සීමා නෑ ආදරේට…………………………..13

සෙනේශා දැහැමි තිලකරත්න????

එදා මන් ඒ වේදනාව දරාගන්න බැරිව හොස්පිට්ල් එක දෙවනත් කරද්දි ලගින් ඉදන් හිත සැනසු ඒ කරුණාවන්ත චූටි මිස්..ආයෙමත්

දැහැමි තිලකරත්න..අපූරුයි…ඔයාට රවට්ටගන්න අහු උනෙ අපෙ අහින්සකයවද

ලොකු අක්කි මොනාද මේ කියන්නෙ

කෝ තිලකරත්න ඔයාගෙ දුව..

දුව මොකක් අක්කි මට මේ මුකුත් තේරෙන්නෙ නෑ

ගගනලගෙ හැමෝම ඉන්න තැනෙ නැගිට්ටා..ඒත් ඇයි මෙච්චර කලබලයක්..මේ සේරම දැනගෙනනෙ ආවෙ

එදා හොස්පිට්ල් එකේදි පව් නේ චූටි කෙල්ලනි කියලා අනුකම්පා කරපු එකටද මේ තෑග්ග

ලොකු අක්කි කට පරිස්සම් කරගන්න..ඔච්චර දරුනු විහිලු එපා..ඇයි මගෙ සෙනෙ බබීට බනින්නෙ

බබී..හරි බබා තමයි මෙයා…මෙයා බබා නෙමි කොබා..මෙයාට බබා කීවොත් මෙයාගෙ බබාට මොනාද කියන්නෙ

මෙයාගෙ බබා?? ඒ මොන හරුපයක්ද ලොකු අක්කෙ..මෙයාට කොයින්ද බබාලා තවම විසි තුනයි නේ

වෙන්න ඇති..මල්ලි මන් හරි නම් එදා මෙයාට හම්බුනු දූ තමයි අර ඉන්නෙ..පේන්නෙ නැද්ද මෙයාගෙ කපාපු පලුව..ස්කෝලේ යන්න ඕන කාලෙම කොල්ලෙක් එක්ක නටලා අවුරුදු දාසයෙදි මෙයාට බබෙක් ලැබුනෙ…

මොකක්

ඔව් මේ අහින්සක බබා පාට් සුදු මූණට ඔයාව රවට්ටන්…හොද හොද නැටුම් නටලා අන්තිමට මගෙ මල්ලිගෙ කරෙ එල්ලෙන්න

මේ හලො කට පරිස්සම් කරගන්නවා අපි කරෙ එල්ලන්න හැදුව දෙයක් නෑ..අනික මේ සේරම දැනගෙනයි ඔයාලා ආවෙ

බම්බුව තමයි…දැනන් උන්නනම් අපි එනවද. එක එකාට කියලා පොඩි කාලේම ලමයි හදාගත්තු නල්ල මලෙ ගෑනියෙක් බලන්න

ලොකු අක්කා පොඩ්ඩක් ඉන්න…

ගගන මගෙ ලගට ආවා..

සෙනේ බබී කියන්න මේ බොරුද ඇත්තද..මට ඔයාව වගේම අක්කත් විස්වාසයි..කියන්න ඔයාට බබෙක් ඉන්නවද..ඇත්තද මේ අක්කා කියන කතා..අර ඉන්නෙ ඔයාගෙ දුවද

මන් එයාගෙ සේරම ප්‍ර්ශ්න වලට ඔව් කියලා ඔලුව වැනුවා

සෙනේශා මේ විහිලු කරන වෙලාවක් නෙවෙයි..කියනවා මට ඇත්ත…කටින් කියනවා අක්කා කියන්නෙ ඇත්තද

…ඔ.ඔව

් මොනවා දෙවියනෙ මෙච්චර රැවටීමක්..ඇයි සෙනේශා මන් ඔයාව මටත් වඩා විස්වාස කරපු නිසාද ඇයි මෙහෙම

ඔය..අනෙ ඒත් මන්

ඕනි නෑ සෙනේශා ඕනි නෑ තව කිසි දෙයක් ඔය කටින් අහන්න ඕනි නෑ..ඔයා මගෙ හීන එක්ක සෙල්ලම් කරා..බොරුකාරි ..

මන්..මන් බොරුකාරියෙක් නෙමි ගගන…මන් ඔයාට ආදරෙයි

චී චී ඔයාගෙ කටින් ආදරෙ කියන වචනෙ වත් කියන්න එපා…මාව රැවට්ටුවා..මට කමක් නෑ ඔයාට එක ලමයට දහයක් උන්නත් මට කීවා නම්..ඒත් ඔයා..මම් ඉක්මන් උනා වැඩි ඔයා මාව රැවට්ටුවා බොරුකාරි ..මායාකාරි..

මන් බොරුකාරියක් නෙමි ගගන..මන් මන් හැමදේම කිය…

තවත් මොනාටද අපි මෙතන ඉන්නෙ..සුදු .මද්දු.පොඩී.චූටි යන්..අපෙ ගොනාවත් අරන්..මෙයාලගෙ කැඩිච්චි කරත්තෙට අපෙ ගොනාව බන්දන්න හැදුවෙ..වෙලාවට අද මෙහෙම ආවෙ..නැත්තම් අපෙ මල්ලිට කියලා ලමෙක්‍ය්ත් හදන් ඇගේම එල්ලෙයි..යමු

හැමෝම අපිට රවලා නැගිටලා යන්න හැදුවෙ

අනෙ ඇයි මෙ ඔයාලා හැමදේම දැනන් නේද ආවෙ…

අම්මි එයාලට බැගෑපාත උනා..

දැනන් උන්නනම් මෙහෙම එනවද..තුහ් නොදකින්..මහ අම්මන්ඩිගෙ ඉදලම කාපටිකම…

අනෙ ගගන

යන්න ගිය ගගනගෙ අත මන් අල්ල ගත්තා..එයාගෙ ඇස් කදූලින් පිරිලා

මල්ලෝ තවත් මෙතන ඔය මූණට රැවටෙන්නෙ නැතුව යන් යන්න

චූටි පුතා එනවා යන්න

මගෙත් ගගනගෙ අත් තදින් ගෙට ගැහිලා තිබුන..ලොකු අක්කම ආයෙම ඇවිත් අපේ අත් ගැලෙව්වා..මගෙ අත අහකට විසි කලා

ඔයාලගෙ දෝනියන්දෑ එයාට ගැලපෙන කෙනෙක්ටම බන්දලා දෙන්න මින් මත්තට අපෙ මල්ලිගෙ දිහා ් බලන් හුස්මක් වත් ගන්න එපා ..

ඉතින් ඔවුන් යන්නට ගියෝය..

වසන්තය උදාවන්නටත් පෙර???

මන් අත් දෙකින්ම මූණ වහගෙන මගෙ කාමරේට ඇවිත් දොර වහ ගත්තා

දොරට පිට දීලා ඒ දිගෙ රූටලා බිමට ඉන්දවුනා..

අනෙ දෙවියනේ..ඇයි මෙහෙම..මම මන්..මන් කෝමද මේ දුක උහුලන්නෙ..ඔක්කොටම වැඩිය..මම එයාට සේරම කියලා එයාගෙ උවමනාවටයි මේ සේරම උනෙ…

මට එයාව හිමි නැතුව ඇති..ඒත් මන් බොරු කාරියක් නෙමි..මන් හැමදේම කීවා එයාට..එදා

ඇති වෙනකම් හිතේ දුක් යන්න මන් කෑ ගහලා ඇඩුවා….අම්මි අක්කි අප්පච්චිගෙ සුසුම් හඩ ඇහෙනව

එයා මාව අයින් කලාට කමක් නෑ..ඒත් මන් බොරු කාරියක් කීවෙ ඇයි..මම් මම් එයාට හැමදේම කීවා

එදා අර පොත…එතකොට..

දෙවියනෙ ඒක එයාට ලැබුන් නැද්ද..

….මන් ඉක්මනට නැගිට්ටා..මන් එනවා ගගන මන් එනවා ඔයා හිමි කරගන්න මට පින් මදි ඇති..මෙ මගෙ කරුමෙ වෙන්න ඇති..ඒත් මන් බොරුකාරියක් නෙමි..මන් මන් ඒක ඔයාට ඔප්පු කරනවා

මන් ඇදන් උන්නු සාරි එක ගලෝලා වෙන ඇදුමක් දා ගත්තා…

මන් බොරු කාරියක් නෙමෙ කියලා එයාට පෙන්නනවා මන්..

මන් රූම් එකෙන් එලියට ආවා

දෝනි කොහිද මෙ යන්නෙ

මන් යනවා

කොහිද

බෝඩින් එකට ..මට හෙට වැඩ

දෝනි ඔයා ඔය කොල්ලව අමතක කරනවා…ඌ හොද උනාට අර ගෑනු එක්ක ඔයාට ඉන්න බෑ

හ්ම්ම්…

හ්ම්ම් නෙමි..ඔක්කොම කීවා කියලා නේඩ්ග කීවෙ

ඔව්

එහෙනම් මෙතන ඩෙගා නැටුවෙ

දන්නෑ .පර්ශ්න අහන්න එපා…මන් යනවා

ඔහොම නවතිනවා දෝනි

සේරම ඔයාගෙ හිතුවක්කාරකම් නිසයි…මන් කීවා ඇබෝශන් කරන්න කියලා

පව් කතා කියන්න එපා අයියෙ එදා මන් ඇබෝශන් කලා නම් අද ඔයා තාත්තා කෙනෙක් නෙමි..මගෙ කුක්කි ඔයාලා ලග ඉන්නවනි..

හ්ම්ම්..ඌව අමතක කරන්න

හ්ම්ම්..මන් යනවා අම්මි අප්පච්චි

ආයෙම කරදරෙ වැටෙන්න එපා දෝනි..කලින් වතාවෙ ඔයා නොදැන…මේ පාර දැන දැන අමාරුවෙ වැටෙන්න එපා..කොල්ලො ඔක්කොම එකයි..

හ්ම්ම්..

මන් යනවා

හිතුවක්කාරි…

මන් එහෙම්ම කුරුනෑගලින් බස් එකට නැග්ගා…හිත යකාගෙ කම්මලක්ව වගේ හැම දෙයක්ම මතක් වෙනවා මට…

ඕලෙවල්
පාදුක්ක
ඒ රෑ
කුක්කි
ජොබ් එක
ගගන
ඊයේ
හ්ම්ම්ම්….

හරියටම හතයි මාරයි මන් බස් එකෙන් බහිද්දි…බෝඩිමට යන්න හදලත් ආයෙමත් මන් පස්සට හැරුනා…

දැන් මන් ආයෙම බස් හෝල්ට් දෙකක් පිටිපස්සට ඇවිත්..අද ඉරිදා හින්දා වැඩිය පාරෙ සෙනගත් නෑ..පාලුයි …අමීර ඉදීවිද

මන් අමීරව හොයද්දි අමීරම මට හෝන් ගහලා කතා කලා

සෙනේශා නන්ගි කොහිද මේ රෑ තිස්සෙ ඇවිදින්නෙ

අනෙ අමීර මන්..

අරු එන්න කීවද..

නෑ..

එහෙනම්

මට එයාට කතා කරන්න ඕනි අමීර

ඉතින් කෝල් එකක් ගත්ත නම් ඌ එයි නේ

එයා පෝන් ආන්සර් කරන්නෑ අමීර

අප්පට ඒකත් එහෙමද..මොකක් හරි අවුලක්ද

හ්ම්ම් ලොකු අවුලක්..මට මේ දැන් එයා හම්බෙන්න ඕනි

ඔයා ගද්දි පෝන් ආනස කරන් නැති එකා මන් ගද්දි ගනීද

හ්ම්ම්..දන්නෑ..ඒත් ට්‍ර්‍යි කරලා බලන්න ප්ලීස්

හරි හරි ඉන්න

අමීර

ඔව්

අනෙ මන් එන්න කීවා කියලා කියන්න එපා

එහෙනම්

වෙන මොකක් හරි කියන්න..මන් එන්න කීවා කිව්වොත් එන් නැති වෙයි

හ්ම්ම්..ඉන්නකො

අමීර පෝන් එක අරන් ගගනට ගත්තා

රින්ග්ස් යනවා..ඉන්න

මගෙ හිත නොඉවසිලිමත්..මට කමක් නෑ ආදරෙ අහිමි උනත්..අහිමිවීම් ,දුක මට උරුම දෙයක්..ඒත් මන් කිසි කෙනෙක් බොරු කියලා රවට්ටන් නෑ මට ඒක එයාට කියන්න ඕනි..එන මග දිගට එයාට කතා කලත් එයා පෝන් එක කට් කලා..එයාගෙ තරහ සාදාරනයි..එයා ඒක බලලා නෑ..

හ්ම්ම් එයා නෙවෙ මමයි රැවටුනේ ආදරේට..හීන මැව්වා ජීවිතෙ ආයෙ ලස්සනට හදා ගන්න..හීන පිරුවා කුමාරයෙක්ගෙ කුමාරිකාවක් වෙන්න…

හරි ඉස්සුවා..

හෙලො මචන්

ඔව් ඔව්..පොඩි වැඩක් සෙට් උනා

හ්ම්ම් වරෙන් අපෙ ගෙවල් පැත්තෙ..සීත යන්නත් එක්ක ගමු ෆන් එකක්

ඕකෙ වරෙන් ඒනම් මන් බලන් ඉන්නවා

ඔන්න වැඩෙ හරි ඒත් සෙනේශා නන්ගි මන් ඌට අපේ ගෙදරටයි එන්න කීවෙ කමක් න්නැද්ද

හ්ම්ම්..කමක් නෑ කෝම හරි මට එයා එක්ක වචනයක් කතා කරන්න ඕනි..

හරි නන්ගි නගින්න මගෙ වන්ඩියට

අටායි කාලයි..ගගන ඔයා වෙනුවෙන් මන් නාදුනන කොල්ලෙක්ගෙ ගෙදරට යනවා

අමීර ගෙවල් පේලියක් ඉස්සරහින් නැවැත්තුව…

සෙනෙ නන්ගි මෙතන ඉන්න මන් ගෙදට්ට කියලා එන්නම්..අපෙ අම්මයි නන්ගියි බය වෙයි මේ රෑ එක පාරටම මන් කෙල්ලෙක් එක්කන් ආවම

හ්ම්ම් හරි..මන් හින්දා අමීර අයියටත් කරදරේ

හ්ම්ම් ඕක මොකද්ද..ටිකක් ඉන්න

විනාඩි දහයකින් විතර අමීර ආපහු ආවා

යන් නන්ගො

මේ හැම දෙයක්ම ආදරෙ වෙනුවෙන් නෙවෙද

අමීරගෙ අම්මත් නන්ගිත් මිදුලට ආවා..මේ මිනිස්සු අව්‍යාජයි…

එන්න නෝනා..

සෙනේශා නන්ගි මගෙ දුප්පත් පැලේ සැප නෑ ඉතින්

ඒකට කමක් නෑ

ගේ ඉස්සරහා බයික් එකක් නවත්තන සද්දයක් ඇහුනා..එයා ඇවිත්..

නන්ගො ඔය ඉස්සරහා රූම් එක මගෙ..අවුල් ඇති බය වෙන්න එපා..ඒකෙ ඉන්න මන් ඌව එවන්නම්..

හ්ම්ම්

අමීර පෙන්නපු රූම් එකට ගියා මන්..ඇදුම් ඇදේ හිටන්..අපිලිවෙල උනත් මෙ වෙලාවෙ මට කොච්චර ලොකු උදව්වක්ද කරන්නෙ..ඒ මනුස්සකම ඔක්කොටම වඩා වටිනවා…ඇදෙ රෙදි එහාට මෙහාට කරලා මන් ඉද ගත්තා

එයා මන් කියන දේවල් පිලිගනීද..කමක් නෑ පිලිගන්න එක නැති එක එයාට බාරයි..මන් බොරුකාරියක් නෙවි…

අඩෝ…

ඒ ගගනයා මොකො අප්සට් එකෙන්

වැඩක් නෑ බම්…මට ජීවිතේම එපා උනා

ඒ මොකො

අහන්න එපා බම්..අද මට වැටෙන්න බොන්න ඕනි..මේ මමත් ගෙනවා

හ්ම්ම්..යමන් මන් බඩු අරන් එන්නම්..උඹ මගෙ කාමරේට යමන්

අමීර ගානට එයාව මන් ලගට එවනවා .හ්ම්ම්..මාව දැකලා එයා ආයෙම හැරෙයිද

හා බම් ඉක්මනට වරෙන්..හැමදේම අමතක වෙන්න අද මට බොන්න ඕනි…බොරුකාරිව අමතක වෙන්න

හරි හරි පලයන් එහෙනම්

ගගන එනවා..මගෙ හිත ගැහෙනවා …එයා මන් කියන ඒවා පිලිගනීද

දොර රෙද්ද අයින් කරලා එයා අමීරගෙ රූම් එකට ආවා…

මාව දැකලා ඒ ඇස් මොහොතකට නතර උනා

සෙනේ බබි

ග..ගගන

ඇස් වල තියෙන රතු පාට එයා අඩලා කියන එකට සලකුනු..මොහොතින් එයාගෙ ආදරෙ පිරුනු අහින්සක මූණ නපුරු වුනා

මොන මගුලක්ද මෙහෙ කරන්නෙ..මන් අයින් උනු ගමන් අමීරයා අල්ල ගන්නද

පව් කතා කියන්න එපා ගගන..මට ඔයා එක්ක කතා කරන්න ඕනි

තවත් මොනා කතා කරන්නද..ආ

ප්ලීස් මට අව්ස්තාවක් දෙන්න

…මතු සම්බන්දයි… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *