~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~17 කොටස

දින ගානක් මා සමග අමනාපෙන් උන් සිහින අයියා ඒ සති අන්තයේ මා දකින්න එනතුරා මා උන්නේ සාංකාවෙනි ….ඔහුට සිතන්න තිබුණි …මා මේ සියල්ල සිදුකරන්නේ ඔහු වෙනුවෙන් බව ඔහුට සිතන්නට තිබුණි .. ඔහු මා රිද්දුවද මා ඔහුව රිද්දන්න ගියේ නැත …

‘අයියා මේ මුහුණේ හිනාව හොරු අරන් ගිහින්ද ..’ සිනා නොමැති මුවින් ඉවත බලා උන් ඔහු වෙත ගොස් මා ඔහුගේ ඇගේ දැවටෙමින් විසුළු කලෙමි
‘විකාර ..’ ඔහු කතා කලේ අමනාපයෙනි
‘මොකද අද මේ තරහා ගිහින් … සුදු මුහුණ රතු කරන ඉද්දි ගොඩක් ආදරේ හිතෙනවා නේ ..’
‘ම්ම්ම්ම්ම් කෝලම් … පිස්සි … ‘’ ඔහුගේ මුහුණේ ඇදුනු මද සිනාව මා සිතට ගෙනාවේ සතුටකි ..

‘ඇත්තටම ඇයි අයියා දුකින් වගේ ඉන්නේ ..’
මා ව්මසු පැනයට පිළිතුරු නොදී ඔහු සුසුමක් හෙළුවේය …
‘කියන්නකෝ ඉතින් …’
මට දැනගන්න උවමනා වුවේ ඔහු මෙලෙස දුක් ගන්න හේතුවය …

‘මම දෙයක් කියන්න අහනවද ඔයා … ‘’ ඔහු විමසුවේ මදක් වෙලා කල්පනා කරමින් සිටීමෙන් අනතුරුවය …

‘ඔයා කියන ඕන දෙයක් අහනවා නේ අයියා මම .. .. අහන්න ඉතින් …’ මා ඔහුගේ උරහිසට හිස තබාගෙන ඔහුට බොහෝ ලන්වුවෙම් ..
‘ එහෙනම් ඔයා මෙහෙන් යන්න ..’ ඔහුගේ වචන මට දැනුනේ හිසට අකුණක් වැදෙන්නාක් මෙනි …මා සියලු දේ අතහැර ඔහු වෙනුවෙන් මෙහි පැමිණිය බව දැන දැන නැවත යන ලෙස ඔහු පැවසුවේ කෙලෙසද .. මා දෑස් විසල් කර ඔහු දෙස බලා උන්නෙමි ..ඒ මුහුණේ වූ දුක වේදනාව මා හැදුනුවෙමි …

‘අයියා මට බෑ …මම යන්නේ නැහැ කවදාවත් යන්නේ නැහැ …. මට යන්න කියන්න එපා … මම හැම දෙයක්ම අත ඇරලා ආවේ .. මට ඔයා ඕන …ඔයාගේ ආදරේ ඕන … ‘
ඔහුගේ ගෙල වටා දෑත් යුග පටලාගෙන මා මහා හඩින් හඩා වැටුනෙමි …
‘ මාව තේරුම් ගන්න නිකිණි …. මට ඔයා දුක් විදිනවා බලන් ඉන්න බෑ… ඔයා යන්න ප්ලීස් … ‘’
‘ඇයි අයියා මේ … මට දුක් විදින්න පුළුවන් ඔයා වෙනුවෙන් …. මට යන්න කියන්න එපා ..’
මා වඩ වඩා ඔහුට තුරුළු වුවේ ඔහු මා දමා යයි කියා බියෙනි … මා ඔහුගේ උණුසුමෙන් මදක් හෝ ඉවතට යන්න බියවුවෙමි …
‘ඔයාගේ තාත්තා දැනගත්තොත් ඔයා මෙහෙ ඉන්නවා ….මාව හම්බ වෙනවා කියලා ..මොනවා කරයිද දන්නේ නැහැ …මට ඉන්න දෙන එකක් නැහැ නිදහසේ ….. මට මොනවා උනත් කමක් නෑ …. ඒ උනාට මගේ අම්මාට තාත්තාට අක්කාට මොනවා හරි දුකක් උනොත් ඒක මට ඉවසන්න බැරි වෙයි …මට මගේ පවුල වටිනවා …’

ඔහු කියවාගෙන යද්දී මට ඔහු ගැන ඇති වුවේ තරහවකි ..ඔහු නමින් දුක් විදින මේ අසරණිය ගැන ඒ හිතේ කිසිදු දුකක් නැති බවද ඔහු මේ පවසන්නේ … මා පමණක්මද ආදරය නමින් දුක් විදින්නේ ..
‘ඔයා යන්න අයියා ….එහෙනම් යන්න ..ආයෙම එන්න එපා මාව බලන්න …. මම තනියම ජිවත් වෙන්නම් …. ’
මා ඔහු ඉවතට තල්ලු කලේ පිළිකුලෙනි … පුංචි කෙල්ලගේ පපුව තුල ඔහු වෙනුවෙන් ලියවුණු සෙනෙහස තේරුම් ගත්තා නම් ඔහු නොයනු ඇතයි මා ඇදහුවෙමි … එහෙත් මගේ විශ්වාශය බිද වැටුනි … ඔහු කිසිවක්ම නොකියා මට පිටුපා යන්න ගියේය … ඉතින් මේ විශ්වයේ මට උන් එකම හිතවතා මට පිටුපා ගියා යැයි දුකින් පපුව පැලි මා ඇද නොවැටුනා පුදුමය … මට කියන්න ඕන උනි …අනේ අයියා ඔයා මගේ පණ මට ජිවත් වෙන්න බැරි වෙයි ..මට එලෙස කීමට උවමනා උනිද දිව පැටලී වචන පිටවුවා හෝ නොවේ …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *