~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~18 කොටස

ඉතින් මා සිතුවේ ආයේ නම් ඔහු මා දැකීමට නොඑතැයි කියාය … රෑ පුරා අඩමින් සිහින අයියා සිහිකරමින් උන් මා සමග නින්ද පවා අමනාප වී උන් හැඩය … ජීවිතය පුරා ආදරයෙන් රැකගයි සිතු ඔහුත් මා නොසලකද්දී ජීවිතය මහා බරක් ලෙසටය මට හැගුනේ …
‘නිකිණි බලන්නකෝ කවුද ඇවිත් ඉන්නේ කියලා …’
ඒ උදැසන අලසව යහනේ වැතිර උන් මා අවදි වුවේ නයනි අක්කාගේ කටහඩිනි … මේ තරම් උදෑසනින් මා දැකීමට පැමිණෙන්නේ කවුද ….. උන්නේ සිහින අයියා පමණි ..එහෙත් ඔහු මා හා අමනාපවී ගොස්ය …
දුහුල් රෑ ඇදුමට උඩින් ඕවර් කෝට් එක දමාගත් මා කැඩපතට එබී බැලුවෙමි ….ඇඩිම නිසා නෙත් ඉදිමි මුහුණ රතුවී ගොස් අසරණ පෙනුමකි මා වෙතින් දිස් වුවේ … අවුල් වූ කෙස් කලබ අතින් සකසා ගනිමින් මා සාලය දෙසට පියනැගුවෙමි ..

මට පිටුපා අසුන්ගෙන උන්නේ සියදහස් වාරයක් දැක ඇති මා ආදරය කරන ඔහුය ..අදහන්න කදුළු නෙතු වලට ඉනුවේ ඉබේමය … අඩියට දෙකට ඔහු අසලට ගිය මා ඔහුගේ පාමුල වැටුනෙමි ..

‘ඇයි අයියා ඔයා ව දාලා මට යන්න කිව්වේ ….. මට බෑ අයියා ඔයා නැතිව ඉන්න ….මගේ දිහා බලන්න …. මම ඊයේ රෑ නිදාගත්තේ නැහැ අයියා …මට නින්ද යන්නේ නැහැ ඔයා මගෙන් ඈත් වෙයි කියලා හිතුවාම මට හුස්ම හිරවෙනවා වගේ … ’
මා හඩා වැටුනේ කුඩා දැරියක සද ඉල්ලන ලෙසට වෙන්න ඇත … මොහොතකින් මගේ බාහු වලට දැනුනේ ඒ දෑත් වල උණුසුමයි ..

‘මම වැරදි නිකිණි ….ඔයා මන් වෙනුවෙන් මෙච්චර දේවල් කරලත් මම ඔයාව රිද්දුවා නේ … මට සමාවෙන්න මැණික ..’

‘ඇයි අයියා ඔයා එහෙම කිව්වේ …. ඔයාව දාලා යන්න කියලා ..’
මට උවමනා වුවේ ඔහුගේ සිත වෙනස් වීමට හේතුව දැනගැනීමටය ….
‘ඔයා දන්නවනේ මගේ හොදම යාලුවා රසික …මම ඌට කිව්වා ඔයා මෙහෙම ඇවිල්ලා ගෙදරක නැවතිලා ඉන්නවා කියලා ….. ඊට පස්සේ රසික මට හොදටම බැන්නා … ඔයාව ආපහු ගිහින් ඇරලවන්න කිව්වා … මේ ප්‍රශ්නේ හින්දා පොලිසි ගානේ යන්න වෙයි කියලා මාව බය කරා … අපේ ගෙදර අය කරදරේ වැටෙයි කිව්වා …. ඉතින් මම ඒවා අහගෙන ඇවිල්ලා ඔයාට අර විදිහට කිව්වා … මට සමාවෙන්න ..’
සිහින ඔහු බෙහෙවින් පසුතැවිලි වෙමින් උන් බව ඔහුගේ මුහුණේ තිබු ඉරියව් කියා පෑවේය …

‘අයියා ඔයාට යාලුවෙක් කියපු පලියට මාව ඔයාගෙන් ඈත් කරන්න පුලුවන්ද … ‘’

‘බෑ….මට තේරුනා නංගි මම වැරදි කියලා .. මට සමාවෙන්න ..’

ඔහු අසල වැටි උන් මා ඒ දෑත් වලින් අල්ලා නැගිටවා ගත් ඔහු මගේ මුහුණ දිහා බලා උන්නේ පෙර දිනවල මා වෙත පෑ ඒ සෙනෙහස පිරුණු බැල්මෙන්මය ….
‘මට පොරොන්දු වෙන්න අයියා … කවදාවත් මේ ආදරේ මට නැති කරන්නේ නැහැ කියලා ..’
‘සත්තයි ..හැමදාම ඔයා ලග ආදරෙන් ඉන්නවා .. කවදාවත් දාලා යන්නේ නැහැ … ඔයාට යන්න දෙන්නෙත් නැහැ ‘’

ඔහු පොරොන්දු දුන්නේ මගේ දෑස් වලට එබෙමිනි .. අප දෑස් එකිනෙකා හා බොහෝ වෙලා දොඩමළු වී තිබෙන්න ඇත ..කාලය ගෙවුනා දැනුනා නොවේ .. දරාගැනීමට නොහැකිව මා නෙතු බිමට හෙලුවේත් ඔහු තුරුළට මා ඇදගත්තෙත් එකම විටය …. ඒ උණුසුම් පහසින් ගත උණුසුම් වී ඔහුගේ දෙතොල් වල පහස මගේ නළලත මත තැවරෙද්දී දෑස් පියාගෙන මා ඔහුට ඉඩදුන්නෙමි …
‘අයියා කවුරු හරි එයි ..’
නයනි අක්කා හෝ කිසිවෙකු එයි කියා මතක් වුවේ බොහෝ වෙලාවකට පසුවය ..

‘මේ දන්නවාද අද වැලන්ටයින් ඩේ එක …’
අද ආදරවන්තයින්ගේ දවස බව මට සිහිවුවේ ඔහු සිහිකෙරු පසුවය .. පෙර කිසිදිනක ආදරවන්තයන්ගේ දිනය මා සමරා නැත ….
‘හැපී වැලන්ටයින් ඩේ මගේ වැලන්ටයින් කුමාරයෝ …’
‘සේම් ටු යූ .. රෝසි …’
‘අද අපි කොහේ හරි ඇවිදින්න යමුද …’
‘අනේ අයියා මට අද වැඩනේ ….’
‘හැමදාම වැඩ කරන එකේ අද නිවාඩුවක් දාමු ..’
‘එහෙනම් මම කෝල් එකක් දාලා කියන්නම් අද නිවාඩු කියලා …. ’
‘එහෙනම් ගිහින් ලැහැස්ති වෙලාම ඉන්න ..’
මා ඔහු වෙතින් ඉගිල ගියේ බොහෝ සතුටෙනි ..අර තරම් දුකකින් පෙරදා රැයපුරා දුකින් පිඩා විදි මා ලද සතුට ගැන මා දෙවියන්ට පින්දුනෙමි …

නයනි අක්කාගෙන් අවසර ගෙන සිහින අයියාගේ අතක එල්ලී මා මගට බැස්සේ සියලු දුක්ඛ දෝමනස්සයන් අමතක කරය .. සිහින අයියා ලග ඉන්නේ නම් මට ඕනෑම දුකක් විදිය හැකි බවත් ඔහු නැති විට මා විනාශ වී යන බවත් මා උගනිමින් උන්නෙමි …

පා රිදෙන තුරු නගරය පුරා ඔහු සමග ඇවිද ගියත් මට කිසිදු වෙහෙසක් දැනුනා නොවේ … සිහින ඔහු මා නොදත් තැන් ගැන බොහෝ දේ කියා දුන්නේය …. මා ඔහුට සවන් දුන්නේ ආශාවෙනි …

‘ බඩගිනි මැණික … අපි මොනවා හරි කමුද … ’ මහා දුරක් ඇවිද විඩාවට පත්ව උන් සිහින අයියා අවසානයේ මගෙන් විමසුවේ මා පිටින් ආහාර ගැනීමට ප්‍රිය කල බව දැන වෙන්න ඇත ..
‘හා එහෙනම් කමු ..’
අප ආපනශාලාවට ඇතුළු වුවේ අත්වැල් පටලවා ගනිමිනි …
‘මොනවාද කන්නේ …. ’
‘ඔයා කැමති දෙයක් කමු .’
‘එහෙනම් ප්‍රයිඩ් රයිස් හොදයි නේ …..’
‘ම්ම්ම් හොදයි …’

සිහින අයියා තේරුවේ මා ප්‍රිය කල ආහාරයි … සතුට ආහාරයක් වුවා වෙන්න ඇත …. ආහාර ගැනීමට කුස තුල ඉඩක් නොතිබුනේ විය …බත් කටවල් දෙක තුනක් කෑ පමණින් කුස පිරුණු හෙයින් මා කලේ බත් එක අල්ලමින් සිටීමය …
‘ නිකිණි කන්න ඉතින් අල්ල අල්ල ඉන්නේ .. ‘’
සිහින අයියා සැර කලේ මා බත් පත අල්ලමින් උන් නිසා විය හැකිය
‘ අනේ අයියා කෑවා ඇති ..ආයේ කන්න බෑ ..’
‘මේ බත් එක එහෙම්ම ….. එන්න කවන්න මම …’
ඔහු බත් එක ලගට ගෙන බත් එක ඉවර වෙනතුරුම මට කැව්වේ සැරකරමිනි ….
‘මෙයා මේ කෙට්ටු වෙන්නේ කන්නේ නැති නිසා තමා … මම දැක්කානේ දැන් කන හැටි ..කාලා චුට්ටක් මහත් වෙන්නකෝ ’
සිහින අයියා නෝක්කාඩු කියනයුරු මා බලා උන්නේ සිනාමුවෙනි ….මා ආස කලේ ඔහුගේ ඔය ගතිවලටය … මා ගැන ඔහු සොයා බලනවාට මා බොහෝ ප්‍රිය කලෙමි …

ආහාර ගැනීමෙන් අනතුරුව සිනමා හලකට ගොස් චිත්‍රපටියක්ද නරබා මා නිවසට ඇරලවා ඔහු යන්න ගියේ මට නව බලාපොරොත්තු ගොඩක් දෙමිනි

***
ඉන්පසූ ගෙවී ගිය හැම දවසක්ම ගෙවී ගියේ අසීමිත සතුටකිනි .. ඒ සතුට ලැබුනේ සිහින අයියාගේ ආදරය නිසාය .. හැම දිනකම මා දැකීමට පැමිණෙන සිහින අයියා වැඩ නිමව මා එනතුරා බලා ඉදියි ….ඉතින් මා රාජකාරි නිමකර දිව යන්නේ ඔහු දැකීමේ අභිලාෂයෙනි … අතකින් අල්ලාගෙන කුඩා දැරියක ලෙස පරිස්සමට මා නිවසට ඇරවලා නැවත දිව යන ඔහු නොපෙනී යනතුරා බලා ඉන්නා මා නිවසට ගොඩ වෙන්නේ තවත් විනාඩි කීපයකට පසුවය …

‘අයියා කොහෙද ඉන්නේ ..’

ගත දොවාගෙන පැමිණ දුරකතනය අතට ගන්නා මා ඔහු අමතමි …

‘බස් තිබුනේ නැහැ නිකිණි ..ඉතින් පයින් යනවා ..’

‘මාව ඇරලවන්න ඇවිල්ලා අයියා පයින් යනවා …මට දුකයි අයියා ..’

‘ඔයා ලගින් ඉන්න ඒ වෙලාව විතරයි මට සතුටකට තියෙන්නේ … ඉතින් ඔයාව බලලා පයින් ගියාට අවුලක් නැහැ .’

‘ ඔයාට ගොඩක් ආදරෙයි අයියා …මට මේ තරම් ආදරේ කරන කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ අයියා ..මම ආදරෙයි ගොඩක් …’

‘මාත් ආදරෙයි නිකිණි … ඒ ආදරේ හැමදාම වැඩිවෙනවා …’
නිවසට යනතුරුම අප දෙදෙනා එක්ව දුරකථනයෙන් පෙම්බස් දොඩන්නෙමු ….
ජීවිතය ලස්සනට ගලා ගියේය … ඉතින් මා සිතුවේ ලොව වාසනාවන්තම පෙම්වතිය මා කියාය …. තාත්තා කෙනෙකු දැරියක ගැන සොයා බලන්නාක් මෙන් ඔහු මා ගැන සොයා බලද්දී මා බෙහෙවින් තුටු වූවෙමි …

මතු සම්බන්ධයි 

2 Comments

  1. Hello there, just became aware of your blog through Google, and found that
    it’s truly informative. I’m going to watch out for brussels.
    I will be grateful if you continue this in future.
    Numerous people will be benefited from your writing. Cheers!
    Escape roomy lista

Leave a Reply

Your email address will not be published. Required fields are marked *