#විසේකාරයා 26

👦 26 දගකාරකම 👦

සුදුම සුදුපාට ඔසරියක් ඇදලා හිටිය ග්ලිටර් අයිස්ගෙ මුවේ හීන් මදහසක් ඇදිලා තිබුනා.

මම පුටුවක වාඩිවෙලා බලාගෙන හිටියෙ ඒ සුදු මූණ දිහා..
නෑ..දැන් ඒ මූණ කලුවෙලා.. හිතාගන්න බැරිතරම්.අදුනගන්නත් අමාරුයි වගේ..

හැමෝම පිස්සුවට්ටන ලස්සනක් තිබුනු ඒ සිරුර දැන් වැහැරිලා වගේ…

මම ආසම කරන ඒ දිලිසෙන දෑස් අද පියවිලා… ඒ පියවුනු දෑස් දැන් හරියි දැන් හරියි කියලා මම බලාගෙන හිටියා..
දන්නවා එයා ආයෙ එන්නෙ නෑ කියලා..ඒත්… මගෙ බොලද හිත මාවම රවට්ටගන්නවා..

අද…තව පැය කීපයකින්..ග්ලිටර් අයිස් මාව දාලා යන්නම යනවා..

මට හිතාගන්න බෑ තවමත්…ග්ලිටර් අයිස් මේ වගේ මෝඩ වැඩක් කරගත්තා කියලා..
එදා..අන්තිමට මම එයාව මීට් වුනු දවසෙ.. මගෙ ආදරයට වංචා කල එක වෙනුවෙන් එයාට දුන්නු දඩුවම සැර වැඩිවුනාද.. මම එයාට කතාකරන්න කියද්දිත්.. මුකුත්ම නොකියා බිම බලන් අඩ අඩ හිටිය එයාම..අද මේ වගේ දෙයක් කරගෙන කියලා මට හිතාගන්න බෑ…

මම එයාට බැන්නා නපුරු වැඩිවුනාද..ඒකද ..එයා මේ දේ කරගත්තෙ..එතකොට..මේකට වගකියන්න ඕන මමද…?

මගෙ හිත මටම චෝදනා කරන්න ගත්තෙ…එදා එයා කාමරේ ඇතුලෙ එල්ලිලා ඉන්නවා දැක්ක වෙලාවෙදිමයි..
ඇත්තටම වගකියන්න ඕන මමද..

මට හිතට එකගව මේ දේට මටම සමාව දීගන්න බෑ දෙයියනේ.. වැරදිකාරයා මමනම්… මම කොහොමද මෙහෙම හුස්ම ගන්නෙවත්…

මගෙ ඔලුව විකාර වෙලා..පිස්සු නටනවා.. මැරෙන්න හිතයි මටත්..

“අයියෙ…”

ග්ලිටර් අයිස්ගෙ නංගි ඇවිත් මට කතාකරනකම් මම දැක්කෙ නෑ එයා මගෙ ලගට ඇවිත් කියලවත්.

“අහ්..කියන්න නංගි..”

මම ග්ලිටර් අයිස්ගෙන් දෑස් ඉවතට නොගෙනම කිව්වා.

“ඔයාට අක්කිව මීට් වුනාද ලගදි..?”

නංගි අහද්දි..මම ගැස්සුනා..

“ඇ..ඇයි එහෙම ඇහුවෙ..?”

“මීට් වුනාද කියන්නකො..?”

“හ්ම්ම්..”

“මට හිතුනා..”

“ඇයි…?”

“මගෙ අක්කි හරි අහිංසකයි අයියෙ.. එයා..😭😭එයා නරක කෙනෙක් නෙමෙයි..😭😭😭😭

නංගි මූණ වහන් අඩන්න ගත්තා..
මේ කියවන්නෙ මොනවද කියලාවත් මට තේරුනෙ නැහැ..

“ඔයා මොකක්ද කියන්න හදන්නෙ නංගි..?”

මම ඇහුවෙ ඉවසගෙන ඉන්න බැරිම තැන..

“මේක එයා ඔයාට දෙන්න කිව්වා..”

නංගි ඊලගට මට දික්කලෙ හතරට පහට නවපු කොලයක්.

මම ඒක අතට ගත්තා..

“ගෙදර ගිහින් කියවලා බලන්න..මෙතන එපා…”

එයා එහෙම කියලා යන්න හැරුනා.

“අක්කි..ඔයාට පුදුම තරම් ආදරෙ කලා අයියෙ..ඔයා පිලිගත්තත් නැතත්..”

නංගි එහෙම කියලා අඩාගෙන ඇතුලට දුවගෙන ගියා..
මට..මට හිතාගන්න බෑ නංගි දැන් කියපු දේවල් ගැන..
මම මට දීලා ගිය කොලය දිහා බලන් හිටියා ටික වෙලාවක්..

ඊලගට මම ඒක සාක්කුවෙ දාන ගමන් නැගිට්ටා..තවත් වාරයක් ග්ලිටර් අයිස් දිහා බලලා මම ගෙදර එන්න ආවා..

කාමරයට ඇවිත් දොර වහන් ටීශර්ට් එක ගලවලා රැක් එකට දැම්මා..
ඇදෙන් හාන්සිවෙලා කොලය අතට ගත්තු මම..ඒක දිග ඇරියා…එතන කොල කීපයක් තිබුනා..

** මගේම දෙව් …**

එයා පටන් අරන් තිබුනෙ එහෙමයි.
මගෙ හදවත මොකක්දෝ වෙලා ගියා ඒ ආමන්ත්‍රණයට.

මම දිගටම කියෙව්වා..

** බබා… ඔයා මේක කියවද්දි…මම ඔයාගෙන් ගොඩාක් ඈතට ගිහින් තියේවි.. ඒකට මට සමාවෙන්න..

මම දන්නවා.. ඔයා මට කොයිතරම් ආදරේ කලාද කියලා..
ඒක ඔයාගෙ වචන වලින්.. ඔයාගෙ හැගීම් වලින්..ඔය ඇස් වලින් මම හොදටම තේරුම්ගත්තා..

ඔයා කිව්වා..ඔයා මුලින්ම මාව දැක්ක විදිය.
දන්නවද ..මම මුලින්ම ඔයාව දැක්කෙත් අපි මෙහෙට ආපු පලවෙනි දවසෙම.

මම හිටියෙ ජනේලෙ ලග. ඔයා කාමරේ ඇතුලෙ එහෙ මෙහෙ ඇවිදිනවා මම දැක්කා..

..දග කොල්ලෙක්..
මට ඒ වෙලාවෙ හිතුනෙ එහෙමයි.

ඔයාව නිතර නිතර දකිද්දි..ඔයාට නොපෙනෙන්න..මම ඔයා දිහා බලන් හිටියා..
ඔයාගෙ දග වැඩ වලට මම හරි ආසා කලා.. ඔයාගෙ කටහඩට ඊටත්වඩා මම ආසා කලා..දන්නවද බබා.. මගෙ හිතට ඔයා ගැන ආදරයක් දැනුනෙ…දවසක් රෑ මිදුලට වෙලා ඔයා ගිටාර් එක ප්ලේ කරකර සින්දුවක් කියපු දවසෙ.

එදා මම වැට ලගට වෙලා ඔයා දිහා පැය ගානක් බලන් හිටියා.. ඔයාගෙ හඩ..ඔය මූණෙ ඉරියව් හරි ආසාවෙන් රසවින්දා මම..

මීටකලින් කවමදාවත් ආදරයක් මේ හිතට දැනුලා තිබුනෙ නෑ බබා..
ඒත්..ඔයාව දැක්ක මොහොතෙම ඔයා මගෙ හිතට විශේශයි කියලා දැනුනා.. ඒක ආදරය කියලා හරියටම තේරුම්ගන්න ටික දවසක් ගියා..

අපේ ගෙදර පාටි එක දවසෙ ඔයා මම දිහා හොරෙන් හොරෙන් බලනවා මම දැක්කා..
මම නිරෝධ එක්ක ඉද්දි ඔයාගෙ මූන ඉරිසියාවෙන් පිරෙනවා මම දැක්කා..
මම හරි ආසාවෙන් ඒවා බලන් හිටියා බබා..

දවසින් දවස ඔයා ගැන හැගීම් හිතේ ගොඩනැගෙද්දි.. එදා ඔයා මාත් එක්ක බීච් ගිය දවසෙ හරියටම ඔයා කවුද කියලා මම තේරුම් ගත්තා..

ලෝබ හිතුනා ඔයා ගැන.
ආදරේ වැඩිවුනා මේ හිතේ.. ඔයාව මගේ කරගන්න ආසා හිතුනා..මම දැනන් හිටියා මගෙ ඇත්ත දැනගත්තොත්..ඔයා මාව දාලා යාවි කියලා.. ඒත් ඔයාව රවට්ටලා බොරු කියන්න මට ඕන වුනේ නෑ.. මම නොකියපු එකම දේ..මම තවමත් මේ දේවල් කරනවා කියන එක විතරයි.

අනිත් හැමදේම මම ඔයා එක්ක කිව්වා..

සාමාන්‍යයෙන් කොල්ලෙක් කැමතිනෑ කෙනෙක් පාවිච්චි කල දෙයක් පාවිච්චි කරන්න. ඒක දැන දැනත්.. මගෙ ජීවිතේ අදුරු තැන් සේරම මම ඔයාට කිව්වා.. මොකද මට ඕන වුනා..හැමදේම කියලා හිතනිදහස් කරගන්න.

ඒත් දන්නවද බබා.. හැමදේම දැනගත්තට පස්සෙත්.. ඔයාත් මට ආදරෙයි කිව්වම … මට දැනුනෙ.. මුලු ලෝකෙම මට ලැබුනා වගේ හැගීමක්.
මම ආයෙත් ජීවත්වෙනවා කියලා දැනුනා.

ඔය ආදරයට මම හරි ලෝබයි බබා..
ඒනිසයි ඔයා නැතිවෙයි කියන බයට මම ඔයාට නොකිව්වෙ මම තවමත් ඒ දේවල් කරනවා කියලා..

ඉස්කෝලෙ යන කොල්ලාගෙ ඉදලා නාකි මිනිහා වෙනකම්ම..මේ ඇගේ රෝමයක් ගානෙ රසවිදලා ඇති..

ඒත්.. පුංචිම දෙයක්වත් බලාපොරොත්තු නොවී..හදවතින්ම ආදරය කලෙ ඔයා විතරයි. ඉතින් එහෙම ආදරයක් නැතිකරගන්න මට බෑ නේද…
ඇත්ත දැනගත්තට පස්සෙත්.. ඔයා මගෙන් අහද්දි..මම බොරු කිව්වෙ ඔයාව මට ඕන නිසා මගෙ වස්තුවෙ.

මොකද..හුස්ම ගනිද්දි පවා මතකෙට එන තරමට මේ හිත ඔයාගෙන් පිරිලයි තිබුනෙ.

මම ආදරේ අදුනගත්තෙ ඔයාගෙන්.
ආදරේ කලෙ ඔයාට.. ආදරේ වින්දෙ ඔයාගෙන්.
ඒත්.. මේ කරුමක්කාරිට ඔයා ලගට එන්න පින නැතිවුනා..

බාප්පා නිසා අනාථ වුනු මට අනාගතයක් තිබුනෙ නෑ බබා..
අනික මම දැනගෙන හිටියා ඉස්කෝලෙ යන පුංචි කොල්ලෙක් වුනු ඔයාටත් දැන්ම මුකුත්ම කරන්න බෑ කියලා..

බාප්පගෙ බලකිරිල්ලට හැමදේම දිගටම කරගෙන ගියත්.. ඒ හැම මොහොතකම මේ හිතතිබුනෙ ඔයා ලග.

මම අසරණ වුනා බබා.. ඒ දේවල් වලට අකමැතිවෙලා මම බාප්පා එක්ක රණ්ඩුවෙද්දි…බාප්පා මාව නොමරා මැරුවා බබා.. ඒවා ඔයා දන්නෙ නෑ.. මට වද දුන්නා.. එකපාර මිනිස්සු 5,6 දම්මලා මට වදදුන්නා..
ඒවා ඉවසගන්න බැරුවයි මම දිගටම මේ දේ කරන්න එකගවුනෙ.

නැතුව ඔයාව රැවැට්ටුවා නෙමෙයි බබා..
දැන්වත් මාව විශ්වාස කරයි කියලා මම හිතනවා..

කෙල්ලෙක් වෙලා ඉපදුනු කරුමෙට ජීවත් වුනු මට ජීවිතේ ගැන ආසාව ඇතිකලෙ ඔයයි බබා..

ඔයා එදා හොටෙල් එකේදි මගෙ ඉස්සරහට එද්දි.. මට මම ගැනම දැනුනෙ පුදුමාකාර කලකිරීමක් බබා..
ඔයා මට බනිද්දි.. මට දැනුනු එකම දේ..ඔයා මාව දාලා යනවා නේද කියලා..

ඔයා ගහපු කම්මුල්පාරෙ වේදනාව මට දැනුනෙ හදවතට..ඒකත්..ඔය ආදරයෙ වේදනාව මිසක වෙන දෙයක් නෙමෙයි.

ඔයා මට ආදරේ කල එක වෙනුවෙන් පසුතැවෙනවා කියද්දිම..මම තීරණය කලා බබා මේ ජීවිතයට සමුදෙන්න.
ඒකයි වචනයක්වත් නොකියා හිටියෙ.මම මොනවමහරි කිව්වානම්..ඔය හිතට තවත් දුකක් දැනෙනවා කියලා මම දන්නවා..

ඔයා ගියාට පස්සෙ..මම කල්පනා කලා.. මම ගෙදර ආවෙ තීරනයක් අරන්.

අසනීපයි කියලා බොරු කිය කිය සතියක් මම ඔයා ගැන හිත හිතම ජීවත්වුනා..ඒ ..අන්තිම වතාවට..ඔය සුදු මූණ දැකලම මගෙ තීරනයට එන්න.

ඔව්.. මම දැක්කා..ඔයාගෙ මූණ .. ඔයා ආපහු ගෙදර ආපු දවසෙ රෑ එලියට වෙලා අහස දිහා බලන් හූල්ලද්දි.. ඈත ඉදන් මම ඔයා දිහා ඇහිපිල්ලම් නොගහා බලන් හිටියා.

දුවගෙන ඇවිත් ඔය පපුවට තුරුලුවෙලා මට සමාවෙන්න කියන්න මට ඕන වුනත්..සමාව ලැබෙන්නෙ නෑ කියලා මම දැනන් හිටියා..
තව දුරටත් ජීවත් වුනත්…
මේ ජරා රස්සාවම කරන්න වෙන බව මම දැනන් හිටියා..

ඒනිසාම.. මම තීරනය කලා බබා මගෙ අන්තිම හුස්ම පොද වෙනකම්ම.. ඔයා නමින්ම ජීවත්වෙන්න..

මට දුක නැහැ..
මේ ලියුම ලියන්නෙ..ඔයා ගැන ආදරේ හිතේ පුරවන්..
මම යනවා.. ආයෙ නොඑන්නම.

ඔය හිතේ පුංචි හරි ඉඩක් තිබ්බොත් . මේ ග්ලිටර් අයිස්ගෙ ආදරෙත් මතක තියාගන්න.එහෙම නේද මට කියන්නෙ ඔයා..ම්ම්..මම දැනගත්තා ඒක..🙂

බුදුසරණයි මගෙ වස්තුවෙ.සතුටින් ඉන්න හැමදාම
ලස්සන කෙල්ලෙක්ව බැදලා චූටි චූටි පැටව් ගොඩක් හදන් ලස්සනට ජීවත්වෙන්න.
මම කොහේ හිටියත් ඔයා දිහාම බලන් ඉන්නවා හැමදාකම.

එහෙනම්..ගිහින් එන්නම්…

මම ඔයාගෙ ග්ලිටර් අයිස්..
#මෙතුනි ..

කදුලු බිදු පෝලිමට ලියුම උඩට වැටෙද්දි.. මම ඒ නම දිහාම බලාගෙන හිටියා..

#මෙතුනි …

මගෙ ග්ලිටර් අයිස්ගෙ නම..

ලියුමත් පපුවට තදකරන් මම ඇස් තදකරලා පියාගත්තෙ හදවතේ දගලන සිතුවිලි පාලනය කරගන්න ඕන නිසාම.

මතුසම්බන්ධයි❤️

🌼🌹🌼🌹🌼🌹එශ්🌹🌼🌹🌼🌹🌼

මොකද හිතෙන්නෙ ග්ලිටර් අයිස් ගැන..
ම්ම්… මම නම් හිතන්නෙ එයා පව් කියලා..
මෙහෙම ජීවිත අද කාලෙ ලෝකෙ තියෙනවා.. අසරණ කමට මේ දේවල් වලට යොමුවුනු.
නේද….

අවසානයට තව කොටස් 4යි..💜️💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *