~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~22

22 කොටස
කිසිදු සුවිශේසී සිදුවීමකින් තොරව කාලය ඉදිරියට ගලා ගියේය .. සිහින අයියා සෑම දිනකම සන්ධ්‍යාවේ මා දැකීමට පැමිණියේය …අපට අප නැතිවම බැරිවිය … සැබවින්ම කිවහොත් ඔහු ලංවී උන්නේ මගේ හුස්ම පොද ලෙසටය ….

‘අයියා අද ඉෂාරා ගේ ගෙදර බණ කියනවාලු …..මට එන්න කිව්වා මොකද කරන්නේ ’
මා සිහින අයියා හමුවේ මා පවසද්දී ඔහු මුහුණ අදුරු කරගත්තේය ..
‘නිකිණි රෑ පානේ ගෙවල් වල යන්න තියා ගන්න එපා … ඔයා හෙට දානේ ගෙදර යන්න ..’
සිහින අයියා මා කොහෙවත් තනිව යැවීමට කැමති වුවා නොවේ ….එය දැන උන් නමුත් මගේ හිත රිදුනේය ….
‘අයියා දැන් ඉෂාරා මම එනකන් බලන් ඉදියි ….’
‘ඔයා දැන් කෝල් කරලා කියන්න අද එන්න වෙන්නේ නැහැ …දානේ ගෙදර එන්නම් කියලා ..’
‘ෆෝන් එකේ සල්ලි නැහැ මගේ ..’
‘ එහෙනම් මගේ එකෙන් ගන්න …’ සිහින අයියා මා වෙත දිගු කල දුරකතනය අතට ගෙන මා තිරය දෙස බැලුවෙමි ..

‘මේකත් ඔෆ් වෙලානේ ..දැන් මොනවාද කරන්නේ ..’
‘සිම් එක ඔයාගේ ෆෝන් එකට දාලා කෝල් එකක් ගන්න .. ’
සිහින අයියාගේ දුරකථනයෙන් සිම්පත ගැලවූ මා එය මගේ දුරකථනයට ඇතුළු කලෙමි … එක්වරම දුරකථන තිරය මත සටහන් වූ පණිවුඩය සිහින අයියාගෙන් අවසර නොගෙනම මා විවර කලෙමි ….
‘මට අද අපි දෙන්නා ගිය තැනක් මතක් උනා …’
එහි සටහන්ව තිබු පණිවුඩය දැක මා වෙව්ලා ගියෙමි … දෙවියනේ කවුද මේ …. හුස්ම හිරවී දෙනෙතට කදුළු එක්වීමට එතරම් වෙලාවක් ගියේ නැත …

‘කව්ද මේ .. මැසේජ් එක ඔයාට එවලා තියෙන්නේ ..’
මා ඔහු දෙසට දුරකථනය පෑවෙමි ….
‘මේ ….මේ ….මගේ යාලුවෙක් ගේ ගර්ල් කෙනෙක් …. යාලුවා එක්ක ගිය තැනක් මතක් වුනා කියලා වෙන්න ඇති කියලා ඇත්තේ .’ සිහින අයියාගේ කටහඩ වෙව්ලුවේය …මගේ දෑස් වලට බියෙන් මෙන් ඔහු ඉවත බලා උන්නේය ..
‘ඒකි මොන මගුලටද ඔයාට මැසේජ් කරන්නේ …ආ ..’ මට උවමනා වුවේ සැකය සිතින් දුරු කරගැනීමටය
‘දැන් ඒ එෆෙයාර් එක නැවතිලා …. කොල්ලා මේකිව ගණන් ගන්නේ නැහැ …ඒ උනාට මෙයා ඌට තාම ආදරෙයි …ඌගේ පස්සෙන් යනවා …. ඉතින් ඒකි හැමවෙලේම මැසේජ් කර කර මට දුක කියනවා මම මොනවා කරන්නද ..’

සිහින අයියා නිකමට හෝ මගේ මුහුණ දෙස නොබැලීමට පරිස්සම් විය …

‘මේ දැන්ම ඔයා ඒකිට කෝල් කරන්න …. ඊට පස්සේ මම එයා එක්ක කතා කරන්නම් ..’
මා කොතරම් ඇවිටිලි කර කරදර දුන්නද සිහින අයියා නොවේ මා කියුව කලේ …ඉතින් මා කලේ ඇගේ දුරකථන අංකය මතකේ රදවා ගැනීමය ….

‘ඔයා සිහින අයියා එක්ක එෆෙයාර් එකක් තියෙනවද …’
නවාතැනට ගිය විගස මා කලේ අර යුවතියට මගේ දුරකතනයෙන් පණිවුඩයක් යැවීමය
‘සිහින අයියා එක්ක මම ඉස්සර යාලු වෙලා හිටියා …ඒත් දැන් එහෙම දෙයක් නැහැ ..’ ප්‍රති උත්තරය ඇගෙන් ලැබුනේය …ඉතින් මගේ හිත බොහෝ රිදුනේ ය … සිහින අයියා අන් යුවතියකට ලංව උන් බව මා කිසි දිනක දැන සිටියේ නැත ….එසේ සිතීම උවද මගේ සිතට ගෙන ආවේ මහා වේදනාවකි …

‘ඔයා එයා එක්ක තාම එෆෙයාර් එක තියෙනවා නම් කියන්න මම අයියාව අත අරින්නම් …’
නෙතෙන් කදුළු වැටුනේ දුරකථනය තිරය මතටමය … ඉතින් මා රිදුන සිත තවත් රිදවා ගැනීමට සිදුවන බව දැනම ඇගෙන් නැවත නැවතත් එයම විමසුවෙමි …
‘දැන් ඒ හැම දෙයක්ම ඉවරයි ……ඔයාලා අතරට මම එන්නේ නැහැ ..’ සියල්ල අවසන් නම් ඈ තවත් මගේ සිහින අයියාට මැසේජ් කර ඔහු ලංකර ගන්න මාන බලන්නේ කිමද

‘එහෙනම් මොන මගුලකටද ඔයා එයාට තාම මැසේජ් කරන්නේ ….. එයාට ගර්ල් කෙනෙක් ඉන්න බව දැන දැනම ඔයා මොකටද මගේ අයියාව උදුරගන්න හදන්නේ ….ආයේ එහෙම එයාට මැසේජ් කරලා අහුවෙන්න එපා ..’
මා හිතට ආ ආවේගයට නොසරුප් වදන් ද එක්කර ගනිමි ඇයට බැන වැදුනෙමි ….
මගේ හිත අන්තයටම බිද වැටි තිබුණි ..අඩා දොඩා සිත සනසාගත නොහැකිව මා ලතවුවෙමි …

***

පසුදින සන්ධ්‍යාවේ මා සිහින අයියා හමුවට ගියේ අදුරු කරගත් මුහුණිනි ..

‘මොකද මේ මුහුණ එල්ලගෙන ඉන්නේ …’ සිහින අයියා බොහෝ ලංව මගේ මුහුණ ට එබුණේය …

‘අර කෙල්ල කවුද කියලා මම හොයාගත්තා ….’
මම සිහින අයියාගේ ඇස් දෙසම බලා උන්නෙමි ..
‘ මොන කෙල්ලද …’
සිහින අයියාගේ හඩේ විස්මයකි වුවේ ..
‘අර ඔයාගේ ෆෝන් එකට කෝල් කරපු කෙල්ල …ඔයාගේ පරණ ලව් එක නේද ..’
මා මදකට හෝ නෙත් ඔහුගෙන් ඉවත් නොකර බලා උන්නෙමි …. ඔහු මගේ දෑසට පරාජය විය …ඉතින් ඔහු මගේ දෑස් මගහැර ඉවත බලා ගත්තේය …

‘ඔයා අර තරිදු මැරී කරන්න හිටපු දවස් වල මම එයාට ලන්වුනේ …. ඒ උනාට මම ඒකිට ආදරේ කරේ නැහැ ….. සත්තයි …’
ඔහු ඉරහද දිවුරා කීවද මට ඉතින් ආයේ ඔහු ඇදහිය නොහැකි වනු ඇත …
‘ඔයා කොහෙද ඒකි එක්ක ගියේ …’
මගේ කටහඩ ඇඩුම්බර වී තිබුණි …
‘බීච් එකට ගියා …. එච්චරයි …’
‘ඔයා මට කිව්වේ නැත්තේ ඇයි අයියා …. එහෙම උනා නම් මට විශ්වාශ කරන්න තිබ්බා ..ඒත් දැන් මගේ හිත බිදුනා …’
මා සිතේ දුක ඔහු ඉදිරියේ වචන කලෙමි …
‘මට සමාවෙන්න නංගි …ආයෙම එහෙම වෙන්නේ නැහැ .’
ඔහු මට බොහෝ පොරොන්දු දුන්නේය … මා ඔහුට සමාව දුන්නෙමි ….ඒ මා ඔහුට බොහෝ සේ පෙම් කල බැවිනි .
මගේ සිත බිය ගෙන තිබුණි ….ඒ සිහින අයියාව ඈ මගෙන් උදුරා ගනීවි යැයි කියාය …..මා කලේ ඇයට බොහෝ සේ අපහස කර මගේ සිහින අයියාගෙන් ඈත් වෙන ලෙස පණිවුඩ යැවීමය ….

‘තමුසේ මහා පිස්සු ගෑනියක් ….තමුසෙගෙ මිනිහා මට එපා …’
ඇය පෙරලා මට එවා තිබු පණිවුඩය මා සිහින අයියා වෙත පෑ කල ඔහු බෙහෙවින් කෝප විය ..

‘ඔයා මොකද ඒකිට මැසේජ් කරන්නේ …ඉන්නකෝ මම ඕකිට පස්සේ කතා කරලා හොද දෙකක් කියන්නම් ..’
සිහින අයියා කෝප වුවේ ඈ මා අමතා තිබු ආකාරයද වෙනත් යමකටද කියා මට අදද නොතේරේ …

***
මා සියල්ල අමතක කර සිනාසෙන්න උත්සහ කලෙමි …ඒ ඔහු මා දමා යාවි යැයි අනියන බිය නිසාය … සිහින අයියා දිනපතා මා දැකීමට ආවේය .. සැමවිටම මා ඔහුට බොහෝ ලංව ගමන් ගත්තෙමි ….ඒ අන් අයට සිහින අයියා මගේ කියා පෙන්වීමටය …විටෙක ඔහුට එය කරදරයක් වුවාද කියා නොදනිමි ..
විටෙක සිතුනේ ඔහුට මා ඔහුගේ කර ගෙන නිවසට ගෙන යන ලෙස ඔහුට බල කිරීමටය .. බොහෝ සිතා මා ඒ තීරණය වෙනස් කරන්නේ ඔහු විදින දුක දැන උන් නිසාය … ඔහුගේ පවුලේ උදවිය නඩත්තු කිරීමට ගෙවල් කුලී ගෙවීමට වගකීම් රාශියක් ඔහු සතුවේ …මා රැගෙන ගියහොත් ඔහුට සිදුවන්නේ කබලෙන් ලිපට වැටිමටය …. අනික මේ තරම් පොඩි වයසකදී වගකීම් රැසක් කරට ගැනීමට මා බියවුනෙමි ..
මා ඔහුට බොහෝ සේ ආදරය කලෙමි …එහි සීමාවක් නොවිය .. කිසියම් යුවතියක් ඔහු මගෙන් පැහැර ගනී යැයි මා බොහෝ බියවුනෙමි ….

‘අයියා කොහෙද ඉන්නේ …’ මා නිරන්තරයෙ ඔහු ගැන විමසිලිමත් වුනෙමි
‘බස් එකේ නංගි …’ ඔහු මගේ පැනයට පිළිතුරු දෙයි ….
‘කව්ද ඔයා ලග වාඩිවෙලා ඉන්නේ ..’
‘ගර්ල් කෙනෙක් ….’
‘ඔයා වෙනස් ෂිට් එකකට යන්න අයියා ප්ලීස් ..’ මා සිතුවේ ඔහු ඒ යුවතියට ලංවේ යැයි හෝ ඔහු නිකමට හෝ ඈ දෙස බලා ඇය සමග හිතවත් වේ යැයි බියකි ..
‘ඔයාට මොනවා වෙලාද නිකිණි මේ ……පිස්සු කියවන්නේ …’
‘ඔයා වෙන ෂිට් එකකට යන්න අයියා ……මට හුස්ම ගන්න බෑ වගේ ඔයා වෙන කෙල්ලක් ලග ඉද්දි ..’

මා දුරකථනය සවනේ තබාගෙන අඩා වැටුනෙමි …… ඔහු ඉතින් කිසිත් නොකියා මා කියන්න කරන බව දැන උන්නෙමි …
ඉතින් මට සිතුනේ සිහින අයියා මගේ ඔහු මගේ ලගින් සිටිය යුතුය …..ඔහු ගේ හුස්මක් උව අන් එකියකට නොවැදිය යුතිය කියාය …..
මට උවමනා විය …..සැවොටම පෙන්වීමට අපි ආදරේ කරන බව …… ඔහු සමග ඔහුගේ අතක එල්ලී මා පාරවල් ගානේ ඇවිද ගියෙම් … නවාතැනට එන පාරේ පමණක් නොව විසල් නගරය තුලද මා ඔහුට බොහෝ ලංව ගමන් කලෙමි .. සිහින අයියාට එය වදයක් වෙන්න ඇත …උවමනාවට වඩා මා ඔහුට කරදර කරද්දී ඔහුට මා එපා වේ යැයි මට නොසිතුනා නොවේ …

සියල්ල මා කලේ ඔහු මගේ ලගින්ම තබා ගැනීමටය ….ඔහුගේ යාලුවෙක් අප දෙදෙනා ලංව සිටින මොහොතක ඇමතුමක් දුන්නොත් මා ඔහුට එයට පිළිතුරු නොදෙන ලෙස බල කෙරුවෙමි .. මා රිදවීමට නොහැකි නිසාම ඔහු මා කියුවට එකග වුවද ඔහු සිටින්න ඇත්තේ මා ගැන කලකිරීමෙනි … මා හැසිරුනේ ආත්මාර්ථකාමී ලෙස බව දැන උන්නද මා සිත එය පිළිගැනීමට මැලි විය …

බොහෝ දිනවල මා දැකීමට එන සිහින අයියා පෙර දිනවල අප ආදරෙන් ලංව බොහෝ සෙනෙහසින් දෙඩු ඒ බංකුව මත අසුන්ගෙන බොහෝ නිහඩව මා දෙස බලා ඉද්දී මාද නොදොඩා වරු ගණන් ඉන්න පුරුදු වූවෙමි ….එය අප පෙම දෙදරීමේ මුලාරම්භය වෙන්න ඇත ….

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *