සීමා නෑ ආදරේට………………………….08

මට හිතන්න ප්‍ර්ස්නයක් දීලා එයා සින්දු කිය කිය ආව හැටි…

මන් ගැන මෙච්චර හැගීමක්,මාස ගානක ඉවසීමක්..අනික මන් ගැන වද වෙන හැටි…

මෙතුවක් කාලෙකට අප්පච්චි,අයියා ඇරෙන්න ලෝකෙ ඉන්න අනිත් හැම පිරිමියෙක් දිහාම සැකෙන් බැලුවෙ මන්..ඒකට මට හේතූ ඕනි තරම් තියෙනවා..

හ්ම්ම් සමහර විට එයා වෙනස් වෙයි…එයා මාව මතුපිටින් දැකලයි ආදරෙ කරන්නෙ..මන් ගැන මුකුත්ම නොදැන..මගෙ ඇතුලාන්තය දැක්කම එයාත් අනිත් පිරිමි වගේම වෙනස් වෙයි..

කරන්න පුලුවන් හොදම දේ පුලුවන් තරම් එයාගෙන් ඈත් වෙලා ඉන්න එක විතරයි…
……

එදා එයයි මායි ආපහු එද්දි උදේ නවයත් පහු වුනා..එයාට දවල්ට නින්ද යාවි කියලා මට බිස්කටුයි..කිරි පැකටයුයි තව අනන් මනන් ජාති පිරිච්ච මල්ලක් දීලා දැන් නිදාගෙන ඇහරුනු වෙලාවක කන්න කීවා..කොහොමටවත් එලියට බහින්න එපා කියලා මග දිගටම කීවා..

අප්පච්චි ,අයියට පස්සෙ මන් ගැන ආදරයෙන් හොයලා බලන පිරිමි පරානයක් දැක්කමයි මන්..

යන්න ගිහින් ආයෙම හැරිලා එයා කියපු වචන කන ලගින් දෝන්කාර දෙනවා..

මට උත්තරයක්..ලස්සන උත්තරයක් දෙන්න..අවසර දෙන්න පපුවෙ ඉන්න ඔයාව සින්නක්කරවම අයිති කරගන්න..

හ්ම්ම් සින්නක්කරව..එහෙම වෙන්න ආසයි කියලා හිතෙන් කියනවා..ඒත් ඇත්ත…හ්ම්ම්

..

මන් හොදට නිදා ගත්තා ඇහරුනෙ තුනත් පහු වෙලා..ගගනට ඇහරිලා ඇද්ද…

එයාගෙ හැම වචනයක්ම හිතේ දෝන්කාර දෙනවා..එදා මන් කුරුනෑගලින් ආවෙ ජීවීතෙ හුස්ම පොද ගෙනියන්න ඕන නිසා විතරයි..කිසිම හැගීමක් නැතිව එන්නම් වාලෙ කොලඹ ආවෙ..

ඒත් පුදුමේ එයා එදා ඉදන්ම මන් එක්කම ඉදලා මාව හොයලා..මන් උත්සහා කලා බස් එකෙ සිදුවීම මතක් කරගන්න..නෑ මට මන් ඇදන් උන්නු ඇදුම වත් අඩු තරමෙ මතකෙ නෑ…

ගගන …
ඔයා මට ඉහලින් මන් යන හැම තැනම.. ඒ අහසෙ සදක් විදියට පායන්න
අනේ මට පුලුවන් උනානම්..
ඔයා දන්නෑ මන් කෑලි කැඩිච්ච තරුවක්..
දවසක මාව කඩන් වැටෙයි සම්පූර්නයෙන්
ඔයාට අමතක වෙලා යයි
ඔයාගෙ අහසෙ මන් පෑයුවා කියලත්

ආන්ටිලා එද්දි පාන්දර එකයි..ගගන කීවා වගේම මන් කාමරේටම වෙලා උන්නා..

ඇදෙන් නැගිටින්න කම්මැලි කමෙ දවසෙම ඔහේ උන්නේ..ගගන මට මොනා අරන් දුන්නද කියලා බලන්නත් බැරි උනා..තාමත් ඒවා මේසෙ උඩින් තිබ්බ විදියමයි…

මන් මහ රෑ නැගිටන් ගගන අරන් දුන්නු පාර්සලෙ ලෙහුවා..බිස්කට් ජාති දෙකයි.මැන්ගො නෙක්ටා එකයි,මයිලො එකයි,අහ් චොක්ලට් එකයි ජම්බො පීනට් පැකට් දෙකයි..මෙයා මාව චූටි බබෙක් ගානට අරන් වගෙයි..

හ්ම්ම්..ඔයා දොයි ඇත නේද..මන් දන්නෑ අද දවසට මන් ඔයාව කීපාරක් නම් මතක් කලාද කියලා..ඔයාට අද ගොඩක් හචින් යන්න ඇති නේද…

ගෝල්ෆේස් එකෙදි එයා අයිස්කීම් අරන් එද්දි මන් පොටෝ එකක් ගත්තා වගෙ මතකයි..ඒ පොටෝ එක බලන්න හිතන් පෝන් එක අතට ගත්තා…

මේ මොකො කවදාවත් නැතුව..ගෙදරින් කෝල් අරන් විස්සකට වැඩිය..නිදාගෙන උන්නු හින්දා පෝන් එක ඇල්ලුවෙ වත් නැනේ..

කීයද දැන් වෙලාව…ම්ම්..හතරාමාරයි..දැන් අම්මි ඇහරලා ඇති..නිකමට අරන් බලනවා.. ි

එක රින්ග් එකයි ගියෙ අම්මි පෝන් එක ආන්සර් කලා

අම්මි

ආ දෝනි.මන් ඊයෙ කීපාරක් ගත්තද..කොහිද ගියෙ..

කොහිවත් ගියෙ නෑ අම්මී..කම්මැලි නිසා නිදාගත්තා

දවසම

හ්ම්ම්

අද වැඩද

නෑ අම්මි ආයෙම සදුදා..ඇයි අම්මි හදිස්සියෙන් කතා කලේ

හ්ම් හදිස්සියක් තමයි

මොකක්ද අම්මි..කුක්කිට මොනාහරිද

කුක්කි හොදින්..ඒකට නෙමි කතා කලේ

එහෙනම්

හෙට එන්න කියන්න

අම්මි..

ඇයි..

එන්න කියලද කීවෙ අම්මි..අනේ …ඇයි අම්මි හදිස්සිය..

මට මොනාහරි හන්ගනවද අම්මි

එහෙම නෑ

එහෙනම් හදිස්සියෙන් එන්න කියන්නෙ

උවමනාවකට..අද උදෙන්ම එන්න එහෙනම්..මන් තියනවා..බුදු සරණයි පරිස්සමට එන්න දෝනී

බුදු සරනයි අම්ම

ි හ්ම්ම් කවදාවත් නැතුව ඇයි අම්මා එන්න කීවේ..මට නොකියන මොකක්දො රහසක් ..

කමක් නෑ මට කුක්කි බලන්නත් පුලුවන් වෙයි නේ

පාන්දර කියලා බලන් නැතුව මන් ගැහි ගැහි නාගත්තා…

අදයි හෙටයි..ම් සදුදා ඔෆිස් යන්න එහෙම්ම එනවා..

ආන්ටිලට කියලා මන් එලියට බැස්සා..මෙහෙම්ම ස්ටෑන්ඩ් එකට යනවා..හන්දියෙන් වීල් එකක් ගත්තා..

අද බෑන්ක් එක වහලා උනාට ගගනලගෙ ශොප් එක නම් ඇරලා..මොකො කරන්නෙ කියලා යනවද..එක අතකට එයා මගෙ කවුරුත් නෙමී නේ ඕනි නෑ කියන්න..

මන් එයාගෙන් ඈත් වෙන තරමට එයාටත් හොදයි..මටත් හොදයි..

……
මාස ගානකට පස්සෙ ගෙදරට ආවෙ..අම්මා හදිස්සියෙන් එන්න කීව නිසා මුකුත් ගේන්නත් බැරි උනා..

එන ගමන් අයියගෙ ශොප් එකට ඔලුව දැම්මා..අයියා නෑ..වැඩ කරන අය විතරයි උන්නෙ..අයියගෙ ශොප් එක තිවුනෙ..ට්වුන් එකෙ..ට්වුන් එකෙ ඉදන් කිලොමීටරයක් දුර යන්න ඕනි අපේ මහ ගෙදරට..

මහා ගේ වෙනස් වෙලා..අවුරුද්දට තීන්ත ගාලද කොහිද..

මන් ගෙට ගොඩ වෙද්දි කොහේදෝ ඉදන් දුවන් ආව ලැසී මට බුරන්න ගත්තා

අනෙ ලැසි උඹටත් මාව අමතක උනා එහෙනම්..

මගෙ කටහඩට ඌ මාව ඉව කරන්න ගත්තා..ඒත් එක්කම අම්මිත් පිටිපස්සෙ ඉදන් ආවා..

අනේ දෝනියේ…මහත්තයො මේ ඇහුනද දෝනියා ඇවිත්..

අම්මිගෙ කෑගැහිල්ලට අප්පච්චිත් ආවා..මන් ගැන හිතලමද මන්දා ඒ දෙන්නා අවුරුදු දහයකින් විතර වයසට ගිය පෙනුමක් පෙවුනෙ..

මම් අතෙ තිබුනු බෑග් එක පුටුවට අතෑරලා අම්මිටයි අප්පච්චිටයි වැන්දා..අම්මියි අප්පච්චිය මමයි පැය බාගයක් විතර බදාගෙන ඇති වෙන කම් ඇඩුවා..

මගෙ දෝනියෙ..ඔයාව දකින්නෙ නැතුව අපි උහුලපු දුකක්..

නෝනියො දෝනිට මහන්සි ඇති නෙ..තේ ටිකක් බොමු

හා හොදයි..

මන් මගෙ රූම් එකට ගියා..අම්මි අලුතින් බෙඩ් ශීට් දාලා..මේ රූම් එක පුරා තියෙන්නෙ පුන්චි දගකාරියෙක්ගෙ මතක සටහන් නෙමේද..

මන් ජනේලෙ ඇරලා වත්ත දිහා බැලුවා…මගෙ රූම් එකට ඈතින් පේන ඇතුගල කන්ද ලස්සනට පේනවා..ඇතුගල නම් එදා වගේමයි..ජීවිතෙ හැම දුකක් සැපක්ම ි බෙදා ගත්තු කාමරෙ..මන් ශිශත්වෙ ලීවෙ…ඒකෙන් පාස්වෙලා මයුරපාදෙට ගියේ..පොඩි දගකාරියකගෙන් යුවතියක් වුනෙ.ඕලෙවල් කලේ….ඕ ලෙවල් කලේ…..නෑ ඊට පස්සෙ ඕනිනෑ

දෝනියේ

අම්මි

දෝනි ඇදිලා ගිහින්..

හ්ම්ම්..ඇයි අම්මි මට හදිස්සියෙන් එන්න කීවෙ..මොකක් හරි කරදරයක්ද

එහෙම දෙයක් නෑ සුබ දෙයක් වෙන්නයි යන්නෙ

ඒ මොකක්ද අම්මෙ

හෙට බලන්න බැරි යෑ

හ්ම්ම්..මහන්සියි අම්මෙ..මාව ඉස්සර වගෙ ඔඩොක්කුවෙ තියා ගන්නකො..

අම්මා ලොකු හුස්මක් පිට කලා..ඒහුස්මෙ හැම නොකී කතාවක්ම ලියැවිලා තිබුනා…

අයියා ඉන්නෙ දඹදෙනියෙ..මන් අයියා බලන්න ඕනි කීවම අම්මි එයාලා හෙට ඒවි කියපු නිසා අමාරුවෙන් උනත් ඒ හැගීම් දරා ගත්තා..

කාලෙකින් ගෙදර ලිදෙන් නාගෙන අම්මගෙ අතින් ඉවුනු රස බත් කටක් කෑවා..නෑ කෑවා නෙවි..කවා ගත්තා…

ඊලග දවසෙ උදෙන්ම අම්මා මට ලෑස්ති වෙන්න කියලා අලුත් සාරියක් ගෙනත් දුන්නා..මොනාද වෙන්නෙ යන්නෙ කියලා මට දැන් ඉවෙන් වගෙ තේරෙනවා..

….
දහය විතර වෙද්දි අයියගෙ කාර් එක එන සද්දෙ ඇහුනා..මන් ජනේලේ එල්ලිගෙනම කා එක දිහා බලන් උන්නා..අයියා විතරයි..කෝ කුක්කි..

දෝනියේ

අයියා කෑගහන් මගෙ රූම් එකට ආවා..මන් දුවලා ගිහින් අයියගෙ පපුවෙ ඔලුව තියාගත්තා..මාස ගානක කදුලු එක සීරුවට වැටෙන්න ඇති

අනෙ මගෙ දෝනියෙ..

අයියෙ කුක්ක්..කුක්කි..අනෙ කුක්කි කෝ අයියෙ

හ්ම්ම්..දහම් පාසල් ගිහින්..දවල් වෙලා එයි..

අනෙ එච්චර ලොකුද කුක්කි..මට තාමත්..අර

හ්ම්ම් ඇත ඇති ඒ කතා..ලෑස්ති වෙන්න දැන් කට්ටිය එනවා ඇති..

කිව්වත් වගෙ ඒ අය ආවා..ඒ අයගෙ සද්දෙ ඇහෙනවා මට..කැඩපතින් පේන මගෙ රූපෙට ඔච්චම් කර කර මන් ඔහෙ බලන් උන්නා..දන්නවා නම් මන් එන්නෙ නෑ ගෙදර..

දෝනියෙ ලෑස්තිද

මට බෑ අම්මි..ඇයි මට නොකීවෙ

කීවා නම් එයි..යන් යන් ඒ අය බලන් ඉන්නවා

අම්මි එයාලා දන්නවද ඒවා

පස්සෙ කතා කරගමු යන්කො

මාවත් ඇදගෙන අම්මා සාලෙට ගියා..යන ගමන් බුලත් හෙප්පුව අම්මා මගෙ අතට දුන්නා..

ි දෝනි අර ඉන්නෙ ගිහින් දෙන්න

අම්මා පෙන්නුව කෙනා දිහා මන් බැලුවා…

ඒ රූපෙ දිහා බලද්දි මට මැවිලා පෙවුනෙ ගගනව..වරදක් නෑ..ඒත් මන් ගගන එක්ක ඒ ආව කෙනාව සැසදුවා..නෑ…ගගනගෙ අහලකින් වත් තියන්න බෑ..

හොදට කාලා බීලා කට්ටිය යන්න ගියා..මාත් එක්ක තනියෙන් කතා කරන්න ඕනි කීවත් කතා කරන්න කියලා දෙයක් නැති නිසා මන් බෑ කීවා..

කට්ටියම ගියාට පස්සෙ අම්මි අප්පච්චි අයියා ඉන්න තැනට මාව අඩගැහුවා

දෝනි මොකො කියන්නෙ
මොනා කියන්නද

කොල්ලා නම් දෝනිව දැක්ක ගමන් කැමති උනා..අපේ දෝනිව දැක්කම ඉතින් කොයි කොල්ලද එපා කියන්නෙ..

අයියෙ එයාලා ඇත්ත දන්නවද

ඔව්..

ඇත්ත දැනගෙනත් කැමති උනේ

අකමැති නොවි බෑනි..දෝනිගෙ රූපෙ..උගත්කම,රස්සාව එතකොට අප්පච්චි දෙනවයි කීව ඒවා

මොනාද අප්පච්චි දෙනවයි කීවෙ

අර මගෙ කඩ කෑල්ල එක්ක තියෙන අනිත් කඩපේලියයි..මේ ගේයි..අම්මිගෙ රත්තරන් බඩුයි..

අහ් එතකොට මාව නෙමි බදින්න හදන්නෙ..මට ලැබෙන දේපලයි…

එහෙම නැතුව ඉතින් ..ද…

ලොකු පුතා ඔය කතා ඇති..ඒ කොල්ලා ඉන්ජිනයර් කෙනෙක්..අපෙ පවුලටත් ගැලපෙනවා..අනික හැමදේම දැනන් කැමති උනෙ..ඉතින් මේක තීන්දුයි දැන්

අනෙ අප්පච්චි ඇයි තේරෙන්නැත්තෙ එයාලට ඕනි දේපල…

කොහොම හරි කමක් නෑ..දෝනිට කැමති නෙ..මේ දේවල් එකලාසයක් කරගත්තම අපෙ හිතට සැනසීමක්

දැන් අප්පච්චිලට මාව බරක්ද..මට මෙහෙම ඉන්න දෙන්න අප්පච්චි..මන් ආයෙ ගමට එන් නැතුව ඉන්නම්..මට බෑ ඒ ආව කෙනා බදින්න

ඇයි බැරි..ක එහෙදි හම්බෙච්චි කෙනෙක් ඉන්නවද..එහෙම කෙනෙක් ඉන්නවද දෝනි..කවුරු උනත් කමක් නෑ…

අප්පච්චි එහෙම කීවම මට මතක් උනෙ ගගන…ඔව් අප්පච්චි ඉන්නවා මේ හිතට කෙනෙක් ඇවිත් ඉන්නෙ..ඒත්..එයා මන් ගැන මුකුත් දන්නෙ නෑ..

නෑ

හිතෙ තියෙන දෙ හන්ගන් මන් නෑ කීවා

එහෙනම් ඉතින්..මේකට කැමති වෙන එකයි තියෙන්නෙ

මට බෑ අප්පච්චි

ඔය මුරන්ඩු කම් තමයි..හැම දේකටම මුල…

සැරයක් කීවනි බෑ කියලා මට බෑ…

මන් අඩාගෙන මගෙ කාමරේට ගිහින් දොර ් වහගත්තා..

දෙවියනෙ මගෙ ජීවිතෙ ඉදිරිය තීන්දු වෙන්නෙ සල්ලි මතද..නෑ බෑ ඊට වඩා හොදයි ජීවිත කාලෙම තනියෙන් ඉන්නවා..

එතකොට ගගන….නෑ එයත් අනිත් අය වගේම ඇති..මට ඕනි නෑ එයාවත්..මන් හැමදාම තනියෙන් ඉන්නවා….

මන් දවල්ට කන්නෙත් නැතුව මහ ගෙදරින් එලියට බැස්සා…

පහ වෙද්දි මන් බෝඩිමේ..ගියාටත් වඩ ලොකු දුකක් හිතෙ තියෙන්නෙ..අඩු තරමෙ මට කුක්කි වත් බලන්න ලැබුනනම්…

….මතු සම්බන්දයි….

දන්නවා හැමෝටම සෙනේශගෙ ජීවිතෙ සැගවුනු රහස මොකක්ද කියලා දැනගන්න කම් ඉවසිල්ලක් නෑ කියලා..ඒත් කුතුහලය නැති තැන කියවන්න ආසාවක් නැති වෙයි නේද..ඉස්සරහටත් ඉන්නකො සෙනේ බබාගේ-ගගන කෝටුවගෙ-ජීවිතේ මොනා වෙන්නෙ කියලා දැනගන්න මා එක්කම… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *