සමනල වසන්තය 39 කොටස ( අවසානය )

~~සමනල වසන්තය ~~
39 කොටස ( අවසානය )
මට හිතුනේ ඒ මගේ ජිවිතේ අවසානේ කියලා …. අම්මා අප්පච්චි සදූ වගේම දිනිතගේ අපැහැදිලි රූප මගේ ඇස් ඉස්සරහා මැවෙද්දී ඔළුව තද දෙයක වැදුනා …..
කකුලෙන් දැනුනු තද වේදනාව නිසා මම ඇස් ඇස් අරින්න ට්‍රයි කරා …. මම මේ ඉන්නේ කොහෙද …. මම අහලා තියෙන්නේ මැරුණාට පස්සේ හැම වේදනාවක්ම අහවර වෙනවා කියලා .. ඒත් මගේ මුළු ඇගම පුදුම විදිහට රිදෙනවා …. ඒ කියන්නේ මම තාම මැරිලා නැද්ද ….
‘ඇස් අරින්න දරුවෝ … ‘’ මගේ කණ ලගින්ම ඇහුනේ කරුණාවන්ත ගැහැණු කටහඩක් …මම අමාරුවෙන් ඇස් දෙක අරින්න ට්‍රයි කළා .. යාන්තමට බොදවෙලා වගේ පෙනුන රූපෙ ටික වෙලාවකින් පැහැදිලි වෙන්න පටන්ගත්තා … මගේ දිහාවට මුහුණ ලංකරගෙන හිටියේ කොළ පාට ඇදුමක් ඇදගත්ත ගැහැණු කෙනෙක් …
‘දැන් ඔයාට කොහොමද …’ එයා හරිම කරුණාවෙන් මගෙන් එහෙම ඇහුවා
‘මම මේ කොහෙද ඉන්නේ …. මට මොනවාද උනේ …’
‘ඔයා මේ ඉන්නේ නවලෝක හොස්පිටල් එකේ ….. බයවෙන්න එපා ඔයාට මොකුත්ම වෙලා නැහැ …’ මට ලංවෙලා හිටිය ගැහැණු කෙනා ඩොක්ටර් කෙනෙක් කියලා මට ඒ වේලාවේ තමා තේරුනේ …
‘ඒ කියන්නේ මම මැරුණේ නැද්ද …’ මම එහෙම අහන ගමන් ඇදේ හාන්සි වෙන්න ට්‍රයි කලත් කකුලෙන් එන ඇදුම් දීම නිසා ආපහු හිටිය විදිහටම දිගාවුනා ….
‘හා ..හා … පොඩ්ඩක් ඉවසලා ඉන්න ..එකපාරටම නැගිටින්න බැහැනේ … ‘’
‘ඩොක්ටර් මගේ කකුලට මොකද වෙලා තියෙන්නේ …’
‘ඇක්සිඩන්ට් එකෙන් ඔයාගේ කකුල damege වෙලා තියෙන්නේ …ටික දවසක් යයි කකුල යථා තත්වයට පත්වෙන්න …’
ඩොක්ටර් එහෙම කියද්දී මට දැනුනේ දුකක් …..දැන් ඉතින් මට කොච්චර කාලයක් මේ විදිහට එකතැනකට වෙලා ඉන්න වෙයිද දන්නේ නැහැ …
‘ඩොක්ටර් මට අම්මාව බලන්න ඕන …’
‘තව ටිකකින් ඔයාව රූම් එකට දානවා … ඊට පස්සේ අම්මලා හම්බවෙන්න පුළුවන් ..’
‘නර්ස් මේ පේෂන්ට්ට වේදනා නාශක පෙත්තක් දෙන්න …..’ ලග හිටිය නර්ස්ට එහෙම කියපු ඩොක්ටර් අයි සි යු එකෙන් එළියට යද්දී නර්ස් දුන්න බෙහෙත් පෙත්ත බිලා මම ඇස් දෙක පියාගත්තා ..
*******
මම ආපහු ඇහැරුනේ මගේ ඔළුව පිරිමදිනවා දැනිලා …. ඒ සුවය මට හොදට හුරුයි …
‘අම්මා ..’ මම යාන්තම් තොල් දෙක හෙලෙව්වා ..
‘මගේ මැණික … අම්මා ඔයා ලග ඉන්නවා … ඇස් ඇරලා අම්මා දිහා බලන්න …’ මම යාන්තමට ඇස් ඇරලා බලද්දී අම්මා මගේ ලගින්ම වාඩිවෙලා හරි ආදරෙන් මගේ දිහා බලාගෙන ඉන්නවා … එයාගේ කම්මුලේ තිබ්බ කදුළු බිංදුවක් මගේ කම්මුල උඩට වැටෙද්දී මගේ ඇහැටත් කදුළක් ආවා ….
‘තෙරුවන් සරණින් මගේ කෙල්ලට මොනවත් වෙලා නැහැ …’ අම්මාට පිටිපස්සෙන් හිටගෙන මගේ දිහා වේදනාවෙන් බලාගෙන හිටිය අප්පච්චීව මම දැක්කේ ටික වේලාවකට පස්සේ … කවදාවත් අප්පච්චිගේ ඇහැක කදුළක් දැකලා නැති මට පුදුමයි අද ඒ ඇස් වල පිරිලා තිබ්බ කදුළු ගොඩ දැක්කාම .. ඒ තරම් එඩිතර හමුදා නිලධාරියෙක් උන අප්පච්චිගේ ඇහැට අද කදුළක් ආවේ දරු දුක වෙනුවෙන් කියන එක ඒ මොහොතේ මට දැනුනා …
‘අප්පච්චි බය වෙන්න එපා අප්පච්චිගේ දූ ස්ට්‍රෝන් ගර්ල් කෙනෙක් ..ආයේ නම් මාව ගලක ගහලවත් මරන්න බැරි වෙයි ..’ වේදනාව අමතක කරලා මම හිනාවෙන්න ගත්තේ එයාලාගේ හිත්වල දුක මකන්න …
‘ මගේ කෙල්ල අප්පච්චි වගේමයි …. ’ අම්මා මගේ ඔළුව එයාගේ පපුවට තුරුළු කරගත්තා
‘ කෝ අම්මා සදූ …’ කාමරේ ඇතුලේ සදූ පෙන්න හිටියේ නැති නිසා මම සදූව හෙව්වා ..
‘අන්න එළියේ ඉදලා අඩනවා … ‘’
‘කෝ ඔය මෝඩිට එන්න කියන්න මෙහෙට …’ මම එහෙම කිව්වාම අප්පච්චි එළියට ගිහින් සදූව ඇදගෙන වගේ ඇතුළට එක්ක ආවා … සදූ හිටියේ සුදු ගවුම පිටින් …. අඩලා හිටිය නිසා එයාගේ සුදු මුහුණ රතුවෙලා තිබ්බේ ….
‘මෙහෙ එනවා මගේ ලගට මෝඩි …’ එයා ඈතින් නතර උනාම මම ලගට කතාකලා
‘ඊයේ ඔයා ඇක්සිඩන්ට් උන වේලාවේ ඉදලා මෙතැනින් හේල්ලුනේවත් නැහැ මේ කෙල්ල … කන්න බොන්නවත් සිහියක් තිබ්බේ නැහැ …. කොච්චර කිව්වත් ඔයාට සිහිය එනකන් වතුර උගුරක්වත් බොන්න බෑ කිව්වා …’ අම්මා සදූ දිහා බලලා අඩන්න ගත්තා …
‘ඇයි මෝඩි ඔයා එහෙම කලේ …මට මොනවා හරි උනොත් ඔයා නේද අම්මයි අප්පච්චියි බලාගන්න ඕන …ඔයා ඔහොම දුර්වල වෙලා කොහොමද …’ මම එහෙම අහද්දී කිසිම දෙයක් නොකියා මගේ ලගට ආපු සදූ අඩන්න ගත්තා ….විනාඩි ගානක් යනකන් එයාට අඩන එක නතර කරගන්න පුළුවන් උනේ නැහැ …
‘මේ හැමදෙයක්ම මම නිසානේ උනේ … ඒ මිනිහා ඔයාව හප්පලා තියෙන්නේ මම කියලා හිතලා …. ‘’ කතා කරන්න පුළුවන් උන හැටියේ සදූ අමාරුවෙන් ඒ ටික කියාගත්තා
‘එහෙම කරන්න තරම් මොකක්ද උනේ ..’
‘ කැන්සර් එක නිසා අනුපගේ අම්මා නැතිවෙලා ….ඊට පස්සේ අනුප තාත්තාට දොස් කියලා ගෙදර අත ඇරලා ගිහින් ..ඒ තරහට තමා අනුපගේ තාත්තා මගෙන් පලිගන්න ඇවිත් තියෙන්නේ .’
සදූ එහෙම කියලා කතාව නැවැත්තුවාම අප්පච්චි අපි දෙන්නාවම තුරුළු කරගත්තා …
‘ ඔයාව හප්පලා යද්දී මිනිහාගේ ජීප් එක ඉස්සරහා තිබ්බ ලයිට් කණුවේ වැදිලා …. වාහනෙත් එක්කම මිනිහා එතනම ඉවරයි …. මිනිහා කරපු වැරදි වලට ස්වභාව ධර්මයෙන්ම දඩුවම් කරලා …ආයේ කිසිම කරදරයක් ඔයාට වෙන්නේ නැහැ ..’
‘දැන් උන දේ උනා … මම තාම ජීවත්වෙනවා නේ ’
‘මාව හැප්පුනා නම් දුක නැහැ ….ඒත් මගේ වැරැද්දට ඔයා විදවනවා බලාගෙන ඉන්න බෑ …’ සදූ හුල්ල හුල්ලා අඩනවා …..
‘දැන් ඉතින් ඇඩුවා ඇති …… හැමෝම කදුළු පිහදාලා හිනාවෙන්න ….’ අප්පච්චි එහෙම කිව්වේ සදූ අඩන එක නැවැත්තුවේ නැති නිසා ……
‘හිරූ …..’ අපි කතාකර කර ඉද්දි රූම් එකේ දොර ලගින් ඇහුනේ දිනිතගේ කටහඩ …. අප්පච්චි ඉන්නවා කියලා හිතන්නේ නැතිව දිනිත මගේ ලගට ආවා …
‘දිනිත අයියා …’
‘හිරූ ඔයාට කරදරයක් නැහැ නේද ..’ එයා කිසිම දෙයක් හිතන්නේ නැතිව හැමෝම ඉස්සරහා මගේ අත්දෙක අල්ලාගෙන පපුවට තියාගත්තා … එයාගේ පපුව වේගෙන් ගැහෙනවා මගේ අතට දැනුනා ..
‘මට කිසි කරදරයක් නැහැ .. බලන්න මම හොදට ඉන්නවා .. බොරුවට බයවෙලා ඔයා .’
මම හිත හදන්න හැදුවත් දිනිත විශ්වාස කරනවා කියලා පෙනුනේ නැහැ …
‘ඔයාට මොනවා හරි උනා නම් මම කොහොමද ජීවත්වෙන්නේ …’ දිනිතගේ කටහඩ වෙව්ලනවා …. දුක නිසා එයාගේ මුහුණ ඇදිලා ගිහින් තිබුනේ …
‘ මේ පුතා තමා දූවව හොස්පිටල් එකට ගෙනල්ලා තිබ්බේ …… ඊයේ මුළු රෑම මේ ළමයා හොස්පිටල් එකට වෙලා හුල්ල හුල්ලා හිටියා …’
අප්පච්චි උගුර පාදලා එහෙම කිව්වේ දිනිත ගැන ලොකු පැහැදිමකින් …
‘මේ පුතා හිරූට ගොඩක් උදව් කරලා තියෙනවා …’ අම්මා එහෙම කියද්දී අප්පච්චිගේ හිතේ දිනිත ගැන විශ්වාසෙ වැඩිවෙන්න ඇති
‘සාරා අපි යමු මේ ළමයිට ටිකක් කතාකරන්න දීලා …’ දිනිත මගේ කවුද කියන එක අප්පච්චි තේරුම් ගන්න ඇති … කට්ටියම එලියට යද්දී මම ලැජ්ජාවෙන් බිම බලාගත්තා …
‘එයාලා මොනවා හිතුවාද දන්නේ නැහැ …’
‘හිතන්න ඇති මේ අපේ අනාගත බෑණා කියලා …’
‘අනේ මම තාම පුංචි නේ ..’
‘හිතාගෙන ඇති පුංචි කියලා කියලා තව අවුරුදු දෙක තුනකින් කසාද බදින වයස ..’
‘මම කසාද බදින්නේ නැහැ ..’
‘එහෙම උනොත් මම බලෙන් උස්සාගෙන යනවා …’
‘ මම කාලා කාලා මහත් වෙනවා ..එතකොට ඔයාට මාව උස්සගෙන යන්න බැහැ නේ …’ මම එහෙම කියලා හයියෙන් හිනාවුනාම ..එයත් මගේ හිනාවට එකතු උනා … හිනාවෙලා හිනාවෙලා අන්තිමේට දන්නෙම නැතිව අපේ ඇස් වල කදුළු …
‘ඇයි මේ අඩන්නේ …’

‘ඊයේ මම බස් එකේ ශටර් එකෙන් මුහුණ එලියට දාගෙන ඔයා දිහා බලාගෙන හිටියේ ඔයා පාර මාරු වෙන දිහා එකපාරම ආපු කැබ් එකකට ඔයාව හැප්පෙනවා විතරයි මට මතක ..ඔයා උඩින් විසිවෙලා ගියා .. කොහොමද කියලා දන්නේ නැහැ මම බස් එකෙන් පැන්නා විතරයි මතක ..’ දිනිත කතාව නැවැත්තුවේ ඒ මතකේ ඇස්වල ඇදගන්න ගමන්මයි …
‘ ඇත්තමයි එදා ඔයා අර ලේ ගොඩ උඩ වැටිලා ඉන්නවා දැක්කාම මට මොනවා උනාද කියලා මතක නැහැ …. ඔයාව අත්දෙකට අරන් ඉස්සරහට ආව වෑන් එකකට නැග්ගා … ඊට පස්සේ පැය ගානක් යනකන් මම අසිහියෙන් වගේ හිටියේ …. ‘’
දිනිත කොල්ලෙක් උනත් එයා ලොකු වේදනාවක් ඒ වෙලාවේ විදින්න ඇති …
‘ඔයා බයවුණාද මම මැරුණා කියලා ..’ ය
‘කට .. කට … ඔයා මැරුණා නම් අද මාත් මෙතන නැහැ කියලා විතරයි මම දන්නේ ..’ දිනිත එහෙම කියුවේ ටිකක් සැරෙන් …
‘මට සමාවෙන්න ……මම ඔයාව දාලා කොහෙවත් යන්නේ නැහැ සත්තයි …. ‘ මම දිනිතගේ අතින් අල්ලාගෙන එහෙම කියද්දී එයාගේ දුක් මුහුණට හිනාවක් ආවා …
‘ඌයි …ඌයි ..’ එකපාරම කකුලෙන් ආපු වේදනාවක් නිසා මම කෙදිරි ගාන්න ගත්තා …
‘මොකද උනේ හිරූ …’ දිනිත කලබල වෙලා හොදටම
‘මගේ කකුල රිදෙනවා ….ඩොක්ටර් කිව්වා ටික දවසක් යනකන් ඇවිදින්න යන්න එපා කියලා …’
‘ඩොක්ටර් කියන දේ අහලා දගලන්නේ නැතිව හිටියොත් ඉක්මනට කකුල හොද වෙයි … කෝ බලන්න කකුල රිදෙනවාද …’ මගේ කකුල යාන්තමට අතගාන ගමන් දිනිත එහෙම ඇහුවාම මම කලේ ඇස් පියාගෙන ඔළුව හෙලෙව්ව එක …
****
‘හිරුෂි …’ මම හිතුවේ නැති වෙලාවක අනුප මාව බලන්න හොස්පිටල් එකට ආවා … මගේ ලග තනියට හිටිය සදූ දියෙන් ගොඩදාපු මාලුවෙක් වගේ ගැහි ගැහි මට මුවා වෙද්දී මම යාන්තමට හිනාවුනා …
‘අනුප ඇයි මෙහෙ ආවේ …’ මම ටිකක් සැරට එහෙම ඇහුවේ
‘මට සමාවෙන්න හිරුෂි .. මම නිසානේ මේ හැමදෙයක්ම .. එදා අප්පච්චි මගෙත් එක්ක තරහට තමා ඔයාව හැප්පුවේ ….. තාත්තා හැමදාම හිතුවේ මම සදූ නිසා එයා එක්ක රණ්ඩු වෙනවා කියලා ….’
‘ඔයා ඒකට මොනවා කරන්නද අනුප …තාත්තාගේ වැරදි වලට ඔයා වැරදි නැහැනේ ..’ අනුපගේ දුක් මුහුණ දැක්කාම මගේ පපුව පිච්චුනා
‘මම සදූට ගොඩක් ආදරේ කරනවා ….. ඒක ඇත්තක් …. සදූව දැක දැක මට කොලබ ඉන්න හිත දෙන්නේ නැහැ ..ඒ නිසා මම හෙට ආච්චි අම්මාගේ ගෙදර යනවා .. මම ඔයාගෙන් ඉල්ලන්නේ වෙච්ච දේවල් වලට සමාව විතරයි ..’
අනුප එහෙම කියද්දී සදූ අඩන්න ගත්තා වැලහින්නක් වගේ …
අනුප සදූ දිහා බලන්නෙවත් නැතිව යන්න හැරුනේ හිත රිදෙයි කියලා වෙන්න ඕන …
‘අනුප ….’ අනුප දොර ලගට යද්දී මම කතා කලාම එයා ආපහු හැරුනා ..
‘ඔයාට පුළුවන්ද සදූව දාලා යන්න …. සදූ ඔයා නැතිව හිත හදාගෙන ඉදි කියලා හිතනවාද …. ඔය දෙන්නාට හිත හදාගන්න පුළුවන් කියලා හිතනවා නම් යන්න … ‘’ මම එහෙම කියද්දී අනුප පුදුමෙන් වගේ ඇස් දෙක ලොකු කළා …
‘ මෝඩි ගිහින් අර මෝඩයාව නවත්තා ගන්නවා …’ මම සදූව ඉස්සරහට තල්ලු කරද්දී එයා නතර උනේ අනුපගේ ලග …
‘අනුප මාව දාලා යන්න එපා …. ‘’ සදූ ගොඩක් අමාරුවෙන් එහෙම කියද්දී අනුප කෙල්ලගේ අත්දෙකෙන් අල්ලා ගත්තා …
‘යන්නේ නැහැ සදූ …ඔයා ඉඩදෙනවා නම් ..මේ පිස්සා හැමදාම ඔයා ලග වැටිලා ඉන්නම් …’
දෙන්නට දෙන්නා ලංවෙලා හිටිය විදිහ දැක්කාම මට දැනුනේ ලොකු සතුටක් … අනුපට යන්න දුන්නා නම් සදු හැමදාම විදවනවා ….මගේ අක්කා විදවද්දී මම කොහොමද ඉතින් සතුටින් ඉන්නේ ….
****
මාස තුනකට පසු
****
‘සදූ අද දිනිතගේ රිසාල්ට් එනවා …. මම දන්නවා එයා පාස් වෙනවා කියලා .. මටත් එයාට පෙන්නන්න සප්‍රයිස් එකක් තියෙනවා .’ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ හා හා පුරා කියලා මම බිම අඩිය තිබ්බේ අද …. දිනිතට මම අඩිය තියලා යනවා දැක්කම කොච්චර සතුටක් දැනෙයිද …
‘හරි හරි දැන් කුමාරයා වඩි …ඉවසලා ඉන්නවා ….’
‘සදූ ඔයා අද බෙඩ් එකට වෙලා ඉන්න හොදේ ….. මගේ හොද අක්කානේ ’මම සදූව බෙඩ් එකට තල්ලු කරලා ෂිට් එකකුත් පොරවලා සාලෙට ගිහින් පාර දිහාවට එබුනා ….. ටික වෙලාවකට පස්සේ දිනිතගේ බයික් එක අපේ ගෙදර මිදුලේ නැවැත්තුවා ….
‘හලෝ සදූ ..කෝ හිරූ …’ දිනිත මම සදූ කියලා හිතලා තමා එහෙම ඇහුවේ …
‘ඔන්න අද උදේ ඉදලා ..ඉහෙන් කනෙන් පොරවාගෙන නිදි …. ‘’
‘කම්මැලියා ඉන්නකෝ මම අල්ලාගන්නම් …’
දිනිත කෙලින්ම කාමරේ පැත්තට යද්දී මම එයාගේ පස්සේ කාමරේට ගියා …සදූ මම කියපු විදහට ඉන්නවා ….
‘කම්මැලියා …. ඇහැරෙනවා …. ‘’ ෂිට් එක පිටින්ම දිනිත එයාව අල්ලා ගද්දි සදූ උගුරෙන් බෙරිහන් දීගෙන බෙඩ් එකෙන් බිමට පැන්නා ….
‘ මම හිරූ නෙවෙයි හලෝ ….අර ඉන්නේ ඔයාගේ හිරූ … ‘ සදූ ලැජ්ජාවෙන් කාමරෙන් එළියට දුවද්දී දිනිත ඊටත් වඩා රතුවෙලා ..
‘හිරූ මම ඔයාව අත අරින්නේ නැහැ …’ දිනිත ඉස්සරහට පැනලා මාව අල්ලා ගත්තා …
‘අම්මා එයි මාව අත අරින්න …’
‘බැහැ …ඇයි මාව රැවැට්ටුවේ …. අත අරින්නේ නැහැ අම්මා ආපුදෙන් ….’
‘අනේ ඔයාව පුදුම කරන්න මම එහෙම කලේ .. මේ බලන්න මම ආයේ ම ඇවිදිනවා …. ඔයාට සතුටුයි නේද ..’
‘ඔව් ගොඩක් සතුටුයි …. ඔයාට ආයෙම ඉස්සර වගේ ඇවිදින්න පුළුවන් …මගේ අතේ එල්ලිලා ඇවිදින්නත් පුළුවන් ..’
‘ ඔව් අයියේ …’
‘හිරූ …ඔයාට තවත් සතුටු ආරංචියක් තියෙනවා ….මම එක්සෑම් පාස් වෙලා ..ඒ හතරයි …. මම අම්මාට කිව්ව ගමන් ඔයාට කියන්න දුවගෙන ආවේ … දන්නවාද අම්මා ඇහුවා එක්සෑම් පාස්වුන නිසා මොනවාද ඕනේ කියලා …මම ඔයා ගැන එයාට කිව්වා …. මට ඔයාව ඕන කියලා කිව්වා …ඔන්න එයාට ඉක්මනට එන්න ඕන කිව්වා ලේලිව බලන්න ..’
‘ මට ලැජ්ජයි අනේ ..’ එයා ගෙනාපු ආරංචිය නිසා මගේ මුහුණ ඉබේම රතුවුණා
‘අනේ මගේ කෙල්ල ලැජ්ජාව කියන්නේ මොකක්ද කියලත් දන්නවානේ ..’
‘මම යනවා ..’ මම කාමරෙන් එලියට දුවන්න ලැහැස්ති උනේ එයා විහිලු කරන්න ගත්ත නිසා
‘මෙන්න මෙතන ඉන්නවා ….’ මගේ අතින් අල්ලා ගත්ත දිනිත මාව එයා ලගට ඇදලා ගත්තා ..
‘ ඔයා මට ආදරෙයි නේද හිරූ …’
‘ගොඩක් ආදරේ ….ගොඩක් ගොඩක් ආදරේ …. ‘’
මම හෙමින් එහෙම කියද්දී දිනිත එයාගේ පපුවට මාව තුරුළු කරගත්තා ….
අවසානයි ..

ඔන්න සමනල වසන්තය අදින් ඉවරයි …. කතාව ගැන ඔයාගේ අදහස් කියලා යන්න අමතක කරන්න එපා … හැමදාම කතාව කියවලා අදහස් දක්වපු මගේ ආදර යාළුවො හැමෝටම ගොඩක් ගොඩක් ස්තුතියි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *