#විසේකාරයා 30 (අවසාන කොටස )

👦 30 දගකාරකම 👦
(අවසාන කොටස )

බැගේජස් දෙකත් තල්ලුකරන් මම නිවස දෙසට ඇවිදන් ගියා..
මුලු නිවස විතරක් නෙමෙයි..ගාඩ්න් එකත් පාලුවට ගිහින් වගේ..
ඉස්සර මුලු ගාඩ්න් එකම මල් වත්තක් වගේ වෙද්දි..අද .. අඩුම තරමෙ මල් පැලයක්වත් පේන්න නැහැ..
ඔව්.. අක්කා මැරිකරලා ගියාට පස්සෙ අම්මා ඒවා ගැන වාඩි උනන්දුවක් දක්වලා නැහැ..
මොකද අක්කයි ගාඩ්න් එක හැඩ කලෙ ..
ගාඩ්න් එක විතරක් නෙමෙයි.. අපේ මුලු නිවසමත් හැඩවුනෙ එයා නිසා..

දොර ඇරලා තිබුනෙ.මම සාලයට එබුනා.. පේන්න කවුරුවත් නැහැ..

එහෙම්මම ඇතුලට ගිය මම කෙලින්ම ගියෙ මගෙ කාමරයට.
පුදුමයි..
කිසිම වෙනසක් නෑ.
එදා තිබුන වගේමයි.. වෙනස් වෙලා තියෙන්නෙ.. බිත්තියෙ එල්ලපු කැලන්ඩරය විතරයි කියලයි මට හිතුනෙ.

මම බැගේජ් දෙක කාමරෙන් තියලා කුස්සිය පැත්තට ඇවිදන් ගියා..කුස්සිය දෙසින් ආවෙ පුදුම සුවදක්..

අවුරුදු ගානකින් මේ වගේ සුවදට කෑම ටිකක් කෑවෙ නෑ..
කටට කෙලත් ඉනුවා..

මම හිතුවා හරි.. අම්මා උයනවා කුස්සියෙ..
අම්මා හිටියෙ පිටුපාලා..
මම සද්ද නොකර ගිහින් අම්මව වැලදගත්තා .

“මගෙ වස්තුවේ…😭

මුලින් අම්මා ගැස්සුනත්..ඒත් එක්කම ඉකියක් එක්ක හඩාගත්තෙ එහෙම කියාගෙන.

“අම්මා….”

මම අම්මගෙ ගෙල සිම්ඹා.. ඉස්සර ඉදලම මම හරිම ආසම කරපු ඒ සුවද..හදවත පුරවගත්තා .

“නොකියම ආවා නේද හොරගෙඩියා ..”

අම්මා මාව එයා දෙසට හරවගන්න ගමන් කිව්වා..
එයාගෙ ඇස් උඩගියා..
ඔව්..මාව දැකලා..

“දෙයියනේ. මගෙ කොල්ලගෙ හැඩ …”

අම්මා කදුලු වගුරමින් මගෙ මුහුණ සිපගත්තා..

“මගෙ අම්මා සනීපෙන් ඉන්නවා නේද..?”

“ඔව් මගෙ පුතේ.. අපි සනීපෙන්..”

“පාලුවෙන් හිටියෙ ඔයා නැතුව..”

“අපිට වෙනමද.. පපුව කෑලි දෙකට කඩලා ඒ කෑලි දෙක දෙතැනක විසිකරලා වගෙයි තිබුනෙ..”

අම්මා ආයෙත් අඩනවා.

“අනේ..දැන් අඩන්න එපා.මම ආවනෙ.ම්ම්..ආයෙ යන්නෙ නෑනෙ..”

“ඔය ඇත්තමනෙ..?”

“ඔව් රත්තරනේ ඔව්..”

මම අම්මව ආයෙත් වැලදගත්තා..

“ජූඩ් පුතාත් ආවද පුතත් එක්කම?”

“හ්ම්ම්.ඔව්..
පොලොස් නේද උයන්නෙ..?ආ..?”

“හ්ම්ම්..”

“ඇයි මෙච්චර..?”

“අක්කට අරන් යන්න කියලා”

“අක්කට..?මේ හදිසියෙ .. අහ්.. ඒකියන්නෙ අක්කා…”

“හ්ම්ම්.දැන් මාසයක්.”

“අනේ”
මගෙ ඇස් වලට කදුලු පිරුනා..

මම මාමා කෙනෙක් වෙන්න යන්නෙ..ආයෙමත්. සතුට කියල නිම කරන්න බෑ..

අම්මට කියලා ලොකු බත් එකක් කවාගත්තා මම.. අක්කට ගෙනියන්න හදපු මැලේ අච්චාරු ටිකකුත් එක්කම.

“ගිහින් නාගෙන එන්න..ආපු ඇදුම් පිටින්ම කෑවානෙ..”

“හා අම්මා.. අවුරුදු ගානකින්නෙ මම මේ ඔයාගෙ බත් ටිකක් කෑවෙ.. ඉතින් සුවද එද්දිත් ඉන්න බැරිවුන මට…

මේ…මම ඔයාට ගොඩක් දේවල් ගෙනාවා.. හවස්වෙලා දෙන්නම්කො ඒවා..”

‘අනේ මට මොකටද ..”

“ඒමොකො එහෙම කියන්නෙ.. ?ඔයා මගෙ සුදු අම්මිනෙ..”

එහෙම කියලා මම අම්මව වඩාගෙන වටයක් කැරකුනා..

“හා හා..යනවා ගිහින් නාගෙන එනවා.ඉස්සර වගේමයි.. #විසේකාරකම් වලනම් අඩුවක් නෑ.”

අම්මා මගෙ කොන්ඩෙ අතගාලා කිව්වා..
මමත් අම්මව බිමින් තියලා කාමරේට ගියා..

ඉස්සර වගේම නාගෙන ශෝටක් ඇදන් මම ඇදෙන් ඇලවුනා..
මහන්සියි..
ඒ හිතටද ගතටද කියලානම් තේරුනේ නැහැ මට.
ඇස් පියවුනා..මගේ පුරුදු ඇදේ අවුරුදු ගානකට පස්සෙ ඇලවුනු එක විනාඩියටම.

මම ඇහැරෙද්දි හවස්වෙලා.. ඇස් දෙකත් පොඩිකරකර මම සාලයට ගියා..

අම්මා කොහෙදෝ යන්න ඇදගෙන කොන්ඩය පීරනවා..

“කොහෙද අම්මා යන්න ලේස්තිවෙන්නෙ..?”

මම අහද්දි..අම්මා මගෙ දිහාට හැරුනා..

“ආ..නැගිට්ටද.. අනේ පුතේ.. අක්කට මේ හදපු කෑම ටික ගිහින් දීලා එන්න කියලා..”

අම්මා කිව්වා.

“මගෙ පුතා අද එනවා කියලා දන්නෙ නෑනෙ මම ඉතින්.. අපි ඉක්මනට ගිහිල්ලා ගිය පයින්ම ආපහු එන්නම්..මගෙ පුතාට මහන්සියිනෙ ඇවිල්ලා..ආයෙ නාවල යන්න බෑනෙ දැන්…”

“මට මහන්සියක් නෑ අම්මා..මමත් එන්නම්..”

මම කිව්වෙ අක්කව දකින්න හිත ආස කරපු නිසා..

“හා එහෙනම්..ලේස්තිවෙන්නකො.
තාත්තත් දැන් ආවෙ..නාන්න ගියා ..මගෙ පුතා නිදියගෙන හිටි නිසා ඇහැරෙව්වෙ නෑ….”

“හා අම්මා..”

මම කාමරේට ගියා. ට්‍රවුසර් එකකුයි ග්‍රේ කලර් ටී එකකුයි ඇදගත්තා..ඩෙක්ශූස් දෙක දාගෙන කොන්ඩෙත් පීරගත්තා..

මම ආයෙත් කාමරෙන් එලියට එද්දි තාත්තත් ඇදගෙන ඇවිත්.

“කොල්ලො…”

එහෙම කියලා තාත්තා මාව වැලදගත්තා..

ඒ ඇස් වල කදුලු.

“තාත්තා කෙට්ටුවෙලා.”

මම කිව්වෙ තාත්තගෙ බාහු වලින් අල්ලගෙන

“මගෙ කොල්ලා නම් අදුනගන්න බැරි තරම් ඉලංදාරි වෙලා..”

තාත්තා කිව්වෙ සතුටින්.

අපි එලියට බැස්සෙ නාවල එන්න හිතාගෙන 6ට විතර.

මම ඕස්ට්‍රේලියා ඉන්න කාලෙ ඩිග්‍රිය ගන්න අතරෙම පොඩි පාට් ටයිම් ජොබ් එකක් කලා.. ඒකෙන් සැලකියයුතු ගානක් මාසෙට හෙව්වා.ඒ සල්ලි වලින් ගානක් මම ගෙදරට එව්වා..
ඒව එකතුකරලා තාත්තා කාර් එකක් අරන් තිබුනා..

“වන්ඩිය මරු..”

මම කිව්වෙ කා එකේ ෆ්‍රයිවින් ශීට් එකට නගින ගමන්.

“ලයිසන් එක අලුත් කලෙ නෑනේද..?”

“හ්ම්ම්.ඔව්..අවුලක් වෙන එකක් නැ..මගදි දෙන්නම්කො තාත්තට..”

අපි ගමන පිටත්වුනා.

🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼

සසංක අයියලා ජීවත්වුනෙ එයාගෙ අලුත් ගෙදර..මම කලින් ඇවිත් තිබුනු නිසා මට පාර මතකයි ..

මිදුලෙන් කා එක නතර කරද්දි..ගේ ඇතුලෙ ඉදලා පුංචි පැටියෙක් එලියට ආවෙ එබිකම් කරකර.
මම බැහැලා එයා ලගට ගියා..

“උයා කවුද..?”

එයා මගෙන් අහද්දි..මම එයාව වඩාගත්තා..
ඒ.ඇස්..ඒ නහය..ඒ කට..එ මූණ ඒ හිනාව..
දෙවියනේ එහෙම පිහිටන්නෙ කොහොමද..

“දෙව්දුනී..මාව මතක නැද්ද..?අදුනන්න බෑද..?”

මම අහද්දි..එයා ඇස් ලොකු කරලා මගෙ දිහා බැලූවා..මගෙ ඔලුව අත් දෙකින් එහෙ මෙහෙ හරව හරව බැලුවා.

“අහ්..මාමි..”

ඊලගට මාව අදුනගත්තා.මගෙ බෙල්ල බදාගෙන කම්මුල ඉම්බා..

“හ්ම්ම්..මාමි තමයි පැටියෝ…”.

මම කෙල්ලගෙ කම්මුලක් ඉම්බා..

ඔව් මේ මගෙ අක්කා දේවාශ්‍රීගෙ දුව.. දෙව්දුනී..
කෙල්ල එක්ක වීඩියෝ කෝල්ස් වලින් කතාකරලා තිබුනට හැබැහින් දැක්කෙ අදමනෙ..

“දෙයියනේ..”

ඒ හඩටයි මම ඔලුව ඉස්සුවෙ.

මගෙ අක්කා.. ඇස් වල කදුලු පුරවන් ඉන්නවා මගෙ දිහා බලාගෙන.

“අක්කා…’

මම කියද්දි අක්කා දුවලා ඇවිත් මාව බදාගත්තා.

“ඒයි මෝඩි..තමුසෙට අමතක වුනාද දැන් ආයෙත් අම්මා කෙනෙක් වෙන්න යන්නෙ කියලා..ඔහොම දුවන්න හොදයිද..ආ..?

මම පැංචිව බිමින් තියලා අහද්දි..අක්කා අඩ අඩම මගෙ කම්මුල් ඉම්බා.

“අනේ..මගෙ වස්තුව..”

“අක්කා..”

මගෙ පණ..මගෙ අක්කා..දරාගන්න බෑ..අවුරුදු ගානකින් මේ මූන දකින්නෙ..ඒ සිපුම් ලබන්නෙ.ඒ උනුහුම් විදින්නෙ.
අක්කා මාව බදාගෙනම ඉන්නවා.

“පාලුවෙන් හිටියෙ මම..”

“මමත්..ඔයා නැතුව හරි පාලුවෙන් හිටියෙ.වෙන දේකට නෙමි..රන්ඩුවෙන්න කෙනෙක් නැතිනිසා..අම්මේ..මගෙ කට..එහෙදි මාරම නිදහසෙ තිබ්බා..”

“මෝඩයා..”

අක්කා මගෙ පපුවට අත මිටමොලවලා ගැහුවා.

🌼🌼🌼

සසංක අයියා ආවෙ 9ත් පහුවෙලා..
එයා අසනීපෙන් හිටි යාලුවෙක්ව බලන්න ගිහින් හිටියෙ අපි එද්දි…

අක්කා උයපුවා බඩ පිරෙන්න කෑවා අපි රෑට.

“ඒ.තමුසෙට දැන් හොදට උයන්න පුලුවන් නේ..?”

මම.නෝන්ඩියට වගේ අහද්දී..සසංක අයියා මූණ අමුතු කරගත්තෙ අක්කව තරහා ගස්සන්න..

මමයි අයියයි මහා හයියෙන් හිනාවෙලා පහක් දැම්මෙ අක්කා තරහෙන් රතුවෙද්දි..

“අයියෙ..අම්මා ඉන්නෙ මහ ගෙදරද තාම..?”

“ම්ම්..නෑ මල්ලි..අම්මා මෙහෙ ඉන්නෙ..අද උදෙන්ම මහගෙදර ගියා ටිකක් අතුගාලා එහෙම එන්නම් කියලා..හවස කෝල් කරලා කිව්වා අද ඉදලා හෙටම එන්නම් කියලා.මම එනගමන් එහෙ ගිහින් ආවෙ..”

“හ්ම්ම්..එහෙමද..නැන්දව දැක්කෙත් නැ..”

“ඕනනම්..ගිහින් වරෙන් ඒ පැත්තෙ..තාම ඇහැරගෙන ඇත්තෙ..”

අයියා එහෙම කියලා අක්කා දිහා බැලුවා.

“ඔව් මල්ලි..අම්මලට උදේ යන්න බැරියෑ එහෙ ගිහින් එන්න..”

අක්කත් කිව්වා..

මමත් කම්මැලිකම යන්නත් එක්ක කාර් එක අරන් ඒ පැත්තෙ ගියා..

ලස්සන මතකයන් ගොන්නක් පිරුනු සුන්දර නිවහනක්.
අමතක වෙන්නෙ නෑ කවමදාවත්.

මම මිදුලෙ කාර් එක නවත්තද්දි නැන්දා ගෙයින් එලියට ආවා.

“නැන්දා..”

මම එහෙම කියාගෙන නැන්දා ලගට ගියා..

“මගෙ දෙවියනේ.. චූටි පුතා..”

නැන්දා මාව බදාගත්තා..ඒ ඇස් වල කදුලු..

“කොහොමද නැන්දා..?”

“අනේ..ඔහේ ඉන්නවා පුතේ..කවද්ද මගෙ පුතා ආවෙ ලංකාවට..”

‘ම්ම්…අද උදේ නැන්දේ..”

“එහෙමද..අහ්..එන්නකො ඇතුලට..තාම එලියෙ..”

නැන්දා එක්ක මම ඇතුලට ගියා.

“වාඩිවෙන්න දරුවො..”

මම වාඩිවුනෙ සාලය හතරවටේ බලාගෙනම.ඉස්සර වගේමයි..වෙනසක් නෑ..

‘උදෙන්ම ආවා පුතේ මේ ගේ අතුපතුගාලා දාන්න.හිතුනු නිසා අද නැවතුනා ඔන්න ඔහේ…”

“අයියා කිව්ව නැන්දෙ..අම්මලා අද අක්කව බලන්න ආවානෙ..ඒගමන්ම මෙහෙටත් ගොඩවෙලා යන්න ආවා මම..”

“අනේ..ආව එක කොයිතරම් හොදද..හ්ම්ම්..ඉන්නකො .. මම තේ ඩිංගක් හදන් එනකම්..”

“අනේ..එපා නැන්දේ.. ඕන නැ..”
.
“ඉන්නකො ඉන්නකො..”

නැන්දා ඇතුලට ගියා..

මම නැගිටලා මිදුලට ගියෙ ලස්සනට හද එලිය පායලා තිබුනු නිසා..

හ්ම්ම්.. ජීවිතය වෙනස් වෙලා.. සම්පූර්ණයෙන්ම ..

මල්කි..
එයා මේනක අයියව මැරි කරලා යන්න ඇති නුවර ..
දැන් බබාලත් ඇති..
මට මතක්වුනා ඉස්සර මම එයා දිහා බලන් හිටි හැටි..ඒ සුවද විදගත්තු හැටි..
පපුව පැලෙන්න ආදරේ කරපු හැටි..
විනාඩිගානකින් මගෙ හිත දිව්වෙ අවුරුදු ගානක ඈත අතීතයට.

“ම්..මේ..තේ…”.

පිටිපස්සෙන් ඇහුනු හඩට මම ගැස්සිලා ගියා..
නෑ..මට පිස්සු..එහෙම වෙන්න බෑ.
එයා ගැන හිත හිත ඉන්න නිසා..ඒ හඩ මට ඇහෙනවා ඇති..මට හිතුනෙ එහෙමයි …

“තේ..බොන්න..”

ආයෙත් ඇහුනා..
මම හැරුනා..මට ඇහුනු දේ හැබෑවක්ද කියලා ඇස් දෙකින්ම දැනගන්න.

ඔව්..ඉන්නවා..මගේ ඇස් ඉදිරිපිටම..
ඉස්සර වගේම බිම බලාගෙන.
ඒත්..සතුටුවෙන්න බැ මට ..එයා මගෙ නෙමෙයි දැන්.

“තෑන්ක්ස්..’

මම තේ එක ගත්තා..උගුරු දෙක තුනක් බිව්වා..ඉතුරුකලා..ඉස්සර වගේම. නොබොන බව දැන දැනත් ට්‍රේකෙන්ම තිබ්බා..
එයා බිම බලාගෙන ඉන්නවා..
තාම මගෙ දිහා බැලුවෙ නැහැ එකපාරක්වත්.

“කොහොමද..?”

“ම්..හොදයි..”

එයා කිව්වා..හීනි හඩින්..

“කෝ හස්බන්.?.. බබාලා නිදිද..?”

මම අහද්දි..එයාගෙ උරහිස් ගැස්සුනා..එයා අඩනවා..

‘ඇයි අඩන්නෙ..?”

මම අහද්දි..එයා මම ඉතුරුකල තේ ටික බිව්වා..ඒ ඇස් ඉස්සුවා..මගෙ දිහා බැලුවා..
කදුලු පේලි මූණ පුරාම..

“ඇයි මේ තරම් කල් ගත්තෙ..ලංකාවට එන්න..?”

එයා ඇහුවා..
හ්ම්ම්..එයා ටිකක් කෙට්ටු වෙලා ඇදිලා ගිහින්..ඒත්.. ඉසාර වගේම..මටනම් ලස්සනයි.

“ඩිග්‍රි එක ඉවර කරලා අවුරුද්දක් විතර ජොබ් එකකුත් කරලා ආවෙ මම.
ලංකාවට එන්න තරම් හිතක් ,උවමනාවක් තිබුනෙ නෑ.. මොකද.. මෙහෙ කිසිම බලාපොරොත්තුවක් නෑනෙ ..”

මම කිව්වා.
එයා බිම බලන් හිටියා..
ඊට වඩා දෙයක්..මම එයත් එක්ක කතාකරන්න ගියෙ නෑ..
පහුවදා අපි ගෙදර ආවා..

සාමාන්‍ය විදියට සතියක් විතර ගෙවුනා..

🌼💜️🌼💜️🌼💜️🌼💜️🌼🌼💜️🌼💜️

හොද නින්දක හිටි මට කෝල් එකක් ආව නිසා උඩ ගිහින් ඇහැරුනා.

“හෙලෝ මල්ලි පැටියා..”

“ම්ම්.කියන්න අක්කා..”

“වස්තුවෙ.. දෙයක් කියන්න කතාකලෙ.”

“මොකක්ද අක්කා..”

“ඔයා රට යන්න කලින් කෙනෙක්ට ආදරෙ කලා නේද.”

“හ්ම්ම්..ඔව්..”

“ඒ කවුද කියලා දැන්වත් කියන්න පුලුවන්ද..?”

“ම්ම්..ඇයි ඒ..?”

“කියන්නකො අයියෝ..”

“ඇයි එකපාරටම..”

“කියනවකො වදේ…”

“හ්ම්ම්..ඔයා තරහා වෙන්නෙ නෑනෙ..”

“නෑ බං..”

“මල්කිට..”

“මල්කි කිව්වෙ.?”

“ඔයාගෙ නෑනට..සසංක අයියගෙ නංගිට..”

“ම්..මොකක්..?”

“හ්ම්ම්..”

“එතකොට එයා..එයත් ඔයාට ලව් කලාද ..නෑනෙ..?”

“නෑ.. මම විතරයි.ඒත්.. එයාගෙ හිතේ තිබුනා .මට ඒක දැනුනා..”

“දැන් එදා මෙහෙ ආපු වෙලාවෙ ඔයා මොනවද මල්කිගෙන් ඇහුවෙ..?”

“ම්ම්..විශේශ දෙයක්.නෑ.. හස්බන් කෝ ඇහුවා..බබාලා නිදිද ඇහුවා..ඒත් එයා ඒවට උත්තර දුන්නෙ නෑ.මොකෝ අක්කා මේ උදේ පාන්දරම.මේවා අහන්නෙ..”

මම ඈනුමකුත් ඇරලා ඇහුවා..

“හස්බන්..බබා..?🤣🤣

“මොකෝ..?”

“බබෙක් ඉන්න හස්බන් කෙනෙක් ඉන්න එපැයි..හස්බන් කෙනෙක් ඉන්න බදින්න එපැයි..”

“ඒකිව්වෙ..?”

“ඒකිව්වෙද ඒකිව්වෙ..අන්න ඒකි වැලහින්න වගේ අඩ අඩ අදුරුදු ගානක් තිස්සෙ මොකෙක්දෝ එකෙක් එනකම් මග බලන් ඉන්නවා කසාදෙත් නවත්තලා..”

“ම්ම්….මො…කක්…?”

“හ්ම්ම්..යනවා..අද ඒකිගෙ උපන්දිනේ. ගිහින් ඔය හිතේ තියෙන දේවල් ඔක්කොම කියලා රන්මල්මාලා දාලා කැන්දන් යනවා..”

අක්කා කියන මේ දේවල් අදහාගන්න බැරුව මම හිටියා විනාඩි ගානක්.

“ප්‍රොමිස් කියපන් අක්කෙ..”

“ඔයා පල්ලා.යනවා දැන්ම..අන්න මහ ගෙදර ගියා තනිවෙන්න හිතාගෙන.අම්මත් මෙහෙ..මම අම්මව මෙහෙ තියාගන්නම්.තමුසෙ කරන මගුලක් කරගන්නවා ඉක්මනට ගිහින්..”

අක්කා කිව්වා..
මම ඇදෙන් පැන්නා බිමට

“අයි ලව් යූ අක්කා..උම්ම්ම්ම්ම්ම්මා..”

“ඔයටිකම ඔය විදියටම අරකිටත් කියනවා ගිහින්.ඒකිත් අක්කනෙ කොහොමත්..🤣🤣🤣මම තියනවා..ඕල් ද බෙස්ට්..
අහ්..මේ.. දැන්ම මට නැන්දලා වෙන්න බෑ බං හොදද.. කන්ට්‍රෝල් කරගනින්..🤣🤣🤣🤣🤣🤣

අක්කා හිනාවෙවී කියලා ෆෝන් එක කට් කල..
මට මතකනෑ එතන ඉදලා වුනු දේවල්.

මම නාවලට කා එකෙන් ඇවිත් නෙමි ඉගිලිලා
අම්මලට කියලත් නෙමෙයි ආවෙ..

*ශිට්..මූන හේදුවද කියලත් මතක නෑනෙ..**

එහෙම හිත හිත කාර් එකෙන් බැහැලා මම ගේ ඇතුලට දිව්වා..

එයා සාලෙ නෑ.. මම කාමරේට එබුනා..හ්ම්ම්.ඔය ඉන්නෙ..ඇදේ වාඩිවෙලා ඈත බලාගෙන.

“තමුසෙ මොකෝ මෙහෙ බින්න බැහැලා මිනිහා එලෙව්වද..?”.

මම එහෙම කියාගෙන කාමරේ ඇතුලට යද්දි එයාගැස්සිලා මගෙ දිහා බැලුවා.
ඇස් රතුවෙලා අඩලා හොදටම..

“ඔ..ඔයා..”

එයා ඉක්මනින් කදුලු පිහිදගත්තා..

“මම තමයි..මොකෝ මේ..තනියම..?”

“ම්ම්..නිකම්..”

“කෝ..හබියා.?”

“ම්..මේ… මේ..”

“ඔව් ඔව් මේ..මේ…මේ…නක තමයි..”

“එ..එයා..නෑ..”

“නෑ කියලා පේනවා බං මට..ඒකනෙ කෝ ඇහුවෙ..”

“දන්නෑ..”

“මොකෝ අඩන්නෙ.?”

මම අහද්දි එයාගෙ ඇඩිල්ල වැඩිවුනා.
මම එයා ලගින් වාඩිවෙලා ඒ මූණ අත් දෙකින්ම අල්ලගත්තා.

“ඉඹින්නද..?’

මම අහද්දි එයා එපා කියලා ඔලුව වැනුවා.

‘ඇයි..?”

“එපා..”

‘හහ්..ඕන නැ.”

මමත් ඒ මූන අතෑරලා අහක බලාගත්තා..

එයා ආයෙත් අඩනවා.

“ඒපාර මොකෝ..?”

“මුකුත්නෑ.”

එයා එහෙම කියද්දි..මම එයාගෙ කම්මුලක් ඉම්බා

“ඇයි..එපා කියන්නෙ නැද්ද..අර ඉස්සර වගේ..?”

එයා බිම බලන්.
මම නිකටට අත තියලා ඒ මූන ඉස්සුවා.

“ලස්සනයි එදා වගේම.ඒත් කෙට්ටු වෙලා ටිකක්..

ම්ම්..මේ..දන්නවද…මට එහෙදි හම්බුනානේ පට්ට කෑල්ලක් හරිද..
නම සොෆියා..
මාර ලස්සනයි.කිරි සුදුයි.
අපි දෙන්නා අවුරුදු 3ක් විතර එකට හිටියෙ..එයා මට මාරම ආදරෙයි අප්පා..මමත් එහෙමම තමයි ..ඒ මගෙ පණ…”

එයා මහ හයියෙන් අඩාගත්තා .
හිතේ තිබ්බ ආදරේ නොකිව්ව එකට මේක තමයි දඩුවම..
මේ දෙව්නක ලේසියෙන් කෙනෙක්ව අතාරින්නෙ නෑනෙ..

“දන්නවද..එයා ආසයි මම කොයිවෙලෙත් එයාව කිස් කරනවට..හයියෝ..රෑට නිදාගන්න ගියාම කිස් පෝලිමක් දෙන්න ඕන ඉතින්.”

මම කියද්දි..එයා ඇස් එසෙව්වා.

“එයා ..ඔයා..එක්කද..නිදාගත්තෙත්..?”😭

“ඔව්..මගෙ ලග මගෙ ඇදේ මගෙ තුරුලෙම..”

මම කියද්දී..එයා අත් දෙකින්ම මූණ වහන් ඇඩුවා.

“ඔයා දැන් යන්න දෙව්නක..”.

එයා නැගිට්ටෙ එහෙම කියාගෙන..ඔව් එයා හොදටෝම අඩනවා..

“ඉන්නකො.. මම මගෙ සොෆියාගෙ ෆොටෝ එකක් ඔයාට පෙන්නන්න..”

මම ෆෝන් එක ගත්තෙ එහෙම කියාගෙන.

‘ඕන නෑ මට…”

“ඉන්නකො අනේ.. බලන්නකො..මෙ..”

මම මගෙ ගැලරි එකේ තිබ්බ සොෆියගෙ ෆොටෝ එක එයාට පෙන්නුවා.. ඇත්තටම ..ඔසී වල මට සොෆියා කෙනෙක් හිටියා මම ගොඩක් ආදරේ කරපු.

ඒක දැකපු එයා මගෙ දිහා බැලුවෙ ඇස් ලොකු කරන්.

“ඔයා..නම්…..”

මගෙ පපුවට අත මිටමොලවලා ගහලා එයා තුරුලුවුනා.

‘මෝඩි..මොකක්ද හිතුවෙ..ආ.. කෙල්ලෙක් කියලද..
අහ්..කෙල්ලෙක් තමයි.හැබැයි බලු කෙල්ලෙක්..සොෆී..මගෙ බලුකික්කි..”

ඔව්..සොෆියා..මගෙ දුකට සැපට හිටිය බලුපැටියා..

මම එයාව තුරුලුකරගත්තා තදින්.

“අවුරුදු 6ක් හිටියා බං.. දැන්වත් කියනවකො ඔය කටින්. ආදරෙයි කියලා..”

“ආදරෙයි.😭😭පණටත් වඩා ආදරෙයි…”

හ්ම්ම්.. හිත සැනසුනා..අවුරුදු 6ක් පෙරුම් පුරන් අහන්න බලන් හිටි වදන් ඇහෙද්දි …

“මාව දුකින් තිබ්බට..දුන්නු දඩුවම තමයි මේ සොෆියා..හරිද..”

මම කිව්වෙ ටිකක් තරහින් වගේ.

“තරහා නෑනෙ..?”

“නෑ..”

‘ආදරෙයි නේද..?”

“හ්ම්ම්..”

‘එහෙම බෑ..කියන්නෝනෙ..”

“ආ..දරෙයි…..”

එයා මගෙ පපුවට තුරුලුවුනා.
මම ඒ මුහුණ උස්සලා ඒ රෝස දෙතොල් හරී සීරුවට සිපගත්තා..
මට ලැබුනා..අන්තිමට..මගේ ආදරේ..

❤️❤️❤️❤️❤️

සසංක අයියා දැනගෙන ඉදලා අපි ගැන..එදා මේනක අයියලා මල්කිව බලන්න ආපු වෙලාවෙ මමයි මල්කියි කතාකරපුවා අයියට ඇහිලා..
ඒත්.එයා ඒ වෙලාවෙ අසරන වෙලයි හිටියෙ මේනක අයියට දීපු වචනය නිසා..
ඒනිසාමයි.. මම වෙනුවෙන් එයාට දෙයක් කරගන්න බැරිවුනෙ.එදා ඒනිසයි..එයා මගෙන් සමාව ඉල්ලුවෙත්.

හැමදේම ලස්සනට අවසන් වුනා..

මල්කි මගේම වුනා ඊටත් මාස 7කට පස්සෙ..

“මේ..මට හරි විසේ හරිද.. ඔන්න අඩන්න ලේස්තිවෙන්නෙපා..”

මධුසමය දා රෑ මම මල්කිගෙ ගතට බරවෙලා කිව්වා..

“හ්ම්ම්..දන්නවා.. ඔයානෙ මගෙ #විසේකාරයා …❤️❤️“.

එයා කිව්වෙ දෑස් වලිනුත් එයාගෙ ආත්මය මගේ කරගන්න ආරාධනා කරමින්ම.

නිමි ..💜️💜️💜️💜️💜️💜️

🌼🌹🌼🌹🌼🌹🌼🌹එශ්🌹🌼🌹🌼🌹

ඔන්න රේඩියෝ කතාංගයක තිබුනු චූටි වදන් දෙකතුනකුත් මගේ කතාවෙ අවසානයය එකතුකරගත්තා .. ටික්ටොක් එකෙන් තමයි ඉස්සුවෙ..🙈🙈🙈
කොපිකලා කියන්නෙපා…ඒ හඩවල් ලස්සන නිසා..කතාව අවසානෙදි ඔයාලට ගේන්නම හිතුනා..
මොකද..ඒ වදන්..මගෙ හිතටම කා වැදුනු නිසා

සූටි වීඩියෝ එකත් බලන්න..💜️❤️🖤

ආදරෙයි කතාව කියවපු හැමෝටම..මට බැන්න අයට වැඩියෙන් ආදරෙයි..😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *