~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~23

23 කොටස

සිහින අයියාගේ සෙනෙහස නොමැතිව එකදු සිහිනයක් හෝ තිබුනා නොවේ ..ඉතින් මා කලේ සියල්ල දරාගෙන ඔහු නමින් ජිවත් වීමය … දින ගණන් මා බැලීමට නොඑන ඔහු හිටි ගමන් මා දැකීමට පැමිණ ගියද මා සියල්ල දරාගෙන උන්නෙමි … ඒ සෙනෙහස නාමයෙනි ….පාළුව කාන්සිය ඉවසා දරාගත නොහැකි විට මා කලේ දෑසේ කදුළු අවසන් වෙනතුරුම අඩා වැටීමය .. සිහින අයියාගේ දුරකථනයේ තිබු චිප් පත මා ඉල්ලා ඉල්ලා ගත්තේ රාත්‍රියේ දැනෙන පාළුව මකා ගැනීම සදහාය…

රාත්‍රිය එළබෙන තුරුම සාප්පුවේ වැඩ කර නිමව.. බොහෝ දිනවල මා නවාතැනට යෑමට පාරට බසින්නේ රාත්‍රී හතද පසුවිය …..ඒද තනිවමය …
‘කොහෙද ඉන්නේ ඔයා …. ‘’ දුරකථනය මත සටහන්ව තිබු පණිවුඩය සිහින අයියාගෙනි ..
‘බස් එකට නගින්න ඉන්නේ …’

‘ඔයා තරහින්ද මැණික ..’ සිහින අයියාට මගේ සුළු වෙනස වුවද වටහා ගැනීමට හැකිය ….

‘අනේ නැහැ මහත්තයෝ …බස් එක එනකන් බලන් හිටපු නිසයි හරියට මැසේජ් එක ඒවා ගන්න බැරි උනේ …’
මට ඔහු රිදවීමට උවමනා වුවා නොවේ …
‘ ඔයා මහත්තයෝ කියුවාම පපුවත් එක්ක පිච්චිලා ගියා මැණික …’
සිහින අයියා මට අමතක කර නොහැකි වුවේ ඔවැනි කතා නිසාය …ඉතින් මා ඔහු වෙත තව තවත් ආදරයෙන් බැදුනෙමි …

ඒ රාත්‍රියේ මා සිහින අයියාගෙන් ඉල්ලාගෙන දුරකතනයේ දැමු චිප් එකෙහි ඇති ගීතයන්ට සවන් දෙමින් උන්නෙමි ..

මා සදට කැමති බව දැනගෙන ඔබ සද අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කළා නටුවෙන් …

දෑස් පියාගෙන ගීතයට සවන් දෙමින් මා උන්නේ නින්දත් නොනින්දත් අතරය ..
එකවරම දුරකථනයෙන් ඇසුනේ සිහින අයියා සහ මා අතර එක් දිනක් ඇතිවූ කතා බහකි … සිහින අයියා අප අතර සිදුවන කතා බහ පටිගත කර පාළුවෙන් සිටියදී සවන් දෙන බව ඔහු දිනක් කිවා මතකය ..එය මා හා සිහින අයියා අතර වූ කෙටි කතා බහකි …මා ඉතා ආශාවෙන් එයට සවන් දුන්නේ මුවට මදහසක් නැගෙද්දිය… ඊළගට වාදනය වුවේ ඔහු හා යාළුවන් අතර ඇතිවූ සංවාදයන් කීපයකි ….

‘ ඔයාට පුළුවන්ද අද මාව හම්බ වෙන්න එන්න …’
‘අද මම අවුට් ගිහින් ඉන්නේ සුදු ….. ගෙදර හිටියා නම් ඔයාව බලන්න එනවා ….’
‘මට පාලුයි ….අද …. ……’
‘මටත් අද පාලුයි …’
දෑස් පියාගෙන උන් මා එකවරම තිගැස්සී ගියෙමි .. අදහන්න ඒ ඇසුනේ අප දෙදෙනා අතර දෙබසක් නොවේ ..සිහින අයියා කතා බහ කරමින් උන්නේ මා නාදුනන තැනැත්තියක සමගයි … තැනින් තැන නොපැහැදිලි ඒ සංවාදයට මා සවන් දුන්නේ මුළු ශරීරය පුරා සියුම් රිදුමක් පැතිරෙද්දිය …. ඔවුන් කතා කලේ නොහොබිනා දේය … අදහන්න මගේ මුළු ලෝකයම එකම මොහොතක මගේ දෙපතුල ලග වැටි විනාශ වී ගියා සේ මට හැගුනේය …

ඉල්ලුවානම් නොදී ඉන්න බැරි දෙයක් මගේ ලග ඔහු වෙනුවෙන් නොතිබූනේය … කෙදිනකවත් සෙනෙහ හැර අන් හැගීමකින් මා දෙස නොබැලු ඔහු …මගේ ශරීරයට අතක්වත් නොතැබූ ඔහු මෙලෙස අන් එකියක සමග කතා කරනවා කියා මා අදහන්නේ කෙසේද .. මා අසලදී බොහෝ නිවුන හැගීමෙන් කතා කරන ඔහු මෙලෙස වේ යැයි මට විශ්වාස කරන්න හැකි වුවා නොවේ …

***
ඔහුට ඕන දෙයක් ඇති නම් එය මගෙන් ඉල්ලන්න තිබුණි .. එසේ නම් මා කිසිවක් නොකියා ඔහු සමග යමි …එහෙත් කිසිදිනක ඔහු එවැනි නොහොබිනා ගමනකට මට කතා කර නොමැත … අඩා වැටීම හැර මට කල හැකි අන් යමක් වුවා නොවේ …ඉතින් මා කලේ අඩා වැටීම පමණි .. සාප්පුවට විත් මා සිතේ දුක පහව යන තුරුම අඩා වැටුනෙමි …..ගෙදරදී සිතපුරා නොහැඩුවේ …නයනි අක්කා විමසන දේවල් වලට පිළිතුරු දිය නොහැකි නිසාය ..

‘ මොකක්ද නිකිණි මේකේ තේරුම …මේ විදිහට අඩන්න මොකක්ද උනේ …’
ඉෂාරා මා අඩනු දැක හාරා හාරා විමසුවාය …
‘සිහින අයියා මාව රැවට්ටුවා ඉෂාරා ….මම ඉද්දි එයා වෙන කෙල්ලෝ එක්ක කතා කරනවා … ‘
‘උබව එපා කියලා නේ ඒකා වෙන කෙල්ලෝ පස්සේ යනවා ඇත්තේ .. ඔන්න ඔය ලව් එක අමතක කරලා දාපන් ..’
ඉෂාරා මා අඩනවා බලා සිටිය නොහැකි නිසාදෝ මා සැනසීමට උත්සහ කළේය …
‘මම අද එයාට එන්න කියලා මේ දෙකෙන් එකක් විසදා ගන්නවා ..’
එලෙස පැවසුවත් සිහින අයියා නොමැතිව මට හුස්ම ගැනීමටද වුව නොහැකි බව මා දැන උන්නෙමි ..මා දුරකථනය අතට ගෙන සිහින අයියාගේ අංකයට ඇමතුමක් ගත්තෙමි …

‘හෙලෝ අයියා …අද ඔයා මාව හම්බ වෙන්න එනවාද …’
‘මම එන්නම් අද හවස එහෙනම් ..’

තවත් කිසිවක් කීමට පෙර දුරකතනය තැබූවේ දුරකතනයෙන් ඔහු සමග ආරවුල් ඇති කරගැනීමට වඩා හමුවී කතා බහ කර විසදා ගැනීම හොද බැවිනි ..

‘නිකිණි ඇයි කතා නැත්තේ ..’
හවස මා දැකීමට පැමිණි සිහින අයියා සිනා නොමැති මුවින් උන් මා දැක මගෙන් විමසද්දී මා වචනයක් හෝ නොකියා ඉදිරියට ඇවිද ගියෙමි ….සිහින අයියා මා පසු පස එනයුරු ඇසුනත් මා පසු පස හැරී නොබලා බස් නැවතුම වෙත ඇවිද ගියෙමි …. බස් නැවතුමේ මා උන්නේ ඔහුට වඩා අඩි ගානක් ඈතිනි .. ඒ මුහුණ කළුවී ගොස් තිබුණි … මට සිනාසෙන්න වුව සිතක් වුවා නොවේ …බස් කීපයක්ම අප පසුකර ඉගිල්ලී ගියත් මා නොසෙල්වී සිටගෙන උන් තැනම උන්නෙමි .. කොළඹ දෙස සිට බසයක් පැමිණ අප අසල නවත්තද්දී තවදුරටත් ඉවසිය නොහැකිවදෝ සිහින අයියා පැමිණ හිසින් සන් කලේ එයට නගින ලෙසය …. ඉතින් මා කලේ කිසිවක් නොකියා බස් රථයට නැගී හිස් අසුනක අසුන් ගැනීමය ….සිහින අයියාද පැමිණ මා අසලින්ම අසුන් ගද්දි මා උන්නේ ඉවත බලාගෙනමය … එහෙත් තව දුරටත් ඉවසිය නොහැකිව මා එක්වරම ඔහුගේ උරහිසේ හිස රදවාගෙන ඔහුගේ දකුණත අතරින් ඇගිලි යවා ඒ අත තද කර අල්ලා ගත්තෙමි ..ඔහු කිසිවක් නොදොඩා නොසෙල්වී එලෙසම උන්නා මිස කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වුවේය…ඉතින් මට බිය සිතුනි මට ඔහු අහිමි වේ යැයි යන බියෙන් සියොලගම වෙව්ලා යද්දී මා වඩ වඩාත් ඔහුට ලන්වුවෙමි …

ඉතින් නවා තැනට යනතුරුම අප අතර කතාවක් නොවුනි .. .. වෙනදා අසුන් ගන්නා බංකුව මත අසුන්ගෙන උන් සිහින අයියාහේ මුහුණේ වුවේ කලකිරීමකි … ඔහු මගෙන් ඈත් වුවහොත් මට ජීවත්විය නොහැකි බව මතක් වෙද්දී මට සිතුනේ කෙලෙසක හෝ ඔහු මගේ ලගින්ම තබා ගත යුතු බවයි …ඉතින් මා කලේ සිහින අයියාට ලංව ඔහුව තදින් වැළද ගැනීමයි ….
‘අපි කොහේ හරි යමු අයියා … මම ඔයා කියන විදිහට ඉන්නම් ….ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නම් ….අනේ අයියා මාවත් අරන් කොහෙට හරි යන්න … ’ සිහින අයියාගේ කමිසයේ එල්ලී මා හඩා වැටුනෙමි
මගේ කටහඩ ඇඩිම නිසා රළුව ගොස් තිබුණි …
‘මාව දාලා යන්න නම් එපා අයියා …මට ජිවත් වෙන්න බැරි වෙයි ..’

මා ඉවතට තල්ලු කල සිහින අයියා කලේ දෑතින්ම හිස අල්ලාගෙන අඩා වැටිමය .. ඔහු මෙලෙස අඩා වැටෙනවා කිසිදිනක දැක නැත ….ඉතින් මගේ පපුව පිච්චුනේ ඔහු අඩා වැටුන ආකාරයටයි …ඔහුගේ මුහුණේ වුවේ පසුතැවිල්ලකි ….

‘ඔයා අරන් යන්න පුළුවන් නම් මම යනවා නිකිණි ….ඒත් මගේ පවුලේ අය අතරමන් කරන්න බැහැ දෙයියනේ මට .. මම ඔයා විතරයි මැරී කරන්නේ ….. .හැමදාම ආදරය කරන්නෙත් ඔයාට විතරයි ..’
‘ඔයා මට ආදරය කරනවා නම් වෙන කෙල්ලො බලන්න යන්නේ ඇයි …. ‘’ ඉතින් ඒ තරම් මට ආදරය කරන ඔහු වෙන කෙල්ලක් පසු පස යෑම ගැන මගේ සිතට ආවේ කේන්තියකි …
‘සත්තයි ඒකි තමා මට බලෙන් කතා කරේ .. ‘’
‘ඔයා ගෙදර හිටියා නම් ඒකි බලන්න යනවාද ..’
‘ මම යන්නේ නැහැ නන්ගී ….ඒ වෙලාවේ හිතට ආවාට ඔය දේවල් කිව්වේ ..මට සමාවෙන්න ..මම කරපු වැරදි වලට …ආයේ කිසිම වැරද්දක් මගෙන් වෙන්නේ නැහැ … මට සමාව දෙන්න …’

ඉතින් ඔහු මගේ හිස මත අත තියා මට පොරොන්දු දුන්නේය … මා ඔහුව ඇදහුවෙමි .. මගේ පපුව මත ඔහු හිස රදවාගෙන අඩා වැටෙද්දී මා කලේ ඔහුගේ හිස ආදරයෙන් පිරිමදිමින් ඔහුට මා ආදරය කරන තරම් කියා දීමය ….

උවමනා වුවේ ඔහුගේ සිත මා ලගින්ම රදවා ගැනීමටය …. අන් දිනවල ඔහු නළලත මත තවරා යන හාදුව වෙනුවට මා ඔහුගේ නළලත මත හාදුවක් තබා ඔහු නොපෙනී යනතුරුම බලා උන්නෙමි …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *