~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~15 කොටස

මා සිහින පොදි බැදගෙන රැකියාවට යෑමට සුදානම් වුනෙමි …. පුංචිම පුංචි වැටුපක් ලැබුනත් මෙය මගේ කුළුදුල් රැකියාවයි ..ඉතින් මා උන්නේ සතුටෙනි .. ලා රෝස පැහැ දිගු ගවුමක් ඇද පුංචි අත් බෑගය කරේ එල්ලාගෙන සාලයට පැමිණි මා වෙත සුදු පැහැ වතුසුදු මල් දැමු වතුර වීදුරුවක් රැගෙන පැමිණියේ නයනි අක්කාය ..

‘අද ඉදලා කරන මේ රස්සාවෙන් නංගිට ජයෙන් ජයේම ලැබෙන්න ඕන …’
වතුර වීදුරුව මුවට ලංකර මා දෙස බලා උන් නයනි අක්කා දෙස මා බැලුවේ කදුළු දෑසිනි ..

‘ඔයාට පින් අක්කේ මේ කරන දේවල් වලට …’ උගුරේ හිරවූ වචන එලියට පැන්නේ විනාඩ් ගානකට පසුවය .. කාත් කවුරුත් නැති මට ඔවුන්ගේ මේ සෙනෙහස මහාමෙරකි …

‘ඕවා මොනවද නංගි අපිත් මනුස්සයෝ නේ …. අද අයියා එක්ක යන්න …අයියා ඔයාව ෂොප් එක ලගට ඇරලවයි ….’
නයනි අක්කා පැවසුවේ දිවා අහාරය මා අත තබමිනි ….. නයනි අක්කාගේ සැමියා සජිත් අයියා බෙහෙවින් කාරුණිකය ….ඔහුට මට සැලකුවේ ඔහුගේම නැගණියක ලෙසටය ..

‘මම නම් කැමති නැහැ නංගි වගේ කෙනෙක් ඔය වගේ ෂොප් එකක වැඩට යනවට ….. ගොඩක් වෙලාවට ගමේ ඉදලා ආව කෙල්ලෝ තමා ඔවාගේ ගිහිල්ලා අමාරුවේ වැටෙන්නේ ..’
සජිත් අයියා පැමිණියේ රැකියාවට යන්න සුදානමිනි …
‘මම පොරොන්දු වෙනවා ඔයාලාට මම නිසා කිසිම කරදරයක් වෙන්නේ නැහැ කියලා … ‘’
රැකියාවට යෑමට පෙර ඔවුන් හමුවේ මා පොරොන්දු දුන්නෙමි
‘එහෙනම් එච්චරයි …තමන්ගේ නම්බුවත් රැකගෙන ඉන්න … අපි යනවා නයනි …’
සජිත් අයියා නයනි අක්කාගෙන් සමුගෙන ගෙයින් එලියට බසිද්දී මා ඔහු පසු පස වැටුනෙමි .. කිරිබත්ගොඩ නගරය මැද පිහිටා තිබුණු කඩ සාප්පුව වෙත මා ඇරලා සජිත් අයියා යන්න ගිය පසු මට දැනුනේ බියකි .. සාප්පුවේ සේවයට තවත් ගැහැණු ළමයි කීප දෙනෙක් ඌවෙය… මට බිය සිතුනේ සාප්පුවේ වැඩ කටයුතු උගෙන ගැනීමට නොහැකි වේ යැයි කියාය …

‘ඔයා කොළඹද ඉන්නේ …’
දිවා කාලය වෙන විට මා සමග මිතුරු වූ යුවතියක් මගෙන් විස්තර විමසන්න විය …
‘නැහැ මම රත්නපුරේ …’
‘කොහෙද නැවතිලා ඉන්නේ …’
‘යාලුවෙක්ගේ ගෙදර නැවතිලා ඉදලා ජොබ් එකට එන්නේ … ‘
‘මම ඉෂාරා ඔයාගේ නම මොකක්ද .. මම කඩවත ඉන්නේ ..’
‘මම නිකිණි ….’
දිනය අවසන් වන විට ඉෂාරා මා සමග බෙහෙවින් මිතුරු වුවාය ….. ඇය මට රැකියාවේ කටයුතු ගැන පවා උපදෙස් දුන්නාය ….
*****
දින ගගෙවුනේ ඒකාකාරී ලෙසය …. කෑමක් බිමක් වුව ඇගට අල්ලන්න නැත …. කිසිවෙකු කෑමට ආරාධනා නොකළහොත් මා ආහාර වුව ගත්තා නොව .. අන් නිවසක මෙතරම් කාලයක් නැවතී මට නුහුරුය …. කෙසේ වුවත් නයනි අක්කා ඈ මට සැලකුවේ පවුලේම කෙනෙකු ලෙසය …මා නොකා උන්නොත් ඈ සොයා බලා මට කන්න බොන්න පවා දුන්නාය ..
සාප්පුවේදී කාර්යබහුල කම නිසා ප්‍රශ්න සියල්ල අමතක වී ගියද නිවසට පැමිණි පසු මට නිරන්තරේ සිහින අයියාව සිහිවෙන්න විය …. එහෙත් මා කතා කිරීමෙන් ඔහුට ප්‍රශ්නයක් ඇතිවේ යන බිය නිසා මම නිහඩවම කල් ගෙවුවෙමි …..

‘නිකිණි ඔයාට සමාරාගෙන් කෝල් එකක් …’

කල්පනාවක ගිලි උන් මා ඉන් මිදී නයනි අක්කා අත තිබු ජංගම දුරකතනය අතට ගත්තෙමි ..
‘හෙලෝ සමාරා …..’

‘හෙලෝ නිකිණි උබ හොදින් නේද කෙල්ලේ ..’ ඇයගේ කටහඩ බෙහෙවින් දයාබරය …

‘ඔව් සමාරා මම ගොඩක් සතුටින් ඉන්නේ …. ඔයා අපේ ගෙවල් පැත්තේ විස්තර මොකුත් දන්නේ නැද්ද ..’

‘මම හොයලා බැලුවා…. උබලාගේ තාත්තා තරිදු එක්ක එකතුවෙලා මුළු රත්නපුරේ ටවුන් එකේම හොයලා නැති තැනක් නැහැ .. ..පස්සේ සිහිනගේ ගෙදර ගිහින් කොල්ලට හොදටම බැනලා ..ඔයාව හංගගෙන ඉන්නවා කියලා … සිහින දිවුරලා උබ ඌත් එක්ක ආවේ නැහැ කියලා …. තාත්තා විශ්වාශ කරලා නැහැ …. උබව හොයාගන්න බැරි උනාම පොලිසි ගිහින් සිහිනව සැකයි කියලා …… පොලිසියෙන් ගිහින් හොයලා බලලා … උබ නැතිවුණ දවසේ සිහින ගෙදර ඉදලා තියෙන එක හොදට ගිහිල්ලා නැත්තම් කොල්ලා හිරේ නවතින්නේ …. ‘

‘මගේ සිහින අයියා පව් සමාරා …. මම නිසා එයා බොරුවට විදවනවා …’ අදහන්න මට දුක සිතුනේ මා ගැන නොව මා නමින් විදවන ඔහු ගැනය ..

‘කොල්ලගේ ෆෝන් බිල් එහෙම චෙක් කරාම අන්තිම මාස කීපයේම උබත් එක්ක කිසි කතාවක් තිබ්බේ නැහැ කියලා හොයාගෙන …. පස්සේ අන්කල් තේරුම් අරන් උබ කොල්ලා එක්ක පැනලා ගියේ නැහැ කියලා ..දැන් නම් උබ හොයන අදහස අතහැරලා කියලයි ආරංචිය … උබ හම්බ උනත් ගෙදර ගන්නේ නැහැ කියලා දිවුරුවාලු ….. පව් බන් අන්කල් ….. එයා දිගටම ඩ්‍රින්ක් ගන්නවලු ,,,, උබ නිසා නෑයන්ට යාලුවන්ට මුහුණ දෙන්න බැරි වුනා කියලා අඩනවලු …’

මම හිල්ලුවෙමි …ඉස්සර දවස් වල තාත්තා මට ආදරේ කළේය … මතක විදිහට අම්මාට වඩා මට ලංව වුන්නේ තාත්තාය .. එහෙව් තාත්තා වෙනස් වුනේ ඇයි කියා අද පවා මට නොතේරේ …

‘දැන් ඉතින් හිල්ලුවා කියලා ජිවිතේ ආපස්සට ගෙනියන්න බැහැ නේ නිකිණි ….ඉස්සරහ ගැන කල්පනා කරලා වැඩ කරපන් …’

සමාරා මගේ හිත හැදීමට බොහෝ දේ කියා දුරකථනය තැබූ පසු මට මා ගැන ඇති වුවේ කලකිරීමකි … අද වන විට මා සියල්ලට හිමිකර දී ඇත්තේ දුක පමණක්ම නොවේද .. දෑසට නැගුනු කදුලැල් රහසේම පිසාගත් මා නයනි අක්කා අත දුරකථනය තැබුවෙමි …

****
‘සිහින අයියා …’

ඉවසීමේ සීමාව ඉක්මව ගොස් තබූ මොහොතක දුරකථන කුටියකට ගොස් මා සිහින අයියාගේ අංකයට ඇමතුමක් ගත්තෙමි …

‘නිකිණි ඔයා කොහෙද ඉන්නේ … මම කොච්චර බය වෙලාද ඉන්නේ ….’
ඔහු නොනැවතිල්ලේ කියවද්දී මා මාස ගානකින් ඇසෙන ඒ කටහඩ අසා උන්නා පමණි ….
‘නිකිණි කතා කරන්නකෝ ….. මම ඇහුව දේවල් වලට උත්තර දෙන්න ..’
‘අයියා ..’
තවත් වරක් ඔහු විමසු පසුය මා මුව විවර කලේ ..
‘ කියන්න නිකිණි ..’ ‘

‘අර මිනිහාට මාව බන්දලා දෙනවාට වඩා මට මැරෙන එක සැපයි අයියා ..මම ඒකයි ගෙදරින් පැනලා ආවේ ’

‘මගේ චණ්ඩි කෙල්ල …ලග හිටියා නම් උම්මා එකක් දෙනවා …අහින්සක විදිහට හිටියාට මගේ කෙල්ල හරි චන්ඩි නේ .. ’

‘ඉතින් උම්මා එකක් දෙන්නකෝ …’ මා ඔහු අසල හුරතල් වුවේ බොහෝ කලකට පසුවය

‘ උම්මා මගේ හොර කෙල්ල ..’

‘අයියා මට බදින්න ඕන ඔයා විතරයි වෙන කවුරුත් ඕන නැහැ මට …ඔයා මගේ පණ ..’

‘මම දන්නවා රෝසි ඔයා මට කොච්චර ආදරේ කරනවාද කියලා …. ඔයාගේ තාත්තා ඔයාව මම අරන් ආවා කියලා හිතලා හොයාගෙන ආවා .. පස්සේ එයා තේරුම් ගත්තා ඔයා මාත් එක්ක ආවේ නැහැ කියලා …’

‘ අයියා ඔයත් මම නිසා දුක් විදිනවා නේද ..’

පිස්සුද කෙල්ලේ මට මොන දුකක්ද .. මට සතුටක් ඔයාව අරන් එන් තිබ්බා නම් ..ඒත් ටික කාලයක් ඉවසන්න වෙනවා මේ ප්‍රශ්න එක්ක මම ගොඩක් අසරණයි නංගි …’

‘මම ඔයාට වද දෙන්නේ නැහැ අයියා …ඔයාට පුළුවන් දාක මාව ඔයාගේ කරගන්න …එදා වෙනකන් මම බලාගෙන ඉන්නවා .. ’

‘ මම වෙනුවෙන් අපේ ආදරේ වෙනුවෙන් ඔයා කරන දේවල් නිසා මගේ හිතේ ඔයා ගැන ආදරේ දැන් ගොඩක් වැඩි රෝසි ..’

‘මාත් ගොඩක් ආදරෙයි අයියා … මට ඔයාව බලන්න ඕන .. මම නැවතිලා ඉන්න ගෙදර අක්කාට මම ඔයා ගැන කියලා තියෙන්නේ ….එයාලා මොකුත් කියන එකක් නැහැ ඔයා ගෙදරට ඇවිත් මාව හම්බ උනොත් ..’

‘මම දැන් කොළබින් පිට ඉන්නේ මැණික …මම ගෙදර ආව ගමන් මගේ සුදු මැණික බලන්න එනවා ..’එතකන් ගොඩක් පරිස්සමින් ඉන්න බබෝ ‘

‘මම බලන් ඉන්නවා අයියා ..’

සිහින අයියා සමග බොහෝ වෙලා කතා කර මා සිත නිවා ගත්තෙමි ..ඉතින් දැන් මට බලාපොරොත්තුවක් ඇත ..ලගදීම දවසක සිහින අයියා මුණ ගැසී ඔහුගේ තුරුලේ රැදීමට ඔහු හා පෙම් බස් දෙඩීමට මා බලා උන්නෙමි … මෙහිදී අප හමුවීමට එරෙහිව නැගී සිටීමට කිසිවෙකු නොවේ ..

මතු සම්බන්ධයි’ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *