~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~12 කොටස

‘ආනේ මේ කෙල්ල උන්නයින් භාගයක් නැහැ නේ දැන් … ’

පැය පහක පමණ ගමනකින් පසු මාමාගේ නිවසට ගොඩවූ අප පිළිගැනීමට පෙරට පැමිණි නැන්දා පැවසුවේ මා තුරුළු කරගනිමිනි … විශේෂ රාජකාරියක් නිසා තාත්තාට මා සමග පැමිණිය නොහැකි බැවින් මා එහි රැගෙන ආවේ මම්මා ය ..

‘කොහොම මහත් වෙන්නද දුවේ …කෑමක් කනවා කියලද ඇගට ලේ ටිකක් උනන්න ..’ ගමන් මහන්සිය නිසා වෙහෙසට පත්ව උන් මම්මා සාලයේ සැටියේ අසුන්ගත්තේ සාරියෙන් පවන් සලාගනිමිනි ..

‘බලන්නකෝ මලක් වගේ ලස්සනට හිටිය කෙල්ල ….. කැත වෙලා ගිහින් ….. කම්මුල් වල ගැහිලා ….ඇස් යට ගිහිල්ලා …’
නැන්දා පැවසුවේ ඈ අසලට මා ලංකරගෙන විමසිල්ලෙන් මගේ සර්වාංගය දෙසම බලමිනි ..
‘දැන් ඉතින් වෙඩින් එකට කලින් පොඩ්ඩක් කාලා බිලා මහත් උනා නම් හොදයි …. කොහොමත් බබී කැමති නේ දුව හදන කෑම කන්න … මට මතකයි පුංචි දවස් වල ඉදලා එයා ඔයාගේ කෑම කන්න පේරෙතයි කියලා ..’

‘අම්මා බය වෙන්න එපා … මම රසට කෑම හදලා දෙන්නම් දුට ..’
මාමා සහ නැන්දා මා පිළිගත්තේ මහත් සෙනෙහසිනි …මට මතක කාලයේ පටන් ඔවුන් මට සෙනෙහෙවන්තය … ඉස්සර දවස් වල මා මෙහි එන්න බොහෝ ප්‍රිය කලේ නැන්දා පිළියෙළ කරන ආහාර වල රසයට පෙරේතියකු වූ බැවිනි … මාමාද මා ආස කරන රස කැවිලි ආදිය මට ගෙනවිත් දුන්නේය .. ඉතින් මා පෙර දින වල මෙන් මෙහිදී හිත හදා ගෙන ඉදි යැයි තාත්තාද අදහන්න ඇත ..

‘බබී ..සතුටින් හිටපන් …. හැමදේම අමතක කරලා … ‘’
පසුදා උදෑසනින් මම්මා යන්නට ගියේ නොගොසින් බැරි නිසාම වෙන්න ඇත .. ඉතින් මා හිත හදාගත්තෙමි කෙලෙසින් හෝ මේ දින කීපය ගෙවා දැමීමට මා සිත එකග කරවාගෙන උන්නෙමි ..

මාමාගේ පවුලේ උවේ නැන්දා මාමා සහ පුංචි මල්ලිලා දෙදෙනාය .. මාමා වැඩට ගිය පසු …..පුංචි උන් පාසල් ගිය පසු …සුපුරුදු පාළුව මා ආක්‍රමණය කරන්න විය … පාළුව දරාගැනිමට නොහැකිව මට වඩ වඩාත් සිහින අයියාවම සිහිවෙන්න විය … ඉතින් සිදුවුවේ අප ඈත් වෙනවා වෙනුවට මා ඔහුට හදවතින් වඩ වඩාත් බැදීමය …
නිවසේ සිටියදී නම් රහසින් හෝ සිහින අයියා ඇමතිය හැකි වුවත් මෙහිදී මට ඒ වාසනාවද අහිමිවුවේ මෙහි කිසිවෙකු අත දුරකතනයක් නොවූ නිසාය … ඉතින් මා දින ගෙව්වේ පසු තැවිල්ලෙනි … දුක වේදනාව හිත දවද්දී මා සැවොටම රහසින් අඩා වැටුනෙමි … කිසිවෙකුම මගේ දුක දකින්න නැත ..

*****
දින ගෙවෙද්දී මට හිතුනේ මගේ මරණ දිනය ලංවෙන බවයි …. මේ ගෙවී යන්නේ මගේ නිදහසේ අවසන් දින කීපය වෙන්න ඇත ….. තවත් මාස කීපයකින් මා කිසිවෙකුගේ මනාලිය වීමට නියමිතය ..ඉතින් මා ඔහුගේ මනාලිය වීමට වඩා මගේ මරණයට මා ප්‍රිය කරමි …
‘බබී අද තාත්තා කතා කළා …’
එදින මාමා ගෙට ගොඩ වුවේ මා අමතමිනි …
‘මොකද අයියා කියන්නේ …. ’ මාමා අත තිබු බෑගය අතට ගනිමින් නැන්දා විමසුවාය

‘වෙඩින් එකට දින දාගෙන තියෙන්නේ අප්‍රේල් මාසේ …. බබී ලැහැස්ති කරන සැලෝන් එකෙන් කියලා දැන් ඉදලා ඒ වැඩ වලට බබී එක්ක එන්න කියලා …ඔන්න මට කිව්වා බබිව ගෙදර ගිහින් ඇරලවන්න කියලා ‘’

‘මෙයා ගියාම අපිට තමා පාළු …’
මා පිටව යන එක ගැන නැන්දා දුක් ගත්තාය …
‘ඔව් ඉතින් ආයේ කවදා එන්න හම්බ වෙයිද දන්නේ නැහැ නේ …මැරී කරාට පස්සේ ඉතින් මහත්තයා එක්ක නේ යන්න ඕන ..’
ඔවුන් නොයෙක් දේවල් කියා විසුළු කරද්දී මා ඔහේ උන්නා මිසක හිතට සැනසුමක් හෝ දැනුනා නොවේ …
හරියටම මාස තුනකට පසු මා යලිත් නිවසට යෑමට සුදානම් උනෙමි . … නැන්දා බොහෝ දුක් ගත්තාය …
‘අපි දුවගේ වෙඩින් එකට එන්නම් ..ලස්සන මනමාලියක් වෙන්න ..’
නැන්දා සමුගැනීමට පෙර බොහෝ සෙනෙහසින් මට ඔවදන් දුන්නාය ..
*********
සියල්ල සුදානම් වෙමින් තිබුනේය ඒ මගේ මගුල කියා ලෝකෙට පෙන්නා මගේ අවසානය ලගා කිරීමටය …. නිවසට පැමිණිය පසුව ගෙවුණු හැම දිනකම මා රූකඩයක් මේන් තාත්තා කියනා ලෙස හැසිරුනෙමි .. ජීවිතය තිත්ත උවත් මා සිනාසෙන බව පෙන්වීමට උත්සහ කලෙමි ..

තරිදු මගේ අනාගත සැමියා නම්න් අපේ නිවසට ආ ගිය අතර …. ඔහුගේ ලෝකය වුවේ මුදල් සහ ව්‍යාපාරය … පුහු මාන්නය නිසා හිස උදුම්මා ගත් මිනිසෙකු වූ ඔහු මගේ සිතේ වූ සුළු සැනසීමද නැති කර දැම්මේය .. ඉතින් මට උවමනා වුවේ ඔහු මග හැරීමටය ….
එදින රූප ලාවන්‍යගාරයට ගොස් නිවසට පැමිණි මා දුටුවේ මිදුලේ සිට පෙර මග බලා ඉන්න තරිදුය .. ඔහු මට සිනාසුනද පෙරලා සිනාසීමට තරම් මගේ හිතට පිරියක් වුවා නොවේ …

‘ බිස්නස් වැඩකට යන ගමන් මේ පැත්තෙ ආවා … ‘ ඔහු කතා කිරීමට ඉස්සර විය ….මා නිහඩව ඇතුල් ගෙට පිවිසියෙමි ….

‘ ඔයා දන්නවාද … අපේ වෙඩින් එක ගන්න හොටෙල් එක මෙහෙ තියෙන හොදම හොටෙල් එක …අපේ වෙඩින් එකට මෙහෙ ඉන්න ලොකුම බිස්නස්මන්ලා වගේම දේශපාලකයොත් එනවා ..බලන්නකෝ එදාට මේ රත්නපුරේ කවදාවත් කවුරුවත් ගත්තේ නැති මගුලක් තමා මම ගන්නේ ..’

‘මට මහන්සි වොෂ් දාගෙන එන්නම් ..’ ඔහු නොනැවතිල්ලේ කියවද්දි මා එලෙස පවසා කාමරය දෙසට පියමනිද්දී ඔහුගේ මුහුණ අදුරු වෙනවා දුටුවෙමි …

ඔහු රිදවුවා යන කුරිරු සතුටින් මා උදම් වූවෙමි …. මට උවමනා ඔහුට මා එපා කිරීමය ….

‘ බබී තරිදු පුතාගෙන් කෝල් එකක් ..’

ඒ රාත්‍රියේ මම්මා කාමරයට එබී දුරකථනය මා දෙසට පෑවේය …

‘හේයි කෙල්ලේ ….’ එහා පසින් ඇහුන තරිදුගේ කටහඩයි …එහි තිබු රිද්මය වෙනස්ව ගොස් තිබුණි …

‘ඔයා මම ඔහේ එනවාට කැමති නැද්ද … ඔයා අකමැති උනාට කමක් නැහැ මම එනවා ඔයා හොයාගෙන ’
ඔහු නන් දොඩන්නේ බීමතින් විය යුතුය .. මා නිහඩව දුරකතනය සවනේ රදවාගෙනම උන්නෙමි ..
ඔහු දොඩවද්දී මට ඔහු පිළිබදව තිබු පිළිකුල තව තවත් වැඩි වෙන්නා මෙනි මට දැනුනේ ..ඔහු බොහෝ දේ කියෙව්වෙය ….. අසාගෙන ඉන්න බැරිම තැන යහනේ පසෙක දුරකථනය තබා මා බලා උන්නෙමි …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *