සීමා නෑ ආදරේට…………………………..01 – Sachi Vithanage

“”කුක්කිට කොහොමද දන්නේ නෑ…අම්මි ඊයේ රෑ කතා කරද්දි තදේට උණ තියෙනවා කීවා…

ලන්චි පැයේදි බත් එක එහෙම්ම ටේබල් එකෙන් තියලා මන් ටිකක් එලියට ආවා..ලගම තිබුනු කමියුනිකේශන් එකෙන් කාඩ් එකකුත් දාගෙන මන් ගෙදරට ගත්තා.

හෙලෝ

අම්මි අම්මි මන් දෝණී කතා කරන්නෙ ..කෝමද අම්මෙ කුක්කිට..මන් හීනෙනුත් දැක්කා

දැන් හොදයි

අනෙ එහෙමද ..අම්මි මට කුක්කි එක්ක ටිකක් කතා කරන්න ඕනී

මේ දෝනියො මගෙම් මුකුත් නාහා ඉදින්..ඔවා ලොකු අයියට ඇහුනොත් මටත් ඉන්න වෙන්නෙ නෑ

අනෙ අම්මි කුක්කි..

හා හා කට කට..
මට දැම් අප්පච්චිට තේ හදන්න තියෙනවා ..මන් යනවා…

හ්ම්ම්..හැමදාමත් අම්මි ඔතනින් නවත්තනවා..

කුක්කි කුක්කි….අනේ මන්

…….

වැලලුනු දුක්බර අතීතයක් හිත යට හන්ගන් ජීවිතේ ඉස්සරහට යන්න උත්සාහ කරන පුන්චි කෙල්ලෙක් මන්..

කොච්චර අමතක කරන්න උත්සහා කලත් ඒ අතීතය මගෙ වටෙ සක්මන් කරනවා..

මගේ නම සෙනේශා දැහැමි…උන්නෙ නම් කුරුණෑගල කලින්..
ඒ මගෙ උපන් ගම..ඒත් දැන් මන් ඉන්නෙ ගම්පහ ..මගෙ ජොබ් එක නිසා අම්මා අප්පච්චි අයියගෙන් …..වෙන්වෙලා මෙහෙ ඉන්නවා..මන් වැඩ කරන්නෙ දිවි-මිතුරු බෑන්ක් එකේ…

මාස හයකින් මන් ගෙදර ගිහින් නෑ..කොච්චර ආසාවෙන් උන්නත් අම්මි මොකක් හරි කියලා මන් එන ගමන නවත්තනවා .
මන් දන්නවා ඒ සේරම කරන්නෙ මගේම හොදට කියලා..

ඒත් දෙවියනේ මන් කෝමද ඉවසන්නේ..

.. එකස් කියුස් මී මිස් මේ

ඔව් කියන්න

මන් කතා කරපු කෙනාගෙ මූණ නොබලම ඇහුවා

ඇත්තටම කෙනෙක්ගෙ මූණ බලලා කතා නොකරන්නෙ තියෙන ආඩම්බර කමකට නෙමි..බෑන්ක් එකෙ වැඩ කරද්දි මූණ බල බල ඉන්න ගියොත් ඉක්මනට ඉක්මනට වැඩ ටික ඉවර කරන්න බැරි නිසයි

මිස් මේ

කවුරු උනත් ඒ කොල්ලෙක්..මොනාද මෙයා මට කියන්න තටඹන්නෙ

ඉක්මනට කියන්න ..ඇයි කෑශ් ඩිපොසිට් කරන්නද නැත්තම් ආයෙම ගන්නද

නෑ මිස්..මන් සල්ලි ගත්තා..ඒත් මේ

එහෙනම්

මගෙ හිතෙ මේ ආගන්තුක කොල්ලා ගැන තරහක් එන්නෙ..මෙච්චර වැඩ තියෙද්දී ආවා මෙතන පැනි හලන්න

ඉක්මනට කියන්න ..පෝලිමෙ තව අය ඉන්නව

මිස් මට ෆිෆ්ටි තවුසන්ඩ් නෙමි දීලා තියෙන්නේ

එහෙනම්

ෆිෆ්ටි ටූ තවුසන්ඩ් ..මේ

පලවෙනි පාරට මගෙ ඇස් ඒ මූණ දිහාවට යොමු උනා

කො දෙන්න බලන්න

කොල්ලා මට බැන්ක් බුක් එකයි කෑශ් ටිකයි දුන්නා..

අහ් ඇත්තනෙ.
මන් වැඩිපුර දීලා..ලොකු සර් එහෙම දැක්කනම්..

වෙන කෙනෙක් නම් මෙලහකට මගෙ මෝඩකම කිය කියා සද්ද නැතුවසල්ලි අරන් ගිහින්..හැම හවසම බැලන්ස් චෙක් කරද්දි කවුන්ටර් එක බැලැන්ස් වෙලා තියෙන්න ඕනි..තව පොඩ්ඩෙන් මට අතින් දාන්නයි වෙන්නෙ..

මේ කොල්ලගෙ තියෙන හොද කමට ආයෙම සල්ලි ගෙනත් දුන්නෙ..

මන් ඒ කොල්ලට ස්තුති හිනාවක් දුන්නා

ගොඩක් ස්තූති ..

ඉට්ස් ඕකෙ මිස්..

හ්ම්ම්

මොනා උනත් අවන්ක කොල්ලෙක්..

…මතු සම්බන්දයි— 

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *