකරගන්නවා වගේ දැනුනා..

ඇස් අදුරුවෙලා ගියා.. මුලු ලෝකෙම නැවතුනා කියලයිමට දැනුනෙ..
ඒ ඇහුනු වදන් විශ්වාස කරන්න බැරුව.. මම හිටියෙ අතරමංවෙලා..

අම්මා මගෙ ලගට ඇවිත් මගෙ මූණට අතක් තිබ්බෙ මම ඉන්නෙ මේ ලෝකෙ නෙමෙයි කියලා දැනෙගෙන වෙන්න ඇති…

මමත් කිසිම හැගීමක් දැනීමක් නැති එකෙක් වගේ මිනිස්සු පිරිලා හිටි එයාගෙ කාමරය දිහාට ඇවිදන් ගියා.

මිනිස්සු අතරින් ඇතුලට රිංගපු මගෙ දෑස් වලින් කදුලක් වැටෙන්න ගතවුනෙ එක මොහොතයි.

සිවිලින් ෆෑන් එකේ ශීට් එකකින්ගෙල වැලලාගෙන ඉන්න…
ග්ලිටර් අයිස්ව මම දැක්කා..
තවමත් එල්ලෙමින් එන්න ඒ සිරුර බදාගෙන මහා හඩින් අඩන්න මට ඕන වුනා.. ඒත්… මම එයාව අමතක කරලා ඉවරයි කියලා යටිහිත මටම අවවාද කලා..
මම බිත්තියට හේත්තුවෙලා..ඒ නිසල සිරුර දෙසම බලාගෙන හිටියා..

“කෝ..කෝ..හැමෝම එලියට යන්න..හ්ම්ම්..හ්ම්ම්…”

පොලිස් නිලධාරියෙක් ඇවිත් .. කාමරය අසල හිටි අයව එලියට යැව්වා..
මමත් කාමරයෙන් එලියට ආවෙ හීනෙන් වගේ…

අක්කා දුවලා ඇවිත් මාව ඇදන් එලියට ගියා..
අම්මයි තාත්තයි මිදුලෙ ඉන්නවා මම දැක්කා…

“පුතා..අපි ගෙදර යමු..”

තාත්තා මාව වත්තම් කරන් නිවසට ආවා..
සෝෆා එකෙන් මාව වාඩිකරවලා මගෙ ලගින්ම එයත් වාඩිවුනා..

“පුතා….”

තාත්තා මොනවදෝ කියන්න හැදුවා..මට දැනුනා..මගෙ දෑස් පියවිලා යනවා..

මතුසම්බන්ධයි❤️

🌹🌹🌹🌹🌹එශ්🌹🌹🌹🌹🌹🌹

Leave a Reply

Your email address will not be published. Required fields are marked *