#විසේකාරයා 27

👦 27 දගකාරකම 👦

“මල්ලී..ඔයා ලේස්තියිද..?”

දේවාශ්‍රී කොල්ලගෙ කාමරේට එබිලා අහද්දි..කොල්ලා ශර්ට් එකේ අතේ බොත්තම් දානවා.

“ඒ හලෝ..ඇවිත් මේක දානවකො..”

දෙව්නක කිව්වෙ කණ්නාඩිය දිහා බලාගෙන.

කෙල්ල ඇතුලට ඇවිත් කොල්ලගෙ ශර්ට් එකේ අත් දෙකේම බට්න් දෙක දැම්මා.

“මල්ලි..”.

“ම්ම්..”

කෙල්ල කොල්ලගෙ කොලර් එක හද හද කොල්ලගෙ මූණ බැලුවා.

“දෙයක් අහන්න..ඇත්තම කියනවද..?”

“අහන්න..”

“මම දන්නවා.. ඔයා මෙතුනිට ආදරේ කලා කියලා..ඒක ඔයාගෙ ෆස්ට් ලව් එක. ඒත්..දැන් එයා නැතිවෙලත් මාස 6ක් විතර වෙනවා..
ඔයා එක්සෑම් ලියලා ඉවරවුනෙත් ගිය සතියෙනෙ..”

“හ්ම්ම්..ඉතින්..”

කොල්ලා ඇහුවෙ කොන්ඩෙ ජෙල් කරන ගමන්.හැබැයි ඒ මූණ වේදනාවෙන් පිරිලා
ඒ වේදනාව කෙල්ල දැක්කෙ නම් අදක ඊයෙක ඉදලා නෙමෙයි.

“ම්.මම මේ අහන්න හැදුවෙ.. ඔයාගෙ හිතේ වෙන කවුරුහරි ඉන්නවද කියලා..”

දේවාශ්‍රී අහද්දි.. දෙව්නක ගැස්සුනා..
කොල්ලා ගැස්සෙනවා කෙල්ලත් හොදටම දැක්කා.

“ඇයි එහෙම අහන්නෙ..?”

කෙල්ලගෙ ඇස් මගෑරලා කොල්ලා අහද්දි කෙල්ල කොල්ලගෙ මූණ තමන් දිහාට හැරෙව්වා.

“මේ අහන්න වස්තුවෙ .ඔයා මගෙ මල්ලි.. ම්ම්..චූටන් කාලෙ ඉදලා ඔයාව හදන්න අම්මා පිටිපස්සෙන් මමත් හිටියා.. මේ අත් දෙකෙන් මම ඔයාගෙ කක්කි ඇදුම් පවා හේදුවා.. .ඔයාගෙ ජීවිතේ හැම මොහොතකම ඔයා ලගින්ම හිටියා.. ඉතින්. මේ සුදු මූනෙ එක පුංචි ඉරියව්වක් වෙනස් වුනත්..ඒක මට දැනෙනවා.. අන්න ඒ නිසයි මම ඇහුවෙ. මොකද.. ඔයා දැන් ඉන්නෙත් සතුටින් නෙමෙයි. ඒක මට දැනෙනවා..’

දේවාශ්‍රී කියද්දි..කොල්ලා පත්වුනෙ පුදුම තරම් අපහසුතාවකට.
මොකද..කොල්ලට කෙල්ල දිහා බලන් කවමදාවත් බොරුකියන්න බෑ..

“අක්කා..ම්ම්..මේ.”

“හ්ම්ම්..කියන්න කවුද ඒ..?”

‘අක්කා.. එයා..එයා… එයාව මට ලැබෙන්නෙ නෑ අක්කා..එයා වෙන කෙනෙක්ට අයිති වෙලා ඉවරයි..”

කොල්ලා කිව්වෙ කෙල්ල ලගින් ඉවත්වෙමින්.

“දෙයියනේ ආයෙත් ..?”

“හ්ම්ම්.”

“ආයෙත් දුකක් ලැබෙන කෙනෙක්ව තෝරගත්තෙ ඇයි බබෝ..?”

අක්කා ඇහුවෙ වේදනාවෙන්

“ඒ රූපෙ දැක්කත් හිත නිමෙනවා අක්කා. ඒ සුවද මත්තෙම මැරෙන්න උනත් පුලුවන්. එයා ලග ඉද්දි..මුලු ලෝකෙම ලග වගේ..එයා ඈත්වෙද්දි..පපුව කඩාගෙන වැටෙනවා අක්කා.. එයාව මගේම කරගන්න තරම් හිත ලෝබකම් කලා අක්කා..
ඔව්..ඔයා කිව්වා වගෙ හැම ගතිගුණයක් ම තියෙන ලස්සන කෙල්ලෙක් මට ලැබුනා අක්කා..ඒත් ඒ වෙද්දිත් එයා වෙන කෙනෙක්ට අයිතිවෙලා ඉවරයි.
මම අසරනයි අක්කා…දැන් මට එයාව අමතක කරන්න බෑ.
මෙතුනි කියන්නෙ මගෙ ඇත්තම ආදරය නෙමෙයි අක්කා. එයා නිකම් ආකර්ශනයක් නිසා ලංවුනු කෙනෙක්.ඒත් මෙයා.. මෙයා තමයි අක්කා මට දැනුනු පලවෙනි ආදරය.. දැන්..එයාව අමතක කරන්න බැරුව මම විදවනවා අක්කා..”

කොල්ලා එක දිගට හුස්මක්වත් නොගෙන කියවගෙන ගියෙ මල්කිගෙ රූපය දෑස් මතම මවාගෙන

“අනේ..වස්තුවෙ..”

දේවාශ්‍රී අඩාගෙන කොල්ලව පසුපසින් වැලදගත්තා..

“හැමදේම කාලයත් එක්ක අමතක වෙලා යයි අක්කා.. ඔයා දුක්වෙන්න එපා.. මම හොදින්..”

කොල්ලා අක්කගෙ පැත්තට හැරිලා ඒ මූනෙ කදුලු පිහිදුවා.

“හ්ම්ම්..අපි යමු.. ආයෙ පොඩි ටච් අප් එකක් දාගන්න.ඔන්න මේකප් දියවෙලා.. අරූ තමුසෙව අරන් යනකම් තමුසෙගෙ ඇත්ත මූන පෙන්නන්න බෑනෙ..හ්ම්ම්.හ්ම්ම් යනවා..”..

දගකාර විදියට කොල්ලා හිනාවෙමින් කියද්දි.. කෙල්ල කොල්ලව තදින් වැලදගත්තා..

“මගෙ වස්තුව..ආදරෙයි ..”

“මමත් ආදරෙයි පණ..හ්ම්ම්.හ්ම්ම්..යන්න..”

අක්කාව කාමරෙන් යවලා මම ලොකූ හුස්මක් පිටකරලා ලය සැහැල්ලුකරගත්තා .

පාන්දර 6 වෙද්දි හැමෝම පිටත්වුනෙ නාවල යන්න හිතාගෙන.

අද මේ අපි නාවල යන්නෙ ලොකූ හේතුවකට.

“ආ..එන්න පුතාලා..’

නිවසට ගොඩවෙද්දි සසංක අයියගෙ අම්මා අපිව පිලිගත්තෙ හරිම ආදරෙන්.

“වාඩිවෙන්න..’

හැමෝම සාලයෙ සෙටි එකේ වාඩිවුනා.

“අපි මේ මග බලන් හිටියෙ එනකම්..”

නැන්දා කිව්වෙ අම්මා ලගට ගිහින්.

“කොහෙද ඉතින්.මේ කුමාරයයි කුමාරියි හැඩ වෙනකම් බලන් ඉන්න වුනානෙ පැයක් විතර අපිට..”

අම්මා කිව්වෙ අක්කවයි මාවයි ඇස් වලින් පෙන්නලා..

“කීයටද අක්කෙ එයාලා එනවා කිව්වෙ..?”

අම්මා ඇහුවෙ නැන්දගෙන්.

“දහය හමාර වෙද්දි එනවා කිව්වා.. තව විනාඩි 15ක් විතර තියෙනවනෙ.. “

“හ්ම්ම්..ඔව් නේද..කෝ සසංක පුතා..?”

“එයා ගියා ජුවලරි ශොප් එකට ගිහින් එන්න..”

“අහ්..එහෙමද..”

“ඉන්නකො මම තේ මේසෙ ලෑස්ති කරනකම්..”

නැන්දා කුස්සියට යන්නයි හැදුවෙ.

“අනේ.. දැම්ම පිටනම් තේ ඕන නෑ අක්කෙ.. අර ඩ්‍රයුවර් පුතාට තේ එකක් ගිහින් දෙමු අපි..ඉන්නකො මමත් එන්නම්කො ..”

අම්මත් නැගිටලා නැන්දත් එක්කම කුස්සියට ගියා..

අක්කයි මමයි විතරයි ඉතුරුවුනෙ සාලෙ.

“මේ..මම ගිහින් මල්කිව බලලා එන්නම්. ඩ්‍රෙස් කරලා ඉවරද දන්නෙ නෑනෙ.”

“හ්ම්ම්..”

මම කිව්වෙ අහක බලාගෙන.

‘එක්කො තමුසෙත් එනවා..මෙතන තනියම ඉන්න ඕන නෑ..”

“මට බෑ ඔයා යන්න..”

“එනවකො වදේ කිව්වම අහලා..”

අක්කා මගෙ අතින් ඇදලා නැගිට්ටෙව්වා.

“දැන්..කෝකද එයාගෙ කාමරේ..”

අක්කා නියපොත්තක් හපහප කල්පනා කරද්දි මම එයාට කලින් ඉස්සරවෙලා මල්කිගෙ කාමරයට ඇතුලුවුනා..

මගෙ ඇස් අදහගන්න බැරිවුනා.
ඒතරම් ලස්සනටයි මම එයාව දැක්කෙ.

ලා කහයි ගෝල්ඩ් පාටයි මික්ස් වුනු සාරි එකක් ඇදලා..කොන්ඩෙ ගෙඩියක් ගහලා ඒක වටේට මල් වැලක් ඔතලා..හරියට එදා අපේ අක්කා හිටියා වගේ..
මගෙ කටත් ඇරෙන්න ඇති ඒ ලස්සනට.

එයා කණ්නාඩියෙන් මාව දැක්කා. ඊලගට එක ක්ශනයකින් නැගිටලා මගෙ දිහාට හැරුනා..

ඒ ඇස් වල මොකක්දෝ දුකක් පිරිලා..මම ඒක හොදටම දැක්කා..

එයා මොනවදෝ කියන්න කට ඇරියා.ඒත් එක්කම මාවත් තල්ලුකරන් කාමරේට ආවෙ අපෙ අක්කා..

“අම්මෝහ්..රත්තරනේ ඔයාගෙ ලස්සන”

අක්කා එහෙම කියාගෙන දුවලාගිහින් මල්කිගෙ කම්මුලක් ඉම්බා.

ඒත්..එයාගෙ ඇස් තිබ්බෙ මගෙ ලග.

“අද නම් මනමාලයට පිස්සු හැදෙයි ඔයාගෙ ලස්සන දැකලා.. අදම උස්සන් යයිද මංදා..”

අක්කා මල්කිගෙ සාරිය හදමින් කිව්වා..මම අත් දෙකත් බැදගෙන බලාගෙන හිටියා…
ඇහිපියගහන්නත් අමතක වුනාද මංදා මටනම්..

ඒත් එක්කම අක්කට අම්මා කතාකරනවා ඇහුනා..

“අන්න අම්මා කතාකරනවා.. මම ගිහින් එන්නම් පොඩ්ඩක්..”

අක්කා කාමරෙන් එලියට ගියෙ අපි දෙන්නව තනිකරලා..

මම එයා දිහාත් එයා මගෙ දිහාත් බලන් ඉන්නවා විතරයි.. එක වචනයක්වත් පිටවෙන්නෙ නැහැ.

එයා කාමරෙන් එලියට යන්න ආවෙ බිම බලාගෙන.
මගෙ ලගට ආවා විතරයි මම එයාව අල්ලලා බිත්තියට තියලා තදකලා
එයාගෙ ඇස් ලොකු වුනා..

“කොහොමද හිත හදාගත්තෙ මාව දාලා යන්න.”

මම ඇහුවෙ ඒ මූණට ලංවෙලා.

එයා බයවෙලා හයියෙන් හයියෙන් හුස්ම ගන්නවා

“දන්නවා..ඔයා මට කැමතිනෑ කියලා.. ඒකනෙ.. අර මේනකව මැරිකරන්න හදන්නෙ..නේද..”

මම ආයෙත් අහද්දි..ඒ ඇස් වල කදුලු පිරුනා..

“මේ මම ඔයාට කරදර කරන අන්තිම දවස මැණිකෙ..ආයෙත්.. මේ දෙව් ඔයාට පුංචිම කරදරයක්වත් කරන්නෙ නෑ.. හැබැයි අද… අද වෙන දේවල් වලට මම වගකියන්නෙත් නෑ..”

මම කිව්වෙ ඒ දෙතොල් වලට ලංවෙමින්.

එයා ගැහෙනවා. මම දන්නවා අකමැති කෙනෙක්ගෙන් කිස් එකක් ගන්න එකත් වරදක්.ඒත්.. මේ මගෙ ආදරේ. මම ඒ දෙතොල් වලට ලංවුනා.එයා ඇස් තදකරලා පියාගත්තා..

විනාඩියක් විතර එහෙම ඉන්න ඇති.

එයා ඇස් ඇරලා බැලුවෙ මම මුකුත් නොකලෙ ඇයි කියලා වෙන්න ඇති.

“මගෙ අක්කට තරම්ම.. මම සසංක අයියටත් ආදරෙයි.අන්න ඒ නිසාම..එයාලගෙ හිත කඩන්නෙ නෑ මම.සතුටින් ඉන්න හැමදාමත්….
අන්න..ඔයාගෙ මනමාලයා ආවා. ඉස්සරහට එන්න..”

මම එයාගෙ ඇස් දිහා බලාගෙනම එහෙම කියලා යන්න හැරුනා..
ආයෙත් එයා දිහාට හැරිලා එයාගෙ මූනට එබුනා.

“මම වෙනුවෙන්.. එකම එක දෙයක් කරන්න පුලුවන්ද ..?”

මම අහද්දි ..එයා ඔලුව වැනුවා..

“ලබන ආත්මෙ..මගෙ වෙනවද..?😭

ඔව්..මගෙ ඇස් වලට කදුලු පිරුනා..

මම වගේම එයත් ඇඩුවා…ඒ ඇස් රතුවෙලා කදුලු ගලාගෙන ගියා..

“පුලුවන්ද..මගෙ වෙන්න..ලබන ආත්මෙ..ම්ම්ම්..?ඇස් දෙක වගෙ බලාගන්නම්.. “

මම අහද්දි එයා ඔව් කියලා ඔලුව වැනුවා..

මම ඒ කම්මුලක් අතගාලා කාමරෙන් එලියට ආවා..

ඒ වෙද්දි මේනක අයියලාගෙ ගෙදර අය ඇවිත් හිටියෙ.

ඔව්..අද එයාලගෙ විවාහයෙ දින නියම කරගන්න දවස.ඒ වගේම මුදු මාරු කරලා එයාලගෙ විවාහය ස්තිර කරගන්න දවස. විවාහයට කලින් මනමාලි මනමාලයගෙ ගෙදර නොගියත්.. සසංක අයියට ඕන වුනා එයාගෙ නංගිගෙ ජීවිතේ වැදගත්ම දවසක අපෙ අක්කවත් ගෙන්නගන්න.
ඒ නිසයි අපිත් අද ආවෙ..

මම සාලයෙ උන් සසංක අයියා එක්ක හිනාවුනා..
එයා අද හරි හැන්සම්.මම දැක්කා ඒ ඇස් නොයිවසිලිමත්ව බලන් ඉන්නවා මල්කි එනකම්..

සසංක අයියගෙ අම්මා ඇවිත් එයාලා එක්ක කතාකලා.. මමත් ටිකක් එහායින් හිටගෙන හිටියා..
මම දැක්කා සසංක අයියා කීපවතාවක්ම මගෙ දිහා බලනවා. මම හිනාවුනත්..ඒ මූනෙ හිනාවක් තිබුනෙ නෑ..
මල්කිගෙ විවාහය ගැන දුකින් හිටි නිසා මට ඒ තරම් ගානක් ගියෙත් නෑ ඒ ගැන.

නැන්දා ගිහින් මල්කිව එලියට එක්කගෙන ආවා.. මේනක අයියගෙ මූන හිනාවෙන් පිරෙනවා මම දැක්කා.ඇත්තටම මල්කි වගේ කෙල්ලෙක්ව ලැබෙන කොල්ලානම් ගොඩක් වාසනාවන්තයි. එයාලා කතාබහ කරන අතරෙ මම හිතුවෙ ඒ ගැන.

දරාගන්න් බැරිවුනත්.. හැමදේම දිහා මම බලන් හිටියා.. මම දැක්කා.. මල්කිගෙ මූන දුකින් පිරිලා තියෙනවා..
කොහොම වුනත්.. මට එයාව ලබාගන්න බෑ කියලා මම දැනගෙන හිටියා..

එයාලා මුදු මාරුකරගනිද්දි.. බලාගෙන ඉන්න බැරිම තැන මම එලියට ආවා. හාට් එකට උල් කටු ලක්ශ ගානකින් අනිනව වගෙයි දැනුනෙ.. ඒ වේදනාව කොහොම විස්තර කරන්නද..

මට මතක්වුනෙ ශාන් හසීම්ගෙ ලස්සන සින්දුවක්.

🎶🎶🎶
ආදරේ තරම් .. කියාගන්න බැරිවූනිසා ..
ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා ..
රහසේම කවුදෝ ඉක්මන් වෙලා ..
හඩවාලා මගෙ දෑස ඔබ ගෙනගියා ..
දැන උන්නානම් ආදරේ
ඔබ යන්නෙ නෑ මා දමා ..

දහසක් පැතුම් මහදෙ සිරකොට තබා
මා පෙම් කලේ සිතින් සුසුමන් දරා ..
මා තුරුලෙ ඔබ උන්නා හීනෙන් පවා …
ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා ..
දැන උන්නා නම් මේ ආදරේ ..
ඔබ යන්නෙ නෑ මා දමා..

🎶🎶🎶🎶

මල්කි ගැන වේදනාව හිතේ පුරවන් ඒ දවස අමාරුවෙන් ගෙවාගත්තා මම.

හැමදෙයක්ම ලස්සනට අවසන් වුනත් සසංක අයියගෙ මූන අමුතුවෙලා තිබුනු එක හවස් වෙද්දි මට මහා ලොකු ප්‍රශ්නයක් වුනා..එයා හිටියෙ සතුටින් නෙමෙයි වගේ කියලයි මට දැනුනෙ.

“අයියෙ..”

හිතලා හිතලා බැරිමතැන මම එයා එක්ක කතාකරන්න හිතුවා.
මොකද..මගෙ ජීවිතේ අපහසුම දවස්වල මගෙ ලගින් උන්නු,හරියට මගේම සහෝදරයෙක් වගේ මට පිහිටවුනු සසංක අයියට කරදරයක් නම්..ඒක විසදගන්න උදව් කරන එක මගෙත් යුතුකම නිසා..

මම සසංක අයියට කතාකරද්දි.. එයා මගෙ දිහා හැරිලා බැලුවා.. ඒ ඇස් රතුවෙලා.. මම ගැස්සුනා එයාගෙ බැල්මට. ඒක වේදනාවක්ද..තරහක්ද ..අසරණකමක්ද කියලා හිතාගන්න බැරුව මම මොහොතක් ගතකලා..

මතුසම්බන්ධයි❤️

🌼💜️🌼💜️🌼💜️🌼💜️එශ්💜️🌼💜️🌼💜️

වීඩියෝ එකත් බලලම යන්න … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *