සීමා නෑ ආදරේට………………………….06

වෙසක් සිහිලෙන් අද මුලු රටම නැහැවිලා…

අනේ බුදුහාමුදුරුවො වගේ මටත් සැනසීමේ ඉන්න තිබ්බනම්…

ආන්ටිලා යද්දි පාන්දර හතරයි..එයාලගෙ හිතෙ මන් යාලුවෙක්ගෙ දිහා යනවා කියලා..මට යන්න කියලා කිසිම තැනක් නෑ කියලා කොහොමද මන් කටක් ඇරලා කියන්නේ..

මන් උදෙන්ම නාගත්තා..යාන්තමට තෙත තියෙද්දි කොන්ඩෙ තනිකරලට ගෙතුවා..සුදු අත්දිග බ්ලවුස් එක..සුදු දිග සාය..

සිල් රෙද්ද..හරි…හෑන්ඩ් බෑග් එක..නෑ ඒක ඕනවට වැඩියි..මගෙ සයිඩ් බෑග් එක…සැන්ඩ්ල්ස් දෙක..පෝන් එකත් ඕෆ් කලා..අනික මට කවුරු කියලා කතා කරන්නද..

රූම් එකත් වහලා ගේට්ටුවටත් ඉබ්බා දාලා එලියට බැස්සා..තාම පහමාරයි..සිල් දෙන්නෙ හයට..වෙලාව ඇති වෙයි..

තවමත් පාර කලුවරයි..ඒකත් හොදයි..කවුරුත් මන් විතරක් ගෙදර ඉන්නෙ කියලා දැනගන්න එකක් නෑ..

පුලුවන් උනොත් සිල් පාවරනෙ නොකර අද රෑ පන්සලෙ ඉන්නවා..එතකොට අද දවස හරි.

හෙට රෑට ආන්ටිලා ඒවි නේ..අද රෑ තමයි තනියෙන් ගෙවා ගන්න වෙන්නේ..

ආන්ටිගෙ මල් වත්තෙන් කඩා ගත්තු සේපාලිකා මලුයි..ඊයෙ එද්දි අරන් ආව හදුන්කූරු පෙට්ටියයි අතේ..

වෙසක් පෝය නිසා පන්සලෙ සිල් ගන්න ගොඩක් අය ඇවිත්..ඒ නිසා මාව කැපී පේන එකක් නෑ..

විමලජෝති ලොකු හාමුදුරුවෝ ඇවිත් අටසිල් දුන්නා..උදෙ බුද්ද පූජාවෙන් පස්සෙ හීල් දානේ…කාලෙකට පස්සෙ හිතෙ සැනසීමෙන් කිරිබත් කටක් කෑවා…

ඊලගට පුන්චි හාමුදුරු නමක් කවි බණක් කිව්වා…පුන්චිම ලමයිනුත් රොත්තක් උන්නා..අහ් මට වැරදුනා..සිල් ගත්ත අයට කියන්නෙ උපාසකයො කියලනි..

පුන්චි උවැසි,උවැසියො එක තැන ඉන්න බැරිව නලියනව..සිල් අතරින් හිනා එනවා..

ඉස්සර මමත් අක්කිගෙයි අයියගෙයි අතෙ එල්ලිලා සිල් ගන්න එනවා..චූටි ලමාසාරියකුත් ඇදන්..මට තිබ්බ දාන්ගලේ ගැන දන්න නිසාම අම්මා ලමා සාරියට දිගම දිග සායකුත් අන්දලා..ඊට යටින් දිග සුදු කලිසමකුත් අන්දනවා…

අටසිල් ගන්න මොහොතෙ විතරය

ි චුට්ටක් සන්වරව ඉන්නෙ..ඒකත් විහාරෙ ගෙයි ඇතුලෙ තියෙන අමුතු ගුප්ත පෙනුමට..කට පාඩමට ගිරවා වගේ ගාතා කිය කිය අත් දෙකත් දොහොත් මුදුන් දීලා ඒ වෙලේට මන් කලේ විහාර ගෙයි ඇතුලෙ ඇදලා තියෙන ලස්සන චිතර දිහා බලන් උන්නු එක..ඒ දවස් වල මට තිබ්බ ලොකුම ප්‍ර්ශ්නෙ මුහුදෙ පාටට්ට මුගලන් රහතන් වහන්සෙ හදලා තිවුනෙ ඇයි කියලා…

හිටපු ගමන් කට රිදෙනවා වගෙ දැනුනාම ගාතාවෙ අන්තිම පදෙ විතරක් කියලා සාදු සාදු කියපු අවස්තා නැතුවා නෙවෙයි…එහෙම වෙලාවට ටිකක් හයියෙන් සාදු කියනවා..අක්කා මගෙ එහා පැත්තෙ ඉදන් මට අනිනවා..

ඊලගට උදෙ හීල් දානෙ වලදලා මගෙ වයසෙ ඉන්න අනිත් ලමයි එක්ක සෙල්ලම් කරන එක තමයි වැඩෙ..පන්සල් වත්තෙ වැටිලා තියෙන කොල රොඩු තරගෙට ඩස්පින් දාන එක..විහාර මලුවට යන තැන දිග පඩිපෙලෙ එහෙට මෙහෙට පනින එක,තර්ගෙට බෝමලුවෙ බෝකොල ඇහිදින එක තමයි සිල් ගන්නවා කියලා මන් කෙරුවෙ…

කොහොමටත් හවසට තේ දෙද්දි අම්මි අරන් එන කුක්කු බෝතලෙ කටෙ තියන් මන් අම්මිගෙ ඔඩොක්කුවෙ නිදියනවා..අප්පච්චිත් ආවම මල් පූජ කරලා බුදු සරණයි කියලා ලොකුවට බිම ලියපු තැන අකුරු හැඩේට පහන් තියලා ලොකු හාමුදුරුවන්ට වැදලා ගෙදර එනවා..ඒ එද්දි ලමා සාරියෙ උඩ කෑල්ල විතරයි තියෙන්නෙ..වෙලාවට අම්මි මොලෙ කල්පනා කරලා දිග කලිසම අන්දවන්නේ..

කොච්ච්‍ර හුරතලෙන්ද මන් හැදුනෙ..අම්මි,අප්පච්චි,අක්කි,අයියා මැද්දෙ ගෙවුනු ඒ ජීවීතෙ කොච්චර නම්.ලස්සනද..

ආයෙමත් ඒ ජීවිතේට යන්න තිබුනනම්

…….

සිල් අරගෙනත් මන් හූල්ලනවා..මට නම් පිස්සු..ඊලගට ලැබුනු විවේකයෙදි මන් බෝමලුවෙ සුදු වැලි ගොඩෙ ඉදගෙන බෝමලුව දිහා බලන් උන්නා..අද අම්මයි අප්පච්චිත් සිල් ගන්න ඇති..එයාලට මාව මතක් වෙනවා ඇද්ද…

ඉර මුදුන් වෙන්න කලින් දවල් දානේ..දවල් බුද්ද පූජාවෙන් පස්සෙ..දානේ අරන් ඇවිත් තිබුනෙ ගමෙ තරුණ සමිතියෙ අයලූ..

ඉස්සර ඕලෙවල් කරන කාලේ මමත් ගමේ තරුණ සමිතියෙ ලේකම් වෙලා උන්නා…ඕලෙවල් ඉවර වෙලා අක්කිගෙ ගෙදර ගිය නිවාඩුවට මගෙ ජීවිතේම තීරනෙ උනු හැටි…

කට්ටිය දානෙ බෙදනවා..වැඩි හරියක්ම ඉන්නෙ කොල්ලො…ඉස්සර නම් දානෙ වෙලේදි කොල්ලන්ට හිනා වෙවි දානෙ බෙදුව හැටි මතක් වෙනවා…කොල්ලො බෙදා ගන්න බත් එක සීගිරි කන්ද වගේ…අපිත් ඉතින් ඊට චූට්ටක් අඩු ඇති..ගෙදරදි කනවට වඩා මෙහෙම කද්දි ගොඩක් කන්න පුලුවන්…

සෙනේශා මිස්

අප්පෝ මෙයා මෙතනත්…බත් බෙදන්න ඇවිත් ඉන්නෙ මෙයා..කමක් නෑ මන් සිල් අරන්නෙ ඉන්නේ

ඔයත් සිල් ගත්තද..අනෙ අද හරිම චාම්..මට අදුරන්නත් බැරි වුනා..මිස් සිල් ගන්නවා කියලා දන්නවානම් මමත් සිල් ගන්නවා..ශී මේ දන්සල සෙට් උනානේ

මෙයා කියො කියො ඉන්නවා මිසක් ඊලග කෙනා ලගට යන්නෑ වගේ..

පින් සිද්ද වෙච්චාවෙ..මට ඇති…

කෝට්ටා ලැජ්ජාවටදො කොයිදො ඉස්සරට ගියා..සැරින් සැරෙ මන් ලගට ඇවිත් මාලුපිනි ගැන ඇහුවා..ලැජ්ජයිත් එක්ක.

මන් ලගටම එද්දි මෙයා..

කොහොම හරි දානෙ වලදලා ඒකට පින් දුන්නට පස්සෙ කට්ටිය එක්ක එයා ගියා..තව පොඩ්ඩෙන් සීලෙත් කැඩෙනවා…

ගොඩක් අය හවස සිල් පාවරණය කරලා යන්න ගියා..මමත් සිල් පාවරණය කලාට මෙතන ඉන්න ගෑනු අයත් එක්ක ඉන්න හිතන් උන්නෙ..ඒත හයාමාර හත වෙද්දි ඒ අයත් ගෙවල් වලට ගියා..

දැන් ඉතින් මන් විතරක් තනියම ඉන්න යැයි..මමත් පන්සලෙන් එලියට ආවා..පන්සල තිබුනෙ ටිකක් ඇතුලට වෙන්න අතුරු පාරක..ඉතින් සෑහෙන්න දුරක් මට යන්න වෙනවා..වෙසක් නිසා කලුවරක් නෑ..පාර දිගට ලයිට්..ගෙවල් වල වෙසක් කූඩු එල්ලලා..

මමත් ඉස්සර අප්පච්චිට කියලා ලොකු අටපට්ටමකුයි පැටව් තුන් දෙනෙකුයි හදා ගන්නවා..ලොකු අටපට්ටම අම්මයි අප්පච්චියි..පැටව් තුන් දෙනා අපි තුන් දෙනා..අයියා ලොකු උනාට පස්සෙ ඒ වැඩෙ අයියා බාර ගත්තා…මිදුලෙ ගස්වල පාට පාට බකට් එල්ලලා..ගේට්ටුව ගාව ඉදන් ගෙදරට එන පාර දිගෙ ලස්සනට පහන් පත්තු කරනවා..ඊලගට ගේ ඇතුලෙ ලයිට් නිවලා අපි තුන් දෙනාම් පාරට දුවනවා..කවුරු කොහොම ලස්සනට ගෙවල් සරසලා තිබුනත් මුලු ගමෙන්ම ලස්සනම වෙසක් සැමරුම අපෙන්…

ශ් ශ්..ආ නන්ගි සිල් අරන් වගේ…අපිත් ආසයි මලක් දෙකක් පූජ කරන්න

ඒ මේ නන්ගි සිල් ගත්තට ශාන්ත දාන්ත නෑනෙ බම්..

නන්ගි යන්ද අපි එක්ක වෙසක් බලන්න..

වෙසක් බලන්න බයික් වලින් යන කොල්ලො රෑනකට මාව මැදි වෙලා…අද කවුරුත් විහිලු කරන කොල්ලො දිහා බලන් නෑ..මන් බයටම තවත් අඩිය ඉක්මන් කලා…

ඔහොම ඉන්න…මිස්

අහ් මෙයා..මෙයත් ඒ කොල්ලො ගොඩේද උන්නෙ

මිස් මෝඩයිද ආ..මේ රෑ තනියෙන් මේ පාරෙන් එන්න..ඇයි අනිත් අය එක්ක ආවෙ නැත්තෙ..වෙලාවට මන් නෝට් කරන් උන්නෙ..ඇදන් ගියා නම් මොකෙක් හරි

කවුරු ඇදන් යන්නද..අනික මන් සිල් අරන්නෙ ඉන්නෙ

ඒ මිස්නෙ..උන් සිල් අරන් නෑනේ..ඇරත් මිස් වගෙ කෙනෙක් දැක්කම ඕනි කෙනෙක්ගෙ සිල් කැඩෙනවා මිසක් රැකීමක් නෑ..පන්ඩිතකම්.නැතුව නගිනවා බයික් එකට

මට බෑ

හ්ම්ම් හ්ම්ම් මුරන්ඩු කම.

ඔහොම යන්කො එහෙනම්..අද මන් නැන්දට කියන්නම්කො හොදවයින් දෙකක්..ගෙදර ඉන්න ගෑනු ලමයා ගැන ඔහොමද බලන්නෙ කියලා

මට තනියෙන් යන්න පුලුවන්..

නන්නාදුනන කොල්ලො මැද්දෙ එයා ඉන්න එක හිතට සැන්සුමක් තමයි..ඒත් දැන් මාව ඇරලවන්න ආවොත් ආන්ටිලා නැති එක මෙයා දැනගන්නවා..

යන් යන් පස්ස බලන්න දෙයක් නෑ…මන් එනවා

එයා මොන මොනවාදො කිය කිය මගෙ පස්සෙන් එනවා..ඇයි ගගන ඔයා මේ දේවල් කරන්නේ

අපි ආන්ටිලාගෙ ගේ ලගටම ආවා

ආන්ටිලා ගෙදර නැද්ද..ගෙදර ලයිට් එකක් වත් දාලා නැත්තෙ වෙසක් වෙලත්..

මේ ගේට්ටුවට ඉබ්බත් දාලා

මන් සද්ද නැතුව ගේට්ටුව ඇරියා..මාවත් තල්ලු කරන් ගගන ගේ දොර ලගටම ගියා..

ආන්ටී…ආන්ටි..

ගෙදර වටෙ ගිහින් ගගන කෑගැහුවා..මෙයාගෙ කෑගැහිල්ලට වට පිටෙ ඉන්න අයත් ආන්ටිලා නෑ කියලා දැනගනියි..ඊලග පාර කෑ ගහන්න කලින් මන් ඒ කට මගෙ අතින් තද කරා

කෑ ගහන්න එපා එයාලා නෑ

මොකක්

ඔව්..උදෙ අනුරාදපුරෙ ගියා

රෑ එනවද

නෑ හෙට

එතකොට එතකොට අද රෑ ඔයා තනියෙන්ද

මට පුරුදුයි

පිස්සුද ආ..තනියෙන් ඉන්න..අයියො මේ වගෙ කෙල්ලෙක්..

එයා මිදුලෙ කල්පනා කර කර ඉද්දි මන් රූම් එකෙ දොර ඇරියා..මෙයා ගියා නම් මට දොරයි ගේට්ටුවයි වහන්න තිබ්බා…

මන් දොර ලග හිටන් ඉද්දි එයා මන් ලගටම ආවා..

මිස්

හිතට බයකුත් දැනෙනවා..මොනා උනත් එයත් පිරිමියෙක්..

මිස්

ඇයි බයවෙලා..මේ අහන්න මට මිස්ව මෙහෙම තනියෙන් දාලා යන්න බෑ..

මට පුලුවන් ඉන්න

ඔයා ලෝකෙ හැටි දන්නෑ වගෙ කතා කරන්නෙ..වයසක ආච්චියෙක්ටත් පාරෙ බැහැලා යන්න බැරි කාලයක් මේ..එහෙව් එකෙ තනියෙන් මෙ ගෙදර ඉන්නෙ කෝමද..පිස්සු..ඔයාට

ඉතින් මට දැන් මොනාද කරන්න කියන්නෙ..හිතන්නෙ මන් ආසවට මෙහෙම තනියෙන් ඉන්නවා කියලද…ආ..ආ

මන් ගගනගෙ මූණට කඩන් පැන්නා..මට මන් ගැනම දුකයි..දෙවියනේ..ඇයි මාව මෙහෙම අසරණ කලේ

මිස් ප්ලීස් අඩන්න එපා..මට චුට්ටක් හිතන්න දෙන්න..

මන් ඔහෙ ඈත පායන් එන සදවති දිහා බැලුවා.

මුලු ලෝකෙටම එලිය බෙදුවට සදවතිත් මන් වගේම තනියෙන් නෙමේද ඉන්නෙ..හ්ම්ම්

හරි මිස්..මෙහෙම කරමු

කොහොමද

මිස් යන් මාත් එක්ක

පිස්සුද

පිස්සු නෙමි..මෙහෙම තනියම ඉන්නවට වඩා මන් එක්ක යන එක හොදයි..මිස් බය වෙන්න එපා මන් මිස්ව දැන්ම ගිලින් නෑ..ඒකට තව කල් තියෙනවා

මොකක්

හරි හරි ඒවයින් වැඩක් නෑ..ලස්සන ඇදුමක් දාන් එන්න..අර ලස්සන රෝස මල් අත්දිග බ්ල්වුස් එකයි..කලු ඩෙනිමයි..සගත් ගන්න

මෙයා මට වඩා මගෙ ඇදුම් ගැන දන්නවා වගේ ..ඒත් මොකටද

අද අපෙ කොල්ලො උන්ගෙ කෙල්ලො එක්ක වෙසක් බලන්න යනවා .මට යන්න කෙල්ල්‍ර්ක් නෑ..කෝමත් ඉස්සරහට ඒ තැන ඔයාගෙනෙ..ඉතින් යමු

මට බෑ

යන් යන්..අද මිස් ආවෙ නැත්තම්..මන් මිස් එක්ක රූම් එකෙ ඉදන් ඉන්නවා රෑ එලි වෙනකම්..මමත් කොල්ලෙක්නෙ..ඕන් මන් දන්නෑ..

අප්පො මේ නම් කටක් නෙමි වක්කඩක්..බේරෙන්න බෑනෙ කෝමටත්…

මන් දොර වහලා වොශ් රූම් ගිහින් ඇග සෝදන් ඉක්මනට එයා කියපු ඇදුම ඇද ගත්තා..ඇයි මන් මේ දේවල් කරන්නේ..කැඩපත ගාවට ගිහින් පුන්චි මේකප් එකකුත්..ඇයි මන් මෙ හැඩ වෙන්නෙ..කා වෙනුවෙන්ද

මිස් හරිදො..

එයා කෑ ගහද්දි මන් එලියට ආවා..

වාව්..අම්මට සිරි..වෙසක් ..වෙසක් තියෙන්නෙ මිස්ගෙ ලග නෙ

මොකක්

අනෙ මට මිදුලට වෙලා මෙහෙම මිස්ගෙ මුන දිහා බලන් ඉන්න හිතයි…

ම්ම්ම්

හා හා යන්…

මන් දොර වහලා යතුරු දානකම් එයා පෝන් එකෙ ලයිට් එක අල්ලන් උන්නා…

යන්

ම්ම්

නගින්න

පලවෙනි පාරට මන් ඒ ඇස් වලට අවනත වුනා.

මේකත් ඇදගන්න සීතල වෙයි…

එයා මට ජැකට් එක ඇන්දුවා..ආයෙම හෙල්මට් එකත් දැම්මා..

කෝඩුකාර හිතට අමුතු දෙයක් දැනෙනවා..

ඇයි ගගන මෙහෙම මන් ගැන හිතන්නේ…ඔයා දන්නෙ නෑ ගගන දන්නෙ නෑ

ගගනගෙ මූනෙ ලස්සන හිනාවක් ඇදුනා..ඒ මන් එයාගෙ උරහිස් දෙකට අත් තියලා බයික් එකට නැග්ග නිසා

හරි..අද ගගනගෙ අහසට සද පායලා..සෙනේවන්ත මලක්..යන් පුතා…

…මගෙ සිතත් මට අහිමි වේදෝ බයයි
ඔබ හිමින් මා සිත සොරකම් කරයි

…මතු සම්බන්දය …. 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *