~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~24

24 කොටස

ඉන් පසු ගෙවුණු හැම දිනකම කවරදාටත් වඩා මා ඔහු ගැන සොයා බැලුවෙමි … නිතර දෙවේලේ දුරකථනයෙන් ඔහු අමතා කෑවාද බිවාද සිටින්නේ කොයිද යනාදී හැමදෙයක්ම මා සොයා බැලුවේ ඔහු මා වෙතින් මිදී අයාලේ යයි යන සිතුවිල්ල ඉතා ප්‍රබල ලෙස හිතේ කිදා බැස තිබූ හෙයිනි …

‘මොකද අයියා ලෙඩ පාටට ඉන්නේ ….’ ඔහුගේ මුහුණේ සුළු වේදනාවක් හෝ දුටුවහොත් ඔහුට වඩා කලබල වුවේ මාය
‘උණ හැදෙන්න වගේ නංගි …. කටත් තිත්තයි …’ ඔහු මුහුණ ඇබුල් කරගයි….
‘කෝ බලන්න … හොදටම රස්නෙයි …. එන්න අපි හන්දියේ ඩිස්පෙන්සරි එකෙන් බෙහෙත් අරන් එමු ..’
මා ඔහුවත් ඇදගෙන ගොස් බෙහෙත් රැගෙන දෙමි …. ඉන් පසුව නවාතැනට පැමිණෙන්නේ ආහාරය සදහා රාතී‍්‍ර කඩයකින් බත් පාර්සලයක්ද රැගෙනය … නවාතැනට පැමිණි විගස මා කලේ ගෙනා බත් පාර්සලය ලිහා කුඩාකෙකුට මෙන් ඔහුට කැවීමය …

‘ දැන් නම් බඩ පිරිලා ගොඩක්…’ ඔහු පවසන්නේ තම කුස මා දෙසට පාමිනි
‘මේ තව චුට්ටයි නේ තියෙන්නේ මේ ටිකත් කමු …ඔය චුට්ට කාලා ඇතිද ….අනික දවල්ට කාලත් නැහැ …. ‘
මා ඔහුට කවන්නේ තරවටු කරමිනි …
‘ඉන්න මම අත සෝදාගෙන එන්නම් … ‘’ ඔහුට වතුර වීදුරුවක් පොවා මා යන්නේ අත සෝදාගැනීම සදහාය …ඉතින් මා ආපසු එනතුරුම අසුන්ගෙන උන් තැනම හිදගෙන සිහින අයියා බලා හිදී …..
‘මොකක්ද ළමයෝ මේ කට පිහදාගෙන නැහැ තාම …. ‘’
මා ඔහුගේ මුව පිස දමන තුරුම ඔහු හිදින්නේ දගකාර දරුවෙකු මෙනි …. ඉන් පසුව රාත්‍රිය උදා වෙන තුරුම මගේ ඔඩොක්කුවේ හිස හොවාගෙන ඔහු ඔහේ කියවද්දී මා අසා උන්නේ බොහෝ ආශාවෙනි …..
පෙර දිනවල ඔහුගේ ආදරේ සොයමින් උන් මා …ඔහුට ඇති තරම් ආදරේ දුන්නෙමි …. කුඩා දරුවෙකු මවකගේ සෙනෙහස විදින්නා මෙනි ඔහු මගේ සෙනෙහස වින්දේ ….. මා සෙමින් උගනිමින් උන්නෙමි ..ඒ ….කිසිවෙකුට ආදරේ පුද දෙන්නේ කෙලෙසකද කියාය …..
*****
නිවස එපා කියා ආවද කිසිදිනක මට මම්මා තාත්තා අයියා අම්මා අමතක කල හැකි වුවා නොවේ … ඉතින් සිහින අයියාට රහසින් මා කලේ ඔහු පෙර දිනක මා වෙත ලබා දුන් පැරණි සිම් පතක් ගෙන දුරකථනයට දමා යෙහෙළිය දිනාරා සහ නැන්දණියගේ දියණියක අමතා නිවසේ තොරතුරු දැනගැනීමයි …..
සිහින අයියාට රහසින් ඔහුන්ගේ තොරතුරු දැනගැනීමටය …. මා දිගටම ඒ සිම් කාර්ඩ් පත භාවිතා කලේ ඔවුන් ඇමතීම සදහා වුවද දිනක් වැරදීමකින් මා සිහින අයියාට පණිවුඩ යවා තිබුනේ අර පැරණි සිම් පතෙනි …

‘හෙලෝ නිකිණි මොකද මේ දෙවෙනි සිම් එකක් පාවිච්චි කරන්නේ ….හරි දැන් මෙහෙම කතා කරන්න බැහැ …වැඩ ඇරිලා බෝඩිමට එනවා ….මම ඇවිත් ඉන්නම් …’

ඇමතුමක් ගෙන එලෙස පැවසු සිහින අයියා තවත් කිසිවක් නොදොඩා දුරකථනය තැබුවේය ..

නවාතැනට යනතුරුම මා සිතුවේ සිහින අයියා මා කෙරේ කුමක් සිතනවා ඇතිද යනුයි … නවාතැනේ මිදුලට පා තබද්දී මා දුටුවේ මුහුණ අමුතු කරගෙන පාර දෙස බලා හිදිනා සිහින අයියාගේ රුවයි … අපහසුවෙන් මුවට සිනාවක් නගාගෙන සිහින අයියා වෙත ගිය මා ඔහු ඉදිරියේ නැවතුනෙමි …
‘තමුසේ මොකද වෙන සිම් එකක් යුස් කරන්නේ මට හොරෙන් …’
කිසිවක් පවසන්නට මත්තෙන් ඔහු මා දෙස නපුරු බැල්මක් හෙළුවෙමි
‘මම වැරද්දක් කරේ නැහැ අයියා ..මම ඒ සිම් එකෙන් ගෙදරට කතා කරා විතරයි ..’
‘එහෙම කතා කරනවා නම් අනිත් සිම් එකෙන් කතා කරන්න තිබ්බා නේ ..ඇයි මට නොකියා වෙන සිම් එකක් පාවිච්චි කලේ ආ ..’
‘මම වැරද්දක් කලේ නැහැ දෙයියනේ …’
‘කව්ද දන්නේ මට හොරෙන් මොකාට මොකාට කතා කරනවාද කියලා …මොකද මට කියලා ද වෙන සිම් එකක් පාවිච්චි කලේ …’
ඔහු බෝසත් චරිතයක් වී මා අම්බපාලියක ලෙසය ඔහු කතා කලේ …මා දැන හෝ නොදැන වරදක් කලේ නැති බව මා හොදාකාරව දැන උන්නෙමි …මා පෙම් කලේ ඔහුටම පමණි …ඉතින් වෙනකෙකු හා කෙදිනවත් මා රහසෙන් දොඩා නැත … එහෙත් ඔහු මා දැනුවත්ව කි දෙනෙකු සමග සම්බන්ධ කම් පැවැත්වුවාද … එලෙස තිබියදීත් ඔහු නිවැරදි මා වෙතම වරද පටවා මා වැරදිකාරියක කිරීම කොතරම් නොහොබිනාද …
ඉතින් මා කලේ සියල්ල ඉවසා දරාගෙන කිසිවක් නොදොඩා නිහඩව අසා සිටීමය ..මා වැරදිය …. ඔහුට නොකියා සිම් එකක් පාවිච්චි කල මා බෙහෙවින් වරදකාරිය මා සිතුවේ එලෙසය .. කිසියම් වරදක් කළා නම් ඔහුට රහසින් නිවසේ අය ගැන සොයා බැලීම පමණමය .. ඉතින් මා නිවැරැදී විද වරදකාරියක උනෙමි .. බොහෝ අපහස කර බැන අඩ ගසා සිහින අයියා යන්න ගියේ මා සමග බොහෝ අමනාපයෙනි …..
එදවසින් පසුව සිහින අයියා මා සොයා ඒම මෙන්ම මා අමතා කතා කිරීමද අඩු කළේය …. බොහෝ විට ඔහු කලේ මා මගහැරීමට රාජකාරි කටයුතු සදහා දුරකට යෑමය …
දින ගණන් මා බැලීමට නොපැමිණි සිහින අයියා ලොකු මුදලක් වියදම් කර නවීන පන්නයේ දුරකථන යක් රැගෙන තිබුණි …ඉතින් මා ඔහුට දෝෂාරෝපනය කලෙමි ….මෙතරම් ප්‍රශ්න තිබියදී ඔහු නිරාපරාදේ මුදල් වියදම් කරනවා යැයි කියා බැන වනිද්දී ඔහු නිහඩව අසා උන්නේය …

****
මා ඔහු හා පෙම්වත් වීමට උත්සහ කලද පෙර දිනවලා මා වෙත පෑ සෙනෙහස අමතක කෙරූ ලෙසටය ඔහු හැසිරුනේ ….

‘අයියා මොකද අනේ ඔයාගේ වැඩේ ෆෝන් එකේමනේ …’

බස් රියේ මට එහා පසින් උන් සිහින අයියා අලුතින් මිලදී ගත් දුරකථනය සමග ඔට්ටු වෙමිනි උන්නේ ..
‘මේ ගේම් එකක් ප්ලේ කරනවා ..’ ඔහු පවසන්නේ මුහුණ මදකට හෝ නොවුස්සමිනි ….
‘කෝ ඉතින් මටත් දෙන්නකෝ …’ මා තෙවරක් පමණ ඉල්ලුවද ඔහු නොවේ දුරකථනය දුන්නේ
‘පිස්සු කරන්නේ නැතිව ඉන්න ..’
‘තියාගන්න ඔයාගේ ෆෝන් එක මට එපා …’ අවසානයේ මා පරාජය භාරගෙන බසයෙන් බසින තුරුම නිහඩව උන්නෙමි

‘පොඩි බබෙක් වෙන්න එපා නංගි … ‘ නිහඩව ඔහුට ඉදිරියෙන් ගමන් කරන මා පසුපස එමින් ඔහු පවසද්දී මා නොඇසෙන ලෙස ඉදිරියට ඇදුනෙමි

‘ආ …ගන්නකො එහෙනම් ….’ අවසානයේ ඔහු කලිසම් සාක්ක්කුවට අත දමා දුරකථනය එලියට අදිද්දී එය බිම පතිත වුවේ හඩ නගමිනි…… ඉතින් මා දෙස කෝපයෙන් බැල්මක් හෙලමින් ඔහු ඉදිරියට ඇවිද යද්දී මා බිම වැටි තිබුණු දුරකතනය අහුලා අතට ගැනීමය … එය පාවිච්චි කිරීමට නොහැකි ලෙස විනාශ වී ගොසිනි ..හිත හෝස් ගා පිච්චුනේ අයියා ආශාවෙන් තබාගෙන උන් දෙයක් විනාශ වීම නිසාය …

‘කොහෙද …ඉතින් ගත්ත දවසේ ඉදලා මුසල කමට ඇඩුවා නේ ඒකත් ඉවරයි ..’
සිහින අයියා පැවසුවේ පිහියකින් අනින්නාක් මෙන් වදන්ය …. දුක සිතුනේ දුරකතනයක් නිසා ඔහු මා රිදවීම ගැනය …

සිහින අයියා මගෙන් ඈත්වෙමින් ඉද්දි මා වඩ වඩාත් පාළුව සමග මිතුරු වූවෙමි …. පාළුව දරාගැනීමට නොහැකිව මා කලේ සමාජ වෙබ් අඩවියක් වන මුහුණු පොතෙන් යාළුවන් සොයා යෑමය.. සිහින අයියා අවහිර කර මා දන්නා හදුනන සියලුම යහළු යෙහෙලියන් සමග කතා බහ කිරීමට පටන්ගත්තෙමි …. ඔවුන් නිසා මගේ පාළුව කාන්සිය බොහෝ දුරට මැකුනා යැයි කීමට හැකිය ..

පරණ රැකියාවට සමුදී රූපලාවන්‍යගාරයට රැකියාවට මා යන්න පටන්ගත්තේ ඔය අතරය … කාර්ය බහුල ජීවිතය සහ මුහුණු පොතේ මිතුරන් නිසා මට සිහින අයියා නැති කාන්සිය මකා ගැනීමට හැකිවුවේය ….මගේ පාසල මිතුරෙකු වූ නදුන් මට හමුවූවේ මුහුණු පොතේ මිතුරු ඇරයුමක් නිසාය … පාසල් මිතුරෙකු වූ ඔහු මා මිතුරු ලැයිස්තුවට එක්කර ගත්තේ පෙර දිනවල මා ලගින්ම ඇසුරු කල මිතුරෙකු වූ හෙයිනි ….. ඉතින් මා ඔහු හා සංවාදයේ යෙදීමට පටන් ගත්තෙමි ..

මේ සියලුම දේවල් මා සිදු කලේ සිහින අයියාට රහසෙනි … සිහින අයියා මගෙන් ඈතට යද්දී මා කලේ ඔහු පසු පස නොයා මගේම ලෝකයක් තනාගෙන එහි ජිවත්විමය ..
මා මගේ අයියා සමගද මුහුණු පොතින් කතා කිරීමට පටන් ගත්තෙමි …
‘ගෙදර යන්න බෑ නංගි …. ඔයා විතරයි මගේ කියලා ඒ ගෙදර හිටියේ …..ඔයා නැතිව ගෙදරම මුසලයි …ඒ නිසා මම දැන් ගෙදර යන්නෙත් නැහැ ..’

අයියාගේ හිතේ මා පිළිබද අමනාපයක් වුවා නොවේ … ඔහු බොහෝ දුක් ගැනවිලි කියවමින් අඩා වැටෙද්දී ඔහු සැනසීමට හෝ මා නොදැන උන්නෙමි …..

මතු සම්බන්ධයි .. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *